ආයුබෝවන්! ඔන්න ඉතින් ටිකක් ප්‍රමාද වුණත් 2017 වර්ෂයේදී කොරියාවෙ හොඳම චිත්‍රපටිය වගේම කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ චිත්‍රපටි අතුරින් 6 වෙනි ස්ථානයට පත්ව තිබෙන චිත්‍රපටිය අරගෙන තමයි මම අද බයිස්කෝප් මංසලට ගොඩ වුණේ. මේ චිත්‍රපටියට imdb 7.9 ක් වැනි ඉහල අගයකුත් Rotten Tomatoes වල 96% ක වගේ දැවැන්ත අගයකුත්…

ආයුබෝවන්! ඔන්න ඉතින් ටිකක් ප්‍රමාද වුණත් 2017 වර්ෂයේදී කොරියාවෙ හොඳම චිත්‍රපටිය වගේම කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ චිත්‍රපටි අතුරින් 6 වෙනි ස්ථානයට පත්ව තිබෙන චිත්‍රපටිය අරගෙන තමයි මම අද බයිස්කෝප් මංසලට ගොඩ වුණේ. මේ චිත්‍රපටියට imdb 7.9 ක් වැනි ඉහල අගයකුත් Rotten Tomatoes වල 96% ක වගේ දැවැන්ත අගයකුත් මේ චිත්‍රපටියට ලැබිල තියෙනවා.drama/action ගණයට අයත්වෙන මේ චිත්‍රපටිය ද.කොරියාවෙදි විතරක් ඇ.ඩො.මිලියන 88.7 ක ආදායම් වාර්තාවක් තබන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම හොඳම චිත්‍රපටිය හොඳම නළුවා, හොඳම පසුතල, හොඳම සහය නළු, හොඳම අධ්‍යක්‍ෂක ඇතුළු සම්මාන 24 ක් ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තියෙන්නෙ සම්මාන උළෙලවල් 14 කින් වීමත් විශේෂත්වයක්.ඒ වගේම තමයි මේ චිත්‍රපටිය 2017.09.21 චීනයේදී තිරගත වුණත් මේ චිත්‍රපටියට තියෙන ඉහල රේටින් අගයන් සහ ඉහල ඉල්ලුම නිසාවෙන් ඔක්තෝම්බර් තුන්වෙනිදා මේ චිත්‍රපටිය චීනෙන් ඉවත් කරල තියෙනවා. ඒ චීන සිනමාවට හානියක් වෙයි කියන බයට.අනිත් විශේෂම දේ තමයි මේ චිත්‍රපටිය සම්පුර්ණ සත්‍ය කතාවක් වටා ගෙතුණු නිර්මාණයක්.
හොඳයි ඉතින් කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි.. 1980 කියන්නෙ කොරියාවෙත් කැරලි කෝලහාල වුණු ඇදිරිනීතිය පනවපු කාලයක්.ඉතින් මේ කාලේ, තමන්ගෙ වයස 11 වයස දුවත් එක්ක ජීවත්වෙන බිරිඳ මැරුණු ටැක්සි රියැදුරෙක් තමයි කිම් මන් සොබ් [Song Kang-ho = The host/ Snowpiercer/ The age of shadows/memories of murder/ The face reader/ The throne / The good,the bad,the wierd.. සහ තවත්..] කියන්නෙ. මෙයාට සල්ලි ප්‍රශ්න තියෙනවා. ඒ නිසා නිතරම කුලී ගෙදර අයිතිකාරිගෙන් මෙයාට බැනුම් අහන්න වෙනවා. දවසක් මෙයා කෑම කකා ඉන්නකොට ඇහෙනවා කවුද සුද්දෙක්ව ග්වන්ජු වලට ගෙනිහින් ඇදිරිනීතියට කලින් ගේනවට වොන් 100 000 ක් ලැබෙනවයි කියලා.ඉතින් මෙයා ශේප් එකේ ගිහින් ඒ විදේශිකයව එයාගෙ ටැක්සියෙ එක්කරගෙන යනවා.
