Watch Trailer

Sympathy for the Devil (2023) Sinhala Subtitles | කවුද හොඳ කවුද නරක? [සිංහල උපසිරසි] 18+

2023 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් ෆිලුමකට උපසිරැසි අරන් තමා අදත් බයිස්කෝප් අඩවියට මේ ගොඩ වෙන්නෙ. අපි කව්රුත් දන්න කියන Nicolas Cage අංකල්ගේ අලුත්ම ෆිලුම තමයි Sympathy for the Devil. චරිත සුළු ප්‍රමාණයක් යොදාගෙන සුපිරිම කතා තේමාවකින් නිර්මාණය කරල තියන මේ ෆිලුම, අන්තිම වෙනකම් අපි හැමෝටම කුතුහලය උපරිමේ…

2023 අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් ෆිලුමකට උපසිරැසි අරන් තමා අදත් බයිස්කෝප් අඩවියට මේ ගොඩ වෙන්නෙ. අපි කව්රුත් දන්න කියන Nicolas Cage අංකල්ගේ අලුත්ම ෆිලුම තමයි Sympathy for the Devil. චරිත සුළු ප්‍රමාණයක් යොදාගෙන සුපිරිම කතා තේමාවකින් නිර්මාණය කරල තියන මේ ෆිලුම, අන්තිම වෙනකම් අපි හැමෝටම කුතුහලය උපරිමේටම ලබා දෙනව කිව්වොත් මං නිවැරදියි. ඒ එක්කම කියන්න ඕනෙ මේ සිනමා පටයේ Nicolas Cage ගෙ රංගනයට විශාල වශයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබිලත් තිබුණා. ඔයාලට ෆිල්ම් එක බලද්දි ඒක ඇත්තක් කියල තේරෙයි.

ඩේවිඩ් ඇවිල්ල භාණ්ඩ ප්‍රවාහන ආයතනයක වැඩ කරන කෙනෙක්. එයාගෙ බිරිඳ දරු ප්‍රසූතියක් වෙනුවෙන් රෝහලේ ලෑස්ති වෙනවා. ඩේවිඩ් තමන්ගෙ වැඩ ඉවර වෙලා රෝහලට එනවා. ඒ එන්නෙ තමන්ගෙ අනිත් ළමයව නැන්දම්මගේ ගෙදර නවත්තලා. ඉතින් මෙයා රෝහලේ රථ ගාලට වාහනේ දැම්මම ආගන්තුකයෙක් ඇවිල්ල වාහනේට නගිනවා. එතනින් එහාට ඉතින් කතාව ඔයාලට බාරයි. මේ ආගන්තුකයගෙයි ඩේවිඩ් ගෙයි අතර තියන පළහිලව්ව මොකද්ද කියල දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

Action/Thriller/Mystery කැටගරියෙන් 2023 ජූලි 22 දින නිකුත් වෙන ෆිලුම IMDB අගය 5.6/10 ක් වගේම කුණු තක්කාලි අගය 59% ක් ලබා ගන්නත් සමත් වෙනවා. Nicolas Cage ට අමතරව අනිත් ප්‍රධාන චරිතය විදියට Joel Kinnaman රංගනයෙන් එකතු වෙන මේ ෆිලුමෙ අප්සට් වචන හැරුනම වෙන කිසිම ප්‍රශ්නයක් නැතුව කව්රු ආවත් බය නැතුව බලන්න පුළුවන්.

සබ කරන්න ok එක දුන්න විමා සහෝට වගේම රවිඳු සහෝටත් ස්තූති කරන ගමන් මෙතනින් නවතිනවා. තව සබකින් සෙට් වෙමු. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!

Name – Sympathy for the Devil (2023)
Category – Action/Thriller/Mystery
IMDB – 5.6/10 (3.6K+ vote)
Director – Yuval Adler
Starring – Nicolas cage/ Joel Kinnaman
Box Office – $70,394

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,103 downloadsDownload Sympathy.For_.The_.Devil_.2023.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,103 downloadsDownload Subtitles34 KB

8 comments

  1. Buddhika Lakmal

    පට්ට බං... මේක දෙකනං හිටියේ....
    සබට බොහෝම ස්තූතියි මචෝ...

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සුජි .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Anonymous

    Thanks jayawewa...!

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Dewadithya

    Thanks for Sub!

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.