Watch Trailer

Hum Dono (1961) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් අටවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ආනන්ද් යනු රැකියා ව…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් අටවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ආනන්ද් යනු රැකියා විරහිත යහපත් තරුණයෙකි, ඔහු පොහොසත් තරුණියක් වන මීටා සමඟ ආදරයෙන් බැඳී සිටී. ඇය තම පියාට ආනන්ද් ගැන පවසන අතර, ආනන්ද් මීටාගේ පියා හමුවේ. එහිදී ආනන්ද්ගේ රැකියා විරහිත තත්වය ගැන ඔහු ප්‍රශ්න කරයි. ඒ නිසා පසුව ඔහු හමුදා සේවයට එක්වේ. එය ඔහුගේ මවගේ සහ මීටාගේ අප්‍රසාදයට හේතු වේ. ආනන්ද් පුහුණුව ලබා යුද කලාපයක සේවය කරයි. ඔහුගේ කඳවුරේදී ආනන්ද් මේජර් වර්මා සමඟ මිතුරු වේ. ආනන්ද් සහ මේජර් වර්මා එක සමාන නිවුන්නුන්ගේ පෙනුමකින් යුක්ත විය. මේජර් වර්මා, ආනන්ද්ට ඔහුගේ බිරිඳ රූමා සහ ඔහුගේ මව ගැන විස්තර පවසයි. මේ අතර මේජර් වර්මා යුද්ධයේදී අතුරුදහන් වන අතර ඔහු මියගොස් ඇතැයි අනුමාන කෙරේ.

ආනන්දගේ මවද මියයන අතර ඔහු දිනක් මේජර් වර්මාගේ නිවසට පැමිණේ. එහිදී මේජර් වර්මාගේ බිරිඳ සහ මව සිතන්නේ ඔහු ආපසු පැමිණි බවයි. ආනන්ද් තම සැබෑ අනන්‍යතාවය එම පවුලේ වෛද්‍යවරයාට පවසන නමුත් රූමා හෘද රෝගයකින් පෙළෙන නිසා වෛද්‍යවරයා රූමාට සත්‍යය පැවසීමට ඉඩ නොදෙයි. ආනන්දගේ පෙම්වතිය වන මීටාද මේ සිදුවීම් වරදවා තේරුම් ගනියි. මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. දේව් ආනන්ද්, සද්නා සහ නන්දා ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. මෙය ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.

මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් එදා සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සිනමාපට සබ් කරන්නන් තව එකතු වෙනවා නම් කොපමණ වටිනවාද?

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල්මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි” යන සිනමාපටයි. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ මෙයට අදාළ වීඩියෝවක් නොමැති නිසා මා විසින් ගූගල් අප්ලෝඩ් කර ඇති පැය දෙකයි, මිනිත්තු විසි අටයි, තත්පර හතළිස් හතක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. එය “බයිස්කෝප්ඩවුන්ලෝඩ්ස් ඩොට් කොම්” වෙත ගොස් ඩවුන්ලෝඩ් කර ගන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,267 downloadsDownload Hum-Dono-1961.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

1,267 downloadsDownload Subtitles38 KB

40 comments

  1. Priyantha Dayakeerthi

    මෙම සබ් එකේ වීඩියෝව ඩවුන්ලෝඩ් කරගැනීමට නොහැකිනම් Priyantha Dayakeerthi යන නමින් ඇති ෆේස් බුක් එකට යන්න.

    1. නිරෝෂන්

      සබ් මදිවට දැන් ෆිල්ම් එකත්.මේ කරන උපකාරයට බොහොම පින් අයියේ.

  2. W T Ajith

    සබ් එකට ස්තුතියි, මෙය ඒ කාලයේ ගොඩක් අය බලපු චිත්‍රපටයක්. මෙහි තනුවලට සිංහල ගීත තිබෙනවා. 1960 දශකයේ ඒවා දෙන්න...

