මේ ලෝකේ සිද්ධවෙන හැම හොඳ දෙයකම, පොඩි හරි නරකක් තියෙනවම තමයි. ඒ වගේම තමයි, මේ ලෝකේ සිද්ධවෙන හැම හොඳ හෝ නරක දෙයකම, ඒ වගේම, හැම ක්‍රියාවක් පසුපසම, “කැමැත්තක්” තියෙනවා. මේ කැමැත්ත එක එක දේවල් වලට ඇති වෙන්න පුළුවන්. ගෑණු ළමයින්ට… රත්තරන් වලට… පදවි තානාන්තර වලට… කීර්තිය ලබාගැනීමට… මත්පැන් පානය කරන්න, ආගම…

මේ ලෝකේ සිද්ධවෙන හැම හොඳ දෙයකම, පොඩි හරි නරකක් තියෙනවම තමයි. ඒ වගේම තමයි, මේ ලෝකේ සිද්ධවෙන හැම හොඳ හෝ නරක දෙයකම, ඒ වගේම, හැම ක්‍රියාවක් පසුපසම, “කැමැත්තක්” තියෙනවා. මේ කැමැත්ත එක එක දේවල් වලට ඇති වෙන්න පුළුවන්. ගෑණු ළමයින්ට… රත්තරන් වලට… පදවි තානාන්තර වලට… කීර්තිය ලබාගැනීමට… මත්පැන් පානය කරන්න, ආගම වෙනුවෙන්… මේ වගේ ගොඩක් දේවල් වෙනුවෙන්. එතකොට, ඔයාට කැමැත්ත ඇති වුනේ මොනවා වෙනුවෙන්ද? තව ටිකක් සරල කරලා අහන්නම්. ඔයාට කැමැත්ත ඇති වුනේ හොඳ දෙයක් වෙනුවෙන්ද? නැත්නම්, නරක දෙයක් වෙනුවෙන්ද? එහෙමත් නැත්නම්, සාමාන්‍ය දෙයක් වෙනුවෙන්ද? නැත්නම් අසාමාන්‍ය දෙයක් වෙනුවෙන්ද? කතාවක් තියෙනවා, කවුරුහරි කෙනෙක් මොකක්හරි දෙයක් කැමැත්තෙන් කරනවා නම්, ඒ දේ සීයට සීයක්ම නිවැරදිව කරනවා කියලා. නිකමට හිතලා බලන්නකෝ, කාටහරි නරක දෙයක් වෙනුවෙන් කැමැත්තක් ඇති වුනොත් කොහොමට තියේවිද? කතා දෙකක් නැහැ, ඒ කෙනා ඒ කැමැත්ත ඇතිවෙච්ච නරක වැඩේ සීයට සීයක්ම නිවැරදි ආකාරයෙන් කරාවි!
රුද්‍රා! අනිත් හැමෝටම එක එක විදියේ “කැමති” ඇතිවෙද්දී, මේ රුද්‍රට තිබුනේ පුදුමාකාර කැමැත්තක්. මරන්න! මිනිස්සු මරලා දාන්න වියරු රුද්‍රගේ හිතේ තියෙන්නේ පුදුමාකාර කැමැත්තක්… පුදුමාකාර ආසාවක්! තමන්ගේ හද පතුලෙන්ම පැන නැගපු ආසාවකින් මිනිස්සු මරපු රුද්‍රා, ඒ කර්තව්‍යය සීයට සීයක්ම නිවැරදි ආකාරයෙන් ඉටුකලා යැයි කිව්වොත් ඒ මුසාවක් නෙමෙයි. සැබවින්ම, අහන කෙනාගේ ඇඟේ හිරිගඬු පිරිලා, පිළිකුලක් ඇතිවෙන ආකාරයට මිනිස්සු මරලා දාන්න රුද්‍රා දැක්වූවේ පුදුමාකාර සහජ දක්ෂතාවයක්! පුදුමාකාර කුසලතාවක්!
රුද්‍රා මතුවෙන්නේ කොහෙන්ද,
එතන තියෙන CCTV කැමරා අක්‍රිය වෙනවා!
රුධිරය වැඩි කාලයක් පුරාවට ගලාගෙන යන්න,
රුධිරය කැටි ගැසීම සඳහා බෙහෙතක් එන්නත් කරලා,
ශරීරයේ මුළු රුධිරයම එලියට ගලා එන්න සලස්වලා,
අදාළ පුද්ගලයා මැරෙන ආකාරය නරඹමින්,
කුරිරු සතුටක් ලබනවා!
මළ සිරුරේ ඇඟිලි සලකුණු නැහැ!
DNA සලකුණු නැහැ!
පැහැරගත් තැනැත්තා ඝාතනය කරන්න කලින්,
කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලුවත්,
සල්ලි නෙමෙයි රුද්‍රගේ අරමුණ.
