Watch Trailer

Pataakha (2018) Sinhala Subtitles | යක්ෂ නැකතින් උපන් අක්කා නගෝ [සිංහල උපසිරැසි සමග] 100*

“මොකද ඔය තනියෙන් හිනාවෙන්නේ?” කී බෝඩ් එකට කොට කොට හිනාවෙද්දි අම්මා එහෙම ඇහුවා. “උඹ මොකක්ද 100ට කරන්නේ?” අපේ අචියා අහනවා. “උඹ ඊයේ පෙරේදා බලපු හොඳම හින්දි එකක් කියහන්.” සිසියා අහනවා. ඔය හැම එකටම මට දෙන්න තිබ්බේ එකම උත්තරයයි. ඒ තමා “Pataakha“ හැබෑට මොකක්ද ඔය Pataakha? අහලවත් නෑනේ. මොකක්ද ඔය තරම් විශේෂ…

“මොකද ඔය තනියෙන් හිනාවෙන්නේ?”
කී බෝඩ් එකට කොට කොට හිනාවෙද්දි අම්මා එහෙම ඇහුවා.

“උඹ මොකක්ද 100ට කරන්නේ?”
අපේ අචියා අහනවා.

“උඹ ඊයේ පෙරේදා බලපු හොඳම හින්දි එකක් කියහන්.”
සිසියා අහනවා.

ඔය හැම එකටම මට දෙන්න තිබ්බේ එකම උත්තරයයි. ඒ තමා “Pataakha“
හැබෑට මොකක්ද ඔය Pataakha? අහලවත් නෑනේ.
මොකක්ද ඔය තරම් විශේෂත්වේ?
දන්න කියන නළු නිළියොත් නෑනේ.
බොරුවට උඩදානවා මෙන්න, වෙනදා වගේ
ඔහොම හිතෙනවා නේහ්හ්?

පටාඛා කියන්නේ දැනට මේ අවුරුද්දට ආපු සුපිරිම ලේ ෆිල්ටර් එකක්.
හක හක ගගා බලන්න පුළුවන් කුචීතම ඉස්ටෝරියක්..
වෙනස්ම උණු උණුවෙ බාපු කන්සෙප්ට් එකක්
රිවයින්ඩ් කර කර ආයේ ඉල ඇදගන්න පුළුවන්,
ගොන් පාට්, ගොන් ජෝක් නැති
රේටින් 7.4ක් ගත්තු
ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදය අඩුවක් නැතුවම දිනාගත්තු පිලුමක්
එතකොට ඇක්ටින්?

ඇක්ටින් ගැන නම් කතා කරලා වැඩක් නෑ. බලන් ඉන්න ගමන් ඉන්දියාවට දුවල ගිහින් උම්මා එකක් දීලා එන්න හිතෙන තරම් සුපිරි ඇක්ටින්. නොදන්න අය නම් නෙමේ, Dangal එකේ හිටිය සාන්‍යා මල්හෝත්‍රා සහ කවුරුත් දන්න “සදහටම ඔබ මගේ” ටෙලියේ ඉෂානි කෙල්ල, රාධිකා මදන් මේකේ ප්‍රධාන චරිත දෙක රඟදක්වනවා. එතකොට අනිත් එකා : සුනිල් ග්‍රෝවර්, The Kapil Sharma Show බලන අයට නම් උන්දැ ගැන අමුතුවෙන් කියන්න ඕනයැ. ඉන්දියාවේ ඉන්න සුපිරිම Comedianලගෙන් එකෙක්. එතුමත් ෆිලුමට අවශ්‍ය අඩුමකුඩුම ගානට සපයලා ඇති. ඉතින් මුන් තුන්දෙනා තමා මේ මුළු ෆිල්ම් එකම කරේ තියන් රන් කරන්නේ ආයේ මෙහෙමයි අඩුපාඩුවක් නොකියන්න.

