Watch Trailer

High Tension (2003) | ප්‍රවේශමෙන් ! බහුවිධ පෞර්ෂ්‍යත්ව ආබාධිත තත්වයකි (18+) [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය ගත් විට, ලෝකයේ විවිධාකාර මානසිකත්වය ඇති පුද්ගලයන් අපට මගතොටේදී හමුවෙනවා. බීමත් මිනිසුන්, විවිධ චර්යා රටා ඇති මිනිසුන්, විවිධ ශාරීරික ලක්ෂණ ඇති මිනිසුන් ආදිය… දිනෙන් දින ලංකාවේ තිබෙන අසහනකාරී පරිසරයත් සමග මිනිසුන්ගේ මනසත් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමට ලක්වෙනවා. ලොකුම තර්ජනය තියෙන්නේ අපේ දරැවන්ට, ඒ…

High Tension (2003)

ලෝකය ගත් විට, ලෝකයේ විවිධාකාර මානසිකත්වය ඇති පුද්ගලයන් අපට මගතොටේදී හමුවෙනවා. බීමත් මිනිසුන්, විවිධ චර්යා රටා ඇති මිනිසුන්, විවිධ  ශාරීරික ලක්ෂණ ඇති මිනිසුන් ආදිය… දිනෙන් දින ලංකාවේ තිබෙන අසහනකාරී පරිසරයත් සමග මිනිසුන්ගේ මනසත් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමට ලක්වෙනවා. ලොකුම තර්ජනය තියෙන්නේ අපේ දරැවන්ට, ඒ ඔවුන්වමෙවැනි මානසික අසහනයෙන් පෙළෙන උන්ගෙන් ආරක්ෂා කරගැනීමේ වගකීම. අන්න, ඒ නිසා අප කළ යුත්තේ සෑමවිටම දෙමව්පියන් සේම රටේ උගතුන්, බුද්ධිමතුන්, වැඩිහිටියන් සෑම දෙනාගේම ආරක්ෂාව එකිනෙකා වෙනුවෙන් සලසා ගනිමින් මේ රටේ අනාගතය හැඩකරන දරැවන් ආරක්ෂා කරගැනීමයි. ඒ ගැන මම කතා කලා මීට ඉස්සර ගෙන ආ සත්‍ය කතාවෙන්. ඒකත් ඔයාට මෙතනින් බලන්න පුලුවන් An American Crime (2007).

වුක්ෂියා, ෆ්ලෑෂ් ඩ්‍රැගන් වලින් පස්සේ ඔයාලා දැක්වූ ප්‍රතිචාර වලින් අනතුරැව මා මගේ ගමන් මග යලි වෙනස් කිරීමට තීරණය කලා. අද මම ටිකක් කතා කරන්න සූදානම් වෙන්නේ, අලුත්ම මාතෘකාවක් ගැන. ඒ තමයි බහුවිධ පෞරුෂත්ව ආබාධය, ඉංග්‍රිසියෙන් මේ සංකල්පය හදුන්වන්නේ Multiple Personality Disorder කියලා. ගැමි වහරෙන් පටන් ගත්තොත් මේකට කියන්නේ අවේශය කියලා. හුගක්ව පුලුල්ව මේ ගැන විකිපීඩියා ඔස්සේ කතා කරලා තියෙන.