  3. Anonymous

    තව එකතුවුනොත් මේකේ අලුත් ෆිල්ම් එකක් හොයන්නත් බැරිවේවි , දැනුත් වැඩිපුර තියෙන්නේ පරන ඒවනේ

    1. කවිඳු ජයවර්ධන

      මම දන්න විදිහටනම් දැනට site එකේ උපසිරැසිකරුවන් 1000කට වඩා වැඩි ගානක් ඉන්නව.එයාලගෙන් අදටත් පරණ ෆිල්ම් වලට සබ් හදන්නේ මම දන්න විදියටනම් 10ක් 15ක් වගේ ගානක්.ඒකෙනුත් දෙතුන් දෙනෙක් තමයි සතියකටවත් පරණ ෆිල්ම් එකක් දෙන්නේ..ඒ විදිහට දෙන සබ් එකටත් අනං මනං කියන සෙට් එකක් ඉන්නවා.ඒ කියන සෙට් එකෙන් බහුතරයක් anonymous.
      ඒ සෙට් එකට පොඩි දෙයයි කියන්න තියෙන්නෙ.උඹල ඔය දාන කමෙන්ට් නිසා පරණ ෆිල්ම් වලට සබ් දෙන එක කීයටවත් නතර වෙන්නෙත් නෑ.අලුත් ෆිල්ම් වලට ඉක්මනට සබ් හම්බෙන්නෙත් නෑ.වෙන එකම දේ තමා උඹලගෙ රසවින්දනය ගැන හිතල පොඩි ආතල් එකක් ගන්න එක.අනේ පවු කියලා..ඒ හින්ද මචන්ලා උඹල ඔය පරණ ෆිල්ම් වලට බැනල කමෙන්ට් දාන වෙලාවෙ හොඳම දේ තමයි අලුත් ෆිල්ම් වලට සබ් දෙන සෙට් එක දිරිමත් කරල අලුත් ෆිල්ම් යටින් කමෙන්ට් එකක් දාන එක.එතකොට ඕන වේගෙන් අලුත් ෆිල්ම් වලට සබ් හම්බෙයි.අනික අලුතෙන් එන ෆිල්ම් හරියට බලනවනන් දන්නව ඇතිනෙ අලුත් හැම ෆිල්ම් එකක්ම සුපිරි නෑ කියල.හොඳට හොයල බැලුවොත් තේරෙයි අලුත් ෆිල්ම් වලින් ගොඩක් පරන ෆිල්ම් වල ප්‍රතිණිර්මාන-remake කියල.(සම්පූර්නෙන්ම නොඋනත් අඩුම ගානෙ දෙබසක්,තේමාවක් හරි තියෙනව..)
      අනිත් වැදගත්ම දේ තමයි ;
      Titanic(IMDb-7.8)-1997
      The Shawshank Redemption(IMDb-9.3)-1994
      Psycho(IMDb-8.5)-1960
      Die hard(IMDb-7.5)-1988
      The Silence of the Lambs(IMDb-8.6)-1991
      වගේ පැරණි අසමසම,ලෝක ප්‍රසිද්ද නිර්මාණවලට මේ දවස් වල සිංහල උපසිරැසි දෙන්න උනානං එහෙම ඒවටත් අනං මනං ගොං ටෝක් දාන සෙට් එකක් ඉඳියි.ඒකනං අනිවා ශුවර්.අන්න ඒකයි අපි ඔයාල වගේ සෙට් එකකින් පොඩි ආතල් එකක් ගන්නව කීවෙ..ඇත්තටම කියනවනං දුකයි..මොකද ඕගොල්ලො පරණයි,පරණයි කියල අහක දාපු ඕන තරම් පට්ට සිනමා නිර්මාණ අනන්තවත් තියෙනව.
      අවසානෙට කියන්න තියෙන්නෙ අලුත්,පැරණි,භාෂා භේදයක් නැතිව ෆිල්ම් බලන්න පුරුදුවෙන්න.හරියටම කීවොත් ඔලුව හදාගන්න.මොකද කලවමේ ෆිල්ම් බලනව කියන්නෙ වෙනම ආතල් එකක්.අද්දැකීමෙන් කියන්නෙ සහෝ...

    2. Deegayu Abeysekera

      Anonymous

      oyata ona ona aluth ewa ganna wena site onatharan thiyanawane.
      paw nodi ewata yanna.

    3. සචින්ත බෙනට්

      රසස්වාදය කියන එක එක එක්කෙනාගෙන් වෙනස් වෙන දෙයක්. කෙනෙක් ඇක්ශන් ඇඩ්වෙන්චර් චිත්‍රපටි බලද්දි තව කෙනෙක් කැමති වෙන්නේ මේ වගෙ පරණ ක්ලැසික් නිර්මාණ රසවිදින්න. මම සාමාන්‍යයෙන් ක්ලැසික් බලන කෙනෙක් නෙවේ. ඒත් ඇත්තටම මේ වගේ ෆිම් සබ් කරන එක මම හුගක් අගය කරනවා. මොකද මේ වගේ නිර්මාණ කාලයාගේ ඇවෑමෙන් අමතක වෙලා ගිය ඒවා. ඒවා නැවත මතක් කරලා දීලා මවු භාෂාවෙන්ම ලබාදෙන එක ලොකු සේවයක්.

