මෙන්න මගෙන් උපසිරැසි එක්ක එන තෙවෙනි ෆිල්ම් එක. ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. බලලත් ඇති. ප්‍රධාන නළුවා විල් ස්මිත්. ඒත් මට ඇහිලා තියෙනවා එයාට සමහරු සිංහලෙන් කියන්නේ විල් සුමිත් කියලලු 😀 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු ලබන…
මෙන්න මගෙන් උපසිරැසි එක්ක එන තෙවෙනි ෆිල්ම් එක. ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. බලලත් ඇති. ප්‍රධාන නළුවා විල් ස්මිත්. ඒත් මට ඇහිලා තියෙනවා එයාට සමහරු සිංහලෙන් කියන්නේ විල් සුමිත් කියලලු 😀
මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු ලබන වෛරසයක් වුවත් පසු කාලිනව එයින් භයානක රෝගයක් වැලඳෙනවා.බ්ෆිල්ම් එක ආවේ 2007 දි උනාට කතාවේ හැටියට වෛරසය පැතිර යන්නේ 2009 දි…
ඉතින් මෙමගින් ඉතා විශාල පිරිසක් මිය යන අතර ඉතිරි වන පිරිසෙන් වැඩි කොටස අන් අයව එනම් රෝගයට ස්වභාවයෙන්ම ප්‍රතිරෝධයක් දක්වන සුලු පිරිසව හපාකමින් ආලෝකයට බියෙන් සැඟවී සිටිනවා.
ප්‍රධාන නලු හමුදා වෛද්‍යවරයෙක් වන අතර ඔහු නිව්යෝක් නගරයේ තවමත් බේරී සිටිමින් මෙම රෝගයට බෙහෙතක් සොයා ගැනීමට වෙහෙසෙනවා. මුලු නගරයම මනුෂ්‍යයෙක්ව සිටින්නේ ඔහු පමණක් වන අතර ඔහු හා තනිනොතනියට සිටින්නේ බල්ලෙක් පමණයි. ඔහු වෙනත් බේරී සිටින අයවලුන්ව සොයා ගැනීමට වෙහෙසෙමින් සිටිනවා.
මේ ෆිල්ම් එක සම්මාන 17 කට නිර්දේශ වී ඉන් 7ක් දිනා තිබෙන අතර 7.1/10 IMDB රේටින් අරන් තියෙනවා. තව විශේෂිත දෙයක් තියෙනවා. එනම් මේ ෆිල්ම් එකේ අවසානයට වෙනස් අවසානයක් ද තිබෙනවා. එනම් Alternative Ending එකක් තිබෙනවා. ඒකෙත් ටොරන්ට් එක මම දාන්නම්. පොඩි 104 MB ෆයිල් එකක්. හැබැයි ඒක මුලින්ම බලලා මට බනින්න එපා කතාවේ රසවින්දනයට හානි කරයි කියලා. 😀

42,424 downloadsDownload I-Am-Legend-2007.zip25 KB
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
107 comments
සරදියල්
Aki
maru film eka
chathurarcrc
පට්ට Film එකක්.අවසනය ගැනනම් මගේ කැමැත්තක් නැහැ.
charitha
මම මේ film එක කලින් බලලා තියෙනවා. එත් දැන් subtitle එක්ක බලන්න ඕනි නිසා ආපහු බානවා. thanks මචන් මේක දුන්නට. බලලා තව comments දාන්නම්.
Marlon
Nice work macho....
පොතේ ගුරා
@සරදියල් !එළ එළ මචෝ.... :)
@Aki !අනිවා මචන්..
@chathurarcrc!ඔන්න එහෙනම් අපි දීල තියෙන අනික් අවසානයත් බලන්නකෝ.. :) මමත් ඒ ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑ අපේ රොයිලි සහෝදරය කියනකම්ම.. :)
@charitha!එළ මචෝ..විද්‍යා ප්‍රබන්ධයක් නිසා හොදින් තේරුම් ගන්න උපසිරැස උදව් වෙයි කියල හිතනව.. :)
@Marlon! තෑන්ක්ස් මචෝ.. :)
චූටා
මචෝ වැඩේ නම් එළ කිරි...ඔහොම්ම කරගෙන පලයන්...