මිනිසුන් බිහිසුණු ආකාරයෙන් ඝාතනය කරමින්,
ඔවුන් මැරෙන ආකාරය දෙස බලමින් කුරිරු සතුටක් ලැබීම.
රුද්‍රා කියන්නේ එක්තරා ආකාරයක,
අතිශය භයානක මානසික රෝගියෙක්!
මෙන්න මේ විදියට තමයි රුද්‍රා කියන බිහිසුණු, වියරු ඝාතකයා ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන්න පුළුවන්. ඊට අමතරව, ඔහු සතු අතිශය සූක්ෂම බුද්ධි මහිමය සහ උපායශීලීත්වය නිසා දක්ෂතම බුද්ධි අංශ නිලධාරීන්ට හෝ ඔහු කොටුකර ගැනීම අතිශය දුෂ්කර කර්තව්‍යයක් වුණා. මොකද කියනවා නම්, තාක්ෂනය උපරිම ආකාරයෙන් භාවිතා කරපු ඒ රුද්‍රා, පොලීස් නිලධාරීන්ගේ ඊළඟ පියවර කුමක් වේවිද කියලා පොලිස් නිලධාරීන්ටත් කලින් අනුමාන කරලා, ඒ අනුව තම සැලසුම් නිර්මාණය කරපු අතිශය සූක්ෂම අපරාධකාරයෙක්. හිතාගන්නවත් බැරි විදියට මිනිස්සු මරලා දාපු කෛරාටික ඝාතකයෙක්.
නමුත්, මේ සියලු කරුණු කාරණා පසුපස අදහාගත නොහැකි කාරණාවක් තිබෙනවා. ඒ තමයි, වසර පහකට පෙරාතුව ඝාතනය කරන ලද රුද්‍රා නමැති බිහිසුණු ඝාතකයා තමයි මේ ආකාරයෙන් නැවත කරලියට පැමිණ, නැවතත් බිහිසුණු ආකාරයෙන් ඝාතන රැල්ලක් නිර්මාණය කරනු ලබන්නේ. මේ සියලු කරුණු කාරණා පසුපස ඇති වැළලී ගිය සත්‍යයේ අඳුරු සෙවණැල්ල කුමක්ද? වසර ගණනාවකට පෙර මියගිය බිහිසුණු ඝාතකයෙක් නැවත පැමිණෙන්නේ කෙසේද? බුද්ධි අංශ නිලධාරීන්ට වඩා ගව් ගණනාවක් දුර දක්නා නුවණක් සහිත විචක්ෂණශීලී, කෛරාටික, මානසික රෝගී ඝාතකයෙකු නීතියේ රැහැනට කොටු කරගන්නේ කෙසේද?
දමිළ සිනමාවේ සුපර් ස්ටාර් කියලා කිව්වාම රජිනි ඛාන් කියලා නොදන්නා කෙනෙක් ඉන්න බැහැ. එතකොට, දමිළ සිනමාවේ “ලේඩි සුපර් ස්ටාර්” කියලා කිව්වම “නයන්තරා” කියලත් නොදන්නා කෙනෙක් ඉන්නවා නම් වෙන්න බැහැ. එදා මෙදා තුර දකුණු ඉන්දීය සිනමාවේ, කාන්තාවක් ලබාගත් ඉහලම ජනප්‍රියත්වය තමන් සන්තක කරගනිමින්, දකුණු ඉන්දීය සිනමාවේ අංක එකේ නිළිය ලෙස විරාජමානව වැජඹේන්නාවූ නයන්තරාගේ නවතම සිනමා සිත්තම තමයි මේ ආකාරයෙන් ඔබවෙත රැගෙන එන්නෙ. අවසානයට තිරගත වූ චිත්‍රපට කීපය සඳහාම “බ්ලොක්බස්ටර්” ලේබලය අලවගන්න සමත් වෙච්ච නයන්තරා, Action, Thriller, Mystery, Crime යන කාණ්ඩ යටතේ, 2018 වර්ෂයේ අගෝස්තු 29 වෙනිදා මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් කරන ලද ඇයගේ නවතම සිනමා සිත්තම, Imdb දර්ශකයේ 7.9 ක දැවැන්ත අගයක් සමගින්, නැවතත් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා කළඹවමින්, දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුල තමන්ගේ ආධිපත්‍යට කුරා කුහුඹුවෙකු තරම් හෝ හානියක් සිදුකිරීමට තරම් ජගතෙකු නොමැති බවට නැවත වතාවක් ලොවටම හඬගා පැවසුවා. නයන්තරා කියන චරිතය ගැන විශේෂයෙන්ම කියනවා නම්, ප්‍රධාන නළුවෙකු නොමැතිව, සිය චිත්‍රපටය සඳහා බ්ලොක්බස්ටර් ලේබලය අලවන්න හැකියාව සහිත අතිශය සීමිත ඉන්දීය නිලියන් කීපදෙනාගෙන් ඉහලින්ම වැජඹේන්නාවූ චරිතයක් වෙනවා.
