මේක මගේ හතරවෙනි උපසිරැසිය. මේක කුතුහලය දනවන Horror ටයිප් එකේ ෆිල්ම් එකක්. කතාව ගැන ටිකක් කියනවා නම් මේකයි වෙන්නේ. ලූසී, ටොම් කියලා ගොඩක් මෑතකදි වගේ යාළු වුන කපල් එකක් ඉන්නවා. දවසක් ටොම් ලූසී ට කොල් කරලා කියනවා අයර්ලන්තයේ සැණකෙළියක් තියනවා බලන්න යමුද කියලා. යන්න එනවා නම් අහවල් අවන්හල ගාවදි මුණ ගැහෙම…

මේක මගේ හතරවෙනි උපසිරැසිය. මේක කුතුහලය දනවන Horror ටයිප් එකේ ෆිල්ම් එකක්. කතාව ගැන ටිකක් කියනවා නම් මේකයි වෙන්නේ.
ලූසී, ටොම් කියලා ගොඩක් මෑතකදි වගේ යාළු වුන කපල් එකක් ඉන්නවා. දවසක් ටොම් ලූසී ට කොල් කරලා කියනවා අයර්ලන්තයේ සැණකෙළියක් තියනවා බලන්න යමුද කියලා. යන්න එනවා නම් අහවල් අවන්හල ගාවදි මුණ ගැහෙමු කියලා කොල්ලා කියනවා. මෙතන දි මේ අවන්හල තමයි කතාවේ ගොඩක් ප්‍රශ්න මතු කරන හා සියලුම ප්‍රශ්න සිද්ද වෙන්න මුල පුරන තැන වෙන්නේ. මේ අවන්හල ඇතුලේ දී දෙයක් සිද්ද වෙනවා. හැබැයි ඒ මුකුත් කතාවේ පෙන්නන්නේ නෑ. ලොකු කුතුහලයක් එතන ඉඳන් කතාව පුරාවටම ඇති වෙන්න පටන් ගන්නවා. දෙන්නා සැණකෙළිය බලන්න යන්න වාහනේ නැගලා ඉන්නකොට ටොම් කියනවා ලූසීට අද සැණකෙළිය තියන්නේ නෑ ඒ නිසා මං හොටෙල් රූම් එකක් බුක් කරා මේ පැත්තේ හෝටලේක කියලා. කොල්ලා එහෙම කිව්වට පස්සේ කෙල්ල ටිකක් අප්සට් ගහනවා. මොකද ඒ මිනිහා කිව්වේ සැණකෙළියක් බලන්න යනවා කියලා නේ. පස්සේ ඉතින් කෙල්ල කැමති වෙනවා යන්න. මේ දෙන්නා ආමාරුවේ වැටෙන්නේ මේ හෝටලේ හොයන්න ගිහින්. මෙයාලා පාළු කැලේක අතරමන් වෙනවා. ඒ කැලේ දි විවිධ අත්භූත සිදුවීම් වලට මේ දෙන්නට මූණ දෙන්න සිදු වෙනවා. ඒ සිද්ද වෙන හැම සිදුවීමක්ම අර මෙයාල මුලින් හිටිය ආපනශාලවට සම්බන්ධයි. ඒ ආපනශාලවේ දි මෙයාලා දෙන්නගෙන් එක්කෙනෙක් කරපු එක වැරැද්දක් නිසා තමයි මෙයාලට මේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙන්නේ. ඒ ආපනශාලවේ දී සිද්ද වුනේ මොකක් ද ? කවුද මෙයාලට මෙහෙම කරන්නේ ? ෆිල්ම් එක බළලා උත්තර හොයාගන්න.
මේ චිත්‍රපටිය Big Talk Productions ආයතනයේ නිෂ්පාදනයක්. චිත්‍රපටිය Release වෙලා තියෙන්නේ 2013 නොවැම්බර් 15 වෙනිදා. මේක UK වල ෆිල්ම් එකක්. චිත්‍රපටියේ ධාවන කාලය, පැය 1 විනාඩි 25යි. මේ ෆිල්ම් එක Horror, Mystery, Thriller යන මේ වර්ගයන් වලට අයත් වෙනවා. මේකේ IMDB අගය 5.5/10.
Due to copyright issues, we do not provide any torrent links.
In.Fear.2013.BluRay.720p-Ganool
In.Fear.2013.HDRip.X264.AC3-PLAYNOW
In.Fear.2013.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
679 downloadsDownload In.Fear_.2013.Baiscopelk.com_.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
UD Shehan
Subtitles
11 comments
අනුෂ්ක දිල්ශාන්
thilna
thanks machan puluwannam Next.Friday.2000 BluRay.x264.YIFY ekata sub eke karala dennako
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තුතියි....
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
movie
niyamayi bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gaya
Bro oya godak mahansi wenna athi sub eka karanna .eth film eka melo rahak nathnam, kathawe kisima therumak nathnam, oya mahasiyath aparade ape kaketh, data aparade mokada oyalawa wiswasa karalai data kapagena download karanne.
Shehan Chamara
හිතට ඇල්ලුවේ නැද්ද ෆිල්ම් එක... ම්ම්ම්... හරි ඒකට කමක් නෑ සහෝ...
ඔයාට වුන අපහසුතාවයට මට කණගාටුයි !!
damioempire
mcn grimm tv series eketa sub diyanko
nilanka
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි සහෝ සිංහල උපසිරසියට