Watch Trailer

Frenzy (1972) with sinhala subtitles | උන්මාදය [සිංහල උපසිරසි සමඟ]

1972 වසරෙ තිරගත වෙච්ච අග්‍රගන්‍ය සින්මාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් ඔබ වෙත ගෙන ආව. මානසික විකෘතියකින් පෙලෙන, ඒ විකෘතිය නිසාම සිදුවන මිනීමැරුම් වැලක් තමා මේ කතාවට පසුබිම් වෙන්නෙ. බ්ලේනි, බිරිඳගෙන් දික්කසාද වූ රාජකීය ගුවන්හමුදාවෙ ගුවන් නියමුවෙක්. හමුදා සේවයෙන් ඉවත්වෙලා සාමාන්‍ය…

Frenzy (1972)

1972 වසරෙ තිරගත වෙච්ච අග්‍රගන්‍ය සින්මාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ සිනමා සිත්තමක් ඔබ වෙත ගෙන ආව. මානසික විකෘතියකින් පෙලෙන, ඒ විකෘතිය නිසාම සිදුවන මිනීමැරුම් වැලක් තමා මේ කතාවට පසුබිම් වෙන්නෙ.

බ්ලේනි, බිරිඳගෙන් දික්කසාද වූ රාජකීය ගුවන්හමුදාවෙ ගුවන් නියමුවෙක්. හමුදා සේවයෙන් ඉවත්වෙලා සාමාන්‍ය තැබෑරුමක සේවය කරනවා. එහිම සේවය කරන තරුණ සේවිකාව සමග මොහුගේ සම්බන්ධයකුත් තිබෙනවා. මේ සියලු ගැටලු ඇතිවන්නේ තමා සේවා ස්ථානයෙන් බීම වීදුරුවක් බොනව දකින හිමිකරු බ්ලේනිව රැකියාවෙන් නෙරපීමත් සමග. බ්ලේනි ගැන මොහුගේ හිතේ ඊර්ෂ්‍යාවක් තියෙනව තරුණිය මොහුට කැමති නිසා.

තැබෑරුමෙන් පිටවෙන බ්ලේනි පලතුරු ව්‍යාපාරයක් කරගෙන යන තම මිතුරෙක් වන රස්ක්ව හමුවී අද උදෑසන සිදු වූ දේ පවසනවා. රස්ක් ඔහුගේ හිත සනසා හිටපු බිරිඳ ගැන විමසනවා. ඇය මේ වෙනකොට විවාහ යෝජනා ඇලසුම් කරන නියෝජිතායතනයක් පවත්වගෙන යනවා. ඒ වගේම ඇගේ ආදායමත් තියෙන්නෙ හොඳ තත්වයක. මේ වෙනකොට අතේ සතේ නැතුව ඉන්න බ්ලේනි ගිහින් හිටපු බිරිඳව හම්බවෙනව.

ඒ ගමන ඔහුට පාඩුවක් වෙන්නෙ නෑ. පොඩි බහිම්බස් වීමක් ඇති උනත් හොඳ රස කෑම වේලකුත් දීල තමා බ්‍රෙන්ඩා බ්ලේනිව පිටත් කරන්නෙ. ඒ අතරතුර ඔහුට නොදැනෙන්න ඔහුගේ කබා සාක්කුවට මුදල් නෝට්ටු කිහිපයකුත් දමනවා. අවසානයේ බ්ලේනිට හිරේ විලංගුවේ වැටීමට තරම් හේතු වන්නෙත් මේ මුදල් නෝට්ටු වලින් එකක්.

විවාහයකට කාන්තාවක් බලාපොරොත්තුව බ්‍රෙන්ඩාහේ සේවා ස්ථානයට පැමිනෙන රොබින්සන් එක්තරා ආකාරයක මානසික රෝගියෙක්. ඔහුගේ ඉල්ලීමට අනුව කාන්තාවක් සෙවීමට නොහැකි බව පැවසුවත් රොබින්සන් එය පිලිගැනීමට සූදානම් නෑ. දුර දිග යන කතාව හා විකෘති කාමාශාව උත්සන්න වීම නිසා කාර්‍යාලය තුලම බ්‍රෙන්ඩාව මරාදමනවා. එයට සැක පිට අත් අඩංගුවට ගැනීමට සොයන්නේ බ්ලේනිව. මේක දැන ගන්න බ්ලේනි සැගව යනවා.

මේ අතර බ්ලේනිගේ පෙම්වතියත් මේ මිනීමරුවාගේ ගොදුරක් බවට පත්වෙනවා. ඒ වගේම බ්ලේනිගේ මිතුරාගේ පාවාදීම නිසා බ්ලේනිත් අත් අඩංගුවට පත්වෙනවා. බ්ලේනි තම නිර්දෝෂීත්වය කෙසේ ඔප්පු කරයිද? ඔබත් සිනමා සිත්තම රසවිඳින්න. yify torrent අඩවියෙන් මෙය ලබා ගත හැකියි. මේ සිනමාකරු වාගේම තවත් සිනමා සිත්තම් කිහිපයකින් නැවත හමුවෙමු.

Frenzy (1972) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Frenzy.1972.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

188 downloadsDownload Frenzy.1972.Baiscopelk.com_.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

188 downloadsDownload Subtitles53 KB

20 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  2. Udara Damith B/K

    ...............සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි...................

