ඔන්න යාළුවනේ, මම අද අරගෙන ආවේ මගේ 155 වන උපසිරැසිය ! මේ පාර මම අරන් ආවේ , හැමෝම මග බලාගෙන හිටපු සුපිරිම හින්දි කොමඩි ෆිල්ම් එකක් වෙන “Housefull 5”. මේකේ විශේෂත්වය තමයි, මේ චිත්‍රපටයට Ending (අවසානයන්) දෙකක් එකතු කරලා තියෙන එක. ඉතින් ඔයාලට ඒ දෙකම එකම විදිහට බලලා එපා වෙයි කියලා හිතලා, මම මේ සබ් […]

ඔන්න යාළුවනේ, මම අද අරගෙන ආවේ මගේ 155 වන උපසිරැසිය ! මේ පාර මම අරන් ආවේ , හැමෝම මග බලාගෙන හිටපු සුපිරිම හින්දි කොමඩි ෆිල්ම් එකක් වෙන “Housefull 5”.
මේකේ විශේෂත්වය තමයි, මේ චිත්‍රපටයට Ending (අවසානයන්) දෙකක් එකතු කරලා තියෙන එක. ඉතින් ඔයාලට ඒ දෙකම එකම විදිහට බලලා එපා වෙයි කියලා හිතලා, මම මේ සබ් දෙක වෙනස්ම ස්ටයිල් දෙකකට පරිවර්තනය කළා. ඒ වගේම මෙහි තියෙන ලස්සන සින්දු ටිකත් රස විඳින්න පුළුවන් වෙන්න උපරිම උත්සාහයකින් සිංහලට හැරෙව්වා. ඔයාලට මේ අවසානයන් දෙකම බලනකොට අලුත්ම අත්දැකීමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. සමහරු කියන්නේ මේක කලින් ඒවගේ තරම්ම හාස්‍යජනක නැහැ කියලයි. ඒත් මගේ අදහස නම්, හැම ෆිල්ම් එකකම ලොකු කතාවක් හොයලා ඔළුව රිදවගන්න ඕනේ නැහැ. නිකම් බලලා හිනා වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. ඉතින් වැඩි බරක් නැතුව නිදහසේ බලන්න පුළුවන් විනෝදාත්මක චිත්‍රපටයක් විදිහට මම මේක ඔයාලට අරන් ආවා.
මේ පාර Housefull සෙට් එකම සෙට් වෙන්නේ සුඛෝපභෝගී නෞකාවක් ඇතුළේ. අක්ෂේ කුමාර්, රිටේෂ් දේශ්මුක් එක්ක තවත් තරු පිරිසක් මේ නෞකාවේ යන ගමනකදී සිද්ධ වෙන පටලැවිලි පේළියක් තමයි හාස්‍යජනක විදිහට ගලාගෙන යන්නේ. කවුරු කවුරුත් බොරු කියන්න ගිහින් අන්තිමට ඒ බොරු බේරගන්න කරන දේවල් තමා තියෙන්නේ. නෞකාව ඇතුළේ සිද්ධ වෙන මේ මහා වියවුල කොහොම ඉවර වෙයිද? ඒක බලන්නම වෙනවා.
ඔයාලට මේ චිත්‍රපට මාලාවම මුල ඉඳන් බලන්න ඕන නම් මෙන්න ලිස්ට් එක:
ඉතින් මගේ 155 වැනි නිර්මාණය විදිහට මේ “Housefull 5” උපසිරැසිය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. හිනා වෙන්න ලෑස්ති වෙලාම මේක බලන්න!
බුදු සරණයි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDRIP පිටපත සඳහා අදාළ වේ.
1,320 downloadsDownload Housefull-5.zip153 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි අසංක සහෝ ෆිල්ම් දෙකටම සබ් එක දුන්නට...