අධ්‍යක්ෂණය විශාල් භාරද්වාජ්ගෙන්. දන්නෝ දනිති මිනිහගේ වැඩ ගැන. මිනිහා කොමඩි එකකට අතගැහුවමයි ඔය. සුපුරුදු පරිදි වසරේ මැණිකක්. මේ අවුරුද්දේ සම්මාන උළෙලවල් ආක්‍රමණය කරන්න පුළුවන් පිලුමක් උනත්, එහෙම වෙයි කියලා නම් කිසිම සහතිකයක් දෙන්න බෑ. මොකද, ෆිලුම ආදායම් අතින් අසාර්ථක වෙච්ච නිසා. වරුන් ධවාන් සහ අනුෂ්කා ශර්මගේ Sui Dhaaga එක්ක එකට තිරගත වීම අරඹලා, ආදායම අතින් නම් එයාලා එක්ක හරි හරියට ඔට්ටු වෙන්න පටාඛාට බැරිවුණා. ඒත් කන්ටෙන්ට් එක, කන්සෙප්ට් එක සහ අනිත් හැමදේකින්ම පටාඛා කොච්චර ඉදිරියෙන්ද කියලා බලලම වටහාගන්න. එහෙනම් තියෙන ප්‍රශ්න අනම් මනම් සේරම අමතක කරලා, ආයේ වරුවක් මතක් කර කර හිනාවෙන්න පුළුවන් සුපිරි මට්ටමේ මේ මැණික අතපත ගාන්න කියලා ආදරයෙන් ආරාධනා කරන්නේ.

ඔන්න ඉතින් පටාඛාගෙන් මම මගේ දෙවැනි කඩඉම ගහන්නයි මේ සූදානම් වෙන්නේ. පලවෙනි කඩඉමට අඩි තියලා දැන් අවුරුද්දකට වැඩියි මයේ හිතේ. හෙමින් හෙමින් ඔන්න අද 100 ගහන්න කියල ආවා. 150 ගහයිද? මමවත් දන්නේ නෑ. ඉතින් ආයේ ස්තූති කතාවක් කරන්න හම්බවෙයිද දන්නේ නෑ. කොහොමත් මගේ උපසිරැසි ජීවිතේ සුවිශේෂී සටහන් තියපු චිත්‍රපටි ගැන කිව්වොත් මගේ පලවෙනි උපසිරැසිය Raaz: The Mystery Continues , මගේ වැඩියෙන්ම බාගත කරපු Bajirao Mastani , මගේ 50වෙනි උපසිරැසිය Begum jaan , මට වැඩිම ප්‍රතිචාර සංඛ්‍යාවක් ලබලා දුන්නු ඉස්කෝල නෝනා Hichki සහ සුපිරි වීර Bhavesh Joshi Superhero , මගේ පලවෙනි සම්පුර්ණ කතාමාලාව Breathe , තුර්කි මල හිසරදේ Ask Laftan Anlamaz , අන්තිමට කරපු දෙමළ චිත්‍රපටිය Pariyerum Perumal ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම වසර හතරක් වැනි කාලයක පුරා මට සහය දුන්නු ඇඩ්මින් සහෝදරතුමන්ලා සහ බයිස්කෝප් කොල්ලෝ සෙට් එක වගේම නිතර කමෙන්ට්ස් වලින් දිරිමත් කරන සහෝදර ඔබ සැමවත් ගෞරවාදරයෙන් මතක් කරනවා. ආදරෙයි හැමෝටම ඈ.. නැවත හමුවෙමු,

ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

9,968 downloadsDownload Pataakha-2018-BR.zip93 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

9,968 downloadsDownload Subtitles93 KB

99 comments

  1. IndunilN

    ඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ පලවෙනි සබ් එකට
    දිගටම සබ් කරමු

    1. IndunilN

      100ට සුභ පැතුම්

  2. Prabodha Madhusankha Hettiarachchi

    Congralation for 100th sun brother..

  3. Tharaka Nuwan Dilhara

    සුභපැතුම් මයූ...
    තව තවත් සුපිරි නිර්මාණ ගෙනෙන්නට හැකියාව ලැබේවා.
    ඒ වගෙම ස්තූතියි උපසිරසියට..
    ජයෙන් ජ්‍ය..!!!

  4. Ayesh Prashan

    Thank You.. 100ta subha pathum..

  5. Ayesh Prashan

    Thank You,, 100ta Subha Pathum

  6. යුරාන් ධනුක

    ශතකයට සුභ පැතුම් මයුර සහෝ....
    උපසිරැසියට බොහෝම ස්තූතියි...!!!
    දිගටම උපසිරැසි කරමු.. ජය... :D

  7. කවිශල් රසින්ත (කවී)

    ආ මයුර අයියත් එහෙනම් 100 ගැහුවා නේද? හොදා හොදා. එහෙනම් දෙවනි කඩයිමට සුභ පැතුම් අයියේ. ඔහොම්ම 150ත් අල්ලමු, ඒ වගේම බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා...!!

