මගේ දෙවන උපසිරසි නිර්මාණයත් කරලා ඉවර කළා. මේකට නම් දවස් තුනක් විතර ගියා. මේක box office වාරතා තියපු සම්මාන දහයකට නිර්දේශ වෙච්ච චිත්‍රපටයක්. පාසල් අධ්‍යාපනය ලබන තරුණයන් දෙදෙනෙකුත් තරුණියන් දෙදෙනෙකුත් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. ප්‍රධාන කාන්තා චරිත දෙකම රගපාන්නෙ රූමත්, දක්ෂ නිළියන් දෙදෙනෙක්. චිත්‍රපට…

මගේ දෙවන උපසිරසි නිර්මාණයත් කරලා ඉවර කළා. මේකට නම් දවස් තුනක් විතර ගියා. මේක box office වාරතා තියපු සම්මාන දහයකට නිර්දේශ වෙච්ච චිත්‍රපටයක්. පාසල් අධ්‍යාපනය ලබන තරුණයන් දෙදෙනෙකුත් තරුණියන් දෙදෙනෙකුත් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. ප්‍රධාන කාන්තා චරිත දෙකම රගපාන්නෙ රූමත්, දක්ෂ නිළියන් දෙදෙනෙක්. චිත්‍රපටයෙ චරිත වල නම් “හෙලන්” සහ “ජුලී”. හෙලන්ගෙ චරිතයට ජනප්‍රියතම සහය නිළිය ලෙසත්. ජූලි ගෙ චරිතයට ජනප්‍රියතම නැගි එන නිළිය සම්මාන ලැබිල තියෙනවා. හෙලන්ගේ චරිතය කරන Sarah michelle gellar ට Hottest, Coolest Young Veteran – Female කියලා සම්මනෙකුත් ලැබිලා. අපට ඉතින් ඕව මොකටද. නේද. මේකත් horror thriller mystery ගණයට වැටෙන R වර්ගීකරණයේ චිත්‍රපටයක්. වයස 17 ට අඩු නම් වැඩිහිටියෙක් සමග තමයි බලන්න ඕන.
කතාව ගැන ටිකක් කියන්නම්කො එහෙනම්. චිත්‍රපටය පටන්ගන්නෙ ඩෝසන් වෙරළ තිරයේ ජූලි 4 වෙන්දා පවත්වන උත්සවයකින්. ‘හෙලන්’ රූප රාජිණිය ලෙස කිරුළ දිනා ගන්නවා. හෙලන්ගෙ ප්‍රෙමවන්තයා පෝසත් හොදට බොන කෙනෙක්. හෙලනුයි එයාගෙ ප්‍රේමවන්තයයි ජුලියි ජුළිගෙ ප්‍රෙමවන්තයයි මුහුදු අයිනෙන් වැටිච්ච පාළු පාරක වාහනයකින් යනවා. යන්නෙ ඉතින් විකාර කර කර තමයි. ඔය අතරේ එකපාරටම කෙනෙක් වාහනයට හැප්පෙනවා. ඒ කෙනා මැරිලා කියලා තමයි හිතන්නෙ. හැපුණ කෙනාගෙ මූණ ලේ වලින් වැහිල. ජූලි ඒ කෙනා කවුද කියලා දැනගන්න හදනවා. අනිත් අයට ඕන මොකක් හරි කරලා ඉක්මනට මේකෙන් නිදහස් වෙන්න. දැන් පොලිසි යමු කියලා කෙනෙක් රණ්ඩු, ඇම්බියුලන්ස් එකක් ගෙන්වමු කියල කෙනෙක් රණ්ඩු. මිනිය කන්දෙන් පහළට දාමු කියලා කෙනෙක් රණ්ඩු. මුහුදට දාමු කියලා කෙනෙක් රණ්ඩු. ඔය රණ්ඩු අස්සෙ කොහොමහරි මිනිය කාරෙකේ දාගෙන මුහුද අයිනේ තොටුපළක් ගාවට අරන් එනවා. කට්ටිය රණ්ඩු වෙන අතරේ හැපුණ කෙනාට පණ ඇවිල්ලා හෙලන්ව අල්ලගෙන උදව් ඉල්ලලා කැ ගහන්න පටන් ගන්නවා. කට්ටිය හොදටම කලබල වෙලා හැපුණ කෙනාට ගහලා මුහුදට තල්ලු කරලා දානවා. දැන් ඉතින් හතර දෙනා අයේ මේක ගැන කට හොලවන්නෙ නැහැ කියිලා පොරොන්දු වෙලා වෙන්වෙලා යනවා.
