ඔන්න එහෙනම් ඔයාලට අලුත් උපසිරසක් ගෙනාවා. පරක්කු මොකද කියල අහනවා නම් හේතුව මෙන්න මේකයි. අපි වෙබ් අඩවියේ ඔයාලගේ මත විමසුමක් කලානේ. අපි ඔබේ මතයට ගරු කරන්න තීරණය කළා. මින් මතුවට බයිස්කෝප් සිංහලෙන් නාමය යටතේ ලැබෙන උපසිරැසි ආරම්භ වෙන්නේ HD හෝ WEB පිටපත් සමගින්. මේ උපසිරසත් එසේ HD පිටපතක් නිකුත් වූ විගස ඔ…

ඔන්න එහෙනම් ඔයාලට අලුත් උපසිරසක් ගෙනාවා. පරක්කු මොකද කියල අහනවා නම් හේතුව මෙන්න මේකයි. අපි වෙබ් අඩවියේ ඔයාලගේ මත විමසුමක් කලානේ. අපි ඔබේ මතයට ගරු කරන්න තීරණය කළා. මින් මතුවට බයිස්කෝප් සිංහලෙන් නාමය යටතේ ලැබෙන උපසිරැසි ආරම්භ වෙන්නේ HD හෝ WEB පිටපත් සමගින්. මේ උපසිරසත් එසේ HD පිටපතක් නිකුත් වූ විගස ඔබට ලබා දෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් ප්‍රමාදයක් වෙලා නැහැ. පසුව Bluray පිටපත් වලට උපසිරැසි යාවත්කාලීන කරන්නත් අපි පොරොන්දු වෙනවා. විශේෂ අවස්ථාවක ඇරෙන්න ඒ කියන්නේ කෙනෙකුගේ කඩඉම් අවස්ථාවකදී විතරක් උපසිරැසි දිගටම කරගෙන යන්න පහසු වෙන්න අපිට නැරඹිය හැකි මට්ටමේ තියෙන පිටපතකට උපසිරසි දෙන්න තීරණය කළා. මොකද එයින් පාඩු වෙන්නෙත් ප්‍රේක්ෂක ඔබටම නිසා. කාලයක් බලන් ඉන්න සිදු වීමෙන් උපසිරසි කරුවා කරන රූපවාහිනී වැඩසටහන් වගේ දේවල් මග නතර වීම වළක්වන්නයි එහෙම පියවරකට යොමු වෙන්න හේතු උනේ. එහෙනම් අපි හැරෙමු කතාව දෙසට.
හැමෝම දන්නවා ඇති එහෙම නැත්තන් අහලා ඇති ආතර් කියල රජෙක් ගැන. මේ චිත්‍රපටයත් ඒ චරිතය මුලික කරගෙන නිර්මාණය වූවක්. ආතර් රජුගේ සම්පූර්ණ නම තමයි ආතර් පෙන්ඩ්‍රැගන්. ඔහු විසින් එංගලන්තය බේරාගැනීම උදෙසා යුද්ධ දොළහකට අධික ප්‍රමාණයක් සටන් කල රජෙක්. ඒ වගේම ඔහු වඩාත්ම ජනප්‍රිය වෙන්නේ Badon වල සිදුකල යුද්ධයයි. එහිදී ඔහු තනිවම මිනිසුන් 960ක් පමණ මරා දමා තිබෙනවා. මධ්‍යකාලීන යුගයේ බ්‍රිතාන්‍ය එක් සේසත් කල මේ රජුගේ ප්‍රධාන උපදේශකයා උනේ මර්ලින් නමැති මන්ත්‍රකරුවා. ඒ වගේම මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ මර්ලින් සහ ආතර් සතු මය බලයකින් යුත් එක්ස්කැලිබර් අසිපත සම්බන්ධවයි.
