Watch Trailer

Venom (2005) Sinhala Subtitles | සර්ප මිනිසෙකුගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

3වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් ආවා. මේ පාරත් අරන් ආවෙ Horror (වඩාත් බය හිතෙන) චිත්‍රපටයක්. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2005 සැප්තැම්බර් 16 වෙනි දින මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Horror / Thriller (බය / ත්‍රාසය) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් එකේ කථාවට Ratings (ග…

3වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් ආවා. මේ පාරත් අරන් ආවෙ Horror (වඩාත් බය හිතෙන) චිත්‍රපටයක්. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2005 සැප්තැම්බර් 16 වෙනි දින මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Horror / Thriller (බය / ත්‍රාසය) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් එකේ කථාවට Ratings (ගුණාත්මකතත්වය) 4 . 6 ක් තමයි දීල තියෙන්නේ නමුත්..? පුදුම හිතෙන කාරණය තමයි මේ ෆිල්ම් එක ඇමරිකන් ඩොලර් මිලියන 881,779ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තියල තියනවා. ඒකෙන් කියන්නේ මේ ෆිල්ම් එක බලපු පිරිස හොඳ ප්‍රතිචාර දක්වලා තියනවා කියන එක නේද. ඔව් ඒක 100%ක් ඇත්ත.. මේ ෆිල්ම් එක බලපු මුල් දවසෙම මට ඒක තේරුණා. මේ ෆිල්ම් එක පටන් ගත්ත පළමු විණාඩියේ ඉඳන් අවසානය වනතෙක් බය , කුතුහලය යන හැඟීම් වලින් පිරිලමයි තියෙන්නේ. මේ ෆිල්ම් එක පුංචි ළමයින්ට වුණත් බලන්න පුළුවන්. යළිත් මා තාරක, හසන්ත, අසංක සහෝදර ත්‍රිත්වය මතක් කරනවා. මටනම් ඇත්තටම www.baiscope.lk වෙබ් අඩවිය ඉංග්‍රීසි ඉගෙන ගන්න තියන පංතියක් වගේ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ඇග්නස් බෘක්නර් Agnes Bruckner කියන ඇමරිකානු නිළිය මෙයා හරිම ලස්සනයි. මේ ෆිල්ම් එකේ ඇග්නස් බෘක්නර් (ඊඩ්න්) ලෙසත් ජෝනතන් ජැක්සන් (එරික්) ලෙසත් මේගන් ගුඩ් (සීසී) , පැවෙල් ස්සැජ්ඩ (රිකී) ,ලෝරා රැම්සේ (රේචල්) , බිජෝ ෆිලිප්ස් (ටැමී), ඩොනල්ඩ් ජෝසෆ් කොට්‍රෝනා (ෂෝන්) , රික් ක්‍රැමර් (රේ සෝයර්), ඩිබෝරා ඩියුක් (එමී) ලෙසත් රංගනයේ යෙදෙනවා. අධ්‍යක්ෂණය ජිම් ගිලිස්පි, කතාව ෆ්ලින්ට් ඩිලී සහ ජෝන් , බ්‍රැන්ඩන් යන අයගේ.

