බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, අහම්බෙන් බයිස්කෝප් සයිට් එකේ දැකපු මේ ෆිල්ම් එක බයිස්කෝප් එකේ තිබුනට ඒකට උපසිරැසියක් තිබුනේ නෑ. ඒ නිසා මම හිතුවා මේකට සබ් කරන්න. මේක ඉස්සර බලපු සුපිරි කොමඩියක් නිසා තවත් ආස හිතුනා. පරණ ෆිල්ම් එකක් උනාට නියම එකක්. අයහපත් ආදර සම්බන්…
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තවත් උපසිරැසියක් ගේන්න තමයි සූදානම් වෙන්නේ, අහම්බෙන් බයිස්කෝප් සයිට් එකේ දැකපු මේ ෆිල්ම් එක බයිස්කෝප් එකේ තිබුනට ඒකට උපසිරැසියක් තිබුනේ නෑ. ඒ නිසා මම හිතුවා මේකට සබ් කරන්න. මේක ඉස්සර බලපු සුපිරි කොමඩියක් නිසා තවත් ආස හිතුනා. පරණ ෆිල්ම් එකක් උනාට නියම එකක්.
අයහපත් ආදර සම්බන්ධක් බිඳී යෑමෙන් පසු තම පදිංචිය වෙනස් කරන මිච් මාටින්, අළුතින් පදිංචියට යන්නේ උසස් පාසලක් අසල නිවසකටයි. මිච්ගේ යාළුවෝ එයාගේ හිත හදන්නත් එක්ක කියනවා මෙතන උත්සව දාලා ඉස්සර වගේ හොදට විනෝද වෙමු කියලා. මුලදී මිච් මේකට අකැමැති උනත් පස්සේ මේ වැඩේ ජොලි කියලා මිනිහත් වැඩේට හවුල් වෙනවා. මුලින්ම මෙයාලා කට්ටිය හොයාගෙන සංගමයක් හදා ගන්නවා. මේකේ පාසල් ශිෂ්‍යයන් වගේම අවුරුදු 100ක් විතර වෙන වැඩිමහල් අයත් ඉන්නවා. ඉතිං මේ ගෙදර ළඟ තියෙන උසස් පාසලේ ඉන්න පීඨාධිපති මේ වැඩේට එච්ච්ර කැමත්තක් දක්වන්නේ නෑ. ඒ නිසා එයා මේ වැඩ නවත්වන්න එක එක උපක්‍රම යොදනවා. ඉතිං මේ උප්ක්‍රම සාර්ථක වෙයිද ? මේ සංගමය නවත්වන්න වෙයිද ? මිච්ට මොනවා වෙයිද ? කියලා දැන ගන්න මේ චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලගෙන ඉල්ලනවා. Comedy වලට කැමති අය අනිවා මේක බලන්න. මෙයාලා කරන වැඩ වලටනම් හිනා නොවී ඉන්න කොහෙත්ම බෑ. විශේෂයෙන්ම Will Ferrell ගේ සුපිරි විහිලු ටිකක් බලන්න පුලුවන් මේකේ. කලින් සහෝදරයෙක් ලිපියක් ලියලා තියෙන නිසා වැඩිය මුකුත් කියන්නේ නෑ.
Will Ferrel ෆ්රෑන්ක් ලෙසත් , Luke Wilson මිච් ලෙසත් , Vince Vaughn බෙනී ලෙසත් ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙනවා. 7.1ක IMDb අගයකුත් මේකට ලැබිලා තියෙනවා. මේ ෆිලුමට සුපිරි රැප් ගායක Snoop Dogg ත් ආරාධිත රංගනයකින් දායක වෙනවා. පොඩි ජිල් කෑලි දෙක තුනක් තියෙන නිසා ගෙදර අයත් එක්කනම් බලන්න එපා. මේ සදහා මට අවස්තාව ලබා දුන් ශාන් විමුක්ති (විමා) සහෝට ගොඩක් ස්තුති කරන ගමන් අඩු පාඩු පෙන්නලා කොමෙන්ටුවක් දාන්න කියලා මම ඔයලාගෙන් ඉල්ලනවා. ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙනතුරු ජයවේවා..!
