Watch Trailer

The Young Black Stallion (2003) with Sinhala Subtitle | බලාපොරොත්තුවේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

අරාබියේ, අභිරහස් අශ්වයා ගැන දැන් ඔබ හොඳ හැටි හඳුනනවා. චිත්‍රපට දෙකක් පුරාවටම ඔබට ෂෙතාන් එසේ නොවේනම් බ්ලැක්ව හමු වූවා. මේ සූදානම, මෙම කළු අශ්වයාගේ චිත්‍රපට පෙළේ අවසානය සනිටුහන් කරන්නයි… මුලින්ම අපි මුල් චිත්‍රපට දෙක ගැන මතක් කරගෙන ඉමු. පළවැන්නේදී එනම් The Black Stallion (1979) චිත්‍රපටයේදී අපි දැක්ක…


අරාබියේ, අභිරහස් අශ්වයා ගැන දැන් ඔබ හොඳ හැටි හඳුනනවා. චිත්‍රපට දෙකක් පුරාවටම ඔබට ෂෙතාන් එසේ නොවේනම් බ්ලැක්ව හමු වූවා. මේ සූදානම, මෙම කළු අශ්වයාගේ චිත්‍රපට පෙළේ අවසානය සනිටුහන් කරන්නයි…

මුලින්ම අපි මුල් චිත්‍රපට දෙක ගැන මතක් කරගෙන ඉමු.

පළවැන්නේදී එනම් The Black Stallion (1979) චිත්‍රපටයේදී අපි දැක්කා කළු අශ්වයාව ඇලෙක් රැම්සි කොලු ගැටයාට හමු වන විදිහ. අප දැක්කා ඔහුගේ උත්සාහය සහ අධිෂ්ඨානය කොතරම්ද කියා. ඒ නිසාවෙන්ම ඔහු අතිවිශාල තරඟයකින් ජය ලැබුවා…

දෙවැන්නේදී එනම් The Black Stallion Returns (1983) චිත්‍රපටයේදී අපිට ෂෙතාන්ගේ මුල් හිමිකරු, බෙන් ඊෂාක්ව හමු වුණා. ඔහු ඇලෙක් රැම්සිගෙන් ෂෙතාන්ව පැහැරගෙන අරාබියට ගෙන ගියා. ඇලෙක් අරාබියටම ගියේ තමන්ගේ අශ්වයාව නැවත තමා සතු කරගන්න. එතැනදීත් අපි ඇලෙක්ගේ උත්සහය, ස්ථීර අධිෂ්ඨානය සහ කැපවීම වගේම උපායශීලීබවත් නිසා ලැබූ ජය දැක්කා…

මේ චිත්‍රපට දෙකෙන්ම අපිට ගොඩක් ලොකු ආදර්ශයන් ඉගෙනගත හැකි වුණා…

දැන් අපි මේ ලස්සන චිත්‍රපට පෙළෙහි අවසානය වන, Simon Wincer විසින් අධ්‍යක්ෂණය කළ The Young Black Stallion (2003) චිත්‍රපටය ගැන බලමු. මේ චිත්‍රපටයෙදි අපිට දකින්න ලැබෙන්නේ ඇලෙක්වනම් නෙමෙයි. මේක ඇලෙක්ට බ්ලැක්ව හමු වෙන්න කලින් සිද්ධ වුණු දේවල් පෙන්වන චිත්‍රපටයක්. ඒ කිව්වෙ Prequel චිත්‍රපටයක්.  අපිට නැවතත් බෙන් ඊෂාක්ව දකින්න ලැබෙනවා. බෙන් ඊෂාක් බොහොම කලකිරීමකින් ඉන්නේ තමන්ගේ සියළුම අශ්වයින්ව තමාට අහිමි වීම ගැන. මේ අතරේ බෙන් ඊෂාක්ගේ මිණිබිරිය වන, නීරාට දකින්න ලැබෙනවා ෂෙතාන් කියන තරුණ අස්සයාව. නීරට පුළුවන් වෙනවා ෂෙතාන් එක්ක මිතුරු වෙන්න. ඒත් බෙන් ඊෂාක් කියන්නේ ඔය කළු අස්සයා කියන්නෙ නපුරු හීනයක්, මනෝ විකාරයක් කියලයි… ඇත්තටම ඒක එහෙම නෙමෙයිනෙ නේද?

The Black Stallion Returns (1983) චිත්‍රපටයේ අපි දැක්ක නීතිය මතකද? පරදින ගෝත්‍රයේ අස්සයව දිනන ගෝත්‍රයට යනවා… නීරා හිතනව, ෂෙතාන්ව  පදවලා රේස් එක දිනලා ආපහු බෙන් ඊෂාක්ට තිබුණු කීර්තිය, අස්ස රංචුවක් නැවත ලබා දෙන්න. බෙන් ඊෂාක් ඒකට කැමති වෙයිද? මොනවා සිද්ධ වෙයිද?

ඒ ප්‍රශ්ණවලට පිළිතුරු දැනගන්නනම් බලන්න මේ චිත්‍රපටය…

 

The Young Black Stallion (2003) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Young Black Stallion  (Family Film 2003)  Biana Tamimi, Richard Romanus  Patrick Elyas  (HD)

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

138 downloadsDownload The-Young-Black-Stallion-2003.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/me-bclk.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

138 downloadsDownload Subtitles18 KB

9 comments

  1. Tharidu Sagara

    ada nam mulimma gaththe mama hode
    subta thenks
    torrent aka denawada?ekmanata?

    1. එල්.සී. දමැල්

      @Tharidu Sagara
      දැන් බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්...

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  3. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා..!!

  4. chalana

    thnx bro...

  5. Udara Damith B/K

    niyamayi මේ තුනටම සබ් දුන්නට හෙන අසාවෙන් බලපු එකක්
    මන් මේකේ පොතකුත් කියෙවුවා

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. දමිත්

    උපසිරැසියට ස්තුතියි සහෝ..
    ජයෙන් ජය..