අවුරුද්දේ අන්තිම දවසත් උදාවෙලා. බැංකු නිලධාරියෙක් වුනු රන්ධීර් සිං තමන්ගේ ඒකාකාරී තනිකඩ ජීවිතයට සමුදෙන්න තීරණය කරලයි තිබුණේ. කාලයක් ආශ්‍රය කරපු රියා රන්ධීර්ගේ බිරිඳ වෙන්න එක පයින්ම කැමැත්ත දීලයි තිබුණේ. අද, අවුරුද්දේ අන්තිම දවසේ රෑ.. ඒ දෙන්නා විතරක්ම තනියම සමරන්න කතා කරගෙන හිටියා. ඊට කලින් තමන්ගේ ය…

අවුරුද්දේ අන්තිම දවසත් උදාවෙලා. බැංකු නිලධාරියෙක් වුනු රන්ධීර් සිං තමන්ගේ ඒකාකාරී තනිකඩ ජීවිතයට සමුදෙන්න තීරණය කරලයි තිබුණේ. කාලයක් ආශ්‍රය කරපු රියා රන්ධීර්ගේ බිරිඳ වෙන්න එක පයින්ම කැමැත්ත දීලයි තිබුණේ. අද, අවුරුද්දේ අන්තිම දවසේ රෑ.. ඒ දෙන්නා විතරක්ම තනියම සමරන්න කතා කරගෙන හිටියා. ඊට කලින් තමන්ගේ යාළුවන්ටත් හවස ජිම් එකේදී රියා ගැන කියන්න රන්ධීර් හිතාගෙන හිටියේ. හිතුව විදිහටම ආරංචිය අහපුවාම යාළුවන්ගෙන් රන්ධීර්ට බේරිල්ලක් නැති වුනා. රන්ධීර්ගේ සුබ ආරංචිය හින්දා සහ ඒ ගැන්සියේ රෝමි කියන එයාලගේ යාලුවා අද හවසට නිව්යෝක් යන්න ඉන්න නිසාත් යාළුවෝ ටික බෝතල් වලින් ඒ සතුට සමරන්න පටන්ගත්තා. රෝමි නිව්යෝක් යන වෙලාව ලං වෙද්දී කට්ටියම හිටියේ හොඳ සිහියෙන් නෙමේ. ප්ලේන් එකට නගින වෙලාව එද්දී රන්ධීරුත් රෝමිත් හිටියේ හොඳටම වෙරි වෙලා නිදාගෙන. හොඳ සිහියක් නොතිබුණු අනිත් යාලුවෝ ටික කරේ එසේ මෙසේ දෙයක් නෙමේ, රෝමි එහෙමම ඉන්දැද්දී රන්ධීර්ව නිව්යෝක් යන ප්ලේන් ඒකට පටවපු එකයි. මේ මුකුත් නොදන්න රන්ධීර් ප්ලේන් එකට වෙලත් හොඳටම නිදාගත්තා. තමන් එනකම් අරහේ රියා ඇඟිලි ගැන ගැන බලන් ඉන්න එකත්, මෙලෝ හසරක් නොදන්නා නගරයකට තමන් සේන්දුවෙන බවවත් රන්ධීර්ට නිනව්වක් උනේ නෑ…..!
ගොඩක් කල් ඉඳන් බලන් හිටපු දවසත් උදා වෙලා. අවුරුද්දේ අන්තිම දවස. ටික්කු ෂොපින් ගිහින් ගෙදර එන ගමන් හිටියේ. ටික්කු ගුරුවරියක්. ළඟදීම විදුහල්පති කෙනෙක් වෙන හීනය එයාගේ හිතේ හොල්මන් කරා. ඊටත් වඩා ලොකු හීනයක් එයාගේ හිතේ තිබුනා. ඒ ඉක්මනටම ඉෂාන්ගේ බිරිඳ වෙන එක. ඉෂාන් කියන්නේ රජයේ හොඳ රස්සාවක් කරන කඩවසම් තරුණයෙක්. අද රෑ ඒ දෙන්නටම විශේෂ උනේ, අලුත් අවුරුද්ද උදා වෙනවත් එක්කම එයාලාගේ විවාහ ගිවිසගැනීම කරන්න කතා කරගෙන හිටිය නිසයි. බඩු ටිකත් අරන් ටික්කු ගෙදරට ගොඩ වැදුනේ ඉෂාන් එන්න කලින් ලස්සනට ලැස්ති වෙලා ඉන්නයි. එයා ඒ ගමන්ම නිදන කාමරේට ගියා. නිදන කාමරේදී එයා දැකපු දෙයින් එයාට හීන් දාඩිය දැම්මා….!