ඒ වගේම, ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රය ගත්තාම, අනුරාග් කාශ්‍යප් කියන නාමය ඔබට නුහුරු නුපුරුදු එකක් වෙන්න නම් බැහැ. විටෙක ඔහු රචකයෙක්, විටෙක ඔහු නිෂ්පාදකයෙක්, තවත් විටෙක ඔහු අධ්‍යක්ෂකවරයෙක් විදියට ඉන්දීය සිනමාව තුල ජය කෙහෙළි නංවා අවසානයි. ඔන්න එහෙනම් ඔබට බලාගන්න පුළුවන්, නළුවෙක් විදියට අනුරාග් කාශ්‍යප් කොහොමද ඉන්දීය සිනමාව තුල සිය ආධිපත්‍ය පතුරුවන්නේ කියලා. ඔහුත් සමගින්, දමිළ සිනමාවේ තවත් පතාක යෝධයෙක් වෙන, Atharvaa Murali ප්‍රධාන රංගන දායකත්වයක් සපයනු ලබනවා. ඊට අමතරව, තමන්ම ආවේනික රංගන කෞශල්‍යකින් සමස්ත දමිළ සිනමාවම සිය අණසකට යටත් කරගමිනින් සිටින Vijay Sethupathi මෙම සිනමා නිර්මාණය සඳහා තීරණාත්මක ආරාධිත රංගනයකින් සමස්ත චිත්‍රපටයම ඒකාලෝක කරනු ලබනවා.
ඉන්දීය සිනමාවේ දැවැන්තම චරිත හතරක් එකම චිත්‍රපටයක් තුලින්! හිතාගන්නකෝ චිත්‍රපටය මොන විදියට ඇතිද කියලා. ඒ වගේම තමයි, එදා මෙදා තුර දමිළ සිනමාවෙන් නිෂ්පාදනය කරන ලද දරුණුම, බිහිසුනුම, බුද්ධිමත්ම, සූක්ෂම ප්‍රති-වීර චරිතයක් ඔබට මෙම සිනමා නිර්මාණය තුලින් දැකබලා ගැනීමට අවස්තාව ලැබෙනවා. චිත්‍රපටය අවසානයේ ඔබට හිතුනොත්, වීරයාට වඩා දුෂ්ඨයා වැඩ පෙන්නුවා නේද කියලා, සැබවින්ම ඔබත් එක්ක මාත් එකඟ වෙනවා. සැකයක් නැහැ, කාලෙකින් බලාගන්න වරම් ලැබෙන මට්ටමේ ප්‍රබලම ප්‍රති-වීර චරිතයක් ඔබට බලාගන්න හැකියාව ලැබේවි.
එහෙනම්, කිසිම විදියකින් මගහැර ගන්න නම් එපා. ආරම්භක තත්පරයේ ඉඳලා අවසානය වෙනකම් ඉහලට ගත්ත හුස්ම ටික පහලට දාන්නේ නැතුව නරඹන්න පුළුවන් මට්ටමේ සිනමා නිර්මාණයක් කියලා වගකීමෙන් කියනවා. අරගන්න, නරඹන්න, රසවිඳින්න!
ප.ලි. – උපසිරැසිකරණය සඳහා උපකාර කළ දහරා මුතු අමා සොයුරියට විශේෂ ස්තුතිය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
26,382 downloadsDownload Imaikkaa-Nodigal-2018.zip91 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට සහ “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
88 comments
oshanda
Kasun Bimsara
Thankz bro
Ayesh Prashan
Thank You. Film Ekata Wadiya Lipiya Supiri Wage..Jaya wewa!!!!
OsandaFdo
Ammiyoo mkda parakku beluwa..supirima film ekk..kiyanna wachana ne.tnx saho sub ekata..film eka beluwa..bs..
Prasanna123
පට්ට ෆිලුමක් වගේ.. ෆිලුම බලලත් කොමෙන්ටුවක් අනිවා දානවා. අනෙක් අයත් ෆිල්ම් බලලා ඉවරවෙලත් බයිස්කෝප් එකේ කොමෙන්ටු දාන ලෙස ඉල්ලා සිටිනවා. හේතුව ෆිලුම ගැන අනෙක් අයත් දැනගන්න ඕන නිසා..
SUPUN C SENARATH
Please try this films
* Anjani putra
* Saakshyam
* Taguru
* Yuddham sharanamRandika dulshan
Baiscope download වලට තාම දාලා නැද්ද් මේක
Prasanna123
සිරාවටම තාම නෑ කියහංකො...
Sanjeewa2010
Thnxxxxxxx...oka baluwa kalinma...