ඔය උපසිරසි පේන්නෙ කොම්පියුටරේ බලනකොට විතරයි නේ.මම ඩේට රීඩ් කරන ප්ලේයර් එකක පෙන් එක ගහල බැලුවා..පේන්නෙ නැහැ. මොකුත් විකල්පයක් නැතිද?
chamila
මොනාද බන් බලපු ඒවට සබ් දෙන්නේ.... ආයිත් බලන්නත් බැහැ.... නොබලන්නත් හිත නැහැ.... (ළග හිටියනම් මන් තෝව කනවා...)
පොතේ ගුරා
@චූටා !එහෙම කරන්න නම් මචන් වීඩියෝ ෆයිල් එකයි උපසිරැස ෆයිල් එකයි එකට සෙට් කරන්න ඕන..ඒකට මෘදුකාංගයක් තියෙනව..vidmix වගේ නමක් තියෙන්නෙ..
@chamila!අෆොයි..මුට මේ ෆිල්ම් එකේ කියන වෛරස් එක බෝ වෙලාද කොහෙද.. :P :D
charitha
මචන් චූටා, total video converter එකෙන් උබට මේ වැඩේ කරගන්න පුලුවන්. ගුරා කියපු software එක ගැනනම් මම අහල නැහැ. මම දැන්මම ඒ ගැන හොයන්න ඔනි. ලැබුනොත් කියන්නම්.
deeps
one of the best movies i have watched..great
මම මචන්
ඔන්න මමත් බාවෙන්න දැම්මා මේකත් බලන්නම වටින එකක් වෙන්නැති! බලලම කියන්නම්!
පොතේ ගුරා
@deeps!අනිවා,එළම ෆිල්ම් එකක්.. :)
@මම මචන්!එළ එළ මචන්..බලල කියපන්කො කොහොම්ද කියල.. :)
රොයිලි
@ සරදියෙල්
ස්තූතියි කිව්වා උන්නැහැටත්,
@ charitha
මචං ඔයා කියපු එකේ ලින්ක් එක මට දෙනවද? මමත් සොෆ්ට්වෙයා එකක් හොය හොය උන්නේ ඔය වැඩේට.
rotiya
අයියෝ මO මේක කලින් බලලා තියෙයිනේ...අපරදේ..
ස්තුතියි උපසිරෑසි වලට..anjana krishaja
Great work machang. Add place to donate pl.. I need to do something 4 encourage u.
Suvin
mamath balala tiyenawa! Lassana Movie ekak! Sinhala Subtitle nisaa thawath hodata theri!
Uraj Deemantha
Alternative Ending එක බලලා නෑ. :P ඒක බාලා බලන්න ඕනා. :) බලපන් දැන් ආයේ මේක බලන්න හිතෙනවා උඹේ මේ සිංහල සබ් එක නිසා.. :)
පොතේ ගුරා
@රොයිලි !:D :P
@rotiya ! :) මේකත් සම්පුර්ණයෙන් අපේ රොයිලි සහෝදරයගෙ වැඩක්..
@anjana krishaja! ඒ වචන ටිකම ඇති බන් සතුටු වෙන්න.. :) රොයිලි සහෝ මේක බොහොම ආසාවෙන් කරන්නෙ අපි හැමෝම වෙනුවෙන්.. :)
@Suvin! අනිවා..ෆිල්ම් එක එළ,උපසිරැස නිසා අලුතින් බලන අය ලේසි වෙයි..
@Uraj!හික්z..කරන්න දෙයක් නෑ ලොක්කා! බාන්න වෙනව ආයෙ..! :P
සුභාෂ්
දැනට බාගෙන සේව් කරල තියෙන ෆිල්ම්ස් ටික බලන්න සතියක් විතර නිවාඩු දාන්න වෙනවා . . . එහෙම කරලත් බැහැනේ එතකොට රස්සාවෙන් අස්කරයිනේ . . . ඔය දෙන්න මිනිස්සු අමාරුවේ දාන වැඩ තමයි කරන්නේ . . .කමක් නැහැ තව මාස දෙකකින් පොඩි නහයේ පොඩි ඔපරේෂන් එකක් කරන්න මෙඩිකල් දාන්න වෙනවා . . එතකොටම ඔක්කෝම ටික එක පාර බලනවා. . . මොනා කොරන්නද???
