Watch Trailer

Iceman: The Time Traveller (2018) AKA Bing feng: Yong heng zhi men Sinhala Subtitles | අයිස් මිනිසා 2: කාල යාත්‍රිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…! බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං මං මගේ තුන්වෙනි උපසිරැසත් අරන් ආවා. හැබැයි මේ සැරෙත් මං අරන් ආවේ චීන ෆිල්ම් එකක්ම තමා. ඇත්තටම මං මේ සැරේ කරන්න හිටියේ චීන එකක් නෙමෙයි. ඒත් මං වැඩිපුරම කැමති Fantasy, Adventure, Action වගේ ෆිල්ම් වලට තමා….. ඒ විදියේ හොලිවුඩ් ෆිල්ම් වලට ගොඩක්ම සබ් හැ…

ආයුබෝවන්…! බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං මං මගේ තුන්වෙනි උපසිරැසත් අරන් ආවා. හැබැයි මේ සැරෙත් මං අරන් ආවේ චීන ෆිල්ම් එකක්ම තමා. ඇත්තටම මං මේ සැරේ කරන්න හිටියේ චීන එකක් නෙමෙයි. ඒත් මං වැඩිපුරම කැමති Fantasy, Adventure, Action වගේ ෆිල්ම් වලට තමා….. ඒ විදියේ හොලිවුඩ් ෆිල්ම් වලට ගොඩක්ම සබ් හැදෙන හින්දා තමා මං චීන ෆිල්ම් වලට දෙන්න හිතුවේ….. ඒ වුණත් කලින් දෙකක් කරපු හින්දා මේ සැරේ හොලිවුඩ් එකක් කරන්න කියලා පොඩ්ඩක් හොයලා බැලුවම මට අහම්බෙන් වගෙයි තමා මේ ෆිල්ම් එකේ වෙබ් සයිට් එකකින් සෙට් වුණේ.

ඉතිං ඉස්සෙල්ලාම මම මේකේ පළවෙනි ෆිල්ම් එක තමා දැක්කේ…. ඒකට බයිස්කෝප් එකේ චලිදු දේශාන් සහෝ සබ් එක කරලා තිබ්බේ…. ඉතිං මං දැක්කා මේකේ දෙවනි ෆිල්ම් එකකුත් තියෙනවා. ඒ වගේම ඒකේ සබ් එක ඉල්ලලත් තියෙනවා. අනික පළවෙනි බැලුවම හිතුණා මේකේ දෙවනි එකට සබ් එක කරා නම් හොඳයි කියලා…… කොහොමහරි වැඩේ ස්ථීර කරගෙන වැඩේ පටන් ගත්තා. ඔන්න ඕකයි ඉතිං වුණේ.

හරි එහෙනම් මං දැන් මේ ෆිල්ම් එක ගැනයි කතාව ගැනයි විස්තර කියන්නම්කො….. මේක ඉස්සෙල්ලාම තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2018 නොවැම්බර් 02 දා චීනෙදි තමා.මේක Fantasy, Drama, Actions ගණයට තමයි අයිති වෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Raymond Yip. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නෙ Huang Jianxin. හැබැයි මේකෙ අදායම් ගැන හරි හැටි විස්තරයක් නම් සදහන් වෙන් නෑ. මේකේ පළවෙනි ෆිල්ම් එකේ හිටපු ප්‍රධාන හා සහයක චරිත වලට රංගනයෙන් දායක වුණු Donnie Yen, Baoqiang Wang, Shengyi Huang, Kang Yu, Simon Yam නලු නිලි පිරිසයි ඊට අමතරව Yasuaki Kurata, Shuying Jiangll ඇතුළු නලු නිලි පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනවා.

ෆිල්ම් එකේ විස්තරේ එහෙම කියද්දී කතාව ගැන මෙහෙම කියන්නම්. අනිවාරෙන් මේක බලන ඔයාල මේකේ පළවෙනි බලලා ඇති බලලා නැත්නම් බලන්න. මොකොද හරියට මුල මැද අග ගලපගන්න පුලුවන් වෙන්නේ එතකොටයි. ඒ කොහොම වුණත් මේකේ පළවෙනි ෆිල්ම් එක ගැනත් පොඩි මතක් කිරිමකුත් යනවා. ඒ වගේම මින්වල ඉතිහාසය හො යින්ගේ පොඩි කාලේ අතීතාවර්ජනයක් එක්ක තමා ෆිල්ම් එකේ කතාව යන්නේ…. මොකද මේ කතාව කාල තරණය ගැනනේ. ඉතිං එතකොට අතීතයත් වර්තමානයත් ගැන ලොකු සම්බන්ධයක් තියෙනවා.

හරි එහෙනම් පළවෙනි ෆිල්ම් එක බලපු අයට මතක ඇති හො යිනග්ව වතුරට වැටෙනවා…. ඉතිං මේකේ ඒ වතුරට වැටුණ හො යින්ග්ව යුවාන් ලොන්ග් ගොඩ අරන් නිහුත් එක්ක ආපහු චක්‍රය හරහා කාලය හරහා ගිහින් අතීතය වෙනස් කරන්න දරන උත්සහය තමයි මේ කතාවේ තියෙන්න. ඒ වගේම මේ කතාවේ මූලික හරය ගැන කියනවනම් ඒදත් අදත් හෙටත් මිනිස්සු එකිනෙකාට මරාගෙන ලබා ගන්නා උත්සහ කරන “බලය” තමා මේ කතවේ මූලික හරය.

ඉතිං මේ කිවුව විස්තර ටිකත් එක්ක අන්තිමටම මොකද වෙන්නේ කොහොමද හො යින්ග් එයාගේ ප්‍රශ්න ටික විසදගන්නේ කියලා ෆිල්ම් එක බලලම බලාගන්නකො…. එහෙනම් දැන් ඇති, මං දැන් යනවා.යන්න කලින් කියන්න ඕන, හිතේ සතුට වෙනුවෙන් මේ කරන නිර්මාණ වලට පොඩි කමෙන්ට් එකකින් දිරියක් දෙන්න…. මේක මට විතරක් නෙමෙයි. සබ් හරන හැමෝම වෙනුවෙන් කරන පොඩි මතක් කිරීමක්…………. ඉතිං ඔයාලට මේ සබ් එක ගැන මොනවහරි ප්‍රශ්නයක් වැරද්දක් අඩු පාඩුවක් එහෙම් තියෙනවානම් කියන්න මං බලන්නම්, හදාගන්නම්.

එහෙනම් මං යනවා. ආයේ හොලිවුඩ් ෆිල්ම් එකක සබ් එකකින් හම්බවෙමු…. සියලුදෙනාටම,

තෙරුවන් සරණයි !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

9,619 downloadsDownload Iceman.The-TimeTraveller-2018.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුවන් ලක්ෂාන්

Subtitles

9,619 downloadsDownload Subtitles37 KB

45 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekata....

  2. kasunsau

    thank you very much for the sub machan.
    downlode link eka thawama update ne anith site eke.

    1. RuwanLakshan93

      Mkvzone වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.

  3. suren831018

    patta machan....... patta...a......

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  5. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa!

  6. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  7. kelumchathuranga

    thanks

  8. Pasindu16022

    Thank you bro....

  9. gihan perera

    ස්තුතියි සහෝ...මේකේ 1 වැනි ෆිලුමත් පට්ට..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

    1. navodya

      මේකෙ 1ෆිල්ම් එකේ නම මොකක්ද

    2. RuwanLakshan93

      Iceman 2014 ඒ ෆිල්ම් එක ආවේ.

  10. dsdkavishka

    Thenks for sub bro

  11. navodya

    මේකෙ 1 ෆිල්ම් එක මොකක්ද

  12. Ishan_thilina

    Sub ekata tnx සහෝ...

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. subodha

    Thanks

  15. RuwanLakshan93

    කමෙන්ට් කරපු ඔයාල හැමෝටම ස්තූතියි...

  16. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!

  17. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  18. Nadeesha rox alahakoon

    Tnx bro subt. Meka enajan bln hitiye

  19. damith_janaranjana

    එලම තැන්ක්ස්

  20. Eranda Malith 2.0

    Thanks saho

  21. Tharaka

    THANKS......................

  22. Lucky9bro

    Thankz Saho Sub ekata.....

    ජය වේවා සහෝ !

  23. sumedasiva

    Tanx

  24. AsithaDilruwan

    ela saho thanks

  25. Prabhasoft

    ela.... thank you...

  26. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  27. dana1991

    Jaya wewa

  28. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  29. Rumesh Asanka

    thank you

  30. suresh kumara

    උපසිරැසියට ස්තුතියි සහෝ........

  31. Rukshan37

    Ela ela

  32. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි! ජයවේවා සහෝ!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. wcr

    Thank You!

  35. ravinduz

    දිගටම මේ වගේ දේවල් කරන්නබ්

  36. chinthaka_shiwantha

    thanks..all the best..action point movie 1 sub denna blanna..

  37. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  38. chinthaka_shiwantha

    thank you all..

  39. sandharu

    Thanks bro

  40. suranuwan

    thanks...

  41. Sandunmax

    Thanks bro

  42. ashan lankanath

    Thanks ...............good luck ...............
    Role model 2008 movie ekata sub denna