The Eye (2002) Sinhala Subtitles මේ අවුරුද්දේ මම අරගෙන ආපු පළවෙනි Horror ‍ෆිල්ම් එක තමා මේ. මේක ගොඩක් පරණ චීන චිත්‍රපටියක්, එහෙමත් නැත්ත්ම් කැන්ටනීස් භාෂාවෙන් යුතු එකක්. මේ චිත්‍රපටිය අනුකරණය කරලා හදපු චිත්‍රපටි හුඟක් තියනවා, විශේෂයෙන් හොලිවුඩයේ නිර්මාණය වුන The Eye (2008) ‍ෆිල්ම් එක වගේ. මේක දිගටම…

The Eye (2002) Sinhala Subtitles

මේ අවුරුද්දේ මම අරගෙන ආපු පළවෙනි Horror ‍ෆිල්ම් එක තමා මේ. මේක ගොඩක් පරණ චීන චිත්‍රපටියක්, එහෙමත් නැත්ත්ම් කැන්ටනීස් භාෂාවෙන් යුතු එකක්. මේ චිත්‍රපටිය අනුකරණය කරලා හදපු චිත්‍රපටි හුඟක් තියනවා, විශේෂයෙන් හොලිවුඩයේ නිර්මාණය වුන The Eye (2008) ‍ෆිල්ම් එක වගේ. මේක දිගටම කුතුහලයෙන් යුතුව ඔයාලට අවසානය වෙනකන්ම බලන්න පුළුවන්. කතාව ගැන වැඩි විස්තරයක් නම් කියන්න මම කැමති නෑ, මොකද ඒ විශේෂයෙන්ම මේක හොල්මන් චිත්‍රපටියක්නේ… ඔයාලගේ රසවින්ඳනයට එහෙම කරොත් ලොකු බාධාවක් ඇතිවෙයි.

කතාව මේකයි,

වොන්ග් වයස අවුරුදු 20ක සාමාන්‍ය පවුලක අන්ධ චීන කෙල්ලෙක්. මෙයාගේ පෙනීම මෙයාට නැතුව තියෙන්නේ වයස අවුරුදු 2 වගේ පොඩිම කාලේ ඉඳනුයි. ඉතින් මෙයාගේ පවුලේ අය මෙයාට ආයේ පෙනීම ලබාදෙන්න රෝහලකට ඇතුළු කරලා තියනවා සැත්කමට. ඉතින් මෙයාට පෙනීමත් ලැබෙනවා, හැබැයි විවිධ අඩුපාඩුකම් එක්ක. කොහොමවුනත් හැමෝම වොන්ගේ පෙනීම නැවත ලැබුන එකට සතුටින් ඉන්නවා. හැබැයි වොන්ග්ට නම් මේ සතුට දවසක්වත් තියෙන්නේ නෑ. මෙයාට මුලින්ම එක එක විකාරී දේවල් පේන්න ගන්නවා පස්සේ බිහිසුණු අමානුශික දේවල්

සුන්දර ලෝකයේ එළිය බලන්න ආසාවෙන් ඉඳපු මේ කෙල්ලට වුන මේ අනපේක්ෂිත දේ නිසා මේ කෙල්ලටම තමන්ව එපා වෙන තත්ත්වයකට වැටෙනවා. මෙතනදි මෙයාට උදව් කරන්න එක පුද්ගලයෙක් ඉදිරිපත් වෙනවා. මෙයා වොන්ග් එක්ක ”මෙහෙම ඇයි වෙන්නේ” කියලා හොයන්න පටන් ගන්නවා. වැඩි දවසක් යන්න කලින්ම වොන්ග්ට තේරුම් යනවා තමන්ට මේ බද්ධ කරපු ඇස් වල අවයව කොටස් වල තමා වැ‍රැද්ද කියලා. ඉතින් මෙයාලා දෙන්නම ඒ ඇස්වල අවයව කොටස ලබාදුන්න දායකයව හොයාගෙන යනවා. මෙතනදි මෙයාලට මේ දායකයගේ බේදනීය කතාව හා අත්වුන ඉරණම ගැන දැනගන්න ලැබෙනවා. මේ හැමදේම මේ අභිරහස් දායකයට සම්බන්ධයි !! මේ හැමදේම වෙන්නේ හේතුවකටයි !!

හොඳයි, එහෙනම් තවත් මම කතාව කියන්න යන්නේ නෑ. අරගෙනම බලන්න.
කුතුහලයෙන් බලන්න පුළුවන්. වෙනස්ම වුන කතාවකින් ඊළඟට හම්බවෙමු.

The Eye (2002) Sinhala Subtitles, The Eye (2002)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,648 downloadsDownload The.Eye_.2002.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Eye (2002) Sinhala Subtitles, The Eye (2002), The Eye (2002))

Subtitles by

UD Shehan

Subtitles

1,648 downloadsDownload Subtitles25 KB

7 comments

  1. Buddhika Lakmal

    මේ වගේ බලන්න මගඇරිච්ච ෆිල්ම්වලට සබ් දෙනවට බොහෝම ස්තූතියි සහෝ.......
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා............

  2. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  3. Dewadithya

    Thanks for Sub!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Malith samarawickrama

    Thanks saho sub ekata.

  6. NIMA

    Riverdale එකේ සබ් කරන්නකො රත්තරනේමැරෙන්න කලින් බලන්න ආස කතාවක් PLEASE

  7. NIMA

    Riverdale එකේ සබ් කරන්නකො රත්තරං අයියේ ..මැරෙන්න කලින් බලන්න ආස කතාවක් PLEASE..මට මයෝෆීලියාව තියෙ..ෆෝන් දිහා බලන් ඉන්න බැ ඇස් රිදෙන එකක්...ඒත් මට Reverdale එක බලන්න ආසයි....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.