තෙරුවන් සරණයි !
කලින් පලකරන ලද ලිපිය
මේ කියන්න යන්නෙ ඔයාල හැමෝම ආසාවෙන් රස විදියි කියල හිතන්න පුලුවන් නියම චිත්‍රපටියක් ගැන..හොද කතාවක් වගේම හිනා වෙන්න පුලුවන් තැන් පිරුණු ෆිල්ම් එකක්..IMDB රෑන්කින්ග් වල 7.0/10 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටියේ කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි.
පාසලේදී වගේම කොලීජියේදිත් හොදටම පිස්සු නටපු යාලුවො තුන්දෙනෙක් ඉන්නව..මේ තිදෙනාම දැන් මැදි වයසේ..හැමෝම බොහොම ඒකාකාරී ජීවිත ගත කරන්නෙ..මේ අතරතුර එක් යාලුවෙක් විවාහ වෙනව..නමුත් ඔවුන්ගේ හිත් වල වැඩ කරන්නෙම පරන පුරුදු තමයි..කාලය මෙහෙම ගෙවෙනකොට මේ තිදෙනා සංවිධානය කරනව විශාල සාදයක් අවට ගෙවල් වල පිරිසට..මේ සාදයේදී හැමෝම හොදින් විනෝද වෙනව..පසුව මොවුන් එකතු වෙලා හදාගන්නව සංවිධානයක්..එමගින් නිතරම සාද ඇතුලු තව තව විනෝද විය හැකි දේවල් සංවිධානය කරනව..නගරයේ ඒකාකාරී ජීවිත ගත කරන බොහෝ පිරිසක් මේ සංවිධානයට එකතු වෙනව..ඒ වගේම මේ සංවිධානයට විරුද්ධ වෙන පිරිසකුත් බිහි වෙනව..කතාව නම් ඇත්තටම රසවත්.
මේ කස්ටියගෙ පිස්සු වැඩ බලන්න ඕන නම් දැන්ම බාගන්න Old School..American Pie,EuroTrip වගේ චිත්‍රපටි වලට ආස අය අනිවා බැලිය යුතු එකක්..ඒ වගේම ජනප්‍රිය නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් මේ චිත්‍රපටය තවත් හැඩ වෙලා තියෙනව.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
10,405 downloadsDownload Old-School-2003.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
63 comments
ගැNඩොLෆ්
chamila
මොකක්ද බන් මේ (18+) කියන්නේ.... ;)
පොතේ ගුරා
@ගැNඩොLෆ් ! ආයෙ බලපන්..ෆිල්ම් එක නම් උපරිමයි! :)
@chamila!ඒ කියන්නෙ උඹට බලන්න එපා කියල! :D
සුභාෂ්
හොඳ කොමඩියක් වගේම කතාවකුත් තියෙන ෆිල්ම් එකක් වගේ . . . !
Saman
Dena dena eka apith balana nisa hodai.......hi..hi
ම
ඇති යන්තම වැඩිහිටි අපිටත් බල්ලන්න මොනා හරි දාල
ashan kandy
ela ela thanks oya wage ekak balanyta asawen hitiye...
panchaz
AMBE UBA NAM ELA KOLLEK MAMA BALA bala hitiye
unrated movie ekak danakanUraj Deemantha
American Pie,EuroTrip වගේ නම් බලන්නම ඕනා.........!! :D
kolla
බොහොම thanks
Lahiru Randika
අනේ මන්දා මට වේලාවකුත් නෑ මෙච්චර බාන්න.. අනික මගේ Hard disk එකත් පිරිලා....
මොනා උනත් මේකත් බානවා ඔන්න...
පොතේ ගුරා
@සුභාෂ්! හික් හික්..අනිවා..බලන්නකෝ..මතක් වෙනකොටත් හිනා යන ෆිල්ම් එකක්.. :)
@Saman! හික් හික්..මැක්සා ෆිල්ම් එක බන්..
