කොහොමද ඉතින් හැමෝටම ! මේ පාර බයිස්කෝප් අඩවියේ අඩුපාඩුවක්ව තිබුන චිත්‍රපටියකට තමයි උපසිරැසි ගෙනාවෙ. ගොඩ දෙනෙක් රොකී චිත්‍රපට මාලාව බලලා ඇතිනෙ. 70,80,90 දශක වල අතිශය ජනප්‍රිය උන මේ චිත්‍රපට මාලාව ගැන අමුතුවෙන් වැඩි විස්තර කියන්න ඕනි නෑනෙ. ඉතින් මේ චිත්‍රපටිමාලාවෙ චිත්‍රපට හයෙන් හතරකටම අඩවියෙ සහෝදරයෙක…

කොහොමද ඉතින් හැමෝටම ! මේ පාර බයිස්කෝප් අඩවියේ අඩුපාඩුවක්ව තිබුන චිත්‍රපටියකට තමයි උපසිරැසි ගෙනාවෙ. ගොඩ දෙනෙක් රොකී චිත්‍රපට මාලාව බලලා ඇතිනෙ. 70,80,90 දශක වල අතිශය ජනප්‍රිය උන මේ චිත්‍රපට මාලාව ගැන අමුතුවෙන් වැඩි විස්තර කියන්න ඕනි නෑනෙ. ඉතින් මේ චිත්‍රපටිමාලාවෙ චිත්‍රපට හයෙන් හතරකටම අඩවියෙ සහෝදරයෙක් උපසිරැසි කරලා තිබුනා. ඉතින් මාත් ඒ චිත්‍රපටි හතරම බලලා පස්වෙනි කතාව බලද්දි පස්වෙනි ඒකට කවුරුත් උපසිරැසි කරලා තිබ්බෙ නෑ. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක්ට මගඇරුන රොකී පස්වෙනි කතාවට උපසිරැසි අරන් ආවා. මොකද මේ හැම චිත්‍රපටියක්ම එකිනෙකට සම්බන්ධ වෙනවනෙ. ඒ වගේම “rocky”නමින් විකාශනය උන චිත්‍රපටවල අන්තිම එක තමයි මේක. ඊටපස්සෙ 2006 දි rocky balboa නමිනුයි තවත් චිත්‍රපටියක් එළිදක්වන්නෙ. පස්සෙ තමයි creed 2015 සහ Creed II 2018 බිහිවෙන්නෙ.කොහොම උනත් මේ චිත්‍රපටි මාලාව මුල ඉදන් බලනවනම් මේ කතාවත් නොබලම බෑ.

හතරවෙනි කතාවෙ ඔයාලට මතක ඇති රොකී බැල්බෝආ සහ අයිවන් ඩ්‍රාගෝ අතර ඇතිවෙන මාරාන්තික සටන. මේ සටනෙදි රොකීට ඩ්‍රාගෝගෙන් ගොඩක් දරුණු පාරවල් කීපයක් වදිනවනෙ. ඉතින් සටන අවසානයෙන් පස්සෙ තමයි මේ කතාව පටන්ගන්නෙ. ඩ්‍රාගෝගෙ පහරවල් වලින් රොකීට හොදක් සිද්ධ වෙන්නෙ නම් නෑ. රොකීට සුවකර නොහැකි මොලේ ආබාධයක් කියලා වෛද්‍ය වාර්තා වලින් එළි වෙනවා. ඒ මදිවට එයාගෙ දේපළ ඔක්කොමත් එයාට නැති වෙනවා. බිරිදයි දරුවයි එක්ක රොකී ආයෙත් එයාගෙ පරණ ගෙදරයි ජීවත් වෙන්නෙ. ඉතින් ඔය අතර රොකීට ටොමී ගන් කියලා කොල්ලෙක් හම්බෙනව. එයා හොද දක්ෂ සටන්කරුවෙක්. රොකී තමයි ටොමීගෙ කළමනාකරුවා විදිහට එයාව පුහුණු කරන්නෙත්. ඉතින් රොකී ටොමීට හොදක් කරන්න ගිහින් ලොකු කරදරයක වැටෙන හැටි ඔයාලට බලාගන්න පුලුවන්.

මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John G. Avildsen අධ්‍යක්ෂවරයා. චරිත සහ තිර රචනය Sylvester Stallone ගෙ. IMDb අගය 5.2 ක්. චිත්‍රපටිය පැයකුත් විනාඩි 51ක කාලයක් දිවෙනවා. Sylvester Stallone,Talia Shire,Burt Young ආදී ප්‍රධාන නළු නිළියන්ට අමතරව

රොකීගෙ පුතා විදිහට සිල්වෙස්ටර්ගෙ ඇත්තම පුතා Sage Stallone සහ Tommy Gunn විදිහට ඇමරිකානු බොක්සින් ශූර Tommy Morrison රංගනයෙන් දායක වීමත් විශේෂත්වයක්. ඉතින් මේ චිත්‍රපටියත් ඇමරිකානු ඩොලර් මිලියන 119.9ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් උසුලනවා.

*John G. Avildsen ට ඕනි වෙලා තියෙන්නෙ රොකී අන්තිමට ටොමී එක්ක කරන වීදි සටනෙදි මැරෙන එක. ඒත් රොකී බැල්බෝආ වගේ විශිෂ්ට චරිතයක් මරන්න එපා කියලා ස්ටූඩියෝ එක නියෝග කරලා තියෙනවා.

ඔය ටික තමයි කියන්න තියෙන්නෙ. දැන් වෙලාවනම් හරියටම පාන්දර 1යි. වෙලාව යනව දැනුනෙත් නෑ.😊 කලින් ෆිල්ම් එකට නම් මහන්සි වෙලා උපසිරැසිය කරත් මේකනම් හිමීට කරේ. මොකද කලින් එකේ මහන්සියේ ප්‍රතිපල හොදට පේන්න තිබ්බා. කොහොම හරි මෙච්චර මහන්සි වෙලා සබ් එකක් කරලා ඔයාලා කිසිම ප්‍රතිචාරයක් නොදා යද්දි උපසිරැසි කරන එකත් ඇත්තටම එපා වෙනවා. අඩු ගානෙ බැනලා අඩුපාඩු කියල හරි කමක් නෑ. කොහොමත් හැමදාම comment එකක් දාලා යන්නෙ සුපුරුදු සහෝදර සහෝදරියො ටික විතරයිනෙ. ඒක හරි කණගාටුවට කාරණයක්. ඉතින් ඔන්න ඒ කාරණෙත් මතක්කරා. තවත් බයිස්කෝප් එකක් එක්ක ඉක්මනින් හමුවෙමු. ජයවේවා !!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

2,728 downloadsDownload Rocky-V-1990.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,728 downloadsDownload Subtitles76 KB

21 comments

  1. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Haritha245

    Thank you bro sub ekata

  4. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata..

  5. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරිම වැඩක්

  6. Chamindalakruwan

    Tnz bro sab eka damata mamat anith 4ma baluwa sub ekath akkama.
    Eat mokata sub eka natte mokada kiyala baluwa.
    Godak satutui bro mekata sub eka dunnata
    Adama balanawa sub akkama
    Moka patta katawak

  7. Kavi_madushan

    Elama saho,bohoma sthuthii sub ekt,rocky balboa movie ektth sub eka denno,jayawewa

  8. Priyantha Dayakeerthi

    මධුභාෂණ බණ්ඩාර සොයුර,
    ඔබට කළ හැකි ලොකු මෙහෙයක් තිබෙනවා. මේ වෙබ් එක තුළ දැනට IMDb 250 සිනමාපට බොහොමයකට සිංහල උපසිරසි සපයා තිබෙනවා. එහෙත් දැනට උපසිරසි නොදුන් ඒවාත් තිබෙනවා, ඉතින් එයින් කීපයක් තෝරාගෙන ඉදිරි කාලයේ සබ් දෙනවානම් මැනවි යයි මා යෝජනා කරනවා. ඒ මන්ද පැරණි කලාත්මක සිනමාපට සඳහා මෙම වෙබ් එකේ සබ් කළේ "බුද්ධික නුවන්" සොයුරා පමණයි දැන් ඔහුටත් කාර්ය බහුල වෙලා වෙන්න ඇති සබ් දෙන්නේ නැහැ. මමත් සබ් කරනා කෙනෙක්. මම තෝරාගෙන තිබෙන්නේ වෙනත් අය සබ් නොකරන ෆීල්ඩ් එකක්. එනම් "පැරණි හින්දි සිනමාපට". දැනට සිනමාපට 36 මේ වෙබ් එකට සපයලා තිබෙනවා. ඔබටත් එවන් අගනා මෙහෙයක් මා මේ කරනා යෝජනාව. ඉතින් රොකී ෆිල්ම් හතරම මම බැලුවා. මෙයත් අනිවාර්යයෙන්ම, ඔබේ වෙහෙසින් නිමවූ මේ සබ් වලින් බලනවා. ඔබට ජය!!!

    1. Priyantha Dayakeerthi

      ඉහත කමෙන්ට් එක අනුව මම ඔබට යෝජනා කරන්නේ "පැරණි ඉංග්‍රීසි සිනමාපට" එහි ටයිප් කිරීමේ අඩුවක් තිබුණා කියා මට සිතුණා.

  9. හසිත මධුෂාන්

    ස්තූතියි කියලා යන්න නතර වෙන්නවත් වෙලාවක් නැති අම්බානක බිසී පොරවල් වලට ආතල් එකේ ෆිල්ම් එකක් බලන්න උබේ කාලෙ නාස්ති කරන් සබ් කරන උබට බොහොම ස්තූතියි....! ඒ මිනිස්සු වෙනුවෙන් සබ් කරන්න එපා. ඒත් අවංකවම උබ කරන දේ වටිනා කමක් තියෙන මිනිස්සු දහ පහලොස් දෙනා වෙනුවෙන් සබ් කරපං....

    1. madhubashana bandara

      ස්තූති සහෝ

  10. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තුතියි සහෝ
    සුපිරි වැඩක්
    දිගටම සබ් දෙමු. ජය !!!

    1. madhubashana bandara

      thanks

  11. Toma

    Thank you for the sub...

  12. nisalpasidu

    ade mekanam patta wadeee ahhh..............man lagadi okkuma dwn kala mekatai rocky balona ekatai sub nah man meeka balana dawasema sub dila ban........nikamata ayeth search kara ayeth badu thinawa...............thanks ban ekatanammmmmm................... 6 tath ohommama sub demu

  13. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  14. Mister_X

    Rocky balboa එකටත් sub දාන්න. Thanks

  15. chanaka47

    Rocky film set eka kawada beluwath epa wenne ne ban. Sub eka hadapu ubata ekenma thanks..

  16. Shamal manojan

    Thanks මේ සබ් එකට.
    Rocky Balboa 2006 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?

    Thanks!

  17. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  18. Supun M. Hettigoda

    තෑන්ක්ස් වේවා!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.