Watch Trailer

I Can Only Imagine (2018) Sinhala Subtitles | මට ඔබව සිතින් දකින්න විතරයි පුලුවන් මගේ අප්පච්චි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යහලුවනේ හැමෝම අඩන්ඩ ලෑස්ති වෙන්ඩ. මොකද මේක එහෙම එකක්. පොදු මිනිස් සමාජයේ හැම පිරිමියාටම පාහේ ලැබෙන අත්දැකීමක් තමාගේ පියා ගැන තිබෙන ආකල්ප කාලයෙන් කාලයට විපරිණාම වීම. ඒකිවුවේ අපි පොඩි කාලේ අපිට පියා රජෙක්! අපේ ලොකේ එකම වීරයා ඔහු වෙන කාටවත් ඔහු දෙවැනි නෑ මොන්ටිසෝරියේ හැම ලමයාගේම තාත්තට වඩා මට හො…

ඉතින් යහලුවනේ හැමෝම අඩන්ඩ ලෑස්ති වෙන්ඩ. මොකද මේක එහෙම එකක්. පොදු මිනිස් සමාජයේ හැම පිරිමියාටම පාහේ ලැබෙන අත්දැකීමක් තමාගේ පියා ගැන තිබෙන ආකල්ප කාලයෙන් කාලයට විපරිණාම වීම. ඒකිවුවේ අපි පොඩි කාලේ අපිට පියා රජෙක්! අපේ ලොකේ එකම වීරයා ඔහු වෙන කාටවත් ඔහු දෙවැනි නෑ මොන්ටිසෝරියේ හැම ලමයාගේම තාත්තට වඩා මට හොදම මගේ අප්පච්චි එයාගේ වීරකම් හැමෝටම කියනවා.. නමුත් ඉතින් කල් යන්ඩ යන්ඩ “තාත්තා කවුද තව පොරවල් ඕනෙතරම් ඉන්නේ ඊට වඩා” කියන මානසිකත්වයට අපි සේන්දුවෙනවා ඊටත් පස්සේ “තාත්තා කවුද මම දන්නවා ඊටවඩා” කියන අපේ ඔලුව අතිශය ඉදිමීමේ රෝගය අපිට හැදෙන උපරිම කාලයක් එනවා ඒ කාලේ ඉතින් මේච්චර කල් අපි වෙනුවෙන් ඔහු කරපු හැමදේම අමතකවෙලා අපේ පොරත්වය ඔලුවට ගහනවා..ඒකාලේ අපිට ඉතින් හොදටම පිස්සු..ඒවගේ සමයක ඉන්න අයට මම මේ බෙහෙත (චිත්‍රපටය) හොදටම නිර්දේෂ කරනවා.. ඉතින් තමන්ට දරුවෙක් ලැබෙන්ඩ යන කාලේ එනකොට ආයේ අපේ මොලේ පෑදීගෙන එනඩ පටන් ගන්නවා ලාවට.එතකොට ඉතින් අප්පච්චි ලගින් හිටියොත් හොදයි නැතිනම් මේක බලනකොට පුදුම විදිහට අඩන්ඩ වෙන්නේ අපිට. විශේෂයෙන් කොල්ලන්ට ( කෙල්ලෝ ඉතින් කොහොමත් අඬනවානේ) කොල්ලොට අඬන්ඩ වෙන්නේ ඉතින් තමන්ගේ තාත්තත් එක්ක තමන් ගේ ඔලුව ඉදිමුන කාලේ කරපු වැඩ ගැන හිතලා තමා. තාත්තා නැතිවුන කාලෙදි ඒවා මතක් කරලා.. ඒ නිසා කෙල්ලො කොල්ලන් හැමෝගෙන්ම මම වැදලා ඉල්ලනවා තමාට කරන සුළු අඩන්තේට්ටමට කවදාවත් තම අම්මට තාත්තට වචනෙකින් වත් බනින්ඩ කෑගන්ඩ යන්ඩ එපා! මොකද අපි වෙනුවෙන් එයලා කරලා තියන දේවල් අපිට හිතාගන්ඩවත් බෑ ඒවා අපි දැන් ඉන්න මානසිකත්වයට හසුවෙන් නෑ නමුත් සත්තයි දවසක අපිට ඒවා තේරෙන්ඩ ගන්නවා..අපි අතර එයා නෑ කියලා දැනෙද්දි අපේ හදවත් පිච්චෙන තරම කියාගන්ඩ බෑ.. ඒ නැතත් තමාට දරුවෙක් ලැබෙනකොට මේ දේවල් අහසෙන් වැ‍ටුනා වගේ අපිට තේරෙන්ඩ ගන්නවා. එතකොට අපිට තාත්තා ලඟ ඉන්නවා කියන්නේ අපි පුදුම වාසනාවන්තයි. මොකද ඒ අවබෝධය ලැබිලා අපිට පුලුවන් උපරිමයෙන් අප්පච්චිට ලං වෙන්ඩ අපි පොඩිම කාලේ වගේ.. අප්පච්චි ලඟ තුරුල් වෙන්ඩ..