@ම !මෙහෙම ෆිල්ම් එකක්ම දන්න ඕන නේද මේ පැත්තෙ එන්න? :P :P
@ashan kandy! :D බලල කියපන්කො කොහොම්ද කියල.. :)
@panchaz! :) උඹේ කීමටමයි මේ දැම්මෙ.. :)
@Uraj Deemantha! හික්z..ඒ වගේ එකක් තමයි..බලන්නකෝ,අනිවා ආස වෙයි..
@kolla! වෙල්කම් වේවා මචෝ..
@Lahiru Randika! එළම තමයි..වෙන එකක් මකල හරි බෑවට පාඩු නැති ෆිල්ම් එකක් මචෝ.. :)
nelantha herath
මාරය්නෙ ගුරා.නියම කොමඩිය.thanksවෙවා.
nelantha herath
මචන් රය්ලියට මොකඩ උනෙ.පෙන්න නනෙ මෙ ඩවස්වල.
රසික
ඇත්තටම එළමකිරි Film එකක් නියමයි ගුරා තවත් මේ වගේ බඩු අපිට ඔනා....
පොතේ ගුරා
@nelantha herath! අනිවා මචන්..එළ ෆිල්ම් එකක්..
අහ් පොර නිවාඩුවකට ගිහින් මචෝ..ලබන මාසෙ මුල ආයෙ අපිත් එක්ක සෙට් වෙයි..යනකොට ලිපි තොගයක් එවල ගියේ.. :)@රසික !එළ එළ මචන්..අනිවා.. :)
ramesh
How to download the film ???
pls helpudantha
balamuko..balamuko........
american pie 6ma
davas 2en baluva...
mekath balamuko............රොයිලි
මේක කට්ටිය නොබා ඉඳියි කියලා හිතලා උබ යටින් දැම්මා නේද American Pie,EuroTrip වගේ කියලා. නියම මාකටින් තමයි. ;)
akiyoshi
mamath demma banna..vistara balala kiyannam
ඇපල් මල්ලි
ko machan torrent eka wadakaranna ne :/
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)chamin krishan
sinhala sub dennako
thilina
sub diyanko ban
Yasas Amaranath
mekee sub ganne kohomada????
yasas
sub ganne kohomada???????????????????????????????
1
mona hu$%# sub nathuwa nikn film danne
Nipun_sameera
Ow bn redda...sub ekath na
by
meke old school sub eka pennanne na ne...
ධනුක
Please, sub dennakoo
Rockkiller
Ko yko sub dnna kenek innwnm kiynnko
Kalanacosta
Sub eka ne..........
shehan_nonis
sub eka ko??????????????
Maleeshani
දැන් වත් මේ ෆිලුමට සබ් දෙන්න බැරි වෙයිද?
යුරාන් ධනුක
මම මේකට සබ් එක කරන ගමන්......
ඉක්මනට දෙන්නම්.
thisara shanaka prince
sab ekata bohooma sthuuthiyi....
Kulanjana Maduranga
subata thanks....
dsdkavishka
Thenks for sub
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි කොමඩියක් මේක...සබ් දුන්න එක නම් පට්ට....
මේ වගේ කොමඩි වලට සබ් දෙමු...දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුරාන් සහෝ.
ජයෙන් ජය...දසිත චාමික
සුපිරිම ෆිල්ම් එකක්! බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය වේවා!
Pramukmili
thanxxxx bro..........
පැතුම් ඉෂාර
බ්රො Baiscopedownload එකෙ මේ ෆිල්ම් එකේ Links වැඩ නෑනේ... Download කරගන්න විදිහක් නැද්ද???
Eranda Malith 2.0
ගොඩක් ස්තූතියි මචන්.
ජයවේවා !
තව මේ වගේ උපසිරසි නොදුන්න ෆිල්ම් වලට සබ් කරනවනම් පට්ට.Bandara 1976
නටමුද නියම පිස්සුවක්? බොහොම ස්තූතියි සහෝ
jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....
ranga11112
thanks saho...sub akata bohoma sthuthiy
Dharshana Kasun
Thanks...
Kanchaka
Thanks
ss.sinhala
thnxz
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩක් ඉස්සර මේක බැලුවා වගේ මතකයි.....