මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.1 ක අගය කිරීමක් පවතින, සමාජ අසාධාරණය සහ ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, රාජේශ් ඛන්නා, මුම්ටාස් සහ ඕම් ප්‍රකාශ් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍ර…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  7.1 ක අගය කිරීමක් පවතින, සමාජ අසාධාරණය සහ ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, රාජේශ් ඛන්නා, මුම්ටාස් සහ ඕම් ප්‍රකාශ්  ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙහි “සුනේ චම්පා” හින්දි ගීතයේ තනුව ආශ්‍රයෙන් ජෝතිපාල කලාකරුවන් සහ කලාශුරීනී ලතා වල්පොල ගැයූ  “දිනේ ලංකා” ගීතය අදටත් ලංකාවේ ඉතාමත් ජනප්‍රියව පවතී.   මෙහි ප්‍රධාන චරිත වන්නේ ආකාශ්, චන්ද්‍රා සහ ධර්මදාස් ය. තරුණ “ආකාශ්” සමාජ අසාධාරණය නොරුස්සයි. ඉතා ධනවත් පුද්ගලයෙක් වූ ධර්මදාස් දිළිඳු සමාජය උදවු කරන්නෙකු ලෙස පෙනී සිටියත් අතිශය වංචාකාරී පුද්ගලයෙකි. මේ නිසා ආකාශ් සහ මොහු අතර ගැටුම් ආරම්භ වේ. ධර්මදාස් ඇතුළු ඔහුගේ සහචරයන් පිරිස ආකාශ්ව මරා දැමීමට සැලසුම් කරයි. එහෙත් ආකාශ්ගේ පෙම්වතිය වූ චන්ද්‍රා නිතරම ඔහුගේ සහයට සිටීම නිසා ආකාශ් දිරිමත්ව මේ සැමටම මුහුණ දෙයි. එහෙත් මෙතැන් සිට පටන් ගන්නා ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!   මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” “සුරාජ්“ , “ගීත්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.  එමෙන්ම Apna Desh (1972) Hindi Full Length Movie යනුවෙන් යු ටියුබ් එකේ ඇති 571 mb ප්‍රමාණයක් සහ, ධාවන කාලය පැය 2 යි, විනාඩි 50 යි, තත්පර 38 ක කාලයක් සහිත වීඩියෝවක් මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න. 

 

එමෙන්ම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය සතියේ මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත  අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දහඅටවෙනි සිංහල උපසිරසිකරණයයි. මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරසි ලබාදෙන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා  උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම. එය ඉතා අගනා දිරිගැන්වීමක්. මෙතෙක් එසේ අදහස් දැක්වීමක් නොකළ අයට, ඒ සඳහා තමාගේ ඊ මේල් ලිපිනය භාවිතා කරමින් අදහස් දැක්වීමක් කරනා ආකාරය පිළිබඳව විස්තරයක් පහළ කමෙන්ටුවකින් දක්වන්නම්. ස්තූතියි!

 

Apna Desh (1972) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.

 

149 downloadsDownload Apna-Desh-1972.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

149 downloadsDownload Subtitles66 KB

25 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Haritha Dayanga

    ස්තූතී

  3. කසුන් හර්ෂණ

    විශිෂ්ටයි සොයුර. දැන් 70 දශකයටත් අතගහල තියෙන්නේ නේද? :-) . මමත් පුලුවන් විදියට ඔබට සහය වෙන්නම්. මේ දිනවල මාත් Mere Jeevan Saathi (1972) චිත්‍රපටය සඳහා උපසිරැසිය නිර්මාණය කරමින් සිටින්නේ.එහි ඉතාම මියුරු ගී කිහිපයක් තියෙනව. ඒ නිසා හැකි පමණ එම ගීත සියල්ලටත් මා උපසිරැසි යොදන්නම්.උපසිරැසිය නිම කිරීමට මට කාලයක් ගත වේවි.ගුණාත්මක උපසිරැසියක් ලබා දීමයි මගේ අරමුණ.ප්‍රියන්ත සොයුරාගෙන් මා තවත් 50 සහ 60 දශකවල චිත්‍රපට බලාපොරොත්තු වෙනවා. ඔබේ ලිපි නම් කදිමයි.එය කියවන විට ඕනෑම රසවතෙකුට දෙවරක් නොසිතා උපසිරැසිය බාගැනීමට සිතෙනව.මා ඔබේ උපසිරැසි වඩාත් අගය කරන්නේ ඔබ ඒවා සරල බස් වහරකින් කාටත් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන නිසයි.එම හැකියාව හැමෝටම නැහැ.අවසන් වරට මා ඔබේ Geet(1970) සිනමා පටය නැරඹුවා.ආයෙත් බලන්න හිතෙනව.ඉතින් මෙයත් අනිවාර්යයෙන්ම මා නරඹනවා. Geet චිත්‍රපටයට Direct ලින්කුවක් සාදා දීම අප සැමටම පහසුවක් වුණා. ඉදිරියේදී Torrent Seeds අඩු හෝ බාගත කිරීම අපහසු චිත්‍රපට සඳහා එසේ ලින්ක් සාදා දෙන්න.එය විශාල පහසුවක්.එමෙන්ම Youtube පිටපත් තිබේනම් ඒවාට ප්‍රමුඛ තැන දෙන්න. මොකද එම පිටපත් බොහෝ විට පැහැදිලි සහ අපට පහසුවෙන් අඩු Mb
    ප්‍රමාණයකින් Direct බාගත කළ හැකි නිසා.

