Watch Trailer

Hush (2016) with Sinhala Subtitles | සද්ද එපා ඝාතකයා එලියේ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිතුරනි. සුභ අළුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම. පොඩි නිවාඩුවකින් පස්සෙ අලුත් අවුරුදු තෑග්ගත් අරං ඔන්න මම ආයෙත් උපසිරැසි නිර්මාණය කරන්න එක්වෙන්න හිතුවා බයිස්කෝප් ටීම් එකත් එක්ක. ගොඩක් අයටනං මාව මතකවත් නැතුව ඇති මේ වෙද්දි. නමුත් මම අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න හිතපු නිසා උපසිරැසි ගැන්වීම…

Hush (2016)කොහොමද මිතුරනි. සුභ අළුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම. පොඩි නිවාඩුවකින් පස්සෙ අලුත් අවුරුදු තෑග්ගත් අරං ඔන්න මම ආයෙත් උපසිරැසි නිර්මාණය කරන්න එක්වෙන්න හිතුවා බයිස්කෝප් ටීම් එකත් එක්ක. ගොඩක් අයටනං මාව මතකවත් නැතුව ඇති මේ වෙද්දි. නමුත් මම අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න හිතපු නිසා උපසිරැසි ගැන්වීමෙන් බැහැරව හිටියා. මේ අවුරුද්දෙත් කියන්න තරම් ලොකු නිදහසක් නෑ ඒ ලෙවල් එක්ක. නමුත් මේ අවුරුද්දෙ නිර්මාණ 03ක් වත් කරන්න ඕන කියන මතෙයි මම ඉන්නෙ. ඉතින් පුළුවන් උපරිමෙන්ම අධ්‍යාපනයේ වගේම උපසිරැසි ගැන්වීමෙත් නිරත වෙන්න තීරණය කලා.

ඉතින් අපි දැන් මේ චිත්‍රපටිය දිහාවට හැරෙමු. ඇත්තම කිව්වොත් මගේ විශේෂ ස්තූතිය බයිස්කෝප් ටීම් එකේ සමීර කරුණාරත්න, රොයිලි සහ හසන්ත සහ යන සහෝදරවරුන්ට මගේ ඉල්ලීම අනුව මෙම චිත්‍රපටය ලබාගන්න මට උපකාර කලාට.  මේ නිර්මාණය ගැන කිව්වොත් ඇත්තටම මේක ත්‍රාසජනක (Horror) ගණයේ නිර්මාණයක්. මයික් ෆලැනගන්ගේ අධ්‍යක්ෂණයෙන් ට්‍රෙවර් මේසි සහ ජේසන් බ්ලම් තමා නිෂ්පාදනය කරන්නේ. මිනිත්තු 81ක් පුරා දිවෙන මේ නිර්මාණයේ IMDB අගය 6.9ක් ලෙස සටහන් වෙලා තියෙනවා. 2016 අප්‍රේල් මස 8 වනදා මෙම නිර්මාණය තිරගත උණා.