මට හොදටම මතකයි මම පොඩිකාලේ අප්පච්චි මාව තුරුලු කරන් නිදාගන්නවා මම අප්පච්චිගේ තුරුල්ලේ ඇරෙන්ඩ නිදා ගන්නෙම නෑ..පොඩිම කාලේ අප්පච්චිගේ අතින් තප්පරයක් බිමට බස්සන්ඩ දුන් නැල්ලු මම. ඉතින් එයා මාව බලාගෙන තියෙන්නේ මලක් වගේ..හැම පියාම එහෙමයි ඒ නිසා අපිට එයාට බනින්ඩ කෑගහන්ඩ සතපහක අයිතියක් නෑ..අප්පචිලාගේ ආදරේ ඒවගේ. ඒක වචනෙන් දැනෙන් නෑ අපේ කදුලු වලින් පස්සේ තමා ඒක අපිට තේරෙන්ඩ ගන්නේ. “මගේ අප්පච්චි තරම් හොද අප්පච්චි කෙනෙක් ලෝකෙම නැතුව ඇති” හැම පුතෙක්ගෙම ශීර්ශපාඨයක් එක, ජීවිතේ කොයිමහරි කාලෙක ඕක තමන්ට තේරෙනවා.මට එයත් එක්ක තිබ්බේ ගොඩක් ලස්සන මතක උනත් මටත් අප්පච්චි එක්ක එකට එක කියා ගත්ත ඒවා මතක් වෙනකොට අද පිහියෙන් අනිනවා වගේ වෙනවා.මොකද මගේ පුතා ඉපදෙන ඊලග සතිය වෙනකොට එයා අපෙ අතරින් ගිහින් අවුරුදු හයකටත් වැඩී.. මට හොදට මතකයි අපේ මල්ලි ගනන් වලට 98 ක් ගන්නකොට අප්පච්චි කියනවා හොදයි නමුත් ඇයි ඉතුරු2 ගන්ඩ බැරිවුනේ කියලා..ඒ දවස් වල අපිට ඒක තේරුන් නෑ, ගෙදර ඒක පොදු විහිලුවක් වෙලා තිබ්බේ නමුත් මතකයි මමයි මල්ලි යි විශ්වවිද්‍යාලයට තේරුන දිනයන් වල ඔහුගේ මුහුන,ලෝකෙම දින්න රජෙක් වගේ..එයා හැමදේම කරේ ඒ වෙනුවෙන්.දැන් තමා අපිව කොහොමද ඒ දේ වලට හරියට යොමුකලේ කියලා තේරෙන්නේ අප්පචිලා එහෙමයි එයාලගේ කැපකිරීම් එහෙමයි ආදරේ එහෙමයි එයාලගේ දැක්ම එහෙමයි. ඉතින් මට මේ සිනමා පටය බැලුවම එන හැගීම් දරාගන්ඩ බැරිවුනා..මම හිතනවා තමන්ගේ දුරකතනයට “තාත්තා” කියා තිරයේ වැටෙන ඒ ඇමතුම ආයේ එන් නෑ කියලා බලාගෙන ඉන්න හැමෝගෙම හද සසල කරන්ඩ මේ චිත්‍රපටයට හොදටම හැකිවේවි..

