Watch Trailer

I Confess (1953) Sinhala subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි සමඟ]

1953 වසරේ ප්‍රංශ, ඉතාලි, ජර්මන්, ඉංග්‍රීසි යන භාශා වලින් තිරගත වන මේ සිනමා පටය ශ්‍රීමත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ. එම වසරේම කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් හිදී හොඳම ත්‍යාගයට හිච්කොක් මහතාගේ නම යෝජනා වන්නේ මෙම සිනමාපටයට. පෝල් ඇන්තෙල්ම් ගේ නාට්‍යකට අනුව තිරපිටපත ලියවෙන්නේ ජෝර්ජ් තබෝරි හා විලියම් ආචිබෝල්ඩ් අත…

1953 වසරේ ප්‍රංශ, ඉතාලි, ජර්මන්, ඉංග්‍රීසි යන භාශා වලින් තිරගත වන මේ සිනමා පටය ශ්‍රීමත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ. එම වසරේම කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් හිදී හොඳම ත්‍යාගයට හිච්කොක් මහතාගේ නම යෝජනා වන්නේ මෙම සිනමාපටයට. පෝල් ඇන්තෙල්ම් ගේ නාට්‍යකට අනුව තිරපිටපත ලියවෙන්නේ ජෝර්ජ් තබෝරි හා විලියම් ආචිබෝල්ඩ් අතින්. කැනඩාවේ ක්විබෙක් හිදී රූගත කරනලද මෙහි මොන්ටිගොමරි ක්ලිෆ්, ඈන් බැක්ස්ටර්, කාල් මෝල්ඩන්, බ්‍රයන් ඇරීන්, ඕ ඊ හසේ ප්‍රධාන චරිත වලට පණපොවනු ලබනවා.

ක්විබෙක් වල දේවස්තානයකදී එහි සේවය කරන ජර්මානු සරණාගතයෙක් වන ඔටෝ කෙලර් පාපෝච්චාරණය කරනුලබන්නේ සොරකම් කිරීමට ගොස් තමා අතින් සිදුවන මිනීමැරුමක් පිළිබඳව. පොලීසිය පවත්වන පරීක්ෂණ වලදී සැකය යොමුවන්නේ ෆාදර් ලෝගන් වෙතට. සරණාගතයකු ලෙස පැමිණි කෙලර් හට පිහිට වන්නේද මෙම පියතුමාමයි. එම සැකය වඩාත් දැඩි වන්නේ විලෙට් මිය ගිය දින එම නිවසේ සිට පූජකයකු පිටවී යන බව කුඩා දැරියන් දෙදෙනෙකු විසින් දැකීමයි, එමෙන්ම පියතුමා එදින උදෑසන විලෙට්ව හමුවීමට වෙලාවක් වෙන් කරගෙන තිබීමත් එක් හේතුවක්.

පොලීසිය ලෝගන්ගෙ ප්‍රශ්න කිරීමේදී ඔහු හමුවන කාන්තාව පිලිබඳ පැවසීමට මැලිවන නිසා ඔහු පසුපස ඔත්තුකරුවන් යොදවා එම කාන්තාව හඳුනාගැනීමට පොලිසිය සමත්වනවා. ඇය පෙර ලෝගන්ගේ පෙම්වතිය උවත් ඇය මේ වනවිට සාර්තක දේශපාලකයකුගේ බිරිඳක්. මොවුන් දෙදෙනා විලෙට් හා සම්බන්ධ වන්නේ මේ දෙදෙනා පෙර පෙම්වතුන් බව දැන එමගින් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සහ කිරීමේදී. ඔහුගේ මරණය මොවුන්ට සැනසිල්ලක් උවත් ඇඟිල්ල දික්වන්නේ ලෝගන් දෙසට. එයට ප්‍රධානම හේතුවක් වන්නේ රූත්ගේ කට උත්තරය. නමුත් උසාවියේ ජූරි සභාවේ තීරණය අනුව සියල්ල කණපිට පෙරලීමට ගතවන්නෙ සුලු මොහොතයි. යිෆි අඩවියෙන් ලබාගත  හැකි සිනමාපටය ඔබත් නරඹන්න. තවත් මෙවැනිම සලරුවකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