චිත්‍රපටයේ කතා වස්තුව ගැන සඳහනක් කරනවා නම් ආතර් කියන්නේ ඌතර් පෙන්ඩ්‍රැගන්ගේ එකම පුත්‍රයා. ඌතර් විසින් එංගලන්තය සාමකාමී ලෙසට පාලනය කරන අතර තුර ඔහුගේම සහෝදරයා එනම් වෝටිගන් සහ වෙනත් ජනවර්ගයක් වන මේජ් වැසියන් අතර සටනක් ඇති කරනවා ඌතර් මරා දාමා සිහසුන ඔහුට හිමිකරගන්න. එත් ඌතර්ට මර්ලින් විසින් ලබාදුන් අසිපතක් තියෙනවා ඒ තමයි බලගතු එක්ස්කැලිබර් අසිපත. මේ දේවල් වෝටිගන් සැලසුම් කරන්නේ මෝඩ්‍රඩ් නමැති බලවත් මේජ් වැසියෙක් එක්ක එකතු වෙලා. අවසානයේ වොටිගන් ජය ලබනවා. එත් වෝටිගන්ට හැකි වේවිද ඌතර් එක්ක ඔහුගේ පවුලම විනාශ කරන්න? එහෙනම් ඒ ගැටලුව ඔබට ඉතිරි කරලා චිත්‍රපටයේ වත ගොතත් මෙහෙම කියන්නම්.
මේ චිත්‍රපටය අපි කවුරුත්ව අසාවෙන් බලපු චිත්‍රපට වන Sherlock Holmes (2009), Sherlock Holmes: A Game of Shadows (2011), The Man from U.N.C.L.E. (2015) කියන චිත්‍රපට අධ්‍යක්ෂණය කල Guy Ritchie ගේ තවත් නිර්මාණයක්. මෙහි රංගනයෙන් දායක වෙන්නේ තවත් සුප්‍රසිද්ධ නළුවන් පිරිසක් Charlie Hunnam, Astrid Bergès-Frisbey, Jude Law, Djimon Hounsou සහ මේ දවස් වල Games of Thrones තුල ප්‍රසිද්ධ චරිතයක් වෙන ලිට්ල්ෆින්ගර් හෙවත් බෙලිෂ් උතුමාණන්ගේ චරිතයට පණ පොවන Aidan Gillen ද රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ඔයාල කවුරුත් දන්නා සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකුත් මේ චිත්‍රපටයේ සුළු චරිතයකට රංගනයෙන් දායක වෙනවා. පුළුවන් නම් හඳුනා ගන්න ඒ කවුද කියලත්.
එහෙනම් IMDB දර්ශකයේ ලකුණු 7.2 ක් හිමිකරගත් මේ සලරුව බලන්න කියල හැමෝටම ආරාධනා කරමින් මම සමුගන්නවා. එහෙනම් තවත් සලරුවකින් මුණගැහෙමු. සියලු දෙනාටම සුභ දවසක්!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි HD/WEB/BR පිටපත් සඳහා අදාළ වේ.
61,297 downloadsDownload King-Arthur-Legend-of-the-Sword-2017-BR.zip94 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
107 comments
Samitha
silent$
Thnxxxxxxxxxxxxxxx
Bobby
Thank you very much for Sab
Janith.K.B.
බොහොම ස්තූතියි
Pradeep Anuruddha Dissanayake
බොහොම ස්තුතියි මාමි :)
Charli Max
thanks
kumalk
Thank You ..........
sandun
the strain S4 Ep 01 & Ep 02 රිලීස් වෙල සති දෙකක් වෙනවා තාම සබ් දීලා නෑ. මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ( මේ අන්තිම සීසන් එක).
මීට කලිනුත් මේ ගැන සයිට් එක දැනුවත් කලා.තාම ඒ ගැන තොරතුරක් නෑ.
ස්තූතියිNishon Jey
මචන් සබට... දිගටම සබ් දෙමු.. ජය වේවා :D
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතිය,
ජයෙන් ජයම වේවා...!!shasith sandaruwan
බොහොම ස්තූතියි හසන්ත අයියේ උපසිරැසියට...
කවුරුහරි ගේනකල් ඉඳලා බලනවා. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!thush
The Strain Season4 ewith thiyenne puluwannam ekata sab dhenawadha...?
අසිත
elama saho thanks
mahesh babu
Niyamai saho
Denakan balan hitapu paharak meka nam
Ela ela.....jaya wewa!!!Raveen Fernando
BR apu gaman update karanna bro Subtitle ekata thanks
Gathsara Umesh Kumara
Bohoom sthuthiy hasanth ayye sub ekt....