විදේශිකයා තමයි ජර්මානු ජාතිකයෙක් වෙන ජර්ගන් හින්ස්පීටර්.මෙයා කොරියාවට එන්නෙ ග්වන්ජු වල ජනතාවට සිද්දවෙන අයුක්තිය අසාධාරණය අකටයුතුකම් ගැන පත්තරේට වාර්තා කරන්න.හැබැයි යුද නීතියට අනුව මුළු රටේම විදෙස් මාධ්‍ය තහනම් කරලයි තියෙන්නෙ.ඒ නිසා මේ පීටර් වෙස්වලාගෙන තමයි මේ ගමන ටැක්සි රියදුරත් එක්ක යන්නෙ.ටැක්සි රියදුරා අවු.කීපයක් සව්දියෙ ඉඳල තියෙන නිසා ඉංග්‍රීසි කෑලි ටිකක් දන්නවා. ඉතින් මේ දෙන්න ග්වන්ජු වලට යන අතරතුරදි මුර පොලක් හම්බෙනවා. ඒ වගේම තමයි මේ නගරෙට යන සේරම පාරවල් වහල දාලයි තියෙන්නෙ.ඒ නිසා මේ අය ගම්බද පාරකින් ගමන පිටත් වෙනවා.එතනදිත් හමුදා මුර පොලක් හම්බෙනවා.අතුරු පාරවල් වලට පවා හමුදාව දාන්න තරම් මේ ග්වන්ජු නගරෙ වෙන්නෙ මොනවද කියන එක මේ රියදුරු මහත්තයට ප්‍රශ්නයක්.හැබැයි එහෙ වෙන්නෙ මොනවද ඇයි වෙන්නෙ කියන එක මේ පීටර් දන්නවා.ඒත් එයාට එහෙ වෙන දේවල් පටිගත කරගෙන ආපහු ජපානෙට යන්න ඕනෙ.
මේ දෙන්න සෑහෙන ගේමක් දීල ග්වන්ජු නගරෙ ඇතුලට ආවම දකින්නෙ සේරම කඩවල් වහලා.. පාරවල් අවහිර කරලා.. රියදුරා හිතන්නෙ මෙහෙම වෙලා තියෙන්නෙ විශ්‍යවිද්‍යාල සිසුන් කරන උද්ඝෝසණ නිසා කියලා.ඒත් මෙයාලට ජේ-සික් කියන ලමයව හම්බුනාට පස්සෙ දැනගන්න ලැබෙන්නෙ වෙන දෙයක්.මේ ජේ-සික්ටත් ටිකක් ඉංග්‍රීසි පුළුවන් නිසා.. පීටර් මෙයාවත් මේ ගමනට එකතු කරගන්නවා.. ඉතින් මං මේ කතාව ගැන තවත් කියන්න යන්නෙ නම් නැහැ..ඔයාලම බාගෙන බලාගන්න මම දීපු සබ් එකට ගැලපෙන පිටපත තියෙන්නෙ YTS වල.එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙනකල් අදට ගිහින් එන්නම්.
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR (YTS) පිටපත් සඳහා අදාළ වේ.
11,899 downloadsDownload A-Taxi-Driver-2018.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
74 comments
chameeracool
chamal kalum
Mage sub ekath aran balanna heheh
Chami.S
Thanks..
Good Luck..Mendis
Tnks saho sub ekta
jstar
nice brother thanks a lot more
AsithaDilruwan
ela saho thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Thisal
ස්තුතියි …
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි කියන්න වචන නැහැ උපරිමයි . ඒ වගේම කවුරු හරි කෙනෙක් Tremors 6 (2018) එකටත් සබ් කරන්නකෝ .
Bandaramudiyansi
මම මෙක බැලුව ආපු දවස්වලම... සුපිරිම චිත්‍රපටය මෙක නම්... ඉස්සරහටත් මෙවගේ හොද කොරියන් චිත්‍රපට දෙන්න .ස්තුතියි
Asanke
Thanks for sub good luck bro
Tharindu-jayalal
Thank you
ranga11112
උපසිරසියට ස්තූතියි සහෝ. ජය වේවා…!!!
subodha
Thanks
Udara Damith Dissanayaka
උපසිරසියට ස්තූතියි
Prabodha Madhusankha Hettiarachchi
Thank u bro sub ekata...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. භාෂාව මොකක් උනත් මේ වගේ හොද චිත්‍රපට වලට උපසිරස කරන එක ගොඩක් වටිනවා.. බුදුසරණයි..ජය වේවා..!
Nilush Angana
Sub ekata thanx
gayanH
niyamai malli
malith
ELa ela
muditha gayan
Thankzzzzzzzz
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
raviz
Thank you.........!
Lewdeni Ashen
ගොඩක් අය කොරියන් ෆිල්ම් කිව්වම බලන්නේ නෑ.. ඒකට හේතුව ලංකාවේ අය තාම ඒවා මනින්නේ අර ලඳ බොලද ආදර කතා වලින්.. ඒත් ඒවා නෙවෙයි, සුපිරිම ස්ටෝරි තියෙන්නේ නම් කොරියන් කතා තමයිි... පස්සේ ඒවා කොපි කරලා English Movie එකක් ගැහුවම ඒක බලනවා පට්ට කියලා.. ඇත්තටම Horror නම් කොරියන් තමයි.. සුපිරි ස්ටෝරි නම් කොරියන් තමයි..
