ආයුබෝවන්, අපෙ යාලුවො හැම දෙනාටම. ඔන්න ටිකක් මහන්සි වෙලා, මගේ පලවෙනි උපසිරැසියත් අරගෙන ඔයාල හමුවට එන්න මට පුලුවන් උනා. මේ මගේ පලවෙනි උපසිරැසිය නිසා ඔයාල දකින අඩුපාඩුවක් තියනම් ඔයාලා මට පෙන්වල දේවි කියල හිතනවා. ඒ වගේම, මේ ගැන ඔයාලගෙ ඕනම අදහසක් පලකරල යන්නත් අමතක කරන්න එපා කියන ගමන් ,ඒ හැමදේටම ඔයාලට ස්…

ආයුබෝවන්, අපෙ යාලුවො හැම දෙනාටම. ඔන්න ටිකක් මහන්සි වෙලා, මගේ පලවෙනි උපසිරැසියත් අරගෙන ඔයාල හමුවට එන්න මට පුලුවන් උනා. මේ මගේ පලවෙනි උපසිරැසිය නිසා ඔයාල දකින අඩුපාඩුවක් තියනම් ඔයාලා මට පෙන්වල දේවි කියල හිතනවා. ඒ වගේම, මේ ගැන ඔයාලගෙ ඕනම අදහසක් පලකරල යන්නත් අමතක කරන්න එපා කියන ගමන් ,ඒ හැමදේටම ඔයාලට ස්තුතිවන්ත වෙනවා.
චිත්‍රපටියෙ නම දකිද්දිම මේ ගැන ඔයාලට තවත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියල මම දන්නවා. සමහරවිට ඔයාල මේක තුන්, හතර සැරයක් උනත් බලලා ඇති. කීපාරක් බැලුවත් හිතට එපා වෙන්නෙ නැති චිත්‍රපටියක් විදියට මේක හඳුන්වන්න පුලුවන්. 2000 වසරෙදි තිරගත වුනු මෙය IMDB Ratings 7.0/10 ක් අරගෙන තියනවා. ඒකෙන්ම තේරෙනවනේ මේක සුපිරියි කියලා. ඒවිතරක් නෙවෙයි Box Office අදායම් වාර්තා තබන්න පවා සමත්වුනු මෙය සම්මාන කිහිපයක් හිමි කරගෙන, තවත් බොහෝ ගණනකට නිර්දේශවෙලා තියනවා.
පවුලෙ හැමෝම එක්ක බොහෝම ආසාවෙන් මිනිත්තු 95ක් පුරා නරඹන්න පුලුවන් මේ චිත්‍රපටිය Jay Russell ගේ අධ්‍යක්ෂනයක්. පොඩි පිරිමි ළමයෙක් හා ඔහුගෙ ආදරණීය සුරතල් බල්ලගේ ජීවිත කතාව ගැන කියවෙන මෙයට, Willie Morris විසින් සත්‍ය කතාවක් ( ඔහුගේ ජීවිත කතාව ) ඇසුරෙන් ලියන ලද, ” My Dog Skip ” කියන පොත පාදක වෙලා තියනවා. මෙහි ප්‍රධාන චරිතය වන ”මෝරිස්” කියන පිරිමි ළමයට Frankie Muniz රඟපාන අතර අනෙක් ප්‍රධාන චරිතය වෙන්නෙ ස්කිප් කියන බලුපැටියයි. මේ සඳහා ”Jack Russell Terrier ” වර්ගයෙ බල්ලන් හය දෙනෙක් පමණ යොදාගෙන තියනවා. ඒ අතර Moose කියන බල්ලත්, උගේ පැටියෙක් වන Enzo ත් ප්‍රධාන තැනක් ගන්නවා. මේ චිත්‍රපටියෙ සාර්ථකත්වයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වයනම් ගැනනම් සඳහනක් කලයුතුමයි. මෙහිදී ඔවුන් ඉතා දක්ෂ අයුරින් රඟපානවා විතරක් නෙවෙයි ඉතාමත් තාත්වික අයුරින් ඔවුන්ගෙ හැසිරීම් නිරූපණය කරනවා. මේවිදියට ඔවුන්ව පුහුණු කරන්න ඉතා මහන්සි වී කැප උනා කියලයි වාර්තාවල සඳහන් වෙන්නෙ.