ඇත්තටම මේ කථාවේ සීමිත චරිත සංඛ්‍යාවක් පමණයි ඉන්නේ. එයිනුත් සෘජුවම චරිත නිරූපණය කරන්නේ කථා නායිකා මැඩී, ඝාතකයා, ඇගේ අසල්වැසියා සේරා, සේරාගේ පෙම්වතා ජෝන් සහ ඔන්ලයින් වීඩියෝ සම්මන්ත්‍රණයකින් චරිත නිරූපණය කරන මැඩී ගේ සහෝදරී මැක්ස්. කථා නායිකා මැඩී ශ්‍රවණ කථන හැකියාව රහිත ලේඛීකාවක්. ඇත්තටම ඒක උපතින් උරුම දෙයක් නෙවේ. එයා ආවෘතිදාහක බැක්ටීරියාවක් ආසාදනය වෙලා අවෘතිදාහය (Meningitis) කියන රෝගයට ගොදුරු වෙලා වයස අවුරුදු 13දී ශ්‍රවණ සහ කථන හැකියාව අහිමි කරගන්නවා.  නමුත් කෙනෙක් කථාකරද්දි තොල් හැසිරවෙන ආකාරයෙන් එයා උච්චාරණය අදුනගන්නවා. එයා තනිවමයි ගෙදර ජීවත් වෙන්නේ. පොත් ලියලයි එයා සල්ලි හම්බ කරගන්නේ. අවාසනාවට එයාට හරියට කෑමක් වත් හදාගන්න බෑ බිහිරි බව නිසා. එයාට වෙන හැම කරදරයක්ම වෙන්නෙ ඒක නිසාම තමා. මැඩී ජීවත් වෙන පැත්ත ඇත්තටම පාලු පැත්තක්. කථාව බලද්දි ඔයාලට තේරෙයි. ඒත් එයාට ඕන කරන දේවල් එයාට තියෙනවා. සේරා නිතරම එයාව බලන්න ඇවිත් එයාගේ පාළුව මකනවා. දෙන්න හොදම යාලුවො වගේ. නමුත් හදිසියේම ඝාතකයෙක් එනවා. උම්මන්තකයෙක් වගේ මටනං දැනෙන්නේ. ඇත්තටම මේ චිත්‍රපටය බලද්දි මට නං හරියට කේන්ති ආවා ඝාතකයා එක්ක. ඒවගේම දුකක් ඇති උණා මැඩී එක්ක. මේ ඝාතකයා මැඩීව බලන්න ආපු සේරාව අමානුෂික විදිහට මරනවා. එයා බේර ගන්න කියලා උදව් ඉල්ලගෙන් ගෙදරම ආවත් බිහිරි නිසා කිසිම දෙයක් ඇහෙන්නෙ නැහැනේ. ගෙදර දොරකඩ ගාවම මරලා දානවා. පස්සේ මේ ඝාතකයා ගේ ඇතුලටත් එනවා. ඒත් මැඩී ඒ ගැන දන්නේ නෑ. ඝාතකයාගේ මීලග ගොදුර මැඩී. මැඩීට කුමක් වෙයිද?. සේරාව හොයාගෙන සේරාගේ පෙම්වතාත් එනවා එයාට මොනව වෙයිද? මේ අස්සේ ඝාතකයා ගෙදර විදුලි සැපයුමත් අත් හිටවනවා. වයි ෆයි බ්ලොක් කරනවා. මැඩීට කිසිම දෙයක් කරගන්න බෑ. හදිසි අනතුරු අංශයට දැනුම් දෙන්නත් බෑ කථා කරන්න බැරි නිසා. අනික ඝාතකයා උම්මන්තකයෙක් උණාට මොලකාරයෙක්. මැඩී බේරෙන්න දරන හැම උත්සාහයක්ම පොර ව්‍යවර්ථ කරනවා. නමුත් මැඩීත් ඒසේ මෙසේ කෙල්ලක් නෙවෙයි. එයා එයාගේ මොලේ පාවිච්චි කරනවා. ඇත්තටම ඒක හුගක් ආදර්ශවත්.

ඉතිං මම කියන්නේ මෙච්චරයි. නොකිව් දේ ගොඩක් තියෙනවා. එක් රැයක සිදුවීමක් තමා කථාවට ගොඩ නගල තියෙන්නේ. ඉතිං ආරාධනා කරනවා බලන්න කියලා ඒ වගේම මේක අත්දැකීමක් කරගන්න කියලා. ඒ වගේම අවධානය කියන එක කොච්චර වැදගත්ද කියලා මේ නිර්මාණයෙන් මොනවට පෙන්වනවා. එහෙනං ලමයිනේ මම යනවා. තවත් හොරර් එකක් අරගෙන එනකං ජයවේවා!

Batman & Mr. Freeze: SubZero (1998) on IMDb

 

 

1.35 MG (HD) කොපිය මෙතනින් බාගන්න

AEFCB38BE90FF63561BE76A411924F4CC44B5CE9 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,965 downloadsDownload Hush-2016.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

3,965 downloadsDownload Subtitles17 KB

39 comments

  1. me

    Thanks

  2. DaMith

    ko meke sinhala sub>

  3. Lahiru

    sub ganna link 1 peanna na ne

  4. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. himal

    hogana pokuna downlord krgnna link ekak nthda??

  6. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ...
    ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!
    එළ ෆිලුමක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!!!!

  7. Saranga Alwis

    Where is the Sinhala subtitle?

  8. kush

    sinhala sub????

  9. mithun

    අනෙ නිකන් ගොන් අතල් දෙන්න එපා බං සබ් නැතුව චිත්‍රපට අරන් ඇවිත්. මෙ සයිඩ් එකට එන හැමොම චිත්‍රපටයක් බාගෙන යන්නෙ සිංහල සබ් දෙන හින්ද අසාවෙන්. එකට ස්තුතියි කරල. නැතුව මම නම් හිතන් නෑ වෙන මොකටවත් එනව කියල . එක නිස ඉදල ඉදල ඇවිත් ගොන් අතල් ගන්න එප සයිඩ් එකෙ

    1. mithun

      දැන් තම,සබ් එක පෙන්වන්නෙ. ඔන්න thx qwa broo

  10. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  11. mithun

    Maga commet eken passa thama meka sab link eka pannuve... සැහෙන වෙල ලොකු අව්ලක් තිබුන.. මල පැනල උන්නෙ.. uda comment ekata kanagatuwa ප්‍රකාශ කරනව.. මෙකෙ blurry පිටපතක් අවොත් අප්ඩෙඩ්ට් දෙන්න බ්‍රෝ.. උපසිරැසියට බොහොම තුති