කාලෙකට උඩදි මට අහම්බෙන් බලන්න ලැබුන ඔය වගේ Movie එකක් තමයි Castaway on the moon (2009) කියන්නේ.. ඒක කොච්චර පට්ට වුනාද කියනවනම් මම මගේ පළවෙනි Sub එකට කලෙත් ඒක.. පුළුවන් නම් ඒකත් බලන්න.. එහෙම සරල, සුපිරි කතාවක්.. ආයේ ලොවෙත් නෑ.. අවාසනාවකට English Film විතරක් බලනවනම් බොහොම අඩුවෙන් තමයි මේ වගේ ස්ටෝරි හැදෙන්නේ Hollywood වල.. ඒ ගොල්ලෝ Target කරන්නේ අර පටන් ගත්ත වෙලාෙවේ ඉදන් ගහ මරාගන්නවට ආස, බෝම්බ පුපුරනවට ආස Audience එක.. මොකද ඒක තමයි වැඩිපුර ඉන්න Audience එක.. හැමදේම අන්තිමට හොයන්නේ ලාබයක්.. ඒකයි.. ඒත් මේ වගේ සුපිරි ස්ටෝරි වලට හුරු වුන කෙනෙක්ට තේරෙනවා අරවා කොච්චර අතාත්විකද කියලා.. උදාහරණයකට IMDB උඩ තියෙන ගොඩක් ෆිල්ම් එතන තියෙන්නේ කතාව නිසා.. එතන බොහොම අඩුයි අර පටන් ගත්ත වෙලාෙවේ ඉදන් ගහ මරාගන්නවට , බෝම්බ පුපුරන ෆිල්ම්.. වෙලාවක් තිබ්බොත් මම මේ පහලින් දාන ෆිල්ම් එකත් බලන්න.. හොද නැතිවුනොත් බැනලා යන්න ඇවිල්ලා..
Castaway on the moon (2009) - https://www.baiscope.lk/the-pirates-2014-with-sinhala-subti…
chamal kalum
ඔයා කියපු සෙරටම මමත් එකගයි සහෝ.. මේ ඔයාගෙ ෆිල්ම් එකත් මම නම් බැලුවා.ඒකත් දෙපාරක්ම.. තවමත් මං ලග තියෙනවා.. මෙ සයිට් එකේ තියෙන සේරම කොරියන් ෆිල්ම් මම බලල තියෙන්නෙ..
HeroSuji
Aiye,,mata korian flims free download kara ganna puluwan website kiyanawada
sulochana
Thank you
asankabalage
thanks saho digatama sub demu....
Nimach273
Thanks bro sub akata .jaya wewa.......
chandra
Thanks very much for your service
chandra
Thanks very much for your new subtitles
rawidu
aniwa me film ekath supiri athi me film ekath sub dunnata thanksssss. anee korean drama ekkth sub dennnkooooooo
SanjulaJeter
දිගටම සබි දෙන්න .
thankssachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයwwrs
ela machan thanks
Malik_nadeeshan
Ela ela thanks machan...
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nivom
kathaawa kiyawan yaddi maaath 1st time onna korian film ekak balanawa, thanks
Virajperera
tnx bro
sulochana
Thank you..
nishannw
ස්තූතියි යාලු
shashika laksiri
THNX SUB EKATA
Haritha245
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
shashika laksiri
NIYAMAI SUB EKATA THNXXXX
jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Hiranhiru
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..
මං කොරියන් Film වලට ආස නෑ. ඒත් මේකෙ විස්තර දැක්කම ආස හිතුනා..
තෙරුවන් සරණයි..!tharidu sagara
බොහොම ස්තූති සහෝ උපසිරසට.
ජය වේවා!!!Tharindu.srimal
Thanks bro
shiransri
තැන්ක්ස් සහෝ.
පට්ටම ලස්සන filme එකක්.ගොඩ කාලෙකින් බැලුවේ ..
sub නැත්නම් මේ filme එක උපරිම විදිහට විදින්න බැරි වෙනවා .
අයෙත් sub එකක් කරද්දී මෙහෙම fime තෝරලා කරපන් මචන් .
උබලගේ මහන්සිය වටිනාකම පට්ට විදිහට දැනෙනවා එතකොට...
ගොඩක් ඉස්තුති මචන්..Nivom
balapu supirima film 1k, thanks
N_R
Thanks.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta kathawak godak hoda movie 1 mama baluwa mita kalin