කතාව ඔන්න අහගන්න… ඇමරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වුන සිදුවීමක් විදිහට තමයි Venom (2005) කතාව ලියලා තියෙන්නේ… අතීත ඇමරිකාවේ අප්‍රිකානු සම්භවයක් ඇතිවෙලා තියනවා මේ අප්‍රිකානුවන්ගෙන් පැවතුණ හයිටි Voodoo ආගමේ පූජකවරියක් වන මැම්බෝ පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් තමයි මේ කතාවේ ඉන්න එමී කියන කෙනා. එමී මේ කතාවෙ ඉන්න සීසීගෙ ආච්චි….. මේ ෆිල්ම් එක පටන් ගනිද්දි සිදුවීම් තුනක් එක දවසෙදි ඒ ගෙවෙන පැය කීපයතුල සිද්ද වෙනවා. (1) පළමු සිදුවීම තමා… එමී කියන වයසක ගැහැණු කෙනා කාර් එකක ඇවිත් වහින වෙලාවක රෑ කැළයක් ඇතුලෙ ඉඳන් වලදාලා තිබ්බ සූට්කේස් එකක් ගොඩට අරන් මන්තර වගයක් මතුරල ඒ සූට්කේස් එකත් කාර් එකේ දාගෙන වාහනෙත් එලවගෙන අවන්හල පැත්තට එනවා. (2) දෙවන සිදුවීම තමා… ඇබර්ක්‍රොම්බි කියන වෙළඳ සමාගම් පුරයට කිට්ටුව පුංචි Town එකක් තියනවා මේ ටවුන් එකේ Lee’s diner නමින් ලොකු බර්ගර් අවන්හලක් තියනවා. මේ අවන්හලෙන් තමා මුලු ටවුන් එකේම ඉන්න අය කන්න බොන්න එන්නේ..
මේ අවන් හලේ වැඩකරනවා ඊඩ්න්, රේචල්, සීසී කියන ලස්සන ගෑණු ළමයි තුන් දෙනෙක්.. කොහොම හරි එදා රෑ මේ ගෑණු ළමයි තුන් දෙනාගෙ අනිත් හොඳම යාළුවො පස් දෙනත් එනවා අවන්හලට රෑ කෑමට… එරික්, ෂෝන්, රිකී, පැටී, ටැමී තමයි ඒ අය.. මේ පස්දෙනාගෙන් එරික් මේ අවන්හලේ වැඩ කරන ඊඩ්න් ට Love… හැබැයි ඊඩ්න් උසස් අධ්‍යාපනය සඳහා කොලොම්බියාවට ඇප්ලයි කරල කියලා එරික්ට ආරංචි වෙනවා. ඊඩ්න් එහෙ ගියොත් එරික්ට ඊඩ්න්ව නැතිවෙයි කියන බයට තමයි මේ ගැන ඊඩ්න් එක්ක කොහොම හරි අද කතාකරනවා කියළා හිතාගෙන එරික් ඇවිත් තියෙන්නේ ? හරි… තුන්වන ප්‍රවේශයට එන්න කලින් මේ කතාවෙ තව චරිතයක් ගැන කියන්න ඕන.. ඒ තමයි රේ සෝයර්, මෙයා මේ ටවුන් එකේ ටිකක් එහා කැලේ පැත්තට වෙන්න Happy Time නමින් ඉන්ධන පිරවුම් හලක් කරගෙන යන කෙනෙක් මෙයාට ලොකූ Truck එකක් තියනවා. රේ.. මේ කතාවෙ ඉන්න ෂෝන් ගෙ තාත්තා.

(3) තුන්වන සිදුවීම තමා… රේත් එනවා එදා මේ අවන්හලට එයාගෙ රෑ කෑම එක අරන් යන්න. ෂෝනුයි රේයි දෙන්න තරහයි (ඒක ඔයගොල්ලන්ට ෆිල්ම් එක බලනකොට තේරෙයි) රේ කෑම එක අරන් Truck එකත් එලවගෙන කැලේ පැත්තට යනවා (එමී කාර් එකෙන් අවන්හල පැත්තට එනවා, රේ කැලේ පැත්තට යනවා) ඉතින්.. රෑ 10 ට Lee’s diner එක වහල ඊඩ්න්, රේචල් දෙන්නත් ගෙවල්වලට යන්න යනවා.. මේ ටවුන් එකයි කැලෑවයි යාවෙන්නේ ලොකු පාලමකින් ඉතින් ඊඩ්න් බයිසිකල් එක පැදගෙන පාලම ලඟට එනකොටම එරික් මග රැකගෙන ඉඳලා ඊඩ්න් එක්ක ලොකු කතාවකට වැටෙනවා.. මේ අතරතුර රේගෙ ට්‍රක් එකත් එතනින් යනවා රේ චුට්ටක් විතර මේ දෙන්නත් එක්ක කතා කරලා පාලම මැදට හරියටම එනකොට. කැලේ පැත්තෙ ඉඳන් මම කිව්වනෙ එමී එනව කියළා.. කොහොමහරි දැන් පාලම මැදදි රේයි එමියි මුහුණට මූණ හැපෙන නිසා එමී කපනවා වාහනෙ ගඟ පැත්තට පාලම පොඩි නිසා එමීගෙ වාහනෙ පාලමෙ හිරවෙනවා එමීගෙ වාහනෙ ගඟට වැටෙන්න ඔන්න මෙන්න.. ඉතිං රේ, ඊඩ්න්, එරික්
මේ තුන් දෙනා හෙන ගේමක් දෙනවා එමීව බේරගන්න.. ඊඩ්න් අඳුන ගන්නවා මේ සීසීගෙ ආච්චි බව නමුත් කාර් එකෙන් එමීව එළියට ගන්නවා. එමී කියනවා කාර් එකේ තියන මගේ සූට්කේස් එකත් අරන් දෙන්න කියළා… ඒක ගන්න රේ කාර් එක ඇතුලට නගිනවාත් එක්කම කාර් එක ගඟට වැටෙනවා රේ කාර් එක ඇතුලෙනෙ කාර් එක ගඟේ ගිලෙනවා.. පස්සෙ එතනට ෂෙරිෆ් ටර්නර් ලොක්කත් එක්ක එනවා.. එතනට සීසීත් එනවා.. පහුවෙනිදා ඊඩ්න් ට ආරංචි වෙනවා ෂෙරිෆ් ටර්නර් ඇතුළු පිරිසක් අතුරුදහන් වුණු බව… මියගිය රේගෙ මළ සිරුරත් අතුරුදහන් වුණා කිව්වාම
ඊඩ්න් ටිකක් බයවෙනවා…????? ඔන්න ඔහොමයි මේ ෆිල්ම් එකේ ආරම්භය සනිටුහන් වෙන්නේ..!