  3. අසිත

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….
    මේවට සබ් ඉල්ලුවම දුන්නම සමහරු හිනා වෙනවා…

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…

    ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන්ගේ මෙන්න මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
    ගොඩක් පින් සහෝ...
    ජය වේවා…!!!!
    Dial M for Murder (1954) (IMDB 250)
    North by Northwest (1959) (IMDB 250)
    Strangers on a Train (1951) (IMDB 250)
    Rope (1948)
    Rebecca (1940)

    1. Buddhika

      eka eka maga enawa sahoodharayaa. balanna puluwan.

  4. Withanage Priyantha Dayakeerthi

    මෙම සිනමාපටයට සිංහල සබ් දීලා තියෙනවා දැක්කම අදහාගන්නත් බැරිවුණා, ඒ මන්ද මහා සිනමා කරු ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සිනමාපටවලට මම ඉතාමත් කැමතියි. මෑතකදී අසංක ප්‍රදීප් සොයුරා විසින් ඇල්ෆ්‍රඩ් හිච්කොක් කලාකරුවන්ගේ "The Birds" සිනමාපටයත් උපසිරසි ලබා දී තිබුණා. ඒ මා සහ පහත කොමෙන්ටුව ඉදිරිපත්කර ඇති අසිත සොයුරා ඇතුළු මෙම වෙබ් එකට පැමිණෙන කීපදෙනෙක්ගේ ඉල්ලීම මත. අසිත සොයුරා විසින් පහත සඳහන් කර ඇති සියලුම සිනාමාපට එකළ ලොව ඉතාමත් ජනප්‍රිය සිනමාපට. ඇල්ෆ්‍රඩ් හිච්කොක් කලාකරුවන්ගේ "Psycho", Rear Window" යන සිනමාපට දැනට මෙම වෙබ් එක තුළ උපසිරසි සහිතව තිබෙනවා. ඉතිරි ඒවාටත් සබ් ලැබෙනවා නම් එය මහඟු සේවයක්ම වේවි. මේවා අද බලා හෙට අප්‍රසන්න වෙන සිනමාපට නොවෙයි. කලාත්මක රසයක් තිබෙනවා. මෙවැනි සිනමාපට මාලාවක් තෝරා ගැනීම පිළිබඳව මාගේ ප්‍රණාමය ඔබට පුදකර සිටින්නෙමි! ස්තිතුයි! ඔබට ජය!!!

    1. අසිත

      aniwa saho aniwa.

    2. Buddhika

      thanks ayya

  5. Web-බුවා

    පට්ටයි සහෝ! අපි මේවා බලනවා. මේ වගේ තියෙන සිනමාන්තික රසය කියා නිම කරන්න බෑ.

    ජය! :)

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. charith

    ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපට මම අනිවාර්යෙන්ම බලනව.
    ස්තුතියි සබ් එකට.

  8. Chalana Rukshan

    thnx bro...

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තුතියි....

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Thilakarathna

    Mama me web ekata avith balanne parani sinamapatayakata sab avith thiyenawada kiyalaa. Ada mama balannata kamathi ekakata oba sab deelaa. Eyata sthuthiyi.

  12. Ekanayake

    Mama me web ekata avith balanne parani sinamapatayakata sab avith thiyenawada kiyalaa. Ada mama balannata kamathi ekakata oba sab deelaa. Eyata sthuthiyi.

  13. නිමල් සේනාධීර

    මීට පෙර නරඹපු එකක්. ඔබගේ උපසිරසි එක්ක නැවත නරඹනවා. තවත් මෙවැනි වටිනා ඒවාම ගේන්න පැරණි ඒවා ප්‍රිය කරනා අප වෙනුවෙන්. ඔබට තුති...

  14. Withanage Priyantha Dayakeerthi

    YIFY හරහා මෙම වීඩියෝව ඩවුන්ලෝඩ් කරගැනීමට නොහැකිවූ නිසා You Tube හරහා සබ් එකේ කාලයට සමාන වීඩියෝවක් ඩවුන්ලෝඩ් කරගත්තා. You Tube එකේ විඩියෝවලට උපසිරසි සකස් කළොත් සුදුසු නේද කියා යෝජනාවක් කරන්න කැමතියි. ඒ මන්ද එහි වීඩියෝ හැමෝටම පහසුවෙන්ම ලබාගන්නට පුළුවන් නිසා. අදාළ Link එක වෙබ් එකට දෙන්න බැරි නිසා එම වීඩියෝව ලබා ගත් ස්ථානය, එහි මෙගා බයිට් ප්‍රමාණය සහ ධාවන කාලය Post එකට එක් කරන්න. මමත් මේ වෙබ් එකට දැනට උපසිරසි 14 දීලා තියෙනවා. ඒවා දී ඇත්තේ ඒ ආකාරයටයි. මෑතකදී මා ලබා දුන් උපසිරැසිය Hum Hindustani. serch කර හැකිනම් එතැනට ගිහින් බලන්න. මේ යෝජනාව කළේ පැරණි ඒවා නරඹන අය බොහෝ විට එතරම් දුරට පරිගණක දැනුමක් හඹා නොයන නිසායි. ඒ අය බොහෝ දුරට භාවිතා කරන්නේ You Tube එක, මමත් එහෙම කෙනෙක්. මෙය යෝජනාවක් පමණයි, ස්තුතියි!

  15. එම්. පී. කමල්

    හිච්කොක් කියන නම අසා තිබුණත් ඔහුගේ නිර්මාණයක් බැලුවේ අද. පුදුමයි...අපරාදේ...මෙවැනි ඒවා අද වැළලී ගොස් තිබීම කියා මට සිතුණා...එක හුස්මට කම්මැලි නැතුව මුළු චිත්‍රපටයම බැලුවා. ඔබට ස්තුති කරන්නම ඕන.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. ricadodamien

    Thank You Buddhika brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.