    1. දීප්ත තුෂාර

      කමෙන්ටුයක් දාද්දි පුළුවන් තරං තරහ පාලනය කරගත්තොත් හොදයි සහෝ. මේ වෙබ් අඩවිය පවත්වගෙන යන්නේ ගොඩක් දුෂ්කරතා මැද්දේ. ඒවගේම උපසිරැසිකරුවනුත් ගොඩක් කැපකිරීම් කරලා තමයි උපසිරැසිකරණයේ නිරත වෙන්නෙ කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව. හමෝවම සතුටු කරන ගමන්. ඔයාල මේ නොමිලේ ගන්න උපසිරැසිය නිර්මාණය කරන්නයි එය යාවත්කාලීන කරන්නයි උපසිරැසිකරුවන් මහන්සිගන්නවා වගේම වෙබ් අඩවිය නඩත්තු කරන්න මේ වෙබ් අඩවියේ ඇඩ්මින්වරු ගොඩක් මහන්සි ගන්නවා. ඔයාල තත්පරයක් වගේ පොඩි කාලෙකින් බා ගන්න උපසිරැසිය නිර්මාණය කරන්න ගොඩක් කාලයක් ගතවෙනවා. ඒකට ගොඩක් දේ කැප කරනවා. ඒ නිසා වෙබ් අඩවියෙන් ඇතිවන ගැටළුකාරී තත්වයන්ට උපසිරැසිකරුවන්ට දොස් කියන්න එපා. අපි අපේ වගකීම හරියට ඉටු කරනව. ඒ වගේම විවිධ හේතුන් නිසා මේ වෙබ් අඩවියේ පොඩි ප්‍රමාද දෝෂ ඇතිවන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න. ජයවේවා!

    2. Gathsara Umesh Kumara

      අනිවාරෙන්ම සහෝ අපි ඔයාලත් එක්ක හැමදාම ඕනිම දේකට

    3. mithun

      ඔයාල ඔහොම සබ් දෙද්දි ඉවසන්නෙ කොහොමද .... පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑ නොවෑ .. මොකක් හරි අරන් ඇවිත් අපිව අවුස්සනව...... එල එල මචන් thx ... ඔය කිවුව දෙ ගැන මම ටිකක් හිතල බලන්නම්.... දිගටම සබ් දෙමු ඔයල හැමොටම බොහොමත්ම තුති

  12. Kulanjana Maduranga

    niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Gathsara Umesh Kumara

    සබට ස්තූතියි සහෝ.මේක උත්තයක් දෙනවද?අපි ඔක්කෝම වගේ Smollvill කාංගයට සින්හල සබ් දාන්න කියල හැමදාම ඉල්ලන්වා.මෙච්චර කැපකිරීමක් කරන ඔයගොල්ලන්ට මේ කතාංගයේ හතරවන කතාංගයේ ඉදලා (පලවන තුන දෙන්න එපා කියන හේතුව ඉතින් මුලු ලංකාවම ,දන්නවනේ,)සින්හල උපසිරැසි දෙන්න මතක් කරන්න කැමතියි.එතන ඉදල දෙන්න අමාරුනම් අන්තින කතාංග තුනටවත් සින්හල සබ එකපාර දෙන්න කියල ඉල්ලන්න කැමතියි.මේකට ඔයගොල්ලන්ගේ උත්ත්‍රයික් ඕනිමයි.මේ කතාංගයට ඔයාල සබ දෙන්න හිතලවත් නැද්ද තවම ආ……………………….

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  15. sabjeewa

    tikak boruth kiyala thiyanwa 13yrs waladai menigitis hedunoth kathana hekiyawa neti wenne ne ahena eka vitharay neti wenne...mokada a wenakota eyage kathana hekiyawa eyata lebila iwary...

    1. දීප්ත තුෂාර

      "එයා ආවෘතිදාහක බැක්ටීරියාවක් ආසාදනය වෙලා අවෘතිදාහය (Meningitis) කියන රෝගයට ගොදුරු වෙලා වයස අවුරුදු 13දී ශ්‍රවණ සහ කථන හැකියාව අහිමි කරගන්නවා."

