Watch Trailer

I Love You, Beth Cooper (2009) Sinhala Subtitles | පිස්සු හැදෙන ට්‍රිප් එකක් යමුද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් අඩු පාඩු තියෙන්නෙ පුළුවන් හොඳේ. අවරුදු ගානක් බයිස්කෝප් එකත් එක්ක ඉන්න එකේ මටත් හිතුන සබ් එකක් කරන්න. එහෙම හිතුනෙ මාසයක් ගෙදර හිටියනෙ. එහෙම ඉද්දි කරන්න දේකුත් නැති එකේ පරණ ෆිල්ම් ආයෙ බලන්න ගත්ත. එහෙම බලන් යද්දි තමා මේක සෙට් උනේ. මන් මේක 2011 තමා…

කොහොමද යාලුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් අඩු පාඩු තියෙන්නෙ පුළුවන් හොඳේ. අවරුදු ගානක් බයිස්කෝප් එකත් එක්ක ඉන්න එකේ මටත් හිතුන සබ් එකක් කරන්න. එහෙම හිතුනෙ මාසයක් ගෙදර හිටියනෙ. එහෙම ඉද්දි කරන්න දේකුත් නැති එකේ පරණ ෆිල්ම් ආයෙ බලන්න ගත්ත. එහෙම බලන් යද්දි තමා මේක සෙට් උනේ. මන් මේක 2011 තමා බැලුවෙ ඒත් මේකෙ සිංහල සබ් තිබ්බෙ නෑ. මං ආයෙ බලන්න ගද්දි හිතුව දැන් නම් මේකට සබ් එකක් කරල ඇති කියල. එහෙම හිතල බයිස්කෝප් ඇවිත් බැලුවත් සබ් එකක් තිබ්බෙ නෑ. මේකෙ සබ් එක නැති එක නම් බයිස්කෝප් එකේ තිබ්බ ලොකු අඩුවක් වගේ මට දැනුනෙ. ඉතින් එතකොට තමා හිතුනෙ කව්රුත් කරනකම් ඉන්නෙ ඇයි මමම මේකට සබ් එක කරන්න ඕනෙ කියල. එහෙම හිතල සබ් එක කරන්න ගත්තත් වැඩේ හිතන තරම් ලේසි නෑ කියල කරන් යද්දි තමා තේරුනේ. මෙච්චර කල් සිංහල සබ් එකත් එක්ක රහ කර කර ලේසියෙන් ෆිල්ම් බැලුවත් සබ් කරන එක නම් ෆිල්ම් බලන තරම් ලේසි නෑ කියල තේරුනා. ඒත් කොහොම හරි වැඩේ  කරල ඉවර කරා. හරි ඒව දැන් ඇති ෆිල්ම් ඒක පැත්තට හැරෙමු.

මේක නිකුත් වෙන්නෙ 2009 අවුරුද්දෙ. Comedy, Romance ගණයට අයත් මේ ෆිල්ම් ඒක හදන්නෙ Larry Doyle නම් කතුවරයගේ නව කතාවක් ඇසුරෙන්. ෆිල්ම් එක අධ්‍යක්‍ෂණය කරන්නෙ අපි කව්රුත් හොඳට දන්න කියන අධ්‍යක්‍ෂ වරයෙක්. ඒ තමා Chris Joseph Columbus එහෙමත් නැත්තම්  Chris Columbus. අපි ආසාවෙන් බලපු Harry Potter චිත්‍රපට මාලාවෙ චිත්‍රපට කිහිපයක් අධ්‍යක්‍ෂණය කරෙත් එයා තමා. ඉතින් හිතාගන්නකෝ දැන් මේ ෆිල්ම් එක කොහොම ඇතිද කියල. මේකෙ ප්‍රධාන චරිත දෙකට රඟපෑමෙන් දායක වෙන්නෙ Hayden Lesley Panettiere සහ Paul Robert Rust යන නිළි නළු දේපල. මේකට IMDB අගය 5.3/10ක් ලැබිල තියනව. රේටින් ගැන බලල ෆිල්ම් එක බලන්නෙ නැතුව ඉන්න එපා. එහෙම උනොත් හොඳ ෆිල්ම් එකක් මිස් වෙන්නෙ.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, Denis කියන්නෙ පාසලේ ඉන්න කව්රුත් වැඩිය ගනන් ගන්නෙ නැති කෙනෙක්. එයාගෙ යාළුවා Rich Munsch කියන්නෙත් ඒ වගේම කෙනෙක්. ඉතින් මේ පාසලේ ඉන්න පට්ටම සුපිරිම කෙල්ලට (Beth Cooper) Denis ලව් කරනව පොඩි කාලෙ ඉඳන්ම. Denis පාසලේ උපාධි උත්සවේදි හැමෝම ඉදිරියේ එයාගෙ ආදරේ ගැන Beth Cooper ට කියනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ෆිල්ම් එක බලලම දැන ගන්නකෝ. මේ ෆිල්ම් එක කිසිම කම්මැලි කමක් නැතුව හොඳට හිනා වෙවී බලන්න පුළුවන් එකක්. ඒ වගේම තනියම බලනව නම් ගොඩක් හොඳයි. ඉතින් ආයෙත් මේ වගේ ෆිල්ම් එකක් අරගෙන එනකම් දැනට සමුගන්නව. Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

