ඉතින් යාලුවනේ තවත් අගනා චිත්‍රපටියක් එක්ක මේ පැත්තට ආවා. මේක මට භාරදුන්නු හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනවා. ඔන්න මම මේ පාර අරන් ආවේ සම්මානනීය ජර්මානු චිත්‍රපටයක්. මේකට උපසිරැස එකතු කරන එකනම් ලේසි වුනේ නැහැ. මොකද ජර්මන් භාෂාව ඉන්ග්ලිෂ් වලට කෙලින්ම පරිවර්ථනය කරලා වගේ තිබුනේ, හරියට අපි සිංග්ලිෂ් කතා කරන…

ඉතින් යාලුවනේ තවත් අගනා චිත්‍රපටියක් එක්ක මේ පැත්තට ආවා. මේක මට භාරදුන්නු හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනවා. ඔන්න මම මේ පාර අරන් ආවේ සම්මානනීය ජර්මානු චිත්‍රපටයක්. මේකට උපසිරැස එකතු කරන එකනම් ලේසි වුනේ නැහැ. මොකද ජර්මන් භාෂාව ඉන්ග්ලිෂ් වලට කෙලින්ම පරිවර්ථනය කරලා වගේ තිබුනේ, හරියට අපි සිංග්ලිෂ් කතා කරනවා වගේ. ඒ කොහොම වුනත් මේ කතාවේ තියන ලස්සන නිසාම ඒ ආමාරුකම් මගහැරගෙන උපසිරැස එකතු කරන්න මට හැකියාව ලැබුනා. IMDB දර්ශකයේ 7.1 ඉහළ අගයක් ළබාගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියනවා. ඒ වගේම සම්මාන 10 යකට හිමිකම් කියන්නත්, තවත් 10 යකට නිර්දෙශවන්නටත් සමත්වෙලා තියනවා. ඉතින් මේ චිත්‍රපටයේ උසස් බව ගැන තවත් අටුවා ටීකා කියන්නට අවශ්‍ය නෑ මන් හිතන්නේ.
අපේ ජීවිත විවිධාකාරයි, අපිට ලැබෙන දේ නොලැබෙන දේ එකිනෙකාට වෙනස්. ඒ අතරින් පාළුව තනිකම ජීවිතේ වැරදුනු තැන්, කටුක අද්දැකීම් හැමෝටම තියනවා. මේ හැමදේම නැති කරගන්න හොඳ මිනිස්සු ටිකක් හම්බුනොත් පුලුවන්. මොකද හොඳ බැදීම් අපිව ශක්තිමත් කරනවා. අපේ වැරදි හදාගන්න ආදරය හොයාගන්න උදව්වක් වෙනවා. සමහරවිට තව කෙනෛක් අපි වෙනුවෙන් කරන කැපවීම එයා එයා වෙනුවෙන්වත් නොකරන වෙලාවල් තියනවා. මම ගෙනාවේ අන්න ඒ වගේ කතාවක්,
ඔහු නමින් ක්‍රිස්ටියන්, ඇග සේරම පච්ච කොටාගත්ත, වැඩි කතාවක් නැති, අවලස්සන මූනක් තියන කොල්ලෙක්. හැබැයි මොන වැරදි කරලා තිබුනත් ඔහුගේ තියන නිහතමානිකම හංගන්න බැරිවුනා. හැමදේම අතඇරලා සාප්පුසංකීර්ණයක වැඩට එන මේ කොල්ලා හැමෝගෙම හිත දිනාගන්නවා. විශේෂයෙන්ම මැරියන්ගේ සහ බ්රූනෝගේ. ඔහුට අසම්මත ආදරයක් මුණ ගැහෙනවා ඒත් කව්රුවත් ඒ දේට විරුද්ද වෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ බැදීම් සමහර දේවල් වලට ඉඩ දෙනවා. ජර්මනිය කියලා වෙනසක් නැහැ. එහෙත් දුප්පත් අහිංසක මිනසුන් ඉන්නවා. අපේ රටට වඩ දියුණු උනාට ඒ මිනිස්සුත් අහක දාන කෑම ටික හොරෙන් කන්න පුරුදු වෙලා ඉන්නවා. වෙනසකට තියෙන්නේ දුප්පත්කම අපේ දුප්පත් කමට වඩා පෙනෙන්ට නැති එකයි. මේ කතාව අපේ ජීවිත කොයිතරම් ඒකාකාරීද කියන එක හොඳට පැහැදිලි කරනවා. බලන්න ලස්සන කතාවක් කම්මැලි කමක් නැහැ විශේෂයෙන්ම ගබඩාවක රැකියාවක යෙදෙන. අයට තදින්ම කාවදින කතාවක්. එහෙම කියලා අනිත් අය නොබලා ඉන්න එපා. ගහමරාගන්න ඇනකොටාගන්න දේවල් වලට වඩා මේකෙ ජීවිතයට පාඩමක් ගන්න පුලුවන් කියලා මම විශ්වාස කරනවා.
එහෙනම් යාලුවනේ තවත් උපසිරසක් එක්ක හමුවෙන්නම් ඉක්මනින්ම. ඔබට ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,442 downloadsDownload In-the-Aisles-2018.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අයේෂ් අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අයේෂ් අකලංක
Subtitles
27 comments
gihan perera
විමා
බොහොම ස්තුතියි සහෝ උපසිරැසිය සදහා
දිගටම මේ වගේ හොඳ ෆිල්ම්ස් වලට උපසිරසි අරගෙන එන්නහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
ඒ වගේම සබ් එකක් කරන්න මේ වගේ ෆිල්ම් එකක් තෝර ගත්තු එකත් ලොකු දෙයක්...
පුලුවන් නම් දිගටම මේ වගේ සබ් කරන්න මගඇරුන හොද ෆිල්ම් වලට සබ් දෙන්න.....Buddi
Thanks.........
Nilush Angana
Sub ekata thanx
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ranga11112
thanks sahoooo
Sajiya99
Thanks bro sub ekata my hi
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො..
MAALnath
thanks ..................good luck ................................
Kulanjana Maduranga
subata thank...
Kulanjana Maduranga
subata thanks....
Tharaka
THANKS..................
Bandaramudiyansi
ලිපිය ලස්සනයි .ෆිල්ම් එක ගන්නම ඔනේ.thank
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!sampath n perera
thanks
බොබී
ලිපිය නිසා කතාව බලන්න හිතෙනවා. ඔන්න මාත් උපසිරැසිය ගත්තා සහෝ. ස්තූතියි.
Achi
වෙනස් භාෂා එවා බලන්න මම නම් ආසයි බ්‍රෝ..තව වෙන භාෂා වලට සබ් කරන්න ශක්තිය ලැබේවා...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahooo
sanjeewakbg
thanks sub ekata bro...
Chamara Diaz
Thnks Bro...~
MadhuBandara
thank you yaluwa..
nish47
thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Raphaele
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ...මරු ෆිලුමක්..දිගටම උපසිරැසි කරන්න සහෝ...ජය වෙිවා....