බුධාජීව
බාමි ! බාමි !!
අකිල
එළම එකක් Will Smith ගේ චරිතය නම් මාරයි
DragonD
elama thamaa !
mama daapu link eka wada ! dan thamaa DL welaa iwara une !
උමේෂ්
Alternative End එක P2P වලින් බාල බැලුවා. සුපිරි !!! තෑන්ක්ස් ගුරෝ...
පොතේ ගුරා
@සුභාෂ් !හික් හික්..මේව අපේ රොයිලි බුවාගෙ කුමන්ත්‍රණ! අහ්..අපි හැමෝම ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව... :)
@බුධාජීව!එළ..අනිවා අල්ලල යයි උඹට...
@අකිල!අනිවා මචන්..හොද හැකියාවක් තියෙන බුවෙක්.. :)
@DragonD !ආහ්..නියමයි..තැන්කූ මචෝ..ඒක නම් මාර වටිනව..අලුත් ෆිල්ම් තොගයක් බැලුව...හොද ඒව අහු උනේ නෑ..එළ දාන්නම්කො හොද කොමඩි ටිකක්.. :)
@උමේෂ්! අනිවා..එලකිරි මචන්.. :)
namal
ඕකත් එල ෆිල්ම් එකක්.. මගෙ යාලුවෙකුත් ඉන්නව සුමිත් කියලා... අපි කියන්නෙත් _ _ සුමිත් කියලා..... :D
රොයිලි
@ සුභාෂ්
බලපන් මචං මම මොනා කලත් මූට ඒවා කුමන්ත්‍රණ වෙන හැටි. :(
Dewage55
Gura,Roily, thanks machanzl mamath banda damma, api wenuwen umbalage watina kalaya wenkarana eka gana umbalata godak thanks, Adventure films hamba unoth dapalla.
රොයිලි
@ Dewage55
ස්තූතියි මචං. උඹලගේ කමෙන්ට්ස් නිසා තමයි අපි දිරිමත් වෙන්නේ.
අනිවා මචං. මම දැන් එකකට උපසිරැසි කරමින් ඉන්නේ. ඒක කොමඩි පැත්තටයි බර.
ඊට පස්සේ එක මම දෙන්නම් ඇඩ්වෙන්ච්ර් පැත්තට බර එකක්.
ඒ මගේ අන්තිම එක. :(
DragonD
@ Royly
"ඒ මගේ අන්තිම එක" ????? kiwwe mokada ?
රොයිලි
@ DragonD
නැහැ මචං මේකට පස්සේ මම තව ෆිල්ම් දෙකකට උපසිරැසි දානව. ඊට පස්සේ අගෝස්තු වල මම නිවාඩුවකට යනවා. ඉතින් මට එහෙදි දාන උපසිරැසි එවන්න විධියක් නැහැ. ඉතින් ආයේ සැප්තැම්බර් වෙනකම් මට එවන්න වෙන්නේ නැහැ. බය වෙන්න එපා අපේ පොතේගුරා ඒ මාසේ දි මටත් වඩා හොඳින් ඔය වැඩේ කරගෙන යයි. අනිවා!
chamila
රොයිලි : ඇයි මචං... උඹ ඊට පස්සේ අපිට සබ් දෙන්නෙ නැද්ද? Mokakda kase aka......
සමිත් භාග්‍ය
මම මගෙ ජිවිතේ බලපු සිරාම ෆිල්ම් එක තමා මේක,ඉතම සන්වේදී ෆිල්ම් එකක් විල් ස්මිත් ට මෙච්චර හොද රන්ගන හැකියවක් තියෙනවද කියලා මට කලින් හිතිල තිබ්බේ නැ නමුත් මේක බලුවම නම් දනට හොලිවූඩ් වල සුපිරිම නලුවා විල් ස්මිත්
රොයිලි
@ chamila
නැහැ මචං මම දානවා. පොතේ ගුරා එපා කියනකම්ම.