      තව එකක් තමා බයිස්කෝප් අනිත් සබ් කරන සයිට්වලින් වෙනස්, unique. මොකද අපි එකම තැනකට හිර වෙලා නෑ. අපි භාෂා ගණනාවක විවිධාකාර වර්ගවල සිනමාපටවලට උපසිරැසි ලබා දෙනවා. අන්න ඒ නිසයි අපෙන් හොදම සබ් එක ලැබෙන බවට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ වගේ හොයාගන්නවත් අමාරු චිත්‍රපටවලට හොද පිටපතක් එක්ක දුර්ලභ උපසිරැසියක් ලැබෙන එකෙන් අපේ සේවය තව තවත් ඔප නැම්වෙමවා. ඒකෙන් අලුත් නිර්මාණවලට කිසිම බාධාවක් වෙන්නෑ. අලුත් නිර්මාණවලටත් හොදම සබ් එක ලැබෙන්නේ අපෙන්. අනික බයිස්කෝප් සයිට් එක හොදට පවත්වාගෙන යන එකක් නිසා සහෝ කියන විදිහේ කිසිම දෙයක් වෙන්නෑ.

    4. yohan

      ekanan eththa bro..

    5. Supun

      සිරාවටම බං මුං මුන්ගෙ නමවත් නැතුව පරණ ෆිල්ම් එකකට සබ් දුන්නම තකහනිය දුවගෙන ඇවිල්ලා බැනල කමෙන්ට් දානවා හැබැයි අලුත් ෆිල්ම් එකට මොකාහරි සබ් දුන්නම ඒවට මුන්ගෙ කමෙන්ට්ස් නෑ කමෙන්ට් දෙකයි තුනයි වැටෙන්නෙ ඒවට... කුහකකම බං මුන්ගෙ වෙන මුකුත් නෙවෙයි

    6. Anonymous

      බලපන් පොඩ්ඩක් ගිහින් chakra (2021) ට කමෙන්ට් කියක් වැටිලද කියලා නිකන් බොරු බයිලා ගහන්නෙ නැතුව

    7. Anonymous

      හ්ම්ම්.මේකටනම් රිදෙයි ඔන්න..
      Chakra 2021-දැනට downloads 10530 යි
      දැනට comments 73 යි(ඒකෙත් මේ වගේ සංවාදකට comment 6ක් හිහින් තියෙනව.එතකොට මුලු ගාන 67යි)
      Hum Done-1961- දැනට downloads 53යි
      දැනට comments 30 යි(මේ සංවාදෙට comment 6ක් ගිහින් තියෙනව.එතකොට මුලු ගාන 23යි )

      සරල ගණිතයෙන්-chakra-2021=10530 ÷ 67 =157
      Hum Dhon-1961=53 ÷ 23 = 2.3
      සරල තේරුම ;අලුත් ෆිල්ම් එකක් 157ත් දෙනෙක් download කරනකොට එක්කෙනෙක්ට මතක් වෙනව comment එකක් දාගෙන යන්න.පරණ ෆිල්ම් එකක් දෙන්නෙක් download කරද්දි අනිවා එක්කෙනෙක් comment එකක් දානව.මොලේ තියෙන ඕන කෙනක්ට ඕක තේරෙනව.සුපුන් සහෝ කියපු එක වැරදි නෑ.ඒකයි කියන්නෙ මෙතන ඇවිත් මෝඩකම ප්‍රදර්ශනය කරන් නැතුව තම තමන් කැමති ෆිල්ම් යටින් කමෙන්ට් එකක් දාල ඒ සහෝදරයන්ව දිරිමත් කරන්න කියලා.