ඒ වගෙම, මේ චිත්‍රපටියෙ දෙබස්වල එන සමහර වචන, අදහසට හානියක් නොවෙන්න සිංහලට පරිවර්තනය කරන්න ටිකක් මහන්සිවෙන්නත් උනා කියලත් මතක් කරනවා. ඔයාලා කීපාරක් මේ චිත්‍රපටිය බලල තිබුනත් ,මේක නැවතත් ඔයාලගෙ හිතට ගොඩක් සමීපවේවි කියල මට විස්වාසයි. එහෙනම්, ආදරණීය බල්ලෙක් හා මිනිසුන් අතර දිවෙන, අසීමිත ආදරය, සෙනෙහස, විශ්වාසය, දුක, සතුට හා මතකයන්ගෙන් පිරුණු අග්‍රගන්‍ය සිනමා පටයක් නැවතත් වින්දනය කරන්නට ආරාධනාකරන ගමන්, තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. ඔයාල කාටත් ජයවේවා කියල පතනව!
ප.ලි. Google හි Search කිරීමෙන් හෝ torrentking.eu වැනි වෙබ් අඩවියකින් සුදුසු පිටපතක් ලබා ගත හැකිය.
Due to copyright issues, we do not provide any torrent links.
My Dog Skip-DVDRip2000
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
774 downloadsDownload My-Dog-Skip-2000.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/NipunaUdayanga1-e1477442191493.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිපුන උදයංග
Subtitles
26 comments
Tharaka
kavinda
thank you
Sajith Anthony
බොහෝම ස්තුතියි උපසිරසියට
ජයෙන් ජයම වේවා...!!kasun
බොහොම ස්තුති සහො සබ් එකට.
එල්. සී. දමැල්
මේ කතාව බොහොම අාසාවෙන් බලපු ඒකක්…
බලන්නනම් අලුත් චිත්‍රපට ගොඩ ගැහිල කොහොමනමුත් ඒව බලල ඉවර වුණාම මේකත් අරං බලනව...
බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට සාධරයෙන් පිළිගන්නවා නිපුන සහෝ…
උපසිරසට ස්තුතියි සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...Thusitha
බොහොම ස්තුති සහො සබ් එකට.
මං කලින් දෙසැරයක් බලල තියනවා .
ජීවිතය ගැන ගොඩක්ම හිතට දැනෙන කතාවක්.
ජය !Udara Damith B/K
උපසිරසට ස්තුතියි......................
.
.
.
.
/////////////////*****************
dilshan
ට්‍රේලර් එක බැලුවම එන අදහසට වඩා වෙනස් චිත්‍රපටියක්...
බොහොම ආසවෙන් බලපු එකක් මේක...
ස්තුතියි උපසිරසියට !Mayura
මේ ෆිල්ම් එක බලල හම්මේ මං අඬපු තරම්. බලන බලන හැම වතාවෙම ඒ දුකේ නම් අඩුවක් උනේ නෑ. බොහොමත්ම තැන්ක්යූ වේවා කොල්ලෝ. හැමදාම ළඟින් තියන් ඉන්න වටින ෆිල්ම් එකක්.
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Rakitha Ranathunga
අම්මේ මේක බලන බලන සැරේ මම ඇඬුවා හොඳට මතකයි...
ස්තුතියි සහෝ මෙව්ක ලබාදුන්නට...
පලවෙනි සබට තුතී...දිගටම කරන් යමු!!සමන් ප්‍රසාද්
කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා සහෝ.
මේ ෆිල්ම් එක ගැන නම් කියන්න වචන නෑ.
මගේ සංවේදීම ෆිල්ම් ලැයිස්තුවේ තුන්වෙනියට තියෙන ෆිල්ම් එක.
