Watch Trailer

I Am Love (2009) AKA Io sono l’amore Sinhala Subtitles | පවුලක අවුලක් [සිංහල උපසිරැසි සමඟ]

නාට්‍යමය වර්ගයට අයත් මෙම ඉතාලි (Italian) චිත්‍රපටයකි, සම්මාන ගණනාවකටද උරුමකම් කියන අතර Imdb 7/10 – ‎(17,222 votes) ද ලබා ඇත. ප්‍රතිභාපූර්ණ රංගනයෙන් හා අලංකාර කථා තේමාවක් යටතේ ගලා යන මෙය උසස් රසවින්දනයක් ලබා ගැනීමට හැකි නිර්මණයකි. Luca Guadagnino නැමති ඉතාලි අධ්‍යක්‍ෂක වරයා අතින් හැඩවි ඇති මෙම නිර්ම…

නාට්‍යමය වර්ගයට අයත් මෙම ඉතාලි (Italian) චිත්‍රපටයකි, සම්මාන ගණනාවකටද උරුමකම් කියන අතර Imdb 7/10 – ‎(17,222 votes) ද ලබා ඇත. ප්‍රතිභාපූර්ණ රංගනයෙන් හා අලංකාර කථා තේමාවක් යටතේ ගලා යන මෙය උසස් රසවින්දනයක් ලබා ගැනීමට හැකි නිර්මණයකි.

Luca Guadagnino නැමති ඉතාලි අධ්‍යක්‍ෂක වරයා අතින් හැඩවි ඇති මෙම නිර්මාණය ඉතාලියේ ධනවත් ප්‍රභු පවුලක් වටා ගෙතී ඇත. රෙදි නිෂ්පාදනයේ නිරත මෙම ප්‍රභූ පවුලේ ප්‍රධානියා වන්නේ “රෙචී” නම් ව්‍යාපාරිකයා වන අතර ඔහු තම ව්‍යාපාරයේ අභිවෘධිය වෙනුවෙන් සිය කටයුතු සිදුකරන පුද්ගලයෙක්ය, කථාවේ කේන්ද්‍රීය චරිතය වන “එමා” ඇයගේ බිරිඳ වේ, ප්‍රධාන වශයෙන් දරුවන් දෙදෙනෙකු ගැන කථාවේ කියවෙන අතර “එඩවාඩෝ” හා “එලිසබෙත්” යන දෙදෙනා ප්‍රධාන වශයෙන් කථාවට සම්බන්ධ වේ. එඩවාඩෝ තම මිතුරකු වන “ඇන්ටෝනියෝ” නම් සූපවේදී රුසියන් තරුණයකු සමඟ අවන්හලක් ආරම්භකිරිමට සුදානම් වන අතර ඔහු විසින් තම මිතුරා තම නිවසේ පැවැත්වෙන සාදයක් සඳහාද ඔහු කැදවාගෙන එන අතර එහිදි ඔහුගේ මවට ඇන්ටෝනියෝව මුනගැසේ එය කථාවේ වස්තුබීජයට මුලික අඩිතාලමවේ, ඇන්ටෝනියෝ හා එඩවාඩො දෙදෙනා අතරද විශාල බැඳීමක් ඇති ‍බව පෙනේ, එමාගේ දියණිය වන එළිසබෙත් උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටින අතර ඇය තම පෙම්වතා අතහැර සමලිංගික කාන්තාවක් හා සබඳතාවයක් පවත්වාගෙන යයි.

සියළු සැපසම්පත් තිබුනද වගකීම් හා යුතුකම් වලින් මිරිකි සිටිනා මෙවැනි ආකාරයේ ධනවත් පවුල් තුල ඇතිවන මානුෂීය ගැටළුවක් පිළීබඳ මෙම චිත්‍රපටයේ මනාව විවරණය කර ඇති අතර එය මෙවැනි ආකාරයේ ධනවත් පැලැන්තිවල සිදු නොවිය හැකි දෙයක් නොවන බවද සත්‍යකි, ‍මෙම කථාව නරඹන අයට එම රසවින්දනයට බාධාවක් වන බැවින් චිත්‍රපටය ගැන වැඩිදුර සඳහන් ‍නොකරන අතර සම්භාව්‍ය නිර්මණයක් නැරඹිමට කැමති අයට මෙය උසස් රසවින්දනයක් ලබා ගැනීමට හැකියාව ඇති බව පෙන්වා දෙමි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

1,633 downloadsDownload I-Am-Love-2009.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Chanmatara ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Chanmatara

Subtitles

1,633 downloadsDownload Subtitles30 KB

14 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  3. Soori

    බොහෝම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.....
    ජය...!!!

  4. Achi

    තැන්ක්ස් බන්....සබ් එකට... වෙනත් රටක ජොක් එකකට වගේ සබ් එකක් කරහන්කෝ බන්

  5. jagath55

    Thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sahan

    සුභ පැතුම් රොයිලි සහෝ !
    කියන්න වචන නෑ පට්ටම පට්ටයි
    ඒවගේම ස්තූතියි ටීම් එකේ හැමෝටම මේ කරන කැපවීමට...

  8. Ravindu Dananjaya

    Boar (2018) mekatata sub dennako

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. AsithaDilruwan

    Ela saho thanks

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  14. Wicki

    සම්මානනීය සිනමා සිත්තමක් තිළිණ කළ ඔබට තුති