හිතන්න මලගිය ප්‍රාණකාරයෙක් මිනිහෙක්ට වැහිලා ඒ මලගිය ප්‍රාණකාරයා, කරන වැඩ, කතා කරන විදිය අර මනුස්සයා කරන්න ගත්තොත්. අපි බයෙන් වෙව්ලන්න පටන් ගන්නවා.. කට හඬ වෙනස් වීම්, ක්‍රියා කරන විදිය. මේ හැමදේම පුදුමයට පත් කරනවා. පෙලෙක් වෙලාවට අපේ නූතන සමාජය මේවා සෘජුවම බැහැර කරනවා. ඔවා බොරැ…දෙයියෝ බුදුන් අදහා ගෙන ඉන්නවා නම් මුකුත් නැහැ. මේවා අපේම සමාජයෙන් ඇහෙන කතා. මේ වගේ ඒවා විද්‍යාත්මකව පහදන්නත් අපේ අය හුගක් උත්සහ ගත්තා. අන්න ඒ තමයි අර මම ඉස්සෙල්ලා කිව්ව සංකල්පය එලියට එන්නේ. මේ Video එකේ තියෙන්නේ පෞරුෂත්ව 7 කින් සමන්විත වෙන ගැහැණූ ලමයෙක්, මේ ළමයාගේ විශේෂත්වය තමයි, කටහඬවල් 07 කින් මේ දරැවාට කතා කරන්න හැකිවීම. ඉතින් මෙන්න මේ සංකල්පය ඇසුරැ කරගෙන අද සිනමාවේ හුගක් පැතිකඩවල් නිර්මාණය වෙන්න පටන් ගත්තා. සාමාන්‍යන් ගත්තොත් A  Beautiful Mind (2001) කියන ෆිල්ම් එකත් මේ සංකල්පයට හුගක් කිට්ටුවෙන් ඉනනවා. දැන් අපි සූදානම්. එක විද්‍යාත්මක සංකල්පයක් පස්සේ හඹා යන්න

එක්තරා ගමක්…. එක්තරා නිවසක්… අයිති හිමිකාරියක්…. යන්නේ තමන්ගේ මිතුරියත් සමගින්… හඹා එන මිනිසෙක්… දාමරියෙක්…. විටින් විට සිදුකරන අසහනකාරී ක්‍රියාකාරකම් සමුදායක්… අවිනිශ්චිත තත්වයක්… අවධානයෙන් සවන් දෙන්න. කිසිම දිනෙක කිසිම චිත්‍රපටියක අවසානය දකින්නැතුව චිත්‍රපටියක් නරඹන්න එපා. මම එහෙම කියන්නේ කාරණයක් ඇතුව. ඒක ඔබට දැඩිව දැනෙන්න පටන් ගනීවී මේ චිත්‍රපටිය අන්තිම වෙනකන් නැරඹුවානම්. ඔබ කවදාවත් නොහිතන, නොපතන, ඇත්තම ඇත්ත සිදුවිමක් මෙසේ අවසාන වුනාද ? කියලා දැනගත්තොත් ඔබ වික්ෂිප්ත වෙන බව නම් නිසැකයි. මේ චිත්‍රපටිය පසුබ්මි වෙලා තියෙන්නේ, එක්තරා ප්‍රදේශයක ඇත්තටම සිදුවුනු සිද්ධි දාමයක් ඇසුරැ කරගෙන. ඒ බව හුගක් බ්ලොග් අඩවි සහතික කරලා තියෙනවා. ඒ නිසා මම නම් කරන්න කැමැතියි මෙය සත්‍ය සිද්ධියක් ඇසුරැ කරගෙන නිෂ්පාදනය කරන ලද්දක් කියලා.

2003 දී තිරගත වීම ඇරඹුණු හයි ටෙන්ෂන් (High Tension) චිත්‍රපටිය Cécile De France, Maïwenn ප්‍රධාන චරත නිරෑපණය කරනවා. පැස්කල්ගේ අධ්‍යක්ෂණයෙන් රසවත් වුනු මෙම චිත්‍රපටිය සම්මාන 05 ක් ද යෝජිත සම්මාන 05 ක්ද දිනා ගන තිබෙන බව ඔබට IMDb පිටුවෙන් සහතික කරගන්න පුලුවන්. කතා තේමාව, සංකල්පය, ගලා යාම ගැන මා වැඩි බරක් තැබීමට අදහස් නොකරන්නේ. එය ඔබේ රසවින්දනයට වක්‍රාකාරයෙන් බාධාවක් වන බව ම සිතූ නිසයි.