ඉතින් අපේ කතා නායකයාටත් මේ අත්දැකීම වෙනම විදිහකට උරුම වෙනවා.. කතානායක බර්ට් මිලර්ට පණ පොවන්නේ J. Michael Finley. ඔයාල හැමෝම දන්නවනේ අම්මයි තාත්තයි ආදරය දක්වන්නේ වෙනම ආකාරයකට කියලා..අම්මගේ ආදරේ එලිපිටම පේන්ඩ තියනවා නමුත් තාත්තා කියන්නේ වෙනමම විදිහකට ආදරේ දක්වන චරිතයක්. ඉතින් මෙයාගේ තාත්තා පොඩිකාලේ ඔහුගේ ජීවන අත්දැකීම් වලින් පෝශනය උන දර්ශනයකින් අපේ කතානායකයා ගේ ජීවිතේ හදන්ඩ අතගහනවා. ඉතින් ඒක පොඩ්ඩක් දරුණුයි. ඔහු කියන විදිහට අපි පොඩිකාලේ යම් යම් දේ ගැන හීන මවන එක හොද දෙයක් නෙවෙයි මොකද එතකොට ඒවා නොලැබුනාම ජීවිතේ කඩා වැටෙනවා ඒක බර්ට් ට නොවෙන්ඩයි බර්ට්ගේ තාත්තට ඕනේ කරන්නේ. ඒ දැකීමෙන් බර්ට් හදන්ඩ යන තාත්තා අතින් සැහෙන දුරට බර්ට් ගේ ළමා කාලය දරුණු අත්දැකීම් වලට භාජනය වෙනවා. තාත්තගේ ගුටි සැනකෙලි වලින් කඩාවැටෙන පෞර්ශත්වය අම්මා ඔවුන්ව දාලා යන එකෙන් තවත් පහතට වැටෙනවා. ඉතින් අපේ කතානායක බර්ට් සංගීතෙට පුදුම ආසාවක් දක්වන්නේ..අර එන පීඩාව මඟහරින්ඩ ඔහු ‍තෝරගන්නේ සංගීතය.නමුත් තාත්තට ඕනේ ඔහු ඇමරිකන්පාපන්දු ක්‍රීඩකයෙක් කරන්ඩ මොකද තමා එහෙම කෙනෙක්. ඉතින් මේ ගැ‍ටුම් සමග ලොකුවෙන බර්ට් ට කොහොම හරි තමන්ගේ ජීවිතය එනම් සංගීතය හමුවෙනවා ඉන් ලොකු දිවුණුවක් ලබන මොහුගේ ගීත දිනක් ප්‍රතික්ශේප වෙනවා. ඔහුගේ කළමනාකරු කියන විදිහට ඔහුතුලම තිබෙන යම් භීතියක් නිසා ඔහුගේ නිරායාසගෙන් එන හැගීම් ඔහු වසා දමනවා, එය තමා ඔහුගේ දුර්වලතාවය ඔහුගේ සංගීත දිවිය කඩා වැටෙන්ඩ. මේ දේවල් එහෙම වෙනකොට බර්ට් ට දැනගන්ඩ හම්බෙනවා පියාට පිළිකාවක් වැලදී ඇතිබව. තවද පියා ඒකට ප්‍රතිකාර නොගෙන ජීවිත රක්ශනාවරනය බර්ට් වෙනුවෙන් ඉතිරි කරලා කියලා..ඉතින් මම අර කිවුවා වගේ පියාගේ ආදරේ අපිට පේන් නෑ අපි මුකුත් නොදැන ඔවුන් හා වාද කරනවා..ඉතින් බර්ට් ට මේ කම්පනය නිසා තමාතුල තිබූ ඒ භිය පහවගොස් තමා ඇත්තටම මේ අපූර්ව ගීතය ලොවට නිමැවෙන්නේ…

