Immaculate (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් කාලෙකට පස්සේ හොරර් ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා. මේක සිනමාශාලාවල් වලට නිකුත් වුණේ මාර්තු 22, මෙහි බෙදාහැරීම් කටයුතු කළේ Neon ආයතනය විසින්. අන්තර්ජාලයට පිටපත් නිකුත් වුණේ අප්‍රේල් 16. සිනමාශාලාවල් වලට නිකුත් කරලා මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 22 හො…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ හොරර් ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා. මේක සිනමාශාලාවල් වලට නිකුත් වුණේ මාර්තු 22, මෙහි බෙදාහැරීම් කටයුතු කළේ Neon ආයතනය විසින්. අන්තර්ජාලයට පිටපත් නිකුත් වුණේ අප්‍රේල් 16. සිනමාශාලාවල් වලට නිකුත් කරලා මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 22 හොයාගන්න හැකිවෙලා තියෙනවා. ඊට අමතරව මේ ෆිල්ම් එකට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් දිනාගන්න හැකිවෙලා තියෙනවා. IMDb දර්ශකේ 6.3 සැලකිය යුතු හොඳ අගයක් හා කුණු තක්කාලි 71% ලගා ගන්න හැකිවෙලා තියෙනවා.
මේක අධ්‍යක්ෂණය කරන්නේ Michael Mohan විසින්. ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා අපි කවුරුත් හොඳින් දන්නා Sydney Sweeney. ඇය ජනප්‍රියත්වෙට පත් වුණේ Euphoria ටීවී සීරිස් එකේ කැසීගෙ චරිතය හරහා. ඉන්පසු ඇය Anyone but You, Madame Web වැඩි ජනප්‍රිය වුණ චිත්‍රපට වල රගපෑවා. තවද ඇය ප්‍රධාන චරිතය රඟපෑ The Voyeurs චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Michael Mohan මහතාමයි. ඊට අමතරව මෙයට රංගනයෙන් දායක වෙනවා අපි කොයි කවුරුත් ආදරේ කරපු සීරිස් එකක් වෙන Money Heist කතා මාලාවේ ප්‍රොෆෙසර්ගෙ චරිතය රඟපෑ Álvaro Morte. තවද Benedetta Porcaroli, Dora Romano, Giorgio Colangeli, Simona Tabasco වැනි අයද රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන මතක් කලොත්, සිසිලියා ඇමරිකාවෙ ඉදන් ඉතාලියේ ගම්බද කන්‍යාරාමයකට එනවා එහි කන්‍යා සහෝදරියක් වෙන්න. ඇය ඒ කන්‍යාරාමෙට ගියපු ගමන් එහි හිටපු සිස්ටර් ඉසබෙල් ඇයට අනතුරු අගවන්නේ එහෙ ඉන්න එපා, තාමත් පරක්කු නෑ එහෙන් යන්න කියලයි. ඒත් සිසිලියා එයාගෙ කීම අහන්නෑ. මොකද ඇය පොඩි කාලෙදි වුණ භයාණක අනතුරකින් ඔන්න මෙන්න බේරුණ කෙනෙක්, ඒ නිසා දෙවියො එයාව එහෙම බේරන්න තරම් මොකක්ද හේතුව කියලා දැනගන්නත් එක්ක තමා ඇය මේ කන්‍යාරාමෙට එන්නේ. එසේ ඇය එහි දිවුරුම් දී ඒ කන්‍යාරාමෙ කන්‍යා සොහොයුරියක් වෙනවා. වුණාට පස්සෙ ඇයට අමුතු දෙයක් සිද්ධ වෙනවා හැබැයි ඒ ගැන ඇයට මතක හිටින්නෑ. ඒකෙන් පස්සෙ මෙයාට දේව ප්‍රාතිහාරයක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ දේව ප්‍රාතිහාරෙ? මොකක්ද මෙයාට ඒ රෑ වුණේ? මොකක්ද මේ අද්භූත කන්‍යාරාමෙ රහස?
මේවා ඔයාලට දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. මට අනුව නම් මේක හොඳ හොරර් චිත්‍රපටයක් හොඳ කතාවකුත් ගැබ් වෙලා තියෙන. එහෙනම් මීට වඩා මුකුත් කියන්න යන්නෑ හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!
Immaculate (2024) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,111 downloadsDownload Immaculate-2024-Sinhala-Subtitles-1.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Immaculate (2024) Sinhala Subtitles
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Benedetta Porcaroli
- #Bimsara Yashan (ඔලිව)
- #Immaculate (2024) Sinhala Sub
- #Immaculate (2024) Sinhala Subtitles
- #Immaculate Sinhala Sub
- #Immaculate Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sriram Raghavan
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sydney Sweeney
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Kaveen
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
යුරාන් ධනුක (දනුවා)
ඉක්මනටම දීලනේ. උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ.
රුක්ෂාන් ඛාන් (රුකා)
ඉක්මනටම උපසිරැසිය දුන්නට බොහොම ස්තුතියි සහෝ! ජයවේවා! ❤️
Viraj
Thanks
Buddhika Lakmal
ෆිලුම ආපුගමන්ම වගේ සබ දුන්නට බොහෝම ස්තූතියි සහෝ.......
Hashan
Thanx for the sub bro...❤️
Dasun dammika
Bimsara Yashan (ඔලිව) brother oyawa contect karaganna vidiyak nedda.....oya fb innawada..innawanam bro mata mg ekak danna.....https://www.facebook.com/dammika.dasun.1
Anonymous
Thank you
Malith samarawickrama
Thanks bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank you.