සීන් එක මචං මම යන තැනට ජංජාලේ නැහැ. ඉතින් මම කරන ඒවා දාන්න වෙන්නේ මේ මාසෙන් පස්සේ සැප්තැම්බර් තමයි.
ඉතින් අගෝස්තු මාසේ අපේ පොතේ ගුරා සහෝදරයා දිගටම මේක කරගෙන යයි. අවුලක් වෙන්න ඕනා නැහැ.
පොතේ ගුරා
@namal ! හික් හික්.. :))
@Dewage55!අනිවා මචන්..ස්තුතියි.. :)
@DragonD!අගෝස්තු වල අපේ රොයිලි සහෝ නැති අඩුපාඩුව ඔක්කොටම දැනෙයි බන්z.. :(@සමිත් භාග්‍ය! අනිවා! ඕන චරිතයක් රගපාන්න පුලුවන් නළුවෙක්..මම වැඩියෙන්ම අගය කරන්නෙ වල ඔහුගෙ Seven Pounds (2008) රංගනය..ඇඩෙනව!
@රොයිලි !උබ නම් කියල යයි! මම එපැයි...... :(ම
මචාලා.... නේදැනුවත්කම පිලිබදව සමාව
මට සබ්ටයිටල් බලන විදිහ කියලා දේනවදපොතේ ගුරා
@ම !අහ් පොර..කාලෙකින් මේ පැත්තෙ ඇවිත්..සබ්ටයිට්ල් ෆයිල් එකයි (.srt) වීඩියෝ ෆයිල් එකයි (.avi) එක ෆෝල්ඩර් එකක් ඇතුලට දාල ප්ලේ කරපන් මචන්.. :)
Pubudu
සිංහල උපසිරස මරැ...............
Tharindu Chat
තව එකක්........තෑන්ක්ස් රොයිලි මචන් කරන වැඩේට.......... පොතේ ගුරාට මේ වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා.......
Rajapitiyaa
Mulinma Thanx machan....
man langa film eka thiyanawa machan..ekata me subtitles vada karanne nahane..
?????? vagayak thamai enne e venuvata..eth gaanata word valata ????? vatenava kiyala hithenava..vena mukuth prasnayakda??
mokada karanne???පොතේ ගුරා
@Pubudu !අනිවා අනිවා..
@Tharindu Chat!තෑන්ක්ස් මචෝ! සිංහල උපසිරැස වලට නම් රොයිලි සහෝගෙම පිහිටයි! :)
@Rajapitiyaa! මචෝ ජෙට් ඕඩියෝ වගේ ප්ලේයර් එකකින් ට්‍රයි කරල බලපන්.. :)
rajapitiyaa
Pothe gura thanx machan...
Machan "THE MEER CATS" kiyala sira film ekak thiyanawa..umbath balala puluvannam anithe euntath ganna ekka meke daapan..
පොතේ ගුරා
@rajapitiyaa !එළ මචන්..ඔන්න මම බෑවෙන්න දැම්ම..වෙනස්ම ෆිල්ම් එකක් වගේ..තෑන්ක්ස් මචන්.. :)
රොයිලි
ස්තූතියි දිරිගැන්වූ සැමට.
මම මචන් ගින්දර
ඔන්න මමත් බාගෙන උණු උණුවෙම බැලුවා නියම පාරක් තමයි! වීල් සුමිතගෙ ඇක්ටින් පාර මරේමරු.
මම මචන් ගින්දර
ස්තූතිය රොයලිට සහ පොතේ ගුරුට චිත්‍රපටය ලබාදීම වෙනුවෙන්!
රොයිලි
@ මම මචන් ගින්දර
එල මචං ස්තූතියි සුභපැතුමට
sumith
This torrent link is not allowed here in Bahrain, can somebody please post the link again ?
Please/
THANKS IN ADVANCE.රොයිලි
@ sumith
මචං උඹට ටොරන්ට් එක මේල් කරලා එව්වොත් මොකද?
රොයිලි
කෝ තාම සුමිත් ගෙන් උත්තරයක් නෑනේ :(
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේ සැරේනම් මන් මේක බලනවා
රොයිලියටයි ගුරාටයි තැන්කු කිව්වා එහෙනම්...