      ශ්‍රවණ හැකියාව නැතිවෙනවා කියන්නේ කථන හැකියාවත් නැතිවෙනවා වගේ තමා. මොකද කෙනෙක් කියන දෙයක් ඇහෙන්නේ නැත්තම් ඒකට ප්‍රතිචාර විදිහට කථා කරන්න බැහැ. ඒ නිසයා සරලවම මම වාක්‍යය එහෙම ගොඩ නැගුවේ. අනික මේ රෝගය කෙනාගෙන් කෙනාට බලපාන ආකාරය වෙනස්. උණකින් පටන් අරං මරණය දක්වා අරගෙන යන්න පුළුවන් ලෙඩක් මේක. අනික මැඩී කොතනකවත් කථා කරන්නේ නැහැ. ඒත් එයා කවුරුහරි යමක් කියද්දි වටහගන්න බව කියන්නයි

      "නමුත් කෙනෙක් කථාකරද්දි තොල් හැසිරවෙන ආකාරයෙන් එයා උච්චාරණය අදුනගන්නවා."

      මෙහෙම කොටසකුත් දැම්මේ. ඒත් ඒ පුංචි අත්වැරැද්දට "tikak boruth kiyala thiyanwa" වගේ දරුණු වචනයක් වාක්‍යයක් පාවිච්චි කරන්න එපා. නමුත් සිදුවූ අත්වැරැද්ද පෙන්වා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. ජයවේවා!

    2. mithun

      මචන් මෙක 720p copy වලට අප්ඩෙඩ්ට් කරන්නකො ඉක්ක්මනින්ම

  16. indika

    ගොඩක් ස්තූතියි.....

  17. Zucker Bug

    ade pasta tanq machan. ube pet name 1 kiyanna epa qwane eka nisa kiyanne nah :3

  18. mithun

    දැන් මෙක අප්ඩෙඩ්ට් දෙන්නෙ කවදද අපිට බලන්න. 720p mb 680 වගෙ එල ටොරෙන් එකක් තියෙනව එකට අප්ඩෙඩ්ට් කරනවද මෙක. මොකද hd කොපි බලන් නැ. පුලුවන් නම් ඉක්ක්මනට දෙන්න

  19. mithun

    බ්‍රො. ඔයාගෙ උපසිරැසි ගැන්විම නම් නියමයි .. මම එක ටෙස්ට් කරල බැලුව සබ් නියමයි ෆිල්ම් එකත් සුපිරියි වගෙ. එත් සහො අනිවාර්යයෙන් br walata sab අප්ඩෙඩ්ට් ඔනෙ ඉක්ක්මනින්.. නැත්නම් අපරාදෙ ඔයාගෙ උස්සහය කියල තම මම කියන්නෙ ..
    Blurry කොපි වලට අප්ඩෙඩ්ට් නැතුව මෙ වගෙ සුපිරි චිත්‍රපට බලල තෙරුමක් නෑ.. මෙක ගොඩක් කට්ටිය දැනටමත් බලල ඇත්. අපිටත් අවස්ථාව ක් ලබාදෙන්න මෙක බලන්න අප්ඩෙඩ්ට් එකක් දිල.. එහම උනොත් බොහොම ෆිං . දිගටම මෙ වගෙ එව ගෙනවනම් ඔයාට ෆිං දිල බලන්නෙ සහෝ.. මෙකෙ අප්ඩෙඩ්ට් එක දෙන්න ඉක්ක්මනට පලුවන් නම්.. දැනට තියෙනව720p webrip ekak mKvcage එකෙ සීඩ්ස් නම් මරු ඉක්ක්මනට අප්ඩෙඩ්ට් දෙන්න පුලුවන්ද

    1. දීප්ත තුෂාර

      මම ඒ ගැන බලන්නම්. ජයවේවා!

  20. Prasad Kandamulla

    බොහොම ස්තුතියි සබ් එකට....

  21. තිලින

    ෆිල්ම් 1 දිල තියන කොපියෙ කොලිටිය පොඩ්ඩක් මදි මම අරගෙන බැලුව, ෆිල්ම් එකනම් සුපිරි. ගැනු ලමුන්ට හොද ආදර්ශමත් කතාවක් වගෙම පවුලේ හැමෝටම එකට ඉදන් බලන්නත් පුලුවන්. 720ප්,1080ප් අවාම අනිව මේක දෙන්න.

  22. yasas sri bandara

    bohooma sthuthiy hush sub ekata jayaweewa,

  23. Nishon Jey

    Blurry Update eka dannako Bro plz.. tnqw.. :)

  24. keshan

    thanks bro

  25. pramuk

    thanxxxxxxxx...........

  26. madusha

    Ela machan ..tnkz sub ekata

  27. Tharindu Athukorala

    tnx bro

  28. Arrow T

    Thank you so much

  29. chinthaka_priyadrshana

    Thanks Bro.....

  30. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි සබ් එකට

  31. Ravinatha Ariyarathna

    Thanks for the Sub brother!

  32. prineth fernando

    patta