ඉතින් යහලුවනේ මම ඉහතින් කිවුව කතාව කවුරුවත් ගොතපු දෙයක් නොවේ. මේ ඉරහද යට සිදුවුන හැබෑම සිදුවීමක් ” I Can Only Imagine” තමා දැනට ලෝකේ වැඩිම ආදායම් වාර්තා තිබු වැඩිම වතාවක් ගායනා වුන ක්‍රිස්තියානි ගීතය. ” I Can Only Imagine” ගීතය බිහිවුන සැබෑ වටපිටාව අලලා තමා මේ සිනමා පටය Erwin Brothers ලා අතින් බිහිවන්නේ..මිනිත්තු 110 වගේ කාලයකින් අපිව උඩයට මාරුකිරීමට මේකට පුලුවන්. කෙනෙක්ට මේක Click(2006) එකේ වගේ තමන්ට ඉස්සරට මේකම වෙන්ඩ පුලුවන්නේ කියා සිතා තම අප්පච්චි එක්ක සතුටින් ජීවත් වෙන්ඩ පාඩමක් කරගන්ඩ හොදටම පුලුවන්.. ඒවගේම තම පුතාට අනිසි ලෙස තරව‍ටු නොකර තමාගේ අභිලාශයන් ඔහුගේ තුලින් බලෙන් දකින්ඩ වෑයම් නොකර ඔහුගේ ළමා මනස සතුටින් පුරවන්ඩත් පාඩමක් කරගන්ඩත් පුලුවන්. ඒ වගේම අහිංසක තම දරුවාට පාරක් ගහන්ඩ පෙර මේ නරබා ලබා ගත් අත්දැකීම් වලින් එම ගැටලුවට විසදුම් යොදාගෙන තමාගෙත්, දරුවාගෙත් ජීවිත ලස්සන කරගන්ඩ පාඩමක් කරගන්ඩත් පුලුවන්. ඉතින් මේ විශිෂ්ඨ කලා කෘතිය නිමවන්ඩ ඇමරිකානු ඩොලර් මිලියන 7ක් පමන වැයවී තිබුනත් මාර්තු 16 එලිදැක්වූ මෙය මේ මාස 3ට ආදායම් වාර්ථා තබමින් ඇ.ඩො මිලියන 85 ක් ඉපයීමට හැකිවෙලා තිබෙන්නේ මේ කාගෙත් සිත් තුලට මනාව කාවදින මාතෘකාවක් මින් තිවුරව කතා කරන නිසාවෙනි. ඉතින් යහලුවනේ මේ චිත්‍රපටයෙන් ලැබියහැකි පාඩම් බොහොමයි වින්දනයත් ඒ වගේමයි.. ඒ නිසාම මෙය IMDB දර්ශකයේ 7.4 ක් දිනාගන්ඩ සමත්වෙලා තිබෙනවා..මගෙ නම් අදහස ඊටත් වඩා අගයක් මීට ලැබිය යුතුයි.මෙවැනි වටිනා දෙයක් සමාජ ගත කිරීමට විමුක්ති සහොදරයා මට භාරදුන්න එකට මම ඔහුට ඉතා ස්තුති වෙමින් බර්ට් මිලර් ගේ චරිතාප්‍රධානය නරබන්න අරාධනා කරමින් මා නවතිනවා, තෙරුවන් සරණයි! හැමෝම තම දෙමවුපියන්, දරුවන් ඇස් වගේ බලාගන්ඩ මෙම අත්දැකීම තමන්ගේම කරගනිත්වා! එවිට මේ ලෝකේ මීටවඩා ගොඩක් ලස්සන වේවි!

