Watch Trailer

Idi i smotri (1985) AKA Come and See Sinhala Subtitles | ගිනිගත් දේශයක කදුලු කතාව……..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Salesman (2016) සල්ලාලයාගේ මළගම…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම මේ උපසිරැසිය කරන්න බාර ගත්තු දවසේ ඉදලා අද වෙනතුරුම කොහ…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Salesman (2016) සල්ලාලයාගේ මළගම…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම මේ උපසිරැසිය කරන්න බාර ගත්තු දවසේ ඉදලා අද වෙනතුරුම කොහොම හරි සංවත්සරේ දවසට කලින් ඉවර කරන්න කියලා දවස ගානේ ඊ මේල් දාපු මැසේජ් එවපු සමීර කරුණාරත්න සහෝට වගේම හසන්ත වික්‍රමරත්න සහෝටත් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මොකද අන්තිම දවස වෙනකල් මම මේක ඉවර නොකර චුයින්ගම් එක වගේ ඇද ඇද ඉන්න එක ඉවසා වැදෑරුවට.

9 වෙනි සංවත්සරය වෙනුවෙන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන තෑග්ගක් විදියට තමයි IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම සිනමා නිර්මාණ 250ට අයිති මේ සිනමා නිර්මාණයේ උපසිරැසියත් ඔබ අතට පත් වෙන්නේ.  මොකද හොඳ කාල වලදි වගේම අමාරු කාල වලදීත් බයිස්කෝප් අඩවියත් එක්කම අත්වැල් බැදගෙන දිරිය දුන්න ඔබ හැම දෙනාම නිසා තමයි අද වෙනකොට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය මේ වගේ තැනක තියෙන්නෙ. ඒ නිසා වසර 9ක් පුරාවටම බයිස්කෝප් සිංහලෙන් එක්ක හිටපු මේ වෙනුවෙන් මහන්සි උන දහඩිය හෙලූ ඔබ හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි…….!

1985 දී තිරගත උන මේ සිනමා සිත්තම එදා මෙදා තුර සෝවියට් රුසියානු ඉතිහාසයේ දෙවන ලෝක යුද්ධය අලලා නිපදවුන සිනමාපට අතුරින් නිර්මාණය වූ විශිෂ්ටතම සිනමාපටය වශයෙන් අවිවාදයෙන් යුතුව පිලිගැනෙනවා. නමුත් මේ සිනමා නිර්මාණයේ අඩංගු අතිශය සංවේදී රූපරාමු නිසා වසර 8ක් යනතෙක් තහනම් ලේබලය යටතේ වාරනය කරලා ප්‍රදර්ශනයට අවසර නොදීමට එවකට සෝවියට් රුසියානු රජය කටයුතු කලත් අවසානයේ 1985 වසරේදී සෝවියට් රුසියානු රතු හමුදා විසින් ජර්මානු හමුදාවන් පරාජය කරලා දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමේ 40 වන වර්ෂ සැමරුම නිමිත්තෙන් ප්‍රදර්ශනයට අවසර ලබා දෙනු ලබනවා. මෙහි අඩංගු සංවේදී දර්ශන මොන තරම් නම් තාත්විකව නිරූපණය කරල තියෙනවද කියනවා නම් එවකට මේ සිනමා පටය ප්‍රදර්ශනය කල සිනමා ශාලා තුල ක්ලාන්ත වන නරඹන්නන් රෝහල් ගත කිරීමට වෙනම ගිලන් රථ පවා සූදානම් කරල තියන්න සිද්ද උනාලු. ඒ කොහොම උනත් එවකට වාර්තා පිට වාර්තා තබමින් තිරගත උන මේ සිනමා සිත්තම නැරඹූ ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව රුසියාව තුල පමණක් මිලියන 29කට ආසන්නයි. මීට අමතරව 58 වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටියට හිමි සම්මානය වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව ඉදිරිපත් කලේත් මේ සිනමා සිත්තමයි.

මේ සිනමා සිත්තමේ කතාව මෙන්ම තිර රචනය සිදු කර ඇත්තේ අධ්‍යක්ෂක Elem Kilimov සහ දෙවන ලෝක යුද සමයේ ජර්මානු හමුදාවන්ට එරෙහිව ගරිල්ලා භටයෙකු ලෙස සෝවියට් දේශය වෙනුවෙන් සටන් කල Ales Adamovich විසිනි. වරෙක Elem Kilimov ප්‍රකාශ කලේ සිනමා පටයේ තිර රචනය කියවාගෙන යන විටදී මෙහි සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ට දරා ගත නොහැකි තරම් කුරිරු සිදුවීම් අඩංගු බව තමන්ට තේරුන නිසා ඒ ගැන Ales Adamovich ගෙන් විමසූ බවයි. එහිදී ඔහු පවසා ඇත්තේ ” එහෙනං අපි මේක මිනිස්සුන්ට නොපෙන්නා ඉදිමු. ඒත් යුද්ධයේ තියෙන කුරිරු බව වගේම සාමය වෙනුවෙන් කරන්නා වූ ආයාචනාවක් විදියට හරි මැරෙන්න කලින් අපි දැකපු මේ දේවල් ලෝකෙට කියන්න ඕනෙ….” අවසානයේදී සම්මානනීය රුසියානු සිනමාකරු Elem Kilimov ගේ අවසන් සිනමා නිර්මාණය ලෙසින් මේ සිනමා සිත්තම නිර්මාණය වූ අතර 2003 වසරේදී ඔහු මියයන තුරාවටම වෙනත් කිසිදු සිනමා නිර්මාණයකට ඔහු දායක නොවිනි.

ෆ්ලියෝරා කියන්නේ සෝවියට් රුසියාවේ ඈත ගම්මානයක අම්මයි නංගිල දෙන්නයි එක්ක ජර්මාන්නුත් එක්ක යුද්ධෙට ගියපු තාත්තා ආපහු ගෙදර එනකල් බලාගෙන ඉන්න පොඩි කොලු ගැටයෙක්. ජර්මාන්නු තමන්ගේ මවුබිමට කරන විනාශය බලා ඉන්න බැරි නිසා මෙයා තීරණය කරනවා ගෙදරට හොරෙන් ගිහින් ජර්මාන්නුන්ට විරුද්ධව සටන් කරන රුසියානු ගරිල්ලා සෙබලුන්ට එකතු වෙන්න. ඒත්තු වක්කුවක් නැතුව ගරිල්ලා භටයෙක් වෙන්න බැරි නිසා මෙයා තව යාලුවෙකුත් එක්ක අත් ඇරලා දාපු  පරන යුධ අගලක් හාරලා පරන තුවකකුවක් හොයා ගන්නවා. එතනින් එහාට මේ සිනමා සිත්තමේ කතාව ගැන වැඩි දෙයක් මම නොකියන්නේ මේක වචන වලින් විස්තර කරන්න බැරි ඔබේ දෑසින් එක්වරක් හෝ නැරඹිය යුතුම සිනමා නිර්මාණයක් නිසාවෙන්මයි.

එහෙම නං IMDb වර්ගීකරනයට අනුව 8.2/10 ලබා ලොව හොදම සිනමා නිර්මාණ 250 අතුරින් 168 වන ස්ථානයේ වැජඹෙන Rotten Tomatoes වර්ගීකරනයේ 95% ක් ලබාගත් මේ සම්මානනීය සිනමා සිත්තම රස විඳින්න ඔබටයි මේ ආරාධනය. මිනිත්තු 142ක් පුරාවටම ඔබේ දෑස් කදුලින් පුරවාලන, ඔබව සිහින් හඬින් ඉකි බිඳ හඬවාලන මේ සිනමා සිත්තම කලක් ගත වන තුරාවටම ඔබේ හදවත රිදවාලන ගැඹුරු සුසුමක්ව හද පතුලේ රැඳී තියේවි.

” පිළිම නෙලා නැති විරුවන් පිරිසක්…..
සැමරුම් දින නැති විරුවන් පිරිසක්…..
සැතපෙන බව පස් කඳු යට රහසේ…..
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී….. “

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,552 downloadsDownload Come-and-See-1985-1.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,552 downloadsDownload Subtitles35 KB

45 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Kantha_DLA

    machan koheda download link....?

    1. හසිත මධුෂාන්

      මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් moviescounter වෙබ් අඩවියෙන් බොහොම පහසුවෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

    2. janaka shamantha

      thanks kiwwata

  3. Rasanga Heshan

    ela bro

  4. dedunu

    bro......me wage supiri film ekak dunnata..
    ගොඩක් ස්තුතියි....

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Bandaramudiyansi

    මම ලිපිය බාගයක් විතරයි කියෙව්වෙ හරිද
    කියවන එක පැත්තකින් දාල ලින්ක් එක හොයන්න හිතුන සබ් එක අරම්. හෙතුව නම් සහෝදරය ඔයා මෙකට කලින් salesmen 2016 මුවී එක ඔයා කරපු එකක් කියල මතකෙට ආවෙ දැම්. ඇත්තටම තාම එ සිනමාපටය මතකයේ තියෙනව . ඇත්තටම එකත් ඔබේ ලිපියේ සිත් ඇදගන්න විස්තර කිරීමත් එක්ක තමා ඩව්න්ලොර්ඩ් කරගත්තෙ. එ අරගෙනත් සතියක් විතර ගිහින් බැලුවෙ. මාරම කතාව එක නම්. එකෙන්ම මට මෙක දෙපාරක් හිතන්න එක වැලැක්කුව ඔබේ විස්තර කිරීමත් එක්ක. බොහොම ස්තුතියි අපගේ රසවින්දන සදහා මෙවැමි නිර්මාණ මහන්සි වෙලා උපසිරැසි ගන්වල ගේන එකට. මෙක රුසියානු එකක් හින්දයි ගන්නම හිතුනෙ ඇත්තටම කියනව නම් මම පුද්ගලික english චිත්‍රපට වලට වඩා විදෙස් ,වෙනත් මෙවැනි රටවල චිත්‍රපට වලට ගොඩක් අස කරනව. එවල වෙනස්ක් තියෙනවමයි
    බොහොම ස්තුතියි ............. baiscopelk happy birthday එකට දාපු පලවෙනි කමෙන් එක... ජය........ ❤

    1. Bandaramudiyansi

      Br link ekak hoyaganna na ne please help

    2. හසිත මධුෂාන්

      ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වෙන ෆිල්ම් කියන්නේ ලෝකෙ වටේ නිර්මාණය වෙන දහස් ගනන් ෆිල්ම් අතර පොඩි කොටසක් විතරයි. ඒත් අපි සාමාන්‍යයෙන් බලන්න තෝර ගන්නේ ඉංග්‍රීසි ෆිල්ම් විතරයි. වෙනත් භාෂා වලින් හැදුන ෆිල්ම් බැලෙනවා අඩුයි. මේ භාෂා ගැටලුව නිසා අපිට ලෝකෙ වටේ එක එක රටවල් වල නිර්මාණය උන සුපිරි ෆිල්ම් හුගාක් මගඇරෙනවා.

      ලගදීම තුර්කියේ සහ ඔස්ට්‍රියාවේ නිර්මාණය උන සුපිරි ෆිල්ම් දෙකක සිංහල උපසිරැසිත් සමග නැවත හමුවෙමු.

    3. හසිත මධුෂාන්

      මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් moviescounter වෙබ් අඩවියෙන් බොහොම පහසුවෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

  7. Jaime Lannister

    thnx bro sub ekta.digtma krgena ymu

  8. ranga11112

    9 වෙනි උපන් දිනයට මගෙන් සුභ පැතුම් සහො..... මේ දාන විස්තරය බලපු නිසා මම මේ පිලුම බලන්න ගත්තෙ.. ඇත්තටම මම පරණ ඒවා බලන්න ආස කෙනෙක් නෙමෙයි... එත් දැන් දිගටම බලයි වගේ.... සබ් එකට බොහොම පිංසිදුවෙනවා යලුවා.....

  9. හසිත මධුෂාන්

    කමෙන්ට් එකක් දාල යන්න නතර උන හැම දෙනෙක්ටම බොහොම ස්තූතියි.....!

    මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් moviescounter වෙබ් අඩවියෙන් බොහොම පහසුවෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

    1. Bandaramudiyansi

      moviecounter ☝ එකේ තිබ්බ කොපි එකට සබ් එක ගැලපෙන්නෙ ණම් නැ. අනික එක ඩිවිඩී රිප් එකක් බ්ලුරේ කියල සදහන් වෙලා තිබ්බට. බ්ලුරේ එකක් නැද්ද

  10. Wicki

    මේවා කවදද එන්නේ කියල බල බලා හිටියේ. විශිෂ්ඨ තීරණයක්. ඔබ සැමට තුති !

  11. තරිඳු පෙරේරා

    බොහොම ස්තුති සහෝ වෙනත් මේ වගේ සුපිරි ගනයේ නිර්මාණ දෙනවට බොහොම ස්තුති නැවතත්

  12. tharindu gunarathna

    thanks

  13. Suranjan

    Thanks machan.....jayawewa......!

  14. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
    සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
    වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
    මං හිතන්නේ IMDB 250 හැම එකකටම දැන් සිංහල තියෙනවා වගේ.
    ජයෙන් ජය.

  15. AsithaDilruwan

    IMDb 250 පෙරහරක් වගේ..
    ගොඩාක් පින් හසිත මධුෂාන් සහෝ
    තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
    “අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  16. James DC

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට. ඔයා දෙන සබ් එකක් නම් ඉතිං අනිවා බැලිල්ලක් තමා...

  17. Rodrigo

    ස්තුතිවන්ත වෙනවා මේ මහඟු සේවාවට... ජයෙන් ජයම වේවා...!!!

  18. Pathum Aroshana

    <3

  19. visartnadeera

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට

  20. visartnadeera

    GODAK STHUTHI SUB EKATA,JAYEN JAYA

  21. චාමර වීරසේකර

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට

  22. jagath55

    Thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. lakshan94

    Idi i smotri torrent link hoyala danne bri da

  25. jayanathRajapaksha

    ටොරන්ට් එක කොහොමද හොයා ගන්නෙන්...මට හොයා ගන්න බෑ..පුලුවන් කොනෙක් තියෙනවා නම් දෙන්නකෝ..

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Pasan_Madusankha

    Bohoma Sthuthiy Mithrayaa.. Jayen Jaya..

  28. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  29. tdsk

    ලස්සන ෆිල්ම් එකක් . බොහොම ස්තුතියි. ඔයාගේ වටිනා කාලය කැපකරමින් අන් අයගේ රසවින්දනය වෙනුවෙන් කරන සේවයට පුළුවන් කමක් තිබුනොත් victory 1981 film එකට sub ලබාදෙන්න

    1. හසිත මධුෂාන්

      වෙනස්ම විදියේ සිනමා සිත්තමක් වගේ නේද සහෝ...?
      මම බලලනම් නෑ. බලලම කියන්නම් කොහොමද කියලා...

  30. sathyajith

    Thanks for the Sub

  31. Maduwa306

    Thanks bro

  32. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  33. Anonymous

    thanks

  34. Akila Dilhara

    Thanks Brother...❤

    1. Anonymous

      O

  35. Bhashana Rashmika

    මට Soldier boy කතාවේ සිංහල උපසිරසත් දෙන්න පුළුවන් ද?

  36. Anonymous

    Great job brother

  37. Anonymous

    Mekata gelapena copy eka kohomada hoya ganne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.