ස්තුතියි,

පොතේ ගුරා සහෝදරයා පෙර පළකරනා ලද ලිපිය

ඕන් හා හා පුරා කියලා අලුත් සතියේ මම කට්ටියටම දෙන්නේ හාස්‍යමය බයිස්කෝප් එකක්.

ලොව පුරා ගොඩාක් ජනප්‍රිය Heroes රූපවාහිනී කතා මාලාවේ Claire Bennet චරිතයට පණ පොවන ඉතාමත් සුරූපී/සරාගී නිළියක් වන Hayden Panettiere වටා තමයි මේ කතාව ගොඩ නැඟෙන්නේ.

කතාව කෙටියෙන් මෙහෙමයි. Dennis කියන්නේ පාසැලේ වැඩකටයුතු වලට බොහෝම දක්ෂ, එහෙත් ටිකක් පසුබට හැසිරීම් රටාවක් තියෙන කොල්ලෙක්. කට්ටියගේම පාසැල් ජීවිතයේ අන්තිම දිනයේදී, සරුවාංගෙ තියෙන ඔක්කොම ධෛරිය එකතු කරලා, තම හිතේ Beth වෙනුවෙන් තියෙන ආදරය හැමෝම ඉදිරියේ ප්‍රකාශ කරනවා. මේ Beth කියන්නේ පාසැලේ ඉන්න නිකම්ම නිකං කෙල්ලක් නම් කමක් නැහැ කියමුකෝ. පාසැලේ පට්ටම කෙල්ල තමා මෙයා, මරුමුස් කොල්ලෙකුත් ඉන්නවා. එතනින් එහාට වෙන දේවල් ගැන ඉතින් අටුවා ටීකා ඕනෙ නැහැනේ. 😉

කතාවනම් එල. මහාලොකු බරපතලකමක් නම් නැහැ. ඒත් හොඳට හිනා වෙලා ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගන්න නම් කියාපු කතාව. Dennis, Beth සමඟ අපුරූ පැය 24ක් ගත කරනවා. ඊට පස්සේ දෙන්නගෙම ජීවිත වෙනස් වෙනවා. ජීවිතේට එකතු කරගන්න දෙයක් නැතුවාම නෙවෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

9,850 downloadsDownload I-Love-You-Beth-Cooper-2009-2.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුජිත් ප්‍රියංකර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

9,850 downloadsDownload Subtitles50 KB

64 comments

  1. ගීත් මිහිර සත්සර

    පළවෙනි සබ එක කරද්දී කොහොමත් අමාරුයි තමා...
    ඒත් මේක ආස හිතෙන වැඩක්... දිගටම කරන්න...
    ඒ වගේම පළවෙනි උපසිරසියට සුබ පතනවා.

    1. sujithj

      බොහොම ස්තුතියි. අඩු පාඩු තියනව නම් කියන්න. ඊළඟ සබ් එකේදී හදාගන්නම්.

  2. ගීත් මිහිර සත්සර

    උපසිරසියට ස්තූතියි...

  3. රොෂාන් ශමීර

    පළවෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්..
    පළවෙනි එක නිසා අමාරුවක් දැනුනට වැඩේ නවත්තන්න එපා.
    දිගටම උපසිරසි හදන්න..
    ~ ජය වේවා ~

    1. sujithj

      බොහොම ස්තුතියි. ඔයාලගෙ කමන්ට් දකිද්දි නවත්තන්න හිතෙන්නෙ නෑ කොහොමත්.

  4. එල්.සී. දමැල්

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ... පළවෙනි වැඩේනේ ඕවා ඔහොම තමයි... හුරු වෙනකොට ආසාවෙන් කරන්න පුලුවන් වැඩක් තමයි උපසිරසකරණය කියන්නේ. එහෙමනම් දිගටම උපසිරස කරන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා පතනවා...
    ජය...

    1. sujithj

      බොහොම ස්තුතියි සහෝදරය.

  5. Anonymous

    මේකට සබ් දීපු එකට ස්තූතියි.තව මේ වගේ මගඇරුනු ෆිල්ම් වලට සබ් දෙන්න.