Bru onene...mm baiscpe ek denkm bllm HDRip ekth apu nisaa zoom ekn gththa...eth mm mov colection ekt dnne baisvpe sub withryi...bohoom sthutjoy sub1kt..ikmnim thwth salaruwkin hmuwemo...silent$
Thnxxxxxxxxxxxxx
Kasun Widusha
Ela ela aiya tnx.Bluray enakal innawaa
rasanga
බොහොම ස්තූතියි
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
Mithun
ෆිල්ම් එකටත් වඩා උඩ වචන ටිකට සතුටුයි web-dl rip වලටම සබ් දෙන්න
මෙ මුවි එක බලම්ම උන්නු එකක් weprip හරි ,BRහරි එනකල් ගොඩක් ස්තුතියි ආපු ගමන් සබ් දුන්නට ගොඩක් සතුටුයි, ඔයාම එකත් දිල තියෙන එකට ඉටත් වාඩා අස හිතුන ,ඔබට ජය පතනව හැමදේම සාර්ථක වෙන්න කියල .
සුපිරිම ෆිල්ම් එකක් වගේ...Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට:::::::
HD හෝ web පිටපතට සබ් දෙන එකනම් ගොඩක් වටිනවා.කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන්නේ..විශේෂයෙන්ම web පිටපත..තව ඉල්ලීමක් තියේ අයියේ. ඇඩ්මින් වරයෙක් නිසා කියන එක හොදයි කියලා හිතුනා. අඩවියේ සමහර ජනප්‍රිය හොද චිත්‍රපට වලට සබ් තියෙන්නේ dvd rip වලට. ඒවා පොඩ්ඩක් බලලා YIFI BR එකට අප්ඩේට් එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..! (ස්පයිඩර් මෑන් දුන්නා වගේ)
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::හසන්ත
එකින් එක අප්ඩේට් කරගෙන යනවා. අදත් එකක් අප්ඩේට් කරලා දැම්මා. බලමු ඉදිරියේදී ඔක්කොම අප්ඩේට් කරනවා.
Mithun
Eka nm watina kiyamana godak old ewa dvd wala tiyanna samahara ewala seed na download kara ba puluwan nm e wada karannna eka eka hari BR walata godak pin ehanm
Sanindu Lakkitha
නියමයි අයියේ..බයිස්කෝප් සහෝලා ඔක්කොටම බොහම ස්තුතියි..!
සචින් කෙවින්
මේක නම් ගොඩක් ලොකු දෙයක්. බොහොම ස්තුතියි.
Amalka
Avatar , X men DOFP Extended අප්ඩේට් කරන්න
Hashan Nethupriya
Gardian of the galaxy 2 danne kawadada
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ami
Thanks niyamai well done ....
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Didula sangeeth
sub ekata tnx saho good luck
Sandheep
Supiri sahodaraya..
Chamod98
Thanks mcn sabata
pramod
Thanks bro
Amil
Superb...
Thanks Hasantha Ayya..gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sanjaya
බොහොම ස්තූතියි. ☺
ජය වේවා..!!උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
මේ වගේම පට්ටම ෆිලුමකින් ආයෙම හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
තෑන්ක්ස් සබ් එකට
මේක දෙනකල් තමයි බලන් හිටියේදමිත්
ස්තුතියි සහෝ සබට..
HD එකක්ජ හරි WEB Rip එකකටම හරි සබ් දෙනවා නම් තමා හොඳ.
ජයෙන් ජය.Sisila Prasad
බොහොම ස්තුතියි, අයියේ.
ජයවේවා!!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.sunimal
සබි එක ගත්තා ෆිල්ම් එකත් බැලුවා.... දැන් comment කරන වෙිලාව ඉතින්... සබි එකටයි... ෆිල්ම් එක ගැන නිස්තරයටයි ගොඩක් ස්තුති... HD පිටපත් වලට සබි දෙන එක ලොකු දේයක්.. ඉදිරියටත් සබි කරමු...
LSM HUSKAA
br ikmnta update kalata thnks,jayenjaya,elapin browwwwwwwww
Chalana
thnx bro...
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Chathuranga
thanks bro
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Chamith Mihiranga
එල, එල.. ඒ ගත්ත තීරණේ ගොඩක් හොදයි. සබට ගොඩක් තෑන්ක්ස් අයියා, ජයවේවා..!
Udara Cooray
Thank you
D.Chamara
bohoma sthuthi sahooo br eka enakam hitiya jaya..
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thnkzzz broo