සුභ දවසක් වේවා හැමෝටම!ඔන්න අද බයිස්කෝප් වෙබ් අඩවියට සුවිශේෂී දවසක් වෙනවා.ඒ මොකද අදට මෙම වෙබ් අඩවියට අවුරුදු 9ක්. ඉතින් බයිස්කෝප් අඩවියෙ 9 වෙනි සංවත්සරය වෙනුවෙන් අපි IMDb Top 250 ඇති චිත්‍රපට පෙළ ලබාදීමට තීරණය කළා. ඉතින් මට බාර උනේ මෙම චිත්‍රපටයයි. Ikiru (1952) සමහරක් අයටනම් එක දහස් නමසිය ගණන් කිව්ව…

සුභ දවසක් වේවා හැමෝටම!ඔන්න අද බයිස්කෝප් වෙබ් අඩවියට සුවිශේෂී දවසක් වෙනවා.ඒ මොකද අදට මෙම වෙබ් අඩවියට අවුරුදු 9ක්. ඉතින් බයිස්කෝප් අඩවියෙ 9 වෙනි සංවත්සරය වෙනුවෙන් අපි IMDb Top 250 ඇති චිත්‍රපට පෙළ ලබාදීමට තීරණය කළා. ඉතින් මට බාර උනේ මෙම චිත්‍රපටයයි.
Ikiru (1952) සමහරක් අයටනම් එක දහස් නමසිය ගණන් කිව්වම අල්ලන්නෙ නැහැ.හැබැයි තවත් සමහරක් අයට මේවායෙ අගය දන්නව. අවංකවම මාත් මුලින්ම පොඩ්ඩක් එපා වෙන ගතියක් තිබ්බ. බැලුවාමයි තේරුණේ මෙවැනි කතා වලින් අර්ථයක් වගේම කෙතරම් රසයක් තිබෙනවද කියල. 1952 වර්ෂයෙදී නිකුත් වූ මෙම චිත්‍රපටය හට IMDb අගය 8.4 ලබාගැනීමට සමත් වෙලා තියෙනවා වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 100% ලබාගැනීමට සමත් වෙලා තිබෙන චිත්‍රපටයක්. විනාඩි 143 පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වන්නෙ Drama කාණ්ඩයි. ඒවගේම තමයි මෙය IMDb Top 250 හි 128 වෙනි ස්ථානයයි.මෙහි රංගනයෙන් දායක වන්නෙ Takashi Shimura | Shinichi Himori | Haruo Tanaka | Minoru Chiaki | Bokuzen Hidari | Kamatari Fujiwara | Nobuo Kaneko | Nobuo Nakamura යන නළු කැලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
ජීවිතය කියන්නෙ හරිම සුන්දර දෙයක්. කෙතරම් ප්‍රශ්න ආවත් ඒවට නොබියව මුහුණ දීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒවගේම අපි කවුරුත් මැරෙන්න බයයිනෙ. සමහරුන් නම් එහෙම නැහැ. හැබැයි හැමදෙයක්ම විදලා නැති කෙනෙක්ට මරණයට උරුමා වෙලා තියෙනව කියන එක කොයි වගේද? මං කිව්වෙ හැමදාම උදේට වැඩට යනවා හවසට ගෙදර එනවා ආයෙ නිදාගන්නවා. ඔච්චරයි ජීවිතෙ කියලා හිතාගෙන හිටපු කෙනෙක්. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ චිත්‍රපටයෙනුත් දකින්න ලැබෙන්නෙ.අපේ කතාවේ ඉන්න ප්‍රාධානියා එහෙමත් නැත්තම් ප්‍රධාන චරිතය ඔන්න උඩ කිව්ව වගේ කෙනෙක්.අවුරුදු 30 එක දිගට වැඩට පැමිණීමේ වාර්තාවකුත් තිබල තියෙන්නෙ.මුහුණෙ එක සිනහවක් නැහැ. කොයි වෙලෙත් බුම්මගෙනමයි ඉන්නෙ. ඉතින් දවසක් මේ හැමදෙයක්ම වගේ වෙනස් වෙනවා. මොහු ටිකෙන් ටික අසනීප වෙන්න අරගන්නවා. මුලින් හිතන්නෙ බඩේ තුවාලයක් කියල. හිතෙන්නෙ නෙමේ ඉස්පිරිතාලෙන් පවා කියන්නෙ එහෙම දෙයක්. හැබැයි ඇත්තටම ඔහුට තියෙන්නෙ බඩේ පිළිකාවක්. අපි හැමෝම දන්නවනෙ මෙවැනි ලෙඩක් තිබ්බම ඒ කෙනා කොච්චර අවුල් වෙනවද කියල. අන්න ඒ නිසාම තමයි දොස්තරවරුන් වෙන ලෙඩක් ලෙස පවසලා හරි ලෙඩේට බෙහෙත් ලබාදෙන්නෙ.ඉතින් මොහු බෙහෙත් අරගන්න ස්ථානයෙ සිටින කෙනෙක් තමයි මොහුට ඒ ගැන කියන්නෙ.ඉතින් ඔහු ගොඩක් අවුල් වෙනවා.මොකද මොහුට අවුරුද්දක් නැත්තම් මාස හයක කාලයක් පමණයි ජීවතුන් අතර සිටින්නෙ. ඉතින් මොහු ටිකෙන් ටිකෙ අකර්මණ්‍ය වෙනවා. අවුරුදු 30ක් නොකඩවා පැමිණීමේ වාර්තාවත් සුනු විසුනු වී යනවා. ඉතින් මොහු බොන්න පටන් ගන්නවා. ඉතින් ඔය වෙලේ මෙයාට අදහසක් පහළ වෙනවා මේ ඉතුරු වෙලා තියෙන මාස ටිකේ අවුරුදු 30කින් නොවිදපු දේවල් විදින්න. මං කිව්වෙ සතුටු වෙන දේවල්. ඉතින් මොහු රාත්‍රිය පුරාවටම සතුටින් සිටිනවා. ඊට පස්සෙ දවසකට මොහුට එක තරුණ කෙල්ලෙක්ව මුණගැහෙනවා. මහජන කටයුතු දෙපාර්තමේන්තුවේ ඔහුත් සමගම වැඩ කරපු කෙනෙක්. ඉතින් මොහු ඇයත් එක්ක එළි පහළට බැහැල විනෝද වෙනවා. හැබැයි මොහු ඇයට තමන්ගෙ ලෙඩේ ගැන පවසන්නෙ නැහැ. ඉතින් මොහුගෙ අසාමන්‍ය හැසිරීම නිසා ඔහුගෙ පුතා තමන්ගේම තාත්තා ගැන වැරැදි වැටහීමක් ඇති කරගෙන නොයෙකුත් දොස් පවරනවා. නමුත් ඔහු තමන්ගෙ වැඩේ නතර කරේ නැහැ. මොකද ඔහු දන්නව තමන් කරන්නෙ හරි දේ කියල. ඉතින් ආයෙ දවසක මොහු අර කියපු තරුණ කෙල්ලව හම්බවෙන්න ගිහින් අහනව “ඔබ සතුටු වෙන්න මොනවද කරන්නෙ” ඇයගෙ එවෙලෙ පවසන්නෙ කුඩා බෝනික්කන් වැනි දේවල් සෑදීමෙන් මා සතුටු වෙන බවයි. ඉතින් ඇය මොහුට පවසනව ඔබත් එසේ සතුටු වෙන දෙයක් කරන්නකො. ඉතින් මොහුට මතක් වෙනවා සති කිහිපයකට කලින් මහජනතාව දරුණුවට අල්ලා සිටි යෝජනාවක් ගැන. ඉතින් එය කුමක්ද?මොහුට මහජනතවගෙ ඉල්ලීම ඉස්ඨ කරයිද? නැත්තම් මොහුට අකාලෙ මැරිල යන්න වෙයිද? එහෙනම් ඉතින් ඔයාලම බලන්නකො.
චිත්‍රපටය පුරාවටම මට දක්නට ලැබුණු තේමාවන් කිහිපයක් තිබ්බ. ඒවා නම්,
- ජීවිතය පිළිබඳව
මරණය කියන්නෙ මෙම චිත්‍රපටයෙ ඇති ප්‍රධාන තේමාවයි.මෙම කතාවේ සිටින ප්‍රධානියා තමන්ගෙ ජීවිතයට අර්ථයක් සෙවීම පිළිබඳවයි.ඒවගේම තමයි මෙහිදී දකින්න ලැබුණු තරුණ කෙල්ල.තරුණියක් නැත්තම් තරුණයෙක් කියන්නෙ ජීවත් වීම පිළිබඳව මනා තීක්ෂන බුද්ධියක් තිබෙන කාලයක්.ඉතින් ඔය ගැන කතාවේදී බෙහෙවින් විදහා පාලා තිබ්බ.
- නිලබල ක්‍රමය
දෙවැනියට දක්නට ලැබුණු දේ තමයි නිලබල ක්‍රමය කියන්නෙ.ඔයාට චිත්‍රපටය මුලදී දකින්නට ලැබෙනවා එක් දුප්පත් අම්මලා කිහිප දෙනෙක් යෝජනාවක් කිරීමට පැමිණෙන සිද්ධියක්.මෙයාලගෙ යෝජනාව වෙන්නෙ කැළිකසළ ප්‍රශ්නයක් විසදගැනීමයි.දන්නවනෙ මේ වගේ ප්‍රශ්න වලින් ළමයින්ට ලෙඩරෝග හැදෙනවා.තව ඩෙංගු වැනි ලෙඩ ගොඩයි.හැබැයි මේකට නිලධාරීන් කිසිම ක්‍රියාමර්ගයක් නොගෙන ඔවුන්ව රස්තියාදු කර හරිනවා.ඉතින් එතනින්ම තේරෙනවනෙ ඒ කාලයෙ තිබ්බ නිලබල ක්‍රමය කොයි වගේද කියල.
- පවුල් ජීවිතය
අවසාන වශයෙන් දක්නට ලැබෙන්නෙ පවුල් ජීවිතය ගැනයි. මේ කතාවේ ප්‍රධානියාට පුතෙක් ඉන්නව කියල දන්නවනෙ. ඔහුගෙ අම්මා නැත්තම් වටන්බෙ-සන්ගෙ බිරිද මිට්සු(පුතා) පොඩි කාලේදීම මැරෙනවා. නමුත් වටන්බෙ-සන් කවදාවත් තමන්ගෙ පුතාට දුකක් නොදී හැදුවා. තමන්ගෙ වෙන කසාදයක් කරගැනීමට හැකියාව තිබුනත් ඔහු එසේ නොකෙරුවා. මොකද තමන්ගෙ පුතාට ඔහු ගොඩක් ආදරෙ නිසා. හැබැයි ඉතින් අවසානයේදී එච්චර සෙනෙහසක් පෙන්වූ තමන්ගෙ තාත්තා ගැන මිට්සුගෙ බිරිද ලොකු වීම හේතුවෙන් වැරැදි වැටහීමක් ඇති කරගන්නවා.
ඔන්න ඔය ඉහත සදහන් කරපු කරුණු තමයි මට චිත්‍රපටයෙන් විදහා පා තිබුණෙ. ඕවා විතරයි නෙමේ තව තියෙනව කෙටි කරල කිව්වෙ. එහෙනම් ඉතින් ආයෙම සැරයක් කතාව බලන්න ආරාධනා කරනවා. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.
1,867 downloadsDownload Ikiru-1952.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
AsithaDilruwan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Helili Hemamali
නියමයි මල්ලි. බොහොම ස්තූතියි!
Wicki
මේවා කවදද එන්නේ කියල බල බලා හිටියේ. විශිෂ්ඨ තීරණයක්. ඔබ සැමට තුති !
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිදු සහෝ.
සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
කොටස් විදිහට කඩලා කතාව ලිපියෙන් නියමෙටම කියලා තියෙනවා.
ජයෙන් ජය.Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Priyantha Dayakeerthi
IMDb ඉහලින් තිබෙන සිනමාපට විශේෂයෙන්ම තෝරාගෙන නරඹන කෙනෙක් වන මා, මෙම සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ අවංක ස්තුතිය! නැවතත් ඉඩ ලැබෙන අවස්ථාවක මෙවැනි ඒවාට සිංහල උපසිරසි ලබාදෙනවානම් ඉතා අගයකොට සලකමි. ඔබට ජය!
anunethu
Superb
Priyantha Dayakeerthi
IMDb ඉහළ එකක් නම් අනිවාර්යයෙන් නරඹනවා, ස්තුතියි!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.........!
anunethu
බොහොම හොඳ එකක්...මේ වගෙ පරණ movie වලට sub දෙන්න...thanks
Waruna Kamalawansha
නියමයි සහෝ... බොහෝම ස්තූතියි
sasanka
thanks for the sub
Nilanka Hapuarachchi
බොහොම ස්තූතියි. ඔබලාගේ වෙබ් අඩවිය පැරණි සිනමාව රස විඳින්න කැමති අය වෙනුවෙනුත් ඉටු කරන සේවයට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

IMDb 250 පෙරහරක් වගේ..
ජය වේවා රවිදු රුක්ෂාන් සහෝ
ගොඩාක් පින්..
තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
“අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!