    1. sujithj

      බොහොම ස්තුතියි. ඒ වගේ ෆිල්ම් තියනව නම් කියනවද සබ් එක කරන්නම්.

  6. indika75

    ස්තූතියි.පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!

    1. sujithj

      බොහොම ස්තුතියි සහෝ..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. sujithj

      බොහොම ස්තුතියි සහෝ..

  8. Rajitha Lakmal

    පළවෙනි සබට සුබ පැතුම් සහෝ. දිගටම කරගෙන යන්න. ජයවේවා

    1. sujithj

      බොහොම ස්තුතියි සහෝ..

  9. Rajitha Lakmal

    පුළුවන් නම් Ong Bak 1,2,3 සෙට් එකට ගැලපෙන සිංහල සබ් සෙට් එක දෙන්න. action ෆිල්ම් සෙට් එකක් නිසා ගොඩක් lines නැහැ.

    1. sujithj

      බොහොම ස්තුතියි සහෝ.. ong bak සෙට් එකට සබ් එක තියනව නේද සහෝ. වෙන Action ෆිල්ම් තියනව නම් කියන්න සබ් කරන්නම්.

  10. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    කොමඩි නම් අනිවා බලනවා...
    දිගටම සබ් කරමු...

    1. sujithj

      බොහොම ස්තුතියි සහෝ

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

    1. sujithj

      බොහොම ස්තුතියි සහෝ..

  12. Thusitha

    බොහොම ස්තුති සහොදරයා ... සබ් එකට

    1. sujithj

      බොහොම ස්තුතියි සහෝ..

  13. satM

    Thanks Bro

    1. sujithj

      ස්තුතියි සහෝ..

  14. Anonymous

    Thanks bro

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ඒ වගේම පළමු උපසිරසට හදවතින්ම සුභ පතනවා...තවත් උපසිරසකින් හමුවෙමු...ජය වේවා..!

    1. sujithj

      බොහොම ස්තුතියි.

  16. D_K_A

    Ado patta machn.. Ela.. Jaya wewa

    1. sujithj

      Thanks machn danaaa..

  17. isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා !!! ඒ වගේම උපසිරැසියට බොහොම ස්තුතියි !!!

    1. sujithj

      බොහොම ස්තූතියි සහෝ...

  18. Dhanushka Dilranga

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    1. sujithj

      Elaazzz.. !!!

  19. Bimbisha

    Thank u ....appreciate !

    1. sujithj

      Thank you. U welcom.!!

  20. Darsh_M

    Thnq bn

    1. sujithj

      Ela machn..!!

  21. Jayasanka

    ගොඩක් ස්තුතියි සබට. තව මෙ වගේ සබ් නැති පරන ඒවට සබ දෙන්න කියල ඉල්ලනවා.

    1. sujithj

      බොහොම ස්තූතියි සහෝ.. එහෙම මගහැරැනු ඵ්ව තියනව නම් කියන්න සබ් කරන්නම්..

  22. CC

    film eka downloard karanna link eka methanin dapanko..nathnam aya hoyanna ona downloard.co eke

  23. Sandeep

    Thanx saho sub ekata

    1. sujithj

      බොහොම ස්තූතියි සහෝ

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. sujithj

      බොහොම ස්තූතියි රොයිලි අයියා..

  25. NisalaRandeniya

    thank you..

    1. sujithj

      thanks for comment

  26. lakshan

    thanks ....................

    1. sujithj

      thanks for comment

  27. Pramukmili

    Thanxx bro..............

    1. sujithj

      Thanks machn..!

  28. sujithj

    මේ සබ් එක කරද්දි මන් අතින් ලොකු වැරද්දක් වෙලා තිබ්බ. ඒකට මන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන් සහ ඔයාල හැමෝගෙන්මත් සමාව ඉල්ලනව. ඒක මට පෙන්නලා දුන්න විමුක්ති විමුක්ති අයියට මම ස්තුති කරනව.

  29. lakshan

    thanks .....................

    1. sujithj

      Elaazzz

  30. Anonymous

    Adey malli ela ela

    1. sujithj

      Thanksss.. ela elaa..

  31. Darsh M

    සුපිරියට සබ් එක කරල තියනව අය්යෙ සුභ පතනවා

    1. sujithj

      බොහොම ස්තූතියි මල්ලී....

  32. Dewadithya

    Thanks for sub!

    1. sujithj

      බොහොම ස්තූතියි.

  33. jagath55

    Thanks

    1. sujith

      Elaa

  34. tharanka

    holidate-2020
    mekatath sub one

  35. Anonymous

    harry potter 2022 film ekee sub. eka onaa