මතක තියාගන්න, මෙය වඩාත් සුදුසු වැඩිහිටියන්ට පමණයි. මෙහිදී යම් යම් සංස්ද්ධීන් එක දිගට නරඹන්නට නොහැකියි. ඒවගේ ම පවුලේ සැමටත් නැරඹීමට නොහැකියි. ඒබවත් තරයේ මා අවධාරණය කරනවා. එසේම ඔබ මිනිසුන් දරැණු ලෙස මියයනවා දකින්න, රැධිරය සෑහෙන්න දකින්න බිය නම්, කරැණාකර නරඹන්න යන්න එපා. වගකීමකින් කියන්න කැමැතියි, දරැවන් සමග එකට නැරඹිමෙන් වළකින්න. මේ කතා කරන්න යන්නේ පොළවේ පයගහලා ජීවත්වන සමාජයේ තවත් එක් පැතිකඩක්. ඒ නිසා මෙම චිත්‍රපටිය 18+ කිරීමට මම ගත් තීරණය කාලෝචිතයි. තවද විශේෂයෙන් කියනවානම්, මෙහි එන සිදුවීම් එලෙසින්ම, තාත්විකව සිදුකරන්න අධ්‍යක්ෂකවරයා සෑහෙන්න මහන්සියක් ගෙන තියෙන බවත් සඳහන් කරන්නට අවශ්‍යයි.

විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඔන, දහස් ගණන් අපේ චිත්‍රපටි බලලා, එයිනුත් පුංචි හෝ අදහසක් බයිස්කෝප් එල් කේ වෙත එක් කරන අපේම යාලුවන්ටත්, එදා මෙදා තුර බයිස්කෝප් සම්බන්ධීකරණ කටයුතු කරන මා මිතුරු තරිදු සෙහොයුරාටත්, A.I Engineering Technology Solutions ආයතනය හටත්, colombo-radio.com  අපේ හිතමිත්‍ර රේඩියෝ එකටත්..

ඉතින් ලිපිය අවසන් කරන්න කලින්, මම දෙන්න කැමැතියි.. එක්තරා. අභියෝග ටිකක්…

අංක 01 තමයි – පුලුවන් නම් මේ චිත්‍රපටිය රාත්‍රී 10 ට බලන්න.

අංක 02 තමයි – තනියෙන් බලන්න.

අංක 03 තමයි – බය නොවී එක දිගට බලන්න (භාග  නැරඹීමෙන් වලකින්න.).

පුලුවන් නම් අභියෝග 03 ම දිනලා, ඔයාට දැනුන හැගීම, ආදිය… අන්න ඒක අපිට කියන්න, පුංචි Comment එකකින්.. පුලුවන්නම් අභියෝග 03 ම දිනලා පෙන්නන්න. FB එකකිනුත් ඔයාගේ අත්දැකීම බෙදාගන්න මාත් එක්ක. මාව සෘජුවම සම්බන්ධ කරගන්න. ගිහින් එන්නම්….මතක තියාගන්න…

“ඔබ ගැන ආතතියෙන් පසුවෙන…කෙනෙක් මේ ලොව හිදිනු ඇත, ඒ ආතතිය, භීතියක් බවට පත් කිරීමට, නොකිරීමට වග බලා ගත යුත්තේ ඔබමය… හේතුව ඔබට ඔබ ගැන පාලනයක් අවැසි මොහතක ඔබ, මනා එලඹ සිටි සිහියෙන් ජීවත්වීමට වග බලා ගැනීමය…”

High Tension (2003) on IMDb

 

 

5,970 downloadsDownload High-Tension-2003.zip31 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitles

5,970 downloadsDownload Subtitles31 KB

68 comments

  1. dushman

    THNKS

    1. dushman

      EAKA EAKA ADANAM MAMA EAKA UNA
      THNKS KIWA EAHENAM SUB 1 TA

  2. sds

    thanks saho patta akak wage

  3. nihal

    supiri story akakne sameera

  4. tharanga

    බාන්න දැම්ම එහෙනම් රෑ 10 න පස්සේ බලමුකෝ

  5. ositha

    elakri kollo

  6. lasidu

    බොහොම තුති මචං දිගටම සබ් දෙන්න

  7. ccnp

    Thanks

  8. නලින්

    එළ මැක්සා කථාවක් වගේ

    ජය වේවා

  9. vee

    maxxa machan

  10. uda

    මම හිතන්නේ මේ වගේ එකක් මාත් දුන්නා. හැබැයි ඇත්ත කතාවක්නම් නෙමෙයි, නමුත් රේටින්ග් 7.2ක් ගත්ත සුපිරිම එකක්. ඒක නිසා මමනම් ලොවෙත් බයවෙන්නෙ නෑ සහෝ :D මම මේ වාගේ ඒවාට බයවෙන්නේ නෑ. මොකද මට බයවෙන්ඩ වෙලාවක් නෑ මේ වාගේ එකක් බලද්දී. ඒ තරමට කුතුහලය! කුතුහලය වැඩි වුණාම බය නැතුව යනවා. තිගැස්සෙන්නෙ නෑ කියලානම් කියන්ඩ බෑ ඒත්, මොකද? දර්ශන සංයෝගකරණය මේ වගේ ඒවයේ අනපේක්ෂිතයි සහ කිවනොහැකියි. නමුත් බයනම් වෙන්නෙ නෑ. හිතේ යකා එළෙව්වනේ... ඒකයි ;)

  11. damith

    ela film akak saho

  12. f_live

    හොද කතාවක් වගේ අනිවා බලන්න එපයි

  13. sasika

    math heta download karanna one meyka jaya!

  14. akila

    tx

  15. සචින්ත

    බයනම් නෑ මචෝ, රෑ 10න් පස්සෙ නෙමේ රෑ 12න් පස්සෙ බලන්ඩ ඕන. බලල තොරතුරු දෙන්නම්. ස්තූතියි මචො.

  16. kalinga

    බොහොම තුති

  17. කේ.යූ.ජී. උදාර

    යකෝ මූ බලන්න කලින් ම අපිව බය කරලනෙ...........
    නියමයි කොල්ලො සිංහල සබට තුති.

  18. Chanaka Hasitha naveendra

    talk eka nume adenama deela thiyenawa......film eka kohoma unath ela

  19. lahiru

    ela macchn thaks

  20. shiwantha

    thanks machan

  21. ශාන් විමුක්ති [ විමා]

    උබ කියන්නෙ මේ මම බය වෙයි කියලද ආ?
    බය කරන්නට හිතුව මදි ඔබ
    තිගැස්සෙන්නෙ නෑ..
    ඕවට නම්...
    අනිවා උබ කියන නිසම 10න් පස්සෙ බලන්නම්කො
    කොහොම උනත් මම එකම එක වතාවයි බය උනේ ‍ෆිල්ම් එහෙකට
    බලමු දෙවනි වතාව කොහොම වෙයිද කියලා
    සබට බොහොම තුති මචෝ

  22. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  23. Danuka

    නියමයි කොල්ලො සිංහල සබට තුති.

  24. danushka

    thanks machan.....

  25. dev

    man nam oya baya hitena kata balanne ne boru nisa... .
    bt me wage diga lipiyak dala mage rasaswadaya wedi kara....
    onna demma banna... balamu ehenam ... .

  26. DDSameera

    THANKS ALL OF YOU !! >>
    I M SO MUCH THANKFUL TO YOU >>>

  27. Rajitha Abeysinghe

    මම කියවපු ලිපිවලින් ලස්සනටම ‍ෆිල්ම් එකේ කතාව ලියලා තිබුණු ලිපිය මේක වෙන්න ඕනා.ඔයාට ලස්සනට කරුණු පැහැදිලි කරලා ලියන්න පුලුවන්.ඒ හැකියාව හැමෝටම ලැබෙන්නෙ නෑ.මේ ලිපිය කියෙව්වම මොන වැඩක් තිබුනත් ඒ ඔක්කොම පැත්තකට දාලා මේ ‍ෆිල්ම් එක බලන්න ඕනෙ කියලා හිතුන එකම කෙනා මම නොවෙන්න ඕනේ

  28. හර්ෂ ලහිරු

    බොහම ස්තුතියි සහො

  29. MoOnY

    Univited කියන ෆිල්ම් 1 ත් මේ වගේම කතාවක් සබට ගොඩාක් ස්තූතියි සහෝ

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට, මමනම් බොහෝවිට තනියම තමයි චිත්‍රපට බලන්නේ නමුත් බය උන අවස්ථානම් නැති තරම්,අනික බොහෝවිට බලන්නෙත් රාත්‍රියේ, බලමුකෝ මේක කොහොම වෙයිද කියල,ජයවේවා.

  31. Shakil

    super wage . ela......