    1. Withanage Priyantha Dayakeerthi

      කසුන් හර්ෂණ සොයුර,
      ඔබත් නිතරම අදහස් දක්වමින් මා දිරිගන්වන සුවිශේෂී කෙනෙක්. එයටත් ගොඩක් ස්තුතියි! ඔබත් පැරණි හින්දි සිනමාපට සබ් කරන්නට තීරණය කිරීම ගැන මට ඇත්තෙන්ම ඉතාමත් සතුටක්. ඒ වගේම ඒවා ප්‍රිය කරනා අනෙක් අයටත් සුබ ආරංචියක් වේවි. ඔබ නවකයෙක්වන නිසා මට හැකි උපරිම ආකාරයෙන් ඔබට සහය වෙන්නම්. නිතරම මෙම වෙබ් එක සමඟද බැඳී සිටින්න. ඒ මන්ද මෙම පැරණි හින්දි සිනමාව ගැන ඔබේ හොඳ රුචිකත්වයක් තිබෙන නිසා. මාගේ ඊළඟ උපසිරසියත් ඔබ කැමතිම එකක් වේවි.

    2. Lasantharathnasirirox

      ස්තුතියි..ටිකක් පරක්කු වුනා නරඹන්න..කමක් නෑ..බොහෝම ස්තුතියි උපසිරැසියට..ජයවේවා !!

  4. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    හැකිනම් Sharmeelee (1971) ෆිල්ම් එකටත් සබ් දෙන්න.
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Withanage Priyantha Dayakeerthi

      තාරක සොයුර,
      ඔබ නිතරම අදහස් දක්වමින් මා දිරිගන්වන සුවිශේෂී කෙනෙක්. එයට ගොඩක් ස්තුතියි! ඔබ ඉල්ලා තිබෙන Sharmilee (1971) සිනමාපටයේ වීඩියෝව දැනටම මා ළඟ තිබෙනවා. දැනට ෆිල්ම් පහක් සබ් කරගෙන යන නිසා ඉදිරියේදී එය අනිවාර්‍යයෙන් ලබා දෙන්නම්. එසේම මෙහි අදහස් දක්වා තිබෙන අනෙක් අයටද මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා!

  6. soshitha nilupul

    sub ekata thanx bro.man podi kaale balapu film.ath ayema balanna asai,puluwannam menna me films walatath sub karanna.obata jaya.
    "mere jeewan saathi" "gora aur kaala" "sachcha jhutha" "daag" "aan milo sajna"

  7. nilupul anuruddhaka perera

    sub ekata thanx bro.man podi kaale balapu film.ath ayema balanna asai,puluwannam menna me films walatath sub karanna.obata jaya. “mere jeewan saathi” “gora aur kaala” “sachcha jhutha” “daag” “aan milo sajna”

    1. Withanage Priyantha Dayakeerthi

      අදහස් දැක්වීමට ස්තුතියි! එය සබ් නිර්මාණය කරන්නෙකුට ගොඩක් ලොකු දිරි ගැන්වීමක්. ඔබ ඉල්ලා තිබෙන ෆිල්ම් පහම මා ඉදිරියේ දී සබ් කරන්නට තීරණයකර තිබෙන ඒවා, ඒ නිසා මේ වෙබ් එක සමඟ බැඳී සිටින්න සතියකට එක බැගින් හෝ දෙන්නම්.

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. udaya saman

    මුලින්ම සමා වෙන්න ඕන.ගිය පාර දාපු geet මූවී eka download කරා ගොඩක් ආසාවෙන් රස වින්ද.සඉට් එකට ගොඩක් අඩුවක් වෙලා තිබුන ෆීල්ම් එකක්.එත්තටම කලින් දුන්න geet මූවි එක මන් dvd එක ගොඩ කාලෙක ඉදන් මා ගාව තිබුන.සඉට් එකට ආවොත් ඉස්සල්ලම බලන්නෙ ඔයාගේ ෆීල්ම් එකක් සබ් දාලද කියල තමා.මහන්සිය ගොඩක් අගයනවා.ඉක්මනින් තවත් පරන සිනමා පටයක් අපට ලබා දෙඉ කියා බලා පොරොත්තු වෙනවා.ඔබට ජය.

  11. වජිර රත්නායක

    හිතවත් ප්‍රියන්ත,
    හැත්තෑව දශකයේ ඉතාමත් ම ජනප්‍රිය වූ චිත්‍රපටයක් ඔයා ගෙනැත් තියෙන්නේ. මේකේ සියලුම සින්දු ගොඩක් ජනප්‍රිය වුණා කියලා කියනවා. සුනෝ චම්පා ගීතය තමයි වඩාත් ම ජනප්‍රිය වුණේ. උපසිරැසියට බොහොම ස්තූතියි

  12. praneeth madu

    බොහොම ස්තූතියි ඔබට ජය.

  13. Deex

    Respect You

  14. Shaun Maximus Dissanayake

    Rajesh - Mumtaz APNA DESH. Great Job Priyantha.

  15. pradeep

    thanks.lakeer eke sub ekath dennako

  16. දහරා මුතු අමා

    බොහොම ස්තූතියි අයියෙ උපසිරැසියට. ඉස්සර බැලුවා. ලස්සනම චිත්‍රපටියක්.
    දැන් ආයෙ අරන් බලන්වා.

  17. nipun gunasekara

    abiman ekata sub dennako film eka yootube eke thiyenawa

  18. Aselaravin

    පැරණි චිත්‍රපටි වලට උපසිරැසි ලබා දීම නම් ඔබට නොනවත්වාම කරන්නටම වේවි...කෙටියෙන්ම කිව්වා ඕන් .....

  19. Withanage Priyantha Dayakeerthi

    Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  20. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  21. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.