සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අවුරුද්දේ මාර්තු 26 වෙනිදා සී5, OTT මාධ්‍ය හරහා නිකුත් වුණ Thriller ගණයට අයත් සයිලන්ස් : කැන් යූ හියර් ඉට්? (2021) හින්දි සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවිය එක්ක එකතු උනේ. මුලින්ම මේ සිනමා නිර්මාණය වෙන්…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අවුරුද්දේ මාර්තු 26 වෙනිදා සී5, OTT මාධ්‍ය හරහා නිකුත් වුණ Thriller ගණයට අයත් සයිලන්ස් : කැන් යූ හියර් ඉට්? (2021) හින්දි සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවිය එක්ක එකතු උනේ. මුලින්ම මේ සිනමා නිර්මාණය වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොහොයුරාට වගේම වැඩ රාජකාරි මැද්දේ මේ සිංහල උපසිරැසිය වෙනුවෙන් දායකත්වය ලබා දුන්න මයුර සුරාජ් සොහොයුරාටත් ස්තූතිවන්ත වෙනවා.

මේ වෙද්දි 777 දෙනෙක්ගේ මනාපයෙන් IMDb දර්ශකයේ 6.6/10, 94% ක ගූගල් පරිශීලක අගයක් හිමිකර ගන්න මේ සිනමා නිර්මාණය සමත් වෙලා තියෙනවා. A b a n  B h a r u c h a  D e o h a n s ‌ගේ තිර රචනයක් වගේම අධ්‍යක්ෂණයක් වෙන මේ සිනමා නිර්මාණය වෙනුවෙන් M a n o j  B a j p a y e e,  A r j u n  M a t h u r,  B a r k h a  S i n g h,  P r a c h i  D e s a i,  S a h i l  V a i d,  S h i s h i r  S h a r m a,  D e n z i l  S m i t h ඇතුළු පිරිසක් රංගන දායකත්වය එක් කරලා තියෙනවා.

කතාව ගැන කිව්වොත්, පූජා කියන්නේ අවුරුදු 28 ක ලස්සන කෙල්ලෙක්. මෙයාගේ හිතේ තියෙන රහසක් කියන්න, පූජා දවසක් හැන්දෑවක තමන්ගේ යාළුවා කවිතාව හොයාගෙන කවිතාගේ ගෙදර යනවා. ඒත් පූජාට කවිතා මුණ ගැහෙන්නේ නෑ. කවිතා ප්‍රදර්ශනයක් පවත්වන්න පූනේ ගියා කියලා කවිතාගේ මහත්තයා රවී ඛන්නා පූජාට කිව්වම පූජා තීරණය කරනවා පහුවදාට පූනේ ගිහින් කවිතාව මුණ ගැහෙන්න. එදා කවිතාගේ ගෙදර නතර වෙන පූජා පහුවදා කවිතාව මුණ ගැහෙන්න යන්න ලෑස්ති වෙන අතරේ කවිතා ප්‍රදර්ශනය නතර කරලා ගෙදර එනවා. හදිස්සියෙම ගෙදර ආපු කවිතා පඩිපෙළකින් වැටිලා කෝමා තත්වෙකට පත්වෙනවා. එතකොට පූජාට කවිතාව මුණ ගැහෙනවාද? කවිතාට මොකද උනේ කියලා දැනගන්නවාද? කොහෙත්ම නෑ. මොකද ඒ වෙද්දිත් පූජා මේ ලෝකේ අත ඇරලා ගිහින් ඉවරයි. පූජාගේ මළ සිරුර දුර කන්දක මුදුනේ තිබිලා හමුවෙනවා. ඇත්තටම මෙයාලට මොකද උනේ? කාට හරි මේ අභිරහස විසදන්න පුළුවන් වෙයිද කියලා චිත්‍රපටිය බලලම දැන ගන්න.

තවත් මේ වගේම සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,669 downloadsDownload සයිලන්ස්-කැන්-යූ-හියර්-ඉට්-2021.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට සහ “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,669 downloadsDownload Subtitles72 KB

42 comments

  1. Anonymous

    thank you baiscope! ❤❤❤

  2. yohan

    thanks....

  3. Deshan

    අඩේහ්හ් හින්දි thriller series එකක් කාලෙකින්
    බලමු බලමු ...එල එල මයුර සහෝ

  4. Supun Kaushalya

    තෑන්ක්ස් දෙන්නටම

  5. Chanaka

    Goda kalekin.. Thanks macho.
    Baiscopelk Rise again.
    Hail Baiscopelk

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Anonymous

    Thanks both of you
    Keep it up

  8. Lakshan

    අලුතින් ආපු කොරියන් ත්‍රිලර් සීරීස් ගොඩක් තියනවා බයිස්කෝප් එකෙන් සබ් නොදීපු ඒවටත් පුලුවන් නම් සබ් දෙන්න......
    මේකත් සුපිරියක් වගේ, දෙන්නටම ස්තුතියි

    1. Nadeera

      Rugal (2020)
      Zombie detective (2020)
      Sisyphus: The Myth (2021)
      The guest (2018)

    2. Anonymous

      Stranger 2017 meka complete bn...supiriyak sub denwnm

  9. isuru srinath sjs

    මරු මරු.... දෙන්නටම බොහොම ස්තුතියි...!!

