මේ කතාව නම් ඇත්තටම නාට්‍යමය පැත්තට බරයි. මේක බලද්දි හිතෙන්නේ හරිම අභව්‍ය සිදුවීමක් කියලා. නමුත් මේක සත්‍ය කතාවක්. ඇමෙරිකාවේ අදටත් මොහු මේ පටන් ගත් දෙය ක්‍රියාත්මක වෙනවා. කතා නායකයා නමින් පියර්රේ ඩුලෙයින්. ඔහු ටැන්ගෝ සල්සා වැනි සාමාන්‍යයෙන් ඉහල පවුල්වල අය හදාරන නැටුම් උගන්වන ගුරුවරයෙක්. මොහු දිනක් ද…

මේ කතාව නම් ඇත්තටම නාට්‍යමය පැත්තට බරයි. මේක බලද්දි හිතෙන්නේ හරිම අභව්‍ය සිදුවීමක් කියලා. නමුත් මේක සත්‍ය කතාවක්. ඇමෙරිකාවේ අදටත් මොහු මේ පටන් ගත් දෙය ක්‍රියාත්මක වෙනවා. කතා නායකයා නමින් පියර්රේ ඩුලෙයින්. ඔහු ටැන්ගෝ සල්සා වැනි සාමාන්‍යයෙන් ඉහල පවුල්වල අය හදාරන නැටුම් උගන්වන ගුරුවරයෙක්.
මොහු දිනක් දකිනවා පාසලක ප්‍රධානියාගේ වාහනයට අලාභහානි කරන එම පාසලේම ළමයින් කණ්ඩායමක්. පසුදින ඔහු එම පාසලට ගොස් එම පාසලේ නැටුම් ඉගැන්වීමට ඉල්ලනවා. ඔහු එමගින් අදහස් කරන්නේ එම ළමුන්හට වෙනත් මාර්ග මගින් යහ මගට ගැනීමටයි. එම පාසලේ ඉගෙනුම ලබන විශේෂයෙන් කලු ජාතික ළමයින්, වැඩිපුර ඉගෙනීමට දක්ෂතාවයක් නොදක්වන සහ තම පවුල් වල ප්‍රශ්න නිසා විවිධ ක්‍රම මගින් මුදල් සෙවීම පවා කරනු ලබන ළමයින්.
මොහුට විඳින්න වෙන බාධා අප්‍රමාණයි. අපහාස අනන්තයි. ඊටත් වඩා මෙම ළමුන් අතර වැඩි කැමැත්ත ඇත්තේ හිපොප් හා රැප් සංගීතය වෙතටයි. විවිධාකාර සංගීත වර්ග වලින් මෙහි පසුබිම් සංගීතය සැදී තිබෙනවා. ෆිල්ම් එක කම්මැලියි කියලා කියන්න බැහැ. නමුත් කෙනෙකුට බාධක මැදින් තම අරමුණ කරා යන්න අවශ්‍ය නම් මෙම ෆිල්ම් එකෙන් ඊට හොඳ මඟපෙන්වීමක් ලැබේවි.
සම්මාන 6 කට නිර්දේශ වී ඉන් එක සම්මානයක් දිනා තිබෙනවා. 6.6 / 10 ක IMDB රේටින් තිබෙනවා. සීඩ්ස් නම් ටිකක් අඩුයි. නමුත් බැලුවට පාඩු වෙන්නේ නැහැ.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

14 comments
chathurarcrc
rotiya
මචන් පොතේ ගුරා අයියා.ඔයට පුලුවන්නම් හොද Hip-Hop dance තියෙන චිත්‍රපටි ටිකක් දානවද???
මO හරිම අසයි එවට..
You Got served
Step Up
Step up 2
ඔය ෆිල්ම් ටික බලලා තියෙයි.
මෙව නෑතුව වෙන එවා පුලුවන්නම් ලොකු උදව්වක්.....chamila
මම නම් නාට්‍යමය ඒවට ආස නැහැ බන්.....
DragonD
gura ayya ,
Fight Club katawe teruma poddak kiyanna puluwanda ? mole kachal wenawane eeka balala !
Sexy Dancer.
Dance with me
step up to the street
dirty dancingපොතේ ගුරා
@chathurarcrc !තැන්කූ මචෝ උබ දෙන සහයෝගයට...
@rotiya !මමත් මේ චිත්‍රපට තුන නම් බලල තියෙනව මලේ..ඔන්න චානක සහෝදරය උඹට උදව් කරල තියෙනව..
@chamila !ෆිල්ම් බලනකොට ඒක තමයි වැදගත්ම දේ..තමන් ආස ෆිල්ම් වර්ග මොනවද කියල දැනගෙන ඉන්නකොට ෆිල්ම් බලන එක එපා වෙන්නෙ නෑ.. :D
@DragonD !ඒකෙ අන්තිමට නිකම් කරකවල අතඇරිය වගේ නේද?..ඒ පොර ද්විත්ව මානසිකත්වයක් තියෙන කෙනෙක්.. (පෞර්ශයන් දෙකක්,ඒක මානසික රෝගයක්,ඒ ගැන වැඩි විස්තර ඕන නම් ඊමේල් එකක් එවන්න )
@chanaka7! තෑන්ක්ස් මචෝ,සහෝදරයට මේක වටියි ගොඩක්.. :)
සුභාෂ්
අහ් මේක නම් මම ආස ජාතියේ ෆිල්ම් එකක් වගේ. . . බාගෙන තියාගෙන නිවාඩු ලබුනු ගමන් බලන්න ඕන . . .
ලතින් ඇමරිකන් ඩාන්ස් තියෙන ෆිල්ම් වලට මම ගොඩාක් කැමතියි . .
@rotiya - Honey ෆිල්ම් එක බලන්න එකෙ තියෙන්නේ හිප් හොප් ඩාන්ස් ගැන . . .
DragonD
oyage email address eka mokakda ?
chathurarcrc
පොතේ ගුරාට.- වටින කියන වැඩක් මෙක.සහයෝගය නොදි කොහොමද.. ජය
rotiya
@ Chanaka : තෑන්ක්ස් මචන් මන් මේ ටික බාල බලන්නම්..
@ සුභාෂ්: thankx machan
ssk
sports films nadda....
story 1th ekka thiyana films maru....
the game plan,,,,,
her best move ,,, wage ewa...පොතේ ගුරා
@සුභාෂ් !එළ එළ අයිය,අනිවා ඔයාය මේක අල්ලල යයි!
@DragonD! [email protected] මචං! :D
@chathurarcrc! එළම තමයි..තැන්කූ වේවා සහෝ! :)
@ssk !එහෙම ෆිල්ම් ටිකක් දාල ඇති..මම නම් ඒව බලනව අඩුයි ඇත්තටම.. :D
Aravinda
Thanks....
Sachithlakshan
Hi roylee ayya plz mekatat sub eka karala daannako. Lassana movie ekak
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඉංග්‍රීසි උපසිරස බලපොරොත්තුවන්න... :D