  8. Amimac

    100ට සුබම සහෝ ඉක්මා 150ත් ගසමූ බ්‍රෝ ජයවේවා

  9. guddaputha

    උබේ ෆිල්ම් 100 අතරෙ මගේ ෆේවරිට්ම ෆිල්ම් අම්බානක තියෙනව..100 ගැහුව වගේම හෙමීට හරි 150 ත් ගහමු..ජය වේවා බොක්ක..
    ✌

  10. gihan perera

    උණුසුම් සුභ පැතූමි සහෝ 100ට...පට්ට ෆිලුමක් කාලෙකින්...150 ත් උපසිරැසි ගහන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  11. sisitha samarathunga

    100ට සුභපැතුම්... හොඳ චිත්‍රපටියක් වෙන්නැති අනිවා...150.. 200ත් ළඟදීම දෙන්න එහෙනම්...

  12. snak

    100ta subha pathanawa ewagema thawa thawa sub karanna shakthiya diryaya labenna kiyala prarthana karanawa

  13. C lakmal

    තවත් සබ් කරන්න බලන්න , hindi ෆිල්ම් වල‍ට

  14. nimanaka

    thanks brother. 100 suba patum.

  15. Yasiru Kapurusinghe

    සියවෙනි උපසිරසයට සුභපැතුම් මයූ.
    උබේ ලිපියක්/සබක් නම් අතහරින්නෑ ලොවෙත්. ඒ තරමටම කතාවට සුපිරිම ගැම්මක් දෙන බුවෙක් තමයි.
    ජය වේවා..!

  16. Iroshan Kumar

    Congratulations brother... good luck..

  17. Praneeth priyadarshana

    Congrtz bro thank you

  18. sasanwalasa

    බොහොම ස්තුතියි... මේ ටික ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ඒකක් තියෙන කෙනෙක් දෙන්නකෝ...

  19. Helili Hemamali

    පවුලෙන් හඳුන ගන්න ලැබුන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදරයෙක් කියන්න පුලුවන් කොල්ලෙක් තමයි මයූ කියන්නේ. මයුරගෙ පිස්සු වගේ පේන විකාර කතා වලට යටින් තියන ඉහළ රසඥතාව නිසාම ඉතාමත් විශාල රසිකයො පිරිසකුත් බයිස්කෝප් පවුල වටා එකතු වෙලා ඉන්න බව කියන්න පුලුවන්. ඉතින් 100 වෙනි උපසිරැසිය ගෙන ආව මේ වෙලාවේ උණුසුම් සුබ පැතුම් එක්ක දේවල් දෙකක් සම්බන්ධයෙන් ස්තූතියි කියනවා. සාමාන්‍යයෙන් වැඩිය කාගෙවත් ඇහැ නොයන, බොහොම අපූරු චිත්‍රපට තෝර ගෙන සිංහල උපසිරැසියෙන් දිය යුතු උපරිමය දෙන මයුර, ඔයාගෙ හොඳ රසිකාවියක් විදියට මුලින්ම මං ස්තූතියි කියන්න ඕනේ. ඒ වගේම බයිස්කෝප් අඩවියේ උපසිරැසිකාරිනියක් විදියටත් විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා සැබෑ සම්පත්දායකයෙක්ගෙ වගකීම අකුරටම ඉෂ්ට කිරීම ගැන.

  20. Nilush Angana

    Sub ekata thanx

  21. හසන්ත වික්‍රමරත්ත

    මුලින්ම ෆිල්ම් එක ගැන කියන්නම්. ඒ වගේම තමයි මයුරගේ තෝරා ගැනීම්. මයුර සබ් එකක් කලොත් බලන්න ඕන මේකා මොකද්ද මේ පාර ගෙනාවේ කියල ට්‍රේලර් නොබලා බලන පිරිසෙන් කෙනෙක් තමයි මමත්. ඒ කතාව මේ චිත්‍රපටය එක්ක සීයට දෙසීයක් තහවුරු උනා. ලිපියේ කිව්වා වගේම අලුත්ම කන්සෙප්ට් එකකින් මිනිස්සුන්ට දෙයක් දනවන්න දක්වපු උත්සාහය නම් සුපිරියි. පටන් ගත්ත වෙලේ ඉඳල අන්තිම විනාඩිය වෙනකන් හිනා වෙලා අන්තිම තප්පරේට හිතට තට්ටු කරන්න සමත් උන නියම චිත්‍රපටයක්. නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න.