කංගනා රනාවත් සමඟින් සනී ඩියොල් රඟන I Love New Year තිරගත උනේ මේ අවුරුද්දේ ජුලි 15වෙනිදා. විශේෂම දේ කියන්නේ මේ චිත්‍රපටිය නිකුත් වෙන්න නියමිත වෙලා තිබුණේ 2013 අවුරුද්දේදී. ඒත් විවිධ හේතු නිසා චිත්‍රපටිය තිරගත වීම කල් ගියා. හැමෝටම චිත්‍රපටිය අමතක වෙලා යද්දී, හදිසියේම නිෂ්පාදක මඩුල්ල තීරණය කරා මේ චිත්‍රපටියත් එලියට දාන්න. මේකට කිහිපදෙනෙක් අකමැත්ත ප්‍රකාශ කරා කියලත් ආරංචි වෙනවා. හරියටම කිව්වොත් කංගනා පවා මේ චිත්‍රපටිය දැන් එලියට දානවට කැමති වෙලා නැහැ. මොකද ඉතින් මේ එයාගෙත් නැගගෙන එන කාලේ හින්දා වෙන්න ඇති. කොහොමහරි චිත්‍රපටිය එලියට ආවා. හැබැයි හිතපු විදිහටම ආදායම් අතින් නම් අසාර්ථක උනා. Baahubali සහ Bajrangi Bhaijaan වගේ දැවැන්ත නිර්මාණ එක්ක සමගාමිව තමා මේකත් තිරගත උනේ. ඉතින් රොම්-කොම් එකකට ඉහත චිත්‍රපටත් එක්ක තරඟයක් දෙන්න ගොඩක් අමාරුයි කියලා තමා සමහරු කියන්නේ. චිත්‍රපටිය ගැන මගේ අදහස කිව්වොත් නම්, යම්තාක් දුරකට මං මේක රස වින්දා කියන්න පුළුවන්. කංගනා හින්දද මන්දා, මට නම් මේක අල්ලලා ගියා. ගොඩක් දර්ශන ඇහැට ප්‍රියමනාපයි. වෙලාවකට හිතුනා වේදිකා නාට්‍යයක් බලනවදෝ කියලා. එහෙම ගතියකුත් දැනුනා. ලස්සන සිංදු කිහිපයකුත් තියෙනවා. එහෙනම් රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් මං සමු ගන්නවා. ජය..!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
5CEB12A0453BB05D60F6F8F5FBBCAAD2DFDD5CF31 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
CD64651E53312D937A01A4140462C2AE7499DB9B1.47 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
2F11F48126C57F1DA50C6AD4C7B8B820CA5ED2C2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,642 downloadsDownload I_Love_New_Year_2015_baiscopelk.zip178 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
22 comments
sandun
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ප්‍රණීත් රණසිංහ (PCR)
උපසිරැසියට බොහෝම ස්තුතියි...!!!
තවත් උපසිරැසියකින් හමුවෙමු. :)Chathura Madu
niyamai machan. Meka Enakam Balagena hitiye.
Digatama demu.
:)“චූටී මල්ලි”
tnxxxxxxxxxxxxxxx
thisal
උපසිරැසියට බොහෝම ස්තුතියි…!
kanchana
sthuthiy
Nilnethu
Langdi out Una flops films walatatath subtitles denw!
Eth godak dws request krpu Dil Dhadakne Do wage films wlta subtitles nehe! Hoda copy awe nhe kynw;/! Really upset with you Baiscope gang!!Kulanjana Maduranga
niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
prabuddha
tanx sub akata..bombay velvet aket sub aka denno...
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහො!
ජය!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!D.Chamara
niyami sahoo niyami
Gayan
Thanks...
Jack
නියමයි සහෝ.
අනිවා බලන්න ඕණේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.tiron
මේක ගොඩ කාලෙකට කලින් නිකුත් කරන්න නියමිතව තිබූ චිත්‍රපටියක්.මොකක් වුණත් කමක් නෑ කන්ගනා රනවුත් කියන මගේ ප්‍රියතම නිළිය ඉන්න නිසා බලනවා.ඔබට ගොඩක් ස්තුතියි සහෝ...............
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soniya
I cannot download your subtitles... they say the website is Offline, please check it.. thank you..
Thisara Neo
thanks
Menu
උපසිරැසියට බොහෝම ස්තුතියි :)
එන්.විජිත අසංක
සබ් එක දුන්නට ස්තූතියි සහෝ.. ඔහොම යමු
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx machan