Watch Trailer

I Declare War (2012) with Sinhala Subtitles | පොඩි අයගේ ලොකු යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? ටික කාලයකට පස්සේ ආයෙත් ඔන්න මම චිත්‍රපටයක් අරන් ආවා. මෙදා පාර ඔයාලාව ආයෙත් පොඩි කාලෙට යවන්නයි ලෑස්ති වෙන්නේ. පොඩි කාලේ කැලෑ පැනලා යාළුවොත් එක්ක යුධ සෙල්ලම් කරා මතකද? ලී කෝටු වලින් තුවක්කු හදාගෙන කටින් ඩිෂුම් ඩිෂුම් කිය කිය. මං හිතනවා අපි හැමෝටම ඒ වගේ අතීතයක් තියෙනවා කියලා. දැන්…

ඉතින් කොහොමද ඔයාලට? ටික කාලයකට පස්සේ ආයෙත් ඔන්න මම චිත්‍රපටයක් අරන් ආවා. මෙදා පාර ඔයාලාව ආයෙත් පොඩි කාලෙට යවන්නයි ලෑස්ති වෙන්නේ. පොඩි කාලේ කැලෑ පැනලා යාළුවොත් එක්ක යුධ සෙල්ලම් කරා මතකද? ලී කෝටු වලින් තුවක්කු හදාගෙන කටින් ඩිෂුම් ඩිෂුම් කිය කිය. මං හිතනවා අපි හැමෝටම ඒ වගේ අතීතයක් තියෙනවා කියලා. දැන් ඉන්න පොඩි අය නම් ඉතින් ස්මාට් ෆෝන්, ලැප්ටොප්ස්, අයි පෑඩ් වලින් ගලවගන්නත් අමාරුයි. අපි සතුටු වෙන්න ඕන අර වගේ මතකයන් එක්ක හැදුන වැඩුන එකට. හරි හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

මේ චිත්‍රපටයේ නම තමයි I Declare War. 2012 ආව චිත්‍රපටයක්. IMDb මීටරේ 6/10 ක් වෙනකම් මේකට කැරකිලා තියෙනවා. Rotten Tomatoes මීටරේ 71% ක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ රොබට් විල්සන් සහ ජේසන් ලපෙයිරේ කියන දෙන්නා. ඉතින් මේ චිත්‍රපටය පැය 1 යි විනාඩි 34 ක් යනවා. ඒ වගේම ගේග් මුන්රෝ, සියෑම් යූ, මැකෙන්සි මුන්රෝ, කෝල්ටන් ස්ටුවට්, මයිකල් ෆ්‍රෙන්ඩ් කියන කුඩා ආධුනිකයින් තමයි මේ චිත්‍රපටයේ රඟපාන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ වෙන්නේ අර මුලින් කිව්වා වගේ සෙල්ලම් යුද්ධයක් තමයි. ඒත් ඒක මේ පොඩි අයට දැනෙන විදිහට ඒ කියන්නේ ඇත්තම යුද්ධයක් වගේ නිර්මාණය කරලා තියෙනවා. සමහර කියන වචන නම් ඉතින් පොඩි අයට ගැළපෙන්නේ නෑ. කොහොම උනත් පොඩි කාලේ ලැබුණ ඒ දේවල් මේ චිත්‍රපටයෙන් පෙන්නලා තියෙනවා.

ඉතින් එහෙනම් සිංහල උපසිරැසිය බාගෙන මේ චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරනවා. ආ කියන්න ඕන Roswell Season 3 එනකම් බලන් ඉන්න අයට ඒකත් ඉක්මනට ගේන්න පොරොන්දු වෙනවා. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා…!!!

 

I Declare War (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 


I.Declare.War.2012.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

340 downloadsDownload I-Declare-War-2012.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Lahiru-Chanaka-New.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

ලහිරු චානක

Subtitles

340 downloadsDownload Subtitles43 KB

7 comments

  1. Dulan

    Sabata thanks bn.

  2. Udara Damith B/K

    ඉක්මනට රොස්වෙල් දෙන්ඩ

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  4. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා..!!

  5. chalana

    thnx bro...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!