ආයුබෝවන් හැමෝටම! ඉතින් මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.පළවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2022 අවුරුද්දේ නිකුත් වෙච්ච In our prime කියන කොරියන් චිත්‍රපටය. Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය වගේම අධීක්ෂණයත් කරල තියෙන්නේ Park Dong hoon විසිනි.2022 මාර්තු 9 නිකුත් වුණ මේ චිත්‍රපටය නිකුත් ව…

ආයුබෝවන් හැමෝටම!
ඉතින් මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.පළවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2022 අවුරුද්දේ නිකුත් වෙච්ච In our prime කියන කොරියන් චිත්‍රපටය. Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය වගේම අධීක්ෂණයත් කරල තියෙන්නේ Park Dong hoon විසිනි.2022 මාර්තු 9 නිකුත් වුණ මේ චිත්‍රපටය නිකුත් වෙලා සති 2ක් ඇතුලත කොරියානු බොක්ස් ඔෆිස් ලයිස්තුවේ උඩින්ම ඉන්න පුළුවන් වෙලා තියෙනවා.US$ මිලියන 4.1 ක ආදායමක් උපයලා 2022 නිකුත් වුණු සියලුම කොරියානු චිත්‍රපට බොක්ස් ඔෆිස් ලයිස්තුවේ ඉහලින්ම ඉන්නත් In our prime චිත්‍රපටියට පුළුවන් වුණා.
මිනිත්තු 110 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කමමැලි නැතුව බලන්න පුලුවන්.

Cast-රංගන දායකත්වය
Kim Dong hwi – හන් ජී වූ
Choi min sik – ලී හක් සන්ග්
Jo Yun seo – පාක් බෝ රම්

Plot Synopsis- කතා සාරංශය
මුලින්ම ගණන් බැරි ජී වුට ක්ලාස් ටීචර් ගණන් බැරුව වැඩක් නෑ කියලා බනිනවා.ඊට පස්සේ මෙයා හොස්ටල් යාළුවන්ගේ ප්‍රශ්නෙකට අහුවෙලා සති දෙකක් ස්කෝලෙන් සස්පෙන්ඩ් කරනවා.එයාට ගෙදරත් යන්න බැරි හින්දා පාසල් මුරකුටියේ ඉන්නවා.පහුවදා ස්කෝලෙදී ගණන් උත්තර සාකච්චා කරද්දී දකිනවා එයාගේ ඔක්කොම උත්තර හරි කියලා.එයා දැනගන්නවා ඒක අනිවාරෙන් පාසලේ මුරකාරයගේ වැඩක් කියලා.ඇත්‍තටම මේ මුරකාරයා කවුද?එයාගේ රහස මොකද්ද?ජී වූ ගණන් වලට දක්ෂ වෙයිද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා..
කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ.සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!තව උපසිරැසියකින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත
5,251 downloadsDownload In-Our-Prime-2022.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්‍යා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙහානි කෞශල්‍යා
Subtitles
- #Choi Min-sik
- #In Our Prime (2022) Sinhala Sub
- #In Our Prime (2022) Sinhala Subtitles
- #In Our Prime Sinhala Sub
- #In Our Prime Sinhala Subtitles
- #Kim Dong-hwi
- #Park Byung-eun
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #ජෙහානි කෞශල්‍යා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
Rukahan
Jehani Kaushalya
හරි ගොඩක් ස්තූතියි...❤
නිර්මාල් විමුක්ති
සබ් එකට බොහොම ස්තූතියි වගේම
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සයිට් එකට ❤️❤️Bimsara Yashan(ඔලිව)
පලවෙනි උපසිරැසි ගැන්වීමට සුබපැතුම්. ඒකට සුපිරි ෆිල්ම් එකක් වගේ තෝරගෙන තියෙන්නෙත්. දිගටම හැකි අයුරින් මෙවැනි කොරියානු කතා වලට උපසිරැසි ගේමු. ජයවේවා!
විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා! :)Nayana Buddhika
පළවෙනි උපසිරැසියට සුභ පැතුම් අක්කේ❤️
සබ් එකටත් ගොඩක් තෑන්ක්ස්
ආදර්ශමත් ලස්සන ෆිල්ම් එකක්❤️
දිගටම සබ් දෙමු අක්කේBuddhika Lakmal
පළවෙනි උපසිරැසියට සුබපැතුම්... ඉදිරියටත් ඉඩක් ලැබෙන වෙලාවට සිංහල උපසිරැසියක් ගෙනඒමට කාලය ලැබේවා...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Pavith Wijesooriya
පළවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්! ඒ වගේම බයිස්කෝප් පවුලට සාදරෙන් පිළිගන්නවා. කොරියන්වලට සබ් කරන්න තවත් කෙනෙක් එකතු වීම ගැන මාරම සතුටුයි. සයිට් එකේ කොරියන් පැත්ත නම් දැන් මාරම විදිහට පිබිදිලා. ඉතින් දිගටම කොරියන්වලට සබ් දෙමු. ජය!!! ✨️
යුරාන් ධනුක (දනුවා)
පලවෙනි උපසිරසියට සුබ පැතුම් වගේම බොහොම ස්තූතියි
මේ වගේ ෆිල්ම් වලට දිගටම සබ් දෙමු.
ජයවේවා !Sujith
පලවෙනි උපසිරසියට සුභ පැතුම්.. දිගටම වැඩේ කරගෙන යමු...
Kantha_DLA
පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි ජෙහානි .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Udari
පළවෙනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුභ පැතූම් නංගී..❤.. දිගටම උත්සාහයෙන් කැපවීමෙන් තමන්ගේ වැඩකටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා!! ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith samarawickrama
Thanks bro sub ekata
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි, බයිස්කෝප් එකේ කොරියානු පැත්තෙ පිබිදීම මරු.
හරිම ආසයි මේ වෙන දේට.
හරි හමන් කොරියන් ෆිල්ම් එකක් බලාගන්න විදියක් නැතුව හිටියෙ අපි.
සමහර සයිට්වල සබ් දෙතුන් සීය දුන්නු අය ඉන්නව, එයාල දෙන සබ් එකක් එක්ක බලන්න ගත්තම එපා වෙනව. කිසිම ගැලපීමක් නෑ. එක්කෝ ගූගල් ට්‍රාන්ස්ලේට් එහෙම නැත්නම් ඔහේ කරන්නම් වාලෙ කරලා.
ඇත්තටම අපි කොරියන් බලන්න පුරුදු වුණේ බයිස්කෝප් එකෙන්, ස්වර්ණරේඛා, කනිෂ්කා, සොනාලි, ගයේෂා, සුධාරා වගේ අයගෙ සබ් බලලා. ඒ කොලිටිය වෙන කොහෙවත් තිබුනෙ නෑ.
දිගටම අපිට කොරියන් සබ් දෙන්න. ❤️