Watch Trailer

Monsoon Mangoes (2016) with Sinhala Subtitles | සිනමාවද ? ජීවිතයද ? වඩා විශාල ? [සිංහල උපසිරැසි සමඟ]

” මෙ මගේ කතාව නොවේ. -ප්‍රේම් කුමාර්ගේ කතාවත් නොවේ , -මෙය අපි සැමගේම ජීවිත යාත්‍රාවේ කතාවයි “ ආයුබෝවන් බයිස්කෝප් මිතුරු මිතුරියනී මේ මගේ පලවෙනි සබ් එක Biscopelk වෙත ඉදිරිපත් කරන , පලවෙනි එක කියුවට මීට කලින් සබ් දෙකක්ම බාරගත්තත් කරන්න. තියෙන වැඩ රාජකාරී එක්ක අතපසුවෙලා අවසානයක් දකින්න බැරි උනා , කොහොම…

” මෙ මගේ කතාව නොවේ.
-ප්‍රේම් කුමාර්ගේ කතාවත් නොවේ ,
-මෙය අපි සැමගේම ජීවිත යාