ආයුබෝවන් යාලුවනේ සුපුරුදු පරිදි ඔන්න ආයෙත් තෙලුගු සිනමා සිත්තමකින් මම ඔයාලව හමුවෙන්න ආවා. මේ වතාවේ නම් ගෙනවේ IMDb අගය 7.2ක් තරම් ඉහළ අගයක් පවතින 2018 නොවැම්බර් 23 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Thriller කාණ්ඩය යටතේ පෙළගස්වා ඇති පැය 2කුත් විනාඩි 09 පුරා දිවෙන Kamal Kamaraju ප්‍රධාන චරිත නිරූපණය කරන ච…

ආයුබෝවන් යාලුවනේ සුපුරුදු පරිදි ඔන්න ආයෙත් තෙලුගු සිනමා සිත්තමකින් මම ඔයාලව හමුවෙන්න ආවා. මේ වතාවේ නම් ගෙනවේ IMDb අගය 7.2ක් තරම් ඉහළ අගයක් පවතින 2018 නොවැම්බර් 23 වන දින තිරගත වීම ආරම්භ කරන ලද Thriller කාණ්ඩය යටතේ පෙළගස්වා ඇති පැය 2කුත් විනාඩි 09 පුරා දිවෙන Kamal Kamaraju ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටයක්. මුලින්ම මම මේ නළුවගෙ බලපු ෆිල්ම් එක Avakai Biryani (2008) ලස්සනම ආදර කතාවක්, බලල නැතිනම් බලන්න කියල ආරාධනා කරන ගමන් අපි චිත්‍රපටය දෙසට හැරෙමු.
රාධා ඇගේ යහළුවන් සමග සිනමා ශාලාවක ඉදන් චිත්‍රපටයක් බලලා එළියට එන්න ලෑස්තිවෙනකොට මදාවියෝ කට්ටියක් මෙයාලට මග අහුරනවා. බේරිලා යන්න හැදුවත් ඔවුන් ඉඩ දෙන්නේ නැහැ . රාධාගේ යහලුවෙක් එයාගෙ අයියට මැසේජ් එකක් යවනවා කට්ටියක් කරදර කරනව ඇවිල්ල බේරගන්න කියල. පස්සෙ එයාගෙ අයියා ඇවිත් කට්ටියටම හොදටම නෙළලා නංගිගෙ යහලුවන්ව බේරගන්නවා. රාධා මේක දැනගන්නෙ පස්සෙ. ඊට පස්සෙ මෙයා එයාගෙ අයියව අන්දන්න කියල හිතාගෙන යාලුවගෙ ෆෝන් එකෙන්ම අයියට මැසේජ් එකක් දානවා කොලේජ් එකේ කොල්ලො එයාලට රැග් කරල කරදර කරනව ඉක්මනට එන්න කියල. කොහොම හරි මේ හමුවෙන් රාධා සහ යහලුවගෙ අයියා වන වික්‍රම් අතර ප්‍රේම සම්බන්ධක් පටන් ගන්නවා
ඔහොම කාලය ගෙවිගෙන යද්දි දවසක් රෑ රාධා එන වීල් එක කැඩිලා එයාට ටික දුරක් පයින් යන්න වෙනවා. පයින් යනකොට කවුද පස්සෙන් එනව කියල දුවගෙන යනවා මහල් නිවාසයට. එයයි තාත්තයි විතරයි ඉන්නෙ, රාධාගේ අම්මා එයා පොඩි කාලෙදිම අන්ත්‍රා වෙලා. මේ ගැන රාධා පහුවදා වික්‍රම්ටයි යාලුවන්ටයි කියද්දි විහිළු කරනවා හොල්මනක් පස්සෙන් ආව කිව්වාම. ඉතින් රාධා දවසක් දකිනවා තමන් පිටිපස්සෙන් ආව මිනිහා ඉන්නවා පාර අතුගගා තමන් දිහා බලාගෙන. මෙයා ඒ මනුස්සයට බනිනවා මීට පස්සෙ තමන්ගෙ පස්සෙන් එන්න එපා කියල. ඔහොම දින ගණනක් යද්දි මේ දෙන්නගෙ අදරේ ගෙවල් වලින් දැනගෙන විවාහයත් තීන්දු වෙනවා. ඔය අතරේ මහල් නිවාසේ මුරකරුවෙක් නැහැ කියලා පොලිසියෙන් මහල් නිවාසයේ සභාපති තුමාට අවවාද කරනවා ඉක්මනටම මුරකරුවෙක් යොදන්න කියලා.
රාධා දිනක් රාතියේ මහල් නිවාසයට ඇතුළුවෙනකොට මෙන්න මෙයා පස්සෙන් ආව කෙනා මුරකරුවා වෙලා ගේට්ටුව ගාව ඉන්නවා. එයා කාමරේට යනකම්ම මේ මනුස්සයා පස්සෙන් එනවා. දවසක් මේ මුරකරුවා පස්සෙන් ඇවිත් රාධාගේ අතින් අල්ලනවා. මේකට තරහ ගිය රාධා මුරකරුවාට කම්මුල් පහරක් ගහනවා. පහුවදාම මේක මහල් නිවාසයේ අය දැනගෙන මුරකරුවාට යන්න කියනවා. ඒත් මේ මහල් නිවාසයේ ඉන්න කොල්ලො 4ක් දෙනෙක් එකතුවෙලා මුරකරුට හොදටම ගහනවා. මේකට තරහා යන මුරකරුවා, උඹලා හැම එකෙක්ම මැරිලා යයි කියලා තරහට කෑ ගහනවා. ඔන්න පහුවදාම මුරකරුවා කිව්වා වගේ අර කොල්ලන්ගෙන් කෙනෙක් මැරිලා ඉන්නවා. පොලීසියෙන් ඇවිත් විස්තර හොයන්න පටන් ගන්නවා. ඒ අතරතුර තවත් කොල්ලෙක් මරුමුවට පත් වෙනවා….. එහෙනම් දැන් තමයි කුතුහලේ, මුරකරුවා මරන්න ඇතිද ? නැතිනම් වෙන කවුරු හෝ කරන්න ඇතිද ?

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
6,216 downloadsDownload Law-2018.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
23 comments
Kantha_DLA
maikee
thankyou bn sub ekta. උබ දලා තියෙන්නේ මෙකේ කොල්ලා මුලින් හිටිය 2008 avakai biriyani අන්න එ ෆිල්ම් එකටත් සබ් දියන්කො. සබ් ඇවිත් නැ නේ එකට බලන්න. මං love story වලට පට්ට ආසයි බං. පුලුවන් නම් එකටත් හදහන්. එලම
ඔෂද ධනංජය
ok.saho mama try karannam..thanx
Suranga.Welege
Thnks bro
Rumesh dhanushka
Thanks sahooo...
NuwanK
Thank u bro..
lasantham65
kohomada me film eka downlord karanne
ඔෂද ධනංජය
tamiilrockers
Dilruk lahiru
Thanks mcn
Supun_boy
Tnx lokka..
Manjula Senaratna
මේක නිකන් සිංහල ෆිල්ම් එකක් වගේ මෙලෝ රහක් නැති.
සබ් එකට තැන්ක්ස්
එත් මේක පට්ටම ෆිල්ම් එකක් නම නමේ
උඹලා මේක ඩවුන් කලොත් 700mb ගැන නම් දුක හිතෙයි බ්‍රදර්ස්
සිංහල වල වගේම එකට එකක් සෙට් වෙන්නේ නැති සින්ස් ලෝකයක් සහ ප්‍රයිමරි ටයිප් විදියට යන ස්ටෝරි එකක් මේකBama_Boy
thank you!
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!N_R
Thank You.
britney sara
Thanks so much.....
I hope to watch it on today itself..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
santhusha319
thanks mchn
RuwanLakshan93
උපසිරැසට ස්තූතියි ජය වේවා...!
IsuruF
Thnkz bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Shehan putha
thanks bro !
thanks bn,,,,,,,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
thanks bn,,,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
Advertisement
![LAW (2018) Sinhala Subtitles | පළිගැනීමේ අවතාරය ! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/law-2018.jpg)
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!