කට්ටියගේ ප්‍රේම සම්බන්ධකම් බිද වැටිලා ජිවිත ඔක්කොම මේක නිසාම මලානික වෙලා යනවා. කොහොමහරි ඊළග ගිම්හාන කාලයත් එලබෙනවා. ජුලීට ලියුමක් ලැබෙනවා “I know what you did last summer” “පසුගිය ගිම්හානයේ කල දේවල් මම දන්නවා” කියලා. මෙතන ඉදලා හැමෝටම බය හිතෙන දේවල් වලට තමයි මුහුණ දෙන්න වෙන්නෙ. ඇත්තටම ඒ කෙනා කවුද? මුහුදෙදි මැරුනද? ඇයි ඒ කෙනා පාළු තැනක රෑ පාරෙ හිටියේ? එහෙනම් හැමොටම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.
පොඩි අතිරේක දෙයක් මෙකෙ දෙවන කොටස I still know what you did last summer 1998, තුන්වෙනි කොටස I’ll always know what you did last summer 2006 කියලා ඇවිත් තියෙනවා. scream 1,2,3,4 මේ වගේ කතා තේමවක් ගත්ත ගොඩක් ජනප්‍රිය චිත්‍රපට 4 ක් තියෙනවා. ගොඩක් අය බලලා ඇති බලපු නැති අය කැමතිනම් අරන් බලන්න. ඊළග උපසිරසියෙන් හම්බවෙමු එහෙනම් අපි ගියා!
80201357F6F690E2E19FA9A428C73CCC7B751D4B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
991 downloadsDownload I.Know_.What_.YDLS_.1997.baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිරෝශන් හේවගේ
Subtitles
28 comments
Kulanjana Maduranga
sssss
thak uuu
Mayura Suraj
MACHAN MACHAN...! kiyala wadak na. man patta asawen hitiye meka balanna. godak pin saho..! :-)
jack
ස්තුතියි සහෝ උපසිරැසියට...
dinidu madushanka
thanks bro
deleepa
මචං පුලුවන් නම් Haunting (1999) චිත්‍රපටියත් සබි කරලා දෙන්න කෝ ඒක මාරම horror ඒකක් එකයි ඉල්ලන්නේ අනේ ප්ලිස් සබ් කරලා දෙන්න කා් ලොකු දෙයක් ඔබට ජය
රොයිලි
බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ඉතුරු දෙකටත් උපසිරැසි දෙමුකෝ. මොකෝ කියන්නෙ? ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
එලකිරි සහො අනිත් දෙකටත් සබ් දුන්නොත් ආයෙ කියලා වැඩක් නෑ :P :P
ඔහොම හිමීට ඒදෙකටත් දෙමු :D :D ජයme
Thanks
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)manju
මේ ෆිල්ම් එක මම බැලුවා 2008දි.මාර ලස්සනයි.Sarah michelle ගෙ රඟපෑම ඇත්තටම විශිෂ්ටයි .බලන්නම වටින මූවි එකක්.thanks සබ් වලට.
නලින්
ස්තුතියි නිරෝශාන් සහෝ සිංහල උපසිරසියට!
ජය වේවා!
Tharindu Perera
supiri filumak vage machannn....
thanks machan sub ekatahhh...
onna bagaththaaa......Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ.
ලස්‍සන ෆිල්‍ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් ලබා දෙන්‍න අවැසි ශක්‍තිය ධෛර්‍යය ලැබේවා!
ජයෙන් ජයම වේවා සහෝ!!!!!!!!!!!!indika
thnq :)
Darshana51
superb...
Nandana
Thank You Niroshan.
නිරෝශන්
සබ් එක ගත්ත හැමොටමත් comment කල හැමෝටමත් ගොඩක් ස්තුතියි. ජයෙන් ජය.
sha
niyamai
Raj
ජයවේවා!
“චූටී මල්ලි”
එල එල
බලන්න හිතයි
සබට තුති
ඔබට ජය..........M THILINA
Thanx
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල සහෝ අනිත් කොටස් ටිකත් දෙන්න,ජයවේවා.
Saketha Pulasthi
Thanks
ගමයා
thanks for the good work
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

maxxaaaaaa.subata thanks NIROSHAN saho.digatama sub demu.jaya wewa……..