    8. Priyantha Dayakeerthi

      Anonymous නාමයෙන් සිටින සොයුරා වෙතටයි,
      ඔයාලාගේ සංවාදය මම දැක්ක නිසා මගේ පුද්ගලික අදහස දක්වන්නම්. මගේ පුද්ගලික රුචිකත්වය පැරණි හින්දි සිනමාපට නැරඹීම සහ ඒවාට සිංහල සබ් කර නැවත නැරඹීමට සුරැකිව තබා ගැනීමයි. දැනටත් මා විසින් සබ් නිමකළ තවත් සිනමාපට 30 ක් පමණ තිබෙනවා. මා සතියකට එකක් සබ් කරනවා. ඒවායින් එක බැගින් තමයි මේ බයිස්කෝප් එකට දෙන්නේ පරණ සිනමාපට කොතරම් විවේචනය කළත් මේ නිර්මාණය කිරීම් මම නවතන්නේ නැහැ. ඒ වාගේම ලංකාවේ සාමාජිකයින් දහස් ගණනක් සිටින "පැරණි හින්දි සිනමා රසික සංගමයේ" මමත් සාමාජිකයෙක්. මම මේ සබ් කළ සියලු සිනමාපට ඔවුන් ඩී වී ඩී වශයෙන් බෙදා ගන්නවා. දැන් Anonymous නාමයෙන් සිටින සොයුරාට මේ රහස පැහැදිලි ඇති. මම මෙය කමෙන්ට නිසා කරන දෙයක්මත් නොවෙයි. මේ රටේ වැඩිහිටි පරපුර වෙනුවෙන් සහ මගේ රුචිකත්වය වෙනුවෙන් කරනා දෙයක්. මා වෙනුවෙන් අදහස් දැක්වූ සහ Anonymous නාමයෙන් සිටින සොයුරාටත් මාගේ ගරුත්වය පුද කරමි! සත්‍යය මෙයයි.

  4. කවිඳු ජයවර්ධන

    කලින් බලපු නැති ෆිල්ම් එකක්.වෙලාවක් හොයාගෙන බලන්න ඕනෙ.උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රියන්ත සහෝ.ඔබට ජය..!!!

  5. Deegayu Abeysekera

    thank you
    keep it.................................

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. kanishka

    thank you for sinhala subtitles.good luck.!!!

  8. D P Gamage

    Good work, Thanks for your subtitle, "Old is gold"

  9. gayan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.ඔබට ජය

  10. Tharaka

    Thnx brother.good work.best of luck...!

  11. Anonymous

    thank you bro

  12. perera

    සබ් එකට බොහොම ස්තුතියි.

  13. hasitha

    ~~එකල නැරඹූ සුන්දර චිත්‍රපටයක්~~

  14. chaamikara

    ලංකාවෙ කොච්චර උපසිරැසි දෙන වෙබ්සයිට් බිහිඋනත් පරණ ෆිල්ම් වලට සබ් දෙන්නෙ බයිස්කෝප් විතරයි..

  15. hasantha999

    thnx bro

  16. Ajith

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.හොඳ ෆිලුමක් වගේ.ජය

  17. හසිත

    දිගටම පැරණි හින්දි ෆිල්ම් දෙන්න.සබ් එකට ගොඩක් ස්තුතියි.

  18. Anonymous

    thank you for sinhala sub

  19. deshan

    ගොඩක් වටිනවා මේ කරන දේ.සබ් එකටත් බොහොම ස්තුතියි..

  20. Anonymous

    thank you very much

  21. pasan

    මම බලල තියෙනව.ආයෙත් බලන්න පුලුවන් .බොහොම ස්තුතියි..

  22. priya

    ස්තුතියි සහෝ

  23. ruchira

    උපසිරැසියට ගොඩක් ස්තුතියි ප්‍රියන්ත අයියේ..

  24. Anonymous

    e kale supiriyak.thank you

  25. ශාමල් මනෝජන්

    විතානගේ මහත්මයාගේ කැපවීම වෙනුවෙන් මාගේ ස්තූතියි පුදමි. දිගටම පැරණි චිත්‍රපට දෙන්න. හැකිනම් කාලය වෙන්කර පැරණි විදෙස් චිත්‍රපටයකුත් ඉදලා හිටලා දෙන්න.

    බයිස්කෝප් අඩවියෙහි අනෙක් උපසිරැසි කරන සොහොයුරු සොහොයුරියනුත් හැකි අයුරින් පැරණි IMDB, AFI ආදී විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණ ලබාදෙන ලෙස ඉල්ලමි.

    Anonymous කොරෝනාවටත් වඩා දරුණු සතුරන් වෙයි.
    Anonymous පැරදවීමට අපි සැවොම පෙළගැසෙමු.

  26. Anonymous

    thank you for sub

  27. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  28. kanchana

    sabata bohoma thuthi

  29. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.