  10. Kevin

    ස්තුතියි සහෝ

  11. Anonymous

    Thank you guyz

  12. Sahan

    ස්තුතියි දෙන්නටම
    අනිත් ඒවත් ඉක්මනට දෙමු

  13. randika

    niyamai. thawa thawath aluth hindi love story danna saho.jaya wewa.

  14. Samith

    Thanks bro & sis
    Keep it up

  15. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    බයිස්කෝප් අඩවියෙන් සබ් නොදීපු තව චිත්‍රපට තියනවා. ඒවාටත් කවුරුහරි කැමැත්තෙන් ඉන්නවා නම් සබ් දෙන ලෙස ඉල්ලමි.

    Doob: No Bed of Roses - 2017 (ඉර්ෆාන් ඛාන්)
    Firangi - 2017 (කපිල් ෂර්මා)
    Yamla Pagla Deewana: Phir se - 2018 (සනී ඩියොල්, බොබී ඩියොල්, ධර්මේන්ද්‍ර)
    Mohalla Assi - 2018 (සනී ඩියොල්)
    Rajma Chawal - 2018 (රිෂි කපූර්)
    Rangeela Raja - 2019 (ගෝවින්දා)
    Jhootha Kahin Ka - 2019 (රිෂි කපූර්)
    The Tashkent File - 2019 (මිතුන් චක්‍රබෝති,
    නස්‍ රුදින් ෂාහ්)
    PM Narendra Modi - 2019 (විවේක් ඔබ්‍ රෝයි)

    1. M.G

      මචන් ඔය සෙට් එකේ ගොඩක් ෆිල්ම් අසාර්තක වෙච්ච ඒව නේද...ගූගල් එකෙ ගැහුවම ව්ස්තරේ එනෝ....imdb rate එකත් ගොඩක්ම අඩුයි සමහර ඒවයි....ඒ නිසා අපරාදේ බන් කාලය ඕවට සබ් කරන එකෙයි බලන එකයි...requst කරපන් මගහැරුනු සුපිරි ෆිල්ම් වලට........................
      මට හිතෙන දේ කිව්වේ ඉතින් අවුල් වගෙ නම් සොරි හොදෙයි

  16. Anonymous

    බොහොම ස්තූතියි

  17. R.S

    Thanks machi

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  20. Anonymous

    Thanks......

  21. මලිත්

    ස්තුතියි උපසිරසියට දෙන්නටම
    දිගටම උපසිරසි කරන්න

  22. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  23. Anonymous

    ඉතුරුවත් ඉක්මනටම දෙමු
    ජය වේවා!!!

  24. ram

    supiriyak wage
    blnna ona
    jaya wewa

  25. Anonymous

    adeh thanku hodai

  26. චමෝද්

    නියම වැඩක්

  27. Anonymous

    Godzilla vs. Kong(2021) sub plzzz

  28. Mahesh

    Hindi thriller nm ithin aniwa balillak tmai

  29. Anonymous

    Thanks machi

  30. indika75

    thanks..

    1. Mathisha

      Bohoma sthuthi upasirasata.kisidu laba apekshawakin thorawa oyagollo me karanne godak honda wadak. jhon abrahamge mumbai saga film ekatath ikmata sub eka dennako

  31. R_deshan

    Average මට්ටමේ thriller ස්ටෝරියක්.ලොකුම කුතුහලයක් කතාව ඇතුළෙ නැතත් manoj bajpayee මිනිහගෙ ඇක්ටින් වලින් කතාවට සෑහෙන කුතුහලයක් අරන් එන්න උත්සහ කරල තියනව.See5 ලගෙ අනිත් ෆිල්ම් සීරීස් වල වගේම ගොඩක් ඉංග්‍රීසි දෙබස් මේකටත් ඔබල නිසා හින්දි එකක්ද බලන්නෙ කියලත් වෙලාවකට අමතක උනා.සබ් එක දුන්නට දෙන්නටම බොහොම ස්තූතිය.ජයවේවා!!

  32. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  33. Sahan

    thanks a lot saho

  34. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  35. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. D.Chamara

    බොහොම ස්තූතියි ..... !

  38. Anonymous

    Thank you brthr sub ekata........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.