ජීවිතයම ගීතයක් විය….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත BR පිටපත් සඳහා අදාළ වේ.

3,419 downloadsDownload I.Can_.Only_.Imagine.2018.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ලසිත දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නුවන් ලසිත දිසානායක

Subtitles

3,419 downloadsDownload Subtitles56 KB

47 comments

  1. nuwan1234

    I Can Only Imagine (2018) [BluRay] [720p] [YTS] [YIFY]

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Sherlock holmes

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    ලොවෙත් නෑ ලිපිය නම් ඇත්තටම හිතට වැදුන
    ජය වේවා

  4. Tharindu-jayalal

    Thanks

  5. AsithaDilruwan

    Ela saho thanks

  6. nishannw

    ස්තූතියි සහෝ.ලිපිය කියවද්දිම දුක හිතුනා.....

  7. ranga11112

    උපසිරසියට ස්තූතියි සහෝ. ජය වේවා…!!!

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ලිපිය නම් හිතට වැදුනා...
    ෆිල්ම් එක අරන් බලන්න ඕනේ...
    දිගටම සබ් දෙමු....

  9. malith

    Ela ela

  10. nalin.kumara0510

    Thanks bro good luck

  11. Nilush Angana

    Sub ekata thanx

  12. කෞශල්‍ය දුෂ්‍යාන්

    මම මේ ෆිලුම ගැන අාටිකල් එකක් කියෙව්වා ටික දවසකට කලින්.මේ තරම් හිතට වැදුන්නෑ.අදනං රිදෙන්නම වැදුනා.බලමු කතාව බලලම තව කොයි කොයි විදියට රිදෙයිද කියලා.සබට බොහොම තුති.බලලා අැවිත් අායෙ කමෙන්ට් එකක් දාන්නං.සදා ජය.

  13. #ChalinduDeshan (kinaa)

    මචං, කියන්න තියෙන්නේ මෙච්චරයි.
    උබට මේ ෆිල්ම් එකට සබ් දුන්න එකට ගොඩක් පිං.
    උබ සතුටු වියං උබේ තාත්තා උබට පණ දුන්න එකට.
    මෙච්චර දුක් මහන්සි වෙලා හදපු එකට.
    උබ හිතපු තරමට මේකේ සබ් එක ඩවුන් කරන්නේ නැතිවෙයි.
    මොකද ගොඩක් එවුංට මේ මොන ජෝක්ස් එකක්ද මල්ලි කියලා හිතෙයි.
    උංට අමතක වෙලා උං තාමත් ෆිල්ම් එකක් බලන්නේ තාත්තා අමාරුවෙන් කීයක් හරි හොයලා දුන්න සොච්චමෙන් කියලා
    උංට අමතක වෙලා උං තාමත් ෆිල්ම් එකක් බලන්නේ තාත්තා දුක් මහන්සි වෙලා ගෙදරට ගෙවන්න ගෙනාපු ටීවි එකෙන් කියලා
    උංට අමතක වෙලා තාමත් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ තාත්තා දුක් මහන්සි වෙලා උබේ ඩේටා බිල ගෙවන නිසා කියලා
    උබ මේ කරපු දේයි වටින්නේ.
    ඩවුන් නෑ, ෂෙයාර් නෑ, වීව්ස් නෑ, කමෙන්ට් නෑ කියලා දුක් වෙන්න එපා.
    කෙල්ලෙක් හෙලුවෙන් ඉන්නවනම් අන්න ෆිල්ම්
    කුණුහරප කෑල්ලක් තියෙනවනම් අන්න ෆිල්ම්
    ගහගන්නවනම් අන්න ෆිල්ම්
    හැබැයි ඩොකියුමන්ට්‍රි එකක් ජීවිතේට බලල නැති එවුං ගේම් ඔෆ් ත්රෝන්ස් බැලුවේ නැත්නම් උබ වැඩක් නෑ බං කියනවා
    අන්න එතනයි වැරදුනේ
    මේ වගේ ඒවා තව පුලුවන්නම් පරණ ඒවා හරි කමක් නෑ හොයලා කරහං.
    උබට ජය!