1,183 downloadsDownload I-Confess-1953.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,183 downloadsDownload Subtitles51 KB

15 comments

  1. Thisara Neo

    Thanks

  2. sathira529

    සබ් එකට තෑන්ක්ස් සහෝ.දිගටම මේ වගේ ෆිල්ම්ස් වලට සබ් දෙන්න..ජය වේවා

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  4. Kulanjana Maduranga

    subata thanks saho....

  5. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  6. gamesmaker

    Niyamau

  7. Priyantha Dayakeerthi

    ඩවුන්ලෝඩ් කරගන්නට නොහැකි ලින්ක් සඳහා මේ සබ් කරන්නේ ඔබ කා සඳහාද? අවන්වකම කනගාටුයි. ලින්ක් සොයමින් පුදුම කට්ටක් කන්නේ. ගන්න ඒවායේත් කාලය වැරදි. ඔබ මේ එකකටවත් පිළිතුරු දෙන්නේ නැහැ. පුදුම පුද්ගලයෙක්...?

    1. Priyantha Dayakeerthi

      ආසා නිසාම කාලය හදමින් පසුගිය ෆිල්ම් දෙකක් විතර බොහොම අමාරුවෙන් දින කීපයක් වැය කරමින් බැලුවා. ඒ ඇති කියලා හිතුණා.

    2. Priyantha Dayakeerthi

      ඔබ දෙන මේ සබ් බලන්නෙත් මම විතරද කියා සිතුණා. පහළ අනෙක් කොමෙන්ට් හැමදාම හැම එකකටම වැටෙන ඒවා.

    3. Kasun Samaraweera

      Priyantha Dayakeerthi සහෝ,

      ඔබ බුද්ධික නුවන් සහෝදරයාව සම්බන්ද කරගන්න උත්සහ කරනවා දිගින් දිගටම දැක්කා. ඔබ වගේම මමත් බුද්ධික නුවන් සහෝදරයා විසින් ලබා දීපු ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපට (අවසනායට දුන් දෙක ඇරෙන්න) 17ක් නරඹා රසවින්දා. ඔබට අවශ්‍ය නම් baiscopelk ෆේස්බුක් පිටුව හරහා බුද්ධික නුවන් සහෝදරයා සම්බන්ධ කරගත හැකිය. මෙහි නිතර නිතර කමෙන්ට් නොකලත් අප වැනිම අය තව සිටිය හැකිය.

      ඔබගේ ඊමේල් ලිපිනය ලබා දිය හැකි නම්, මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගැනීම සදහා සුදුසු ටොරන්ට් ෆයිල් එකක් ලබාදිය හැකිය.

    4. විමා

      1337x ටොරන්ට් අඩවියේ ෆිම්ල් එකේ නම ගැහුවම එහෙම පිටින්ම කොපියක් එනවා..
      හොයාගන්න බැරිකමක් නම් නැහැ මේ ෆිල්ම් එකේ නම්

    5. Priyantha Dayakeerthi

      බුද්ධික නුවන් සොයුර,
      මෙම සිනමාපටයේ නිවැරදි ලින්ක් එක ලැබුණා. ඩවුන්ලෝඩ් කළා. මීට පෙර එකේ ඔබ දමා තිබු කමෙන්ට් එක මා කියවූවා. නිවැරදි තත්වය දැනුවත් කිරීම ගැන ද ස්තුතියි!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. බොබී

    දිගටම මෙවැනි ෆිල්ම් ගේන්න සහෝ. සබ් එකට තුති.

  10. AsithaDilruwan

    ela saho thanks
    bohoma pin