එහෙනම් සබ් එකත් එක්ක ෆිල්ම් එක බලන්න තවත් උපසිරැසියක් එක්ක දිනකදි හමුවෙමු. බයිස්කෝප් සාමාජිකයින් හා මිතුරු මිතුරියන් සියළු දෙනාටම  සදා වාසනා…..!


Venom (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා වලංගු වේ.

2,906 downloadsDownload Venom-2005.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් ජීවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-04-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,906 downloadsDownload Subtitles26 KB

15 comments

  1. Nuwan

    kiyanna wachana na bn thanks aaaa sub ekata man filme eka podi kale baluwa sub nathuwa ayeth balanna asa nisa google eke serch karala sub hoyaddi sub thibune na site eken illuwa sub denna kiyala kohoma hari sub dunnane thanks aaaa sub ekata

  2. harith98

    thankss

  3. CHAMIKA MADUSHAN

    Thank u godak mahansi wela sub ekak hadala manasika thrupthiya pamanakin sehemata oba athulu baiscop siyaluma sampath dayakainta mage acharaya!!!!

  4. චාමික මධුශාන්

    thank u for sub and ur commitment for this social service without any payment
    and I respect all baiscop team

  5. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.....

    Request........

    Candyman movie collection
    Hellraiser movie collection

  6. asa

    thanks

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. indika75

    thanks..

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!

  11. Maduranga Bandara

    supiri film ekak reeta balanna epa.....

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dewadithya

    Thanks for sub!

  14. Anonymous

    මම ‌ෆිල්ම් එක බැලුවා. සුපිරියටම තියෙනවා. හුගක් මහන්සිවෙලා තියෙනවා ඒ්කෙ තියෙන ඉංග්‍රීසි වචන සිංලයට ට්‍රාන්ස්ලේට් කරන්න.... මොකද ඒක වුඩු මැජික් සිද්ධියක් නිසා. පුලුවන් හැම වෙලාවකම උපසිරැසියක් කරන්න උත්සාහ කරන්න. ජය පතනවා.
    මම චූලා

  15. Lasantha Chula

    මම ‌ෆිල්ම් එක බැලුවා. සුපිරියටම තියෙනවා. හුගක් මහන්සිවෙලා තියෙනවා ඒ්කෙ තියෙන ඉංග්‍රීසි වචන සිංලයට ට්‍රාන්ස්ලේට් කරන්න.... මොකද ඒක වුඩු මැජික් සිද්ධියක් නිසා. පුලුවන් හැම වෙලාවකම උපසිරැසියක් කරන්න උත්සාහ කරන්න. ජය පතනවා.
    මම චූලා

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.