    අවුරුදු ගාණකින් මේ කමෙන්ට් එකක් දාන්නේ.
    සබ් කරලා කමෙන්ට්, ඩවුන් නැති දුක මාත් දන්නවා මචං.
    මමත් මේකේ සබ් කරපු එකෙක් නිසා :)

    1. nuwan1234

      ඔයා හරි මට කරන්ඩ හම්බුන හොදම එක, ආසාවෙන්ම කරපු එක නමුත් අඩුම කට්ටිය අතරට ගිය එක..

    2. හසිත මධුෂාන්

      ඒක නං සිරාම කතාව සහෝ....
      පුලුවන් නම් My father my son (2005) බලන්න.....

  14. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  15. Viraj

    supiri lipiyak.. sub ekata thanks saho.. jaya wewa!!

  16. Nuwan_sri

    Link aka denna puluwanda plz..

    1. nuwan1234

      මේකේ මුල්ම කමෙට් එකේ තියන ටික 1337x.to එකේ සර්ච් කරන්ඩ.උඩින්ම එයි අදාල ටොරන්ට් එක

  17. muditha gayan

    Thankzzzzzzzz

  18. Bandara 1976

    ෆිල්ම් එකට සබ් දුන්න එකට ගොඩක් පිං,බුදු සරණයි!

  19. තරිඳු පෙරේරා

    ලිපිය කියවන් යනකොටම ඇස් දෙක තෙත් වෙලා ඉවරයි ෆිලුම ඉවර වෙන කොට බාල්දි කියක් පුරාවා වී ද දන්නේ නැ අනිවා බලනවා මේක බොහොම ස්තුති උපසිරසයට

  20. jstar

    excellent work bro thanks a lot

  21. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. Gathsara Umesh

    බොහෝම ස්තූතියි...

  24. gihan perera

    Pattai...bro...Niyamai...good job and well done...keep continue it...god bless you and good luck....

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. nuwan1234

    it is so wonderful to see your comments, witch we only hope to gain out from this. thanks all

  27. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  28. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  29. SanjulaJeter

    thanks bro!
    දිගටම සබි දෙන්න .

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. ricadodamien

    Thank You Nuwan brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team....

  32. jagath55

    Thanks

  33. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  34. tharidu sagara

    බොහොම ස්තූති සහෝ උපසිරසට.
    ජය වේවා!!!

  35. gayanmagee

    thanks

  36. MAALnath

    Thanks .............good luck ............zookeeper 2011,now is good 2012,miss you already ,movie valatath sub denna ..............

  37. MAALnath

    Thanks ............good luck ...........

  38. Dilshan Kelum

    Thnks machii

  39. LAKMINI NADEESHA

    Thanks..

  40. wcr

    Thank you!

  41. CSJAYAS

    ස්තූතියි...! ඔබට සුභපැතුම්

  42. PahasaraDv

    Thankz...

  43. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  44. නිමල් දිසානායක

    හොඳ දඬුවමක් දිය යුතුමය මෙමාහට
    බාගෙන ෆිලුම ගොඩ කල් එය නොබැලුවට
    හඬලා සිනාසී යළි හැඬුවෙමි යසට
    හොඳටම හොඳයි යස ෆිලුමකි, හැම දෙනට

    මෙවන් ෆිල්ම හොයලා දෙනවට අපට
    නුවන් ඔබට, වාගෙම තුති අඩවියට
    තවත් යසට sub දෙන්නට හැකි වෙන්ට
    වාසනාව පෑදේවා ඔබ හැමට!