මුල් එක හචිකෝ. දෙවනි එක ෆ්ලූක්.
මේක මුලින්ම බැලුවෙ සිරසෙ හඬකවල යද්දි.
ඇඩුව තරම් නම් කියලා වැඩක් නෑ. අදටත් එක දිගට බලන්න බෑ මේ ෆිල්ම් එක. අනිවා ඇඩෙනවා.
නියමයි සහෝ මේ ෆිල්ම් එකට සබ් එක ලබා දුන්නට. නියමයි.
ජය වේවා...!!!Niwantha
යාලු මේ වගේ තව සංවේදී film ටිකක් කියාන්
Nipuna Udayanga
සහෝල හැම දෙනාටම බොහොම ස්තුතියි අදහස්වලට...
මාත් මේක මුලින්ම බැලුවෙ සිරසෙ යද්දි... ලඟදි ආයෙත් බලන්න හිතිලා හෙව්වා..ඒත් සිංහල සබ් එකක් තිබුනෙ නැ...මෙච්චර හිතට වදින ෆිල්ම් එකක සිංහල සබ් එකක් නැත්නම් ලොකු අපරාදයක් කියල හිතුනා...ඇත්තමයි මේක කීපාරක් බැලුවත් මුලින් බලද්දි වගේම හිතට මහා දුකක් දැනෙනවා...
තව හිතට වදින ෆිල්ම් එකක් අරන් ආයෙත් එන්නම්...
කාටත් ජය වේවා,
බුදු සරණයි !Tharaka
අනේ... ඔයාගේ පලවෙනි උපසිරැසියට මට සුභ පතන්න බැරි වුනානේ.
ඔන්න ඔයාට මගෙනුත් පලවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.
මේ චිත්‍රපටිය අපේ ගෙදර ඔක්කොම නැරඹුවා. අපි හැමෝම සත්තුන්ට ආදරෙයි. බලු පැටියෙකුයි, පූසො කිහිප දෙනෙකුයි අපේ ගෙදරත් ඉන්නවා. ඉතින් ෆිල්ම් එක බලද්දී අපි හැමෝගෙම දෑස් කඳුලින් තෙත් වුනා. මේක හරිම සංවේදී, ගතයුතු යමක් තියන හොඳ චිත්‍රපටියක් කියලා මට කියන්න පුළුවන්. කාලෙකින් මම බලපු ලස්සනම චිත්‍රපටිය. ඇත්තටම මේ වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ වලට උපසිරැසි දෙන පිරිස් හරිම විරලයි. ඔයා ඔයාගේ පලමු උපසිරැසි ගැන්වීමට මෙවැනි ෆිල්ම් එකක්ම තෝරා ගැනීම ගැන මට බොහොමත්ම සංතෝෂයි. ඉදිරියටත් මේ වගේම ලස්සන, හරවත්, හිතට වදින චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ. මේ දුන් සිංහල උපසිරැසියට නැවත වතාවක් ඔයාට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!thisal
ස්තුතියි උපසිරසියට !
Lushan Kuruppu
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ!
දිගටම මේ වගේ රසවත් හරවත් ඒවට දෙමු... ජය...!!!අසිත
meka hugaka lasssssanayi
elama saho thanksරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sachith
මාව අඩවපු film එකක්..
Akila
Best movie i ever watched
Nipuna Udayanga
හැමදෙනාටම බොහොම ස්තුතියි දක්වපු අදහස්වලට.
අනිව ෆිල්ම් එක ගැන හිතෙන්නෙ කොහොමද කියලත් කියන්න.
දිනුකර
අවරුදු ගානක මගේ මතය අවදි කලාට ස්තුතියි උපසිරැසිය හුගක් වටිනවා
nimal dissanayake
නියමයි! ලස්සනයි!
ස්තුතියි නිපුණ. සබ්ස් සැපයීමට නිපුණත්වය තව තවත් ලබන්නට
ජය පතමි!
ස්තුතියි!Wicki
උපසිරසට බොහොම ස්තූතියි
SMS
බොහෝම ස්තුතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!