Watch Trailer

White Snake 2: Green Snake (2021) AKA White Snake 2: The Tribulation of the Green Snake AKA Bai She 2: Qing She jie qi Sinhala Subtitles | පවිටුවන්ගේ ලොවක සිරගතව [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට.. මතක ඇතිනේ 2019 වසරේ ආව WHITE SNAKE පළමු චිත්‍රපටය. ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ එහි දෙවැන්න White Snake 2: The Tribulation of the Green Snake සිනමාපටය 2021 ජූලි 23 තිරගත වීම ආරම්භ වන මෙම සිනමාපටය උපයාගන්නට සමත්ව ඇති ආදායම ඩොලර් මිලියන 90ක්. එසේම IMDB අගය 6.8ක අගයක් ලබාගන්නටත් සමත්ව තිබ…

කොහොමද කට්ටියට.. මතක ඇතිනේ 2019 වසරේ ආව WHITE SNAKE පළමු චිත්‍රපටය. ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ එහි දෙවැන්න White Snake 2: The Tribulation of the Green Snake සිනමාපටය 2021 ජූලි 23 තිරගත වීම ආරම්භ වන මෙම සිනමාපටය උපයාගන්නට සමත්ව ඇති ආදායම ඩොලර් මිලියන 90ක්. එසේම IMDB අගය 6.8ක අගයක් ලබාගන්නටත් සමත්ව තිබෙනවා.

පෙර සිනමාපටය මතක ඇතිනෙ, බ්ලැන්කා තමන්ගෙ වර්ගයාගේ කාර්‍යයක් ඉටු කිරීමට ඇවිල්ලා ඒකෙන් අසමත් වෙනවා. ඒ වගේම තුවාල ලබලා ඉන්න කොට එක්තරා මනුෂ්‍ය තරුණයෙකුට ඇයව මුණ ගැහෙනවා. ඒ වගේම ඊට පස්සේ මේ දෙන්නා ආදරෙන් බැදෙන ආකාරයත් බ්ලැන්කා සොයුරිය ඇයව රැගෙන එන්න පැමිණීමත් සහ ඉන් අනතුරුව ඇති වෙන මහා සටනත් ඒකෙන් සිද්ධ වෙනවා දේවල් එහෙමත්. හොදයි එහෙමනම් මේ සිනමාපටයට පාදක වෙන්නෙ එයින් පසු කාලෙක සිද්ධ වෙන සිදුවීමක්.

ඉතින් මේ සිනමාපටය ආරම්භයේ දැකගන්න ලැබෙනවා යළි ඉපදීමක් ලබන බ්ලැන්කාගෙ ප්‍රේමවන්තයාට සහ බ්ලැන්කාට දරුවෙක් සිටිනවා. ඒ වගේම ඔහු ඇයව හැර ගොස් ලයිෆෙන් පැගෝඩාවේ භික්‍ෂුවක යටතේ දිවි ගෙවන ආකාරයත්, බ්ලැන්කා සහ වර්ටා එහි පැමිණ ෆාහායි සමග ඇති කරගන්නා දරුණු සටනකින් අනතුරුව පරාජය ලබන බ්ලැන්කාට ලයිෆෙන් පැගෝඩාවේ සදාකාලික සිරකාරිත්වය උරුම වෙනවා. එයින් කෝප වෙන වර්ටාත් අනතුරුව ෆාහයි සමග සටනට පිවිසෙන අතර එයින් පරාද වෙන ඇයව අසුරවිලාව නම් වූ ආශාවන්හි දැඩිව එළඹ ගත් ආත්මයන් සැරි සරණ ලොවකට යැවෙනවා.

මේ ලෝකයේ තියෙන එකම නිතිය වෙන්නෙ ශක්තිවන්තයා පමණක් ජීවත් වීමයි. එහෙමනම් වර්ටාට මෙහිදි දිවි බේරාගැනීමට හැකියාවක් ලැබෙයිද? යළි තමන්ගේ ලෝකයට පැමිණ බ්ලැන්කාව මුදා ගැනීමට ඇයට හැකිවෙයිද? අසුරවිලාවේ රහස කුමක්ද? එහිදි ඇයට කුමන අභියෝගයකට මුහුණ පාන්නට වෙයිද කියන එක ඔයාලම බලලා දැනගන්න.

කට්ටියට ලිපිය අවුල් වගේනම් කෝකටත් ට්‍රේලර් එකක් බලලම ඉන්න, ඒ වගේම ඔබ මෙහි පළවැන්න නරඹා නැතිනම් නරඹන්න.එහෙමනම් යළිත් ඉක්මනින්ම උපසිරසියකින් හමුවෙන අපේක්‍ෂාවෙන් මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,673 downloadsDownload White.Snake2_.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

8,673 downloadsDownload Subtitles36 KB

23 comments

  1. Mawan Geethanjana

    සිංහල උපසිරැසියට ස්තූතියි ♥️

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

    1. චාමර

      Kurup එකේ සබ්ටයිටල් එක දෙන්නකෝ

  4. Achi

    බොහොම ස්තුතියි සහෝ

  5. Saranga2001

    thanks macn

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. indika 75

    thanks..

  10. Disas

    thanks bro. ejen ali 2019 movie ekatath sinhala sub dennako

    1. Janaka Priyantha

      ow ekanam matath ona bro

  11. Pavith Wijesooriya

    මේ මූවී එකට සබ දෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.සුපිරී.නියමෙටම සබ් එක කරලා තියෙනවා.මෑතකදී ආපූ ඔක්කොම චයිනීස් ඇනිමේෂන් මූවීස් වලට අයියා තමා සබ් දුන්නේ.ඔක්කොම පට්ට.චයිනීස් ඇනිමේෂන් මූවීස් දැන් නම් පිස්සුවක් වේගෙන එන්නේ.කොහොමත් දැන් මේවගෙන් යුනිවර්ස් එකකුත් හැදෙනවා කියලා කියනවනේ.ඉතින් ඉදිරියටත් රිලීස් වෙන ඒවට අයියගේ සබ් බලාපොරොත්තු වෙනවා.ගොඩක් ස්තූතියි White Snake 2 එකට සබ් එක දුන්නට...❤️

  12. Anonymous

    සුපිරි බ්‍රෝ දෙනකම් බලන් හිටිය එකක්. පට්ට එල

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. MAALNATH

    Thanks........ good luck..........

  15. Raha virya

    My girl චීන tv serious එක කරන් ඩෝ

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  19. Danuka darshana

    White snake 3 එකත් ඇවිල්ලා එකටත් sub ඔනී

    1. rivija

      eke nama mokadda

  20. rivija

    white snake 3 oni