Watch Trailer

I swear (2025) Sinhala Subtitles | වචනවලට යට නොවුණු හදවතක කතාව [සිංහල උපසිරැසි] 18+

I swear (2025) Sinhala Subtitles ජෝන් ඩේවිඩ්සන්… ඔහුට තමන්ගේ සිරුර පාලනය කරගන්න බැහැ. සිතුවිලි වලට කලින් වචන එළියට පනිනවා. සමාජය ඔහුව දකින්නේ විහිළුවක්, කරදරකාරයෙක් නැත්නම් පිස්සෙක් විදියට. නමුත් මේ ඝෝෂාකාරී, පරුෂ වචන පිටුපස ඉන්නේ ආදරය සහ පිළිගැනීම සොයන ඉතාම සංවේදී අහිංසක මිනිසෙක්. ​කුඩා කාලයේදීම ට…

I swear (2025) Sinhala Subtitles

ජෝන් ඩේවිඩ්සන්… ඔහුට තමන්ගේ සිරුර පාලනය කරගන්න බැහැ. සිතුවිලි වලට කලින් වචන එළියට පනිනවා. සමාජය ඔහුව දකින්නේ විහිළුවක්, කරදරකාරයෙක් නැත්නම් පිස්සෙක් විදියට. නමුත් මේ ඝෝෂාකාරී, පරුෂ වචන පිටුපස ඉන්නේ ආදරය සහ පිළිගැනීම සොයන ඉතාම සංවේදී අහිංසක මිනිසෙක්. ​කුඩා කාලයේදීම ටුරෙට්ස් (Tourette’s) සහලක්ෂණය නිසා පාසලෙන් කොන් වෙන, තමන්ගේම පියාට පවා තමන්ව දරාගන්න බැරිව දාලා යනකොට ඒ පුංචි හිතට දැනෙන වේදනාව වචනවලින් කියන්න බැරි තරම්. “තාත්තා ගියේ මම නිසා නේද?” කියලා එයා නිතරම වගේ අම්මගේන් අහනවා.

​නමුත් දෛවය ඔහුට සහමුලින්ම පිටුපාන්නේ නැහැ. තමන්ගේම පවුලෙන් සහ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙද්දී, ඩොටී නම් ආදරණීය කාන්තාව සහ ඇගේ පුතා මරේ, ජෝන්ට අලුත් ජීවිතයක් දෙනවා. ලේ නෑකමකට වඩා මනුස්සකම ලොකු බව ඔවුන් ජෝන්ටත්, මුළු ලෝකයටත් පෙන්නුම් කරනවා. ප්‍රජා මධ්‍යස්ථානයේ භාරකරු වන ටොමී, ජෝන්ව විශ්වාස කරලා රස්සාවක් දෙනකොට, ජෝන් තමන්ගේ වටිනාකම තේරුම් ගන්න පටන් ගන්නවා.

​මේ කතාව පුරාවටම ජෝන් විඳින නින්දා අපහාස, පොලිසිය සහ උසාවිය ඉදිරියේ ඔහු අසරණ වන අවස්ථා ලස්සනට හැඟීම්බරව ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔහු ලබන පුංචි ජයග්‍රහණවලදී ඔබටත් නොදැනීම සතුටු කඳුළු ඒවී. ​”I Swear” කියන්නේ හුදෙක් රෝගී තත්ත්වයක් ගැන කියවෙන චිත්‍රපටයක් පමණක් නෙමෙයි. එය සමාජයේ නොදැනුවත්කම නිසා කොන් වූ මිනිසෙක්, ආදරය සහ මනුස්සකම හමුවේ නැවත නැගී සිටින ආකාරය පෙන්වන, හදවතටම දැනෙන අසීමිත ධෛර්යයේ කතාවක්.

​ජීවිතේ වැටෙන තැන්වලදී නැගිටින්නේ කොහොමද කියලා ඉගෙන ගන්න, අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ආදරණීය සිනමා නිර්මාණයක්! මේ ෆිල්ම් එකේ ඩිරෙක්ට් ලින්ක් අපේ බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් වගේම ටෙලිග්‍රෑම් එකෙනුත් ගන්න පුළුවන්.

තවදෙයක් විශේශයෙන් කියන්න ඕනි මේ චිත්‍රපටයට 18+ කියලා සඳහන් කරේ මේකේ අසහ්‍ය දසුන් ඇති නිසා නෙවෙයි. මේ චිත්‍රපටයේ තියෙන වචන හැසිරවීමේ රටාව හින්දා. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

😉 ජය ශ්‍රී 😉

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.

636 downloadsDownload I.Swear_.2025.zip57 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Die My Love (2025) Sinhala Subtitles

Subtitles by

යසිරු හසරංග

Subtitles

636 downloadsDownload Subtitles57 KB

5 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේ වටිනා ෆිලුමට සබ්එක දුන්නට

  2. anu

    parana hodama filim udata ganna eka patta.. sub ekath supiri. thz

  3. Sahan Gayantha

    thanks wewa Yasiru saho sub ekata

  4. MAALnath

    thanks........good luck......

  5. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