  32. thush

    happoo.... antimatane baya wenne..... thanks... lipiyatath godak mahansi wela...

  33. lahiru

    Ela mchan..............

  34. Chami

    ok i'll also take your challenge Thank you very much....

  35. නලින්

    ස්තුතියි සමිර සහෝ

    ජය වේවා!

  36. නලින්

    ස්තුතියි සමිර සහෝ ලිපියත් සුපිරි.. කියෙව්වම බලන්නම හිතෙනවා

    ජය වේවා!

  37. Manjula Kumara Gamage

    අනිවා මම අභියෝගය බාර ගන්නවා.
    බොහොම ස්තූතී යාලුවා
    මම කැමතිම ආකාරයේ චිත්‍රපටියක්
    නරඹන්න අවස්ථාව සලසා දුන්නට...
    ජයවේවා...!!

  38. upul

    THANKS MACHAN

  39. mudiya / මුදියා

    හපෝයි උඹ හදන්නෙ ඔය වගේ අභියෝග භාර දීල අපේ ගෙදර තොවිල් නටවන්නද.මේ දවස් වල අතේ පිච්චියකුත් නැති එකේ මං නම් ඕං මේ හතර පස් දෙනෙක් එක්ක මහ දවාලෙ බලන්න තීරණය කරා.නියම වැඩත් සමීරයො.ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

  40. චතුරංග සුරාජ් පෙරේරා

    විස්තරේ හැටියටනම් බැලන්න වටිනවා !!! බොහොම ස්තුතියි සහෝ කියපු වේලාවෙම තනියම බලන්නේ :D

  41. wimukthi

    machan Will Smith inna "Wild Wild West (1999)" patta movie ekak... comedy sin tiyanawa,,, puluwan nam oke sub eka denna,,, godak watinawa,,,,

  42. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. chiran

    macho! mamath iye meka beluwa. pattama thama. but, machan mata puluwan meka re 1ta unath balanna. mama metawada amu holman films balala thiyanawa. meke athi holmanak ne. bayak kiyayala mata denunema ne. a unata hoda athdakimak labuna. thank sub 1ta.

  44. Emi

    thanks..........

  45. සංජය

    බොහොම ස්තුතියි සමීර සහෝ..

  46. nadeera

    Lipiya Nam mAXXSA Ekata Liyala Eth Me Kathawanam melo rahak na kisima therumak nathi pissu ekak aththatama meka download wenakam balan idiyatath padui .kata hari kiyanna puluwanda me pissu story eke theruma ..

    1. Sameer

      hee.this is very attractive..Please see this Youtube Link : http://www.youtube.com/watch?v=7TlYGivBGYE
      This is very similar to this.

      යාලුවා....ජීවිතයේ අපි බලන චිත්‍රපටි ...අවසන් වුනාම දවස් ගාණක් කල්පනා කරන්න පුලුවන් හේතුවක් අපිට එයාලා දෙනවා...එන්න ඒ හේතුව තමයි ඔයාට මතු වෙලා තියෙන්නේ..අර කෙල්ල..වෙනත් ආවෙශයකින් තමා..ඒ දේවල් සිද් ද කරන්නේ..මෙක ඇත්ත කතාවක්...හරියටම කියනවා නම්...අපිට මිනීමරුවෙක් ඇගට වැහුනම ..වෙන දේ .වගේ ..ආවෙශය ....විද්‍යාත්මකව ගත්තම ඒ ක ට කියන්නේ ..මල්ටිපල් ඩිසෝඩර් ...තත්වයක් කියලා...

    2. nadeera

      Eka Hari Yaluwa Mata Therenawa Eth Mehema Pissu Kthawak Hadala Mokakda Minissunta Samajayata Denna Hadanne .Movie Eka Purawatama Minimara Manussayek Innawa .Passe Pennanawa E Minimarum Serama Kare Movie eke main act Karana Girl Kiyala .Bahu Wiwida Paurshayak Thiyana Minissu Athi Eth Meke Mokakda Eththatama Pissuwak Kiyala Arenda Wena Hithena Kisima Deyak Nane

  47. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  48. Crish

    Pissu hadei wage. thanks saho..

  49. සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  50. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.