    දැන් පුද්ගලයා දිහාට හැරෙමු. මම මුලින් කිව්වා වගේ මයුරට තියෙන්නේ අමුතුම චොයිස් එකක්. මේකා හොයාගෙන එන එව්වා කිසි කෙනෙක් ඉල්ලන්නේ නැහැ හැබැයි අර හැමෝම පොරකන චිත්‍රපටි සීයකට වඩා ලොකු දෙයක් මේකා මේ කොහේ හරි අස්සකින් අරගෙන එන චිත්‍රපටි තුල තියෙනවා. අන්න ඒ අමුතු චොයිස් එකට ගොඩ දෙනෙක් කැමතියි. ඉතින් 150 වෙනකන් අන්න ඒ චොයිස් එක අපි හැමෝටම අවශ්‍යයි. එතනින් එහාටත්. 100 වෙනුවෙන් සුබ පැතුම් ! ජය!

  22. රොයිලි

    මයුර දුන්නොත් ආයේ රේටින් හොයන්න ඕනා නෑ. සැකයක් නැතුව බලන්න පුලුවන් එකක්. ඔන්න ඕක තමා බොහෝ දෙනෙක් මයුර ගැන කියන්නේ. මේ උපසිරැසි 100ම අනිවා බලන්න පුලුවන් වෙනස් කතා කියලා සැකයක් නැතුව කියන්න පුලුවන්. ඉතින් උණුසුම් සුබ පැතුම් පතන ගමන්ම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. හැබැයි මම හිතුවා ලබන අවුරුද්දෙ මැදක් වත් වෙයි කියලා 100 ගහන්න. ;) ජය෴෴ :P :P

  23. harshani11112

    100 වෙනි උපසිරැසියට සුභපැතුම් සහො....
    දිගටම සබ් දෙන්න...කාලය යොදල කරන සේවයට බොහොම ස්තුති සහො...
    ජයවේවා ...
    තෙරැවන්සරණයි

  24. Sanjeewa2010

    Congtzzzzzzzzzzzzzzzzzzz

  25. Damru Ravihara

    සබට ස්තූතියී.
    100ට සුභ පැතුම්

  26. Kovidu

    ශතකෙට සුභ පැතුම් සහෝ........... බොහොමත්ම ස්තූතියි උපසිරැසිය ට,,, සියලු වැඩ කටයුතු සාර්ථක වේවා... ජය !!!!!!!!!!!

  27. Dilshan Kalinga

    පට්ට මයූ.. උඹ වැඩියෙන් ගේන්නේ මගේ කැටගරි එකේ තියන ෆිල්ම්. ඉතිං උඹ කරන ගොඩක් සබ් බැලෙනවා. හැම එකේම ස්තුතියි කියල නොදැම්මට තරහ වෙන්ට එපා. 100 ට හදවතින්ම සුබ පැතුම්. මෙවැනි විඳින්න හැකි ච්ත්‍රපටි වලට දිඅගටම උපසිරසි ගෙන ඒමට හැකි වේවා!!

  28. zeal

    100ta Thanx Bro

  29. පැතුම් ඉෂාර

    100වෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම්!!!
    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!... තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!..
    .බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!

  30. kavinuweerakkody

    මයුර අයියේ 100ට සුබ පැතුම් මචන්!
    හැමදාම කියනවා වගේ උඹේ සබ්වල කියන්න නොතේරෙන මහ අමුතු ආදර ගතියක් තියෙනවා. විශේෂයෙන්ම හිච්කි සබ් එකේ!! පහළ දාලා තියෙන කමෙන්ට් බලපුවාම ආයේ මොනවා කියන්නද?
    මිනිස්සු දන්නවා උඹ ගැන. කියන්න තියෙන හැමදේම පහළ කියලා.. හසායියා කිවුවා වගේම මං බලපු උඹේ හැම ෆිල්ම් එකක්ම වගේ අන්තිම තත්පරේ වෙනකම් හිතට තට්ටු කරපු ඒවම තමයි.
    ජය වේවා අයියේ! විඳින්න පුලුවන් චිත්‍රපටි ම ගේන්න හැකි වේවා!!

  31. M.W. Dilhani

    thanks and congratulations

  32. උදයංග සම්පත් හතරසිංහ

    මයුරය ගැන මට දීල තිබ්බ ප්‍රතිරූපෙ හැටියට නම් මේකා දැන්ම 100 ගහන්න කිසිම විදියක් තිබුණෙ නෑ. කොහොමහරි ඔන්න ඔක්කොම බොරු කියල ඔප්පු කරල මිනිහ 100 ගහල කියාංකො. බයිස්කෝප් වලින් හමු වුණු තව නියම චරිතයක් කියල කියන්නම ඕනෙ ඉතිං. මම කොහෙත්ම හින්දි, දමිළ, තෙළිඟු, මලයාලම් රසිකයෙක් නම් නෙවෙයි. හැබැයි පහළින් මූ ගැන කියල තියෙන ඒව දැක්කම මටත් මේක බලන්නම හිතුණ. එහෙනම් පුතා ඔය බොරුකාර සෙට් එකට පේන්න උඹ 150ත් ලෙසටම ගහපං. ජය වේවා..!

    1. Helili Hemamali

      100 ගැහුවෙ අපේ කටේ බලේට තමා

    2. උදයංග සම්පත් හතරසිංහ

      ආයෙ මක්කෙයි.. මටත් නොහිතුණාම නෙවෙයි. ඒත් බලාපං මයුර තාමත් මඩ වදිනවනෙ.. ඔක්කොම එකතු කරල ජාතිය අමතපං මයෙ පුතා කේන්දරේ එහෙම බලල

  33. Ela Wisthara

    මයුරයා දුන්නොත් සුපිරියක්ම තමයි.මුගෙ සබ් ගන්වන විදිහත් නියමයි.සමහර සයිට් වල ගූගල් ට්‍රාන්ස්ලේට් දාලා ඒක සබ් එක විදිහට ඇඩ් කරන එක කරන්නෙ.ඒත් බයිස්කෝප් කොල්ලො කෙල්ලො කට්ට කාගෙන කරන මේ දේ වටිනවා එකෙන්ම.උඹලට ස්තූතියි.ඒ වගේම මයුවා සුභ පැතුම් මචන් 100 කප් එකට

  34. SaDuN

    කවුද යකෝ මේ 100 ගහලා පැණි කජු කන්නේ ?
    මොනවා උනත් 100 සුභ පැතුම්

  35. ශසිත් සඳරුවන්

    100 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුභපැතුම් මයූ...
    වෙනස්ම, රසවත් නිර්මාණ තෝරගන්න කෙනෙක්. හින්දි අසා ලියන්න පුලුවන් කිහිප දෙනාගෙන් කෙනෙක්. ඒ වගේම සබ් එකේ ගුණාත්මක බවත් ඉතාම ඉහළයි. උඹ කොමඩි ගතිය ගන්න විදිහට නම් ගොඩක්ම කැමතියි. :P අනික අමතක කරන්න බැරි දෙයක් තමයි උඹ ලිපි ලියන විදිහ. කියවපු කෙනාට ෆිලුම නොබලා ඉන්න හිතෙන්නේ නෑ. මේකත් ඉතින් අනිවා බැලිල්ලක් තමයි. සබටත් බොහොම තුති කිව්වා. දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  36. Dayalrw

    Thanks & Congratulation...

  37. Piumi ann

    ඔයාගේ මහන්සිය අපේ සතුට වෙන එක ඔයට මරම සතුටක් අති. ගොඩාක් තංකූ ...........

  38. Kantha_DLA

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ----ස්තූතියි-----
    ---- බුදු සරණයි - දෙවි පිහිටයි ---

  39. ලහිරු ප්‍රසාද්

    හදවතින්ම සුබ පැතුම් මචො 100 වෙනි උපසිරැසියට. උබේ මේ චොයිස් එක මට සෙට් නොවුනත් ලිපිය ලියලා තියෙන විදිහට බලන්න හිතෙනවා බං. අනිවා වෙලාවක් ලැබුන ගමන් බලනවා. ඒ වගේම තම උපසිරැසි උබේ, ආයෙ කියන්න දෙයක් නෑ ඒ තරමට සුපිරියි. සීයක් නෙවෙයි දෙසීයක් තුන්සීයක් උපසිරැසි කරන්න හැකිවේවායි පතනවා.

    පණිකජු කන පොටෝව අවුලක් නෑ කවුද යකෝ පෝස්ටරේට සමනලයෙක් දැම්මෙ.

  40. Asanke

    Thanks for sub and congrats for century

  41. Thisara Neo

    හදවතින්ම සුබපැතුම් මයු 100 ට. මේකනම් මේ බාන ගමන් ඉක්මනටම බලන්න ඕනි එකක් ආරංචි හැටියට.......
    ඉක්මනටම ඊලඟ කඩයිමෙන් හමුවෙමු....
    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  42. supun priyanath

    එල එල එල ...
    කියල වැඩක් නෑ ලිපිය නම් මරු ..
    ඒ වගේම ෆිල්ම් එකත් සුපිරි ..
    100 වෙනි උපසිරසයට සුබ පැතුම් ..
    ස්තූතියි සබ් එකට ...
    දිගටම ෆිල්ම් වලට සබ් දෙමු. හින්දි , ටැමිල් ඒවට සබ් දෙනවනම් ගොඩක් හොදයි ..
    ජය වේවා ...

  43. Kulanjana Maduranga

    Welldone...Hat off respect Bro...great work & lot of thanks MAYURA saho..wish u'r great future....

  44. sumedasiva

    Thanks bro

  45. Gathsara Umesh

    බොහෝම් ස්තුති අයියේ..ද
    100ට හදවතින්ම සුබපතනවා අයියේ..❤️❤️

  46. Achintha Udayanga

    "මයුර දුන්නොත් සුපිරියක් තමයි"
    "මයුර දුන්නොත් බෑමක් තමයි"
    "මයුර දුන්නොත් රේටි හොයන්න ඕන නෑ"
    පේනවනෙ ආය අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ කමෙන්ට් කියෙව්වම ඇති තේරෙනව,
    මයුර කියන්නෙ හොඳ දෙයක් තේරුමක් තියන දෙයක් ගොඩක් විට දෙන්න උත්සහ කරන කෙනෙක්.
    (අතරින් පතර මල් කතා එකක් දෙකක් දුන්න තමයි කමක් නෑ ඉතිං එව්වත් දෙන්න එපැයි)
    බොක්ස් ඔෆිස් ආදායම් ලොකුවට නැතිවෙයි ප්‍රසිද්ධ නළු නිළියෝ නැතිවෙයි මූට එව්වා ආදාලම නෑ,
    ටිකක් පරක්කු වෙයි කමක් නෑ ඉතිං හොඳ ගුණාත්මක උපසිරැසියක් බලාගන්න ඇහැකියිනෙ.
    කෙටියෙන්ම කියනව නං මයුර කියන්නෙ අපේ කාලයේ අපේ තාලයේ උපසිරැසි කරුවෙක්..
    කරන වැඩේ හරියන කරන උපසිරැසිකරුවෙක්..
    සයිටෙන් සැට් වෙච්ච තවත් හොඳ බොක්කෙ ෆිට් එකක්..
    සුබ පැතුම් 100ට..ඊළඟ කඩයිමෙන් හමුවෙමු එහෙනං.. ජය වේවා..
    (150දිත් මගේ නම ඔහොම්ම ලාවට මතක් කරගෙන පලයං පිත්තලං ඈ)

  47. Shamal Ranasinghe

    Thank you..! jaya wewa..!

  48. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මයුර සහෝ
    100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    150 ත් ඔය ගැම්මෙන් ම ගහමු...
    ජය

  49. udarakariyawasam

    100 ට හදවතින් ම සුබ පතනවා සහෝ..... මේ සත් කාර්යය දිගට ම කරන් යන්න.. මයුරගේ සබ් එකක් කිව්ව ම අනිවා එ්ක හොඳ නිර්මාණයක් එක්ක ම එන බවයි මගේ අත්දැකීම.... එ් හින්ද මේක දිගට ම කර ෙගන යමු කොල්ලො.....

  50. jayadari

    thank you

Load more comments