Dewadithya
Thanks for Sub!
hansakalakshan
HDRip x264 MP3 700MB HC-Esub මෙකට sub එක සෙට් වෙයිද?
දන්න කෙනෙක් ඉක්මනට කියන්න.Lalani Maduwanthi
Amooooo,,,, godaaaak tx bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!jas
Suppa bro...elaga ekath mee wagema ekakata sub danna..
sajith
super thanks
flash sub mepara dennedda broSuresh Madhusanka
Thanks for sub saho
Nilush Angana
Sub ekata thanx
OshankaNW
Sub දෙනකන් බලාගෙන හිටිය ෆිලුමක්. උපසිරැසියට බොහෝම ස්තුතියි..... සුපිරි දෙමළ films ටිකක් release වෙලා තියෙන්නෙ ඒවටත් sub දෙන්න සහෝ ......
ජයවේවා ......geeganagamage
බොහොම ස්තුතියි සුපිරි ෆිල්ම් එකක් වගේ .
Gayashan Nishantha
sub ekata thanq....flash ekesub ekath ikmanta denno.....
Shamal Ranasinghe
Thank you...! jaya wewa..!
Kovidu
බොහොමත්ම ස්තූතියි අපේ සිසිල, MTR සහ අමා ඇතුළු අයට, හැමදාමත් වගේ සුපිරියක්, සිසිල නම් ඉතින් සුපිරියක් තමා ඕන්, එකෙන්ම ජය වේවා!!! Dhadak 2018 එනකන් මග බලන් ඉන්නෙ මන් විතර ද , ඒ ගැනට් බලන්න, ස්තූතියි ,,,,,,,
Dilruk
Supiri saho. Idiriyatama yanna labewa kiyala prarthana karanawa.
rangika Kariyawasam
නියමයි සහෝලා ෆටිටම ෆිලුමක් අපට ගෙනාවට බෝම ස්තුතීයි . ජය වේවා 3දෙනාටම. තව මැක්සා ෆිලුමක් අපට දෙන්න සහෝ...
IndunilN
thanks for sub
kaimora
sisila aiyage ekak nam aniwa balanwa
Kulanjana Maduranga
subata thanks sis & sahola.....
ඩොක් අයියා
ඔන්න බාගත්තා හොඳේ. තැන්කු වේවා කිව්වා
shaneesha
elama..................
Dwaraka 2017
Raju Gadu 2018
Vunnadhi Okate Zindagi 2017
mewata sub plz ..........Pathum Nishan
තන්කූ බ්‍රෝ geetha govindam කියල සුපිරි තෙලිඟු ෆුලුමක් තියනව සබ් දුන්නොත් එලස්..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා
ජයnilamahee
Thanks
Prasanna123
සුපිරි ෆිලුමක්.. බලලත් අනිවා කොමෙන්ටුවක් දානවා....... තෑන්ක්ස් සිස් ඇන්ඩ් සහෝ...
ශසිත් සඳරුවන්
දෙන්නටම බොහොම ස්තූතියි...
ඔන්න ගත්තා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Prasanna123
ඉතිහාසයේ බලපු සුපිරිම ෆිලුම කියලා මම වගකීමෙන් කියනවා බ්‍රෝ....
Amilperera
Thnks bro sub akat
Milind@
Thanks saho
king_sampath
Thanks
imyk
පේන විදියටනම් සුපිරි Films ekak වගේ.....thnks.....
ranga11112
thanks prasad sahooo..
Lasantharathnasirirox
ස්තුතියි සහෝ......ජයවේවා !!
Prabodha Madhusankha Hettiarachchi
Godak sththuthi oba dedenata. Pattama movie ekak..
kavishka_malitha
enakan bala gena hitapu film ekk sub eka dunnta thnx saho
nish47
thanks machan
chanakaaa
neyamai ..........
Tharaka Nuwan Dilhara
ස්තුතියි උපසිරැසියට.. ජයෙන් ජය..!!!!
යුරාන් ධනුක
සහෝලා දෙන්නටම බෝහෝම ස්තූතියි.....
සනිඳු ලක්ඛිත
සුපිරිම 4ක් ෆිල්ම් එකට එකතු වෙලා. සුපිරිම තුනක් සබ් එක කරන්න එකතු වෙලා.. මේ ෆිල්ම් එක බලන්න මටනම් මීට වඩා මුකුත් ඕනි නෑ. සහෝලා දෙන්නටයි,මුතූ අක්කටයි බොහොම ස්තූති..බුදුසරණයි..!
Shenin007
Thankyou
Rashmika dumidu
Thanks
chanakaaa
superii..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Imaikkaa Nodigal (2018) Sinhala Subtitles | ලේ පිපාසිත වියරු ඝාතකයා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/Imaikkaa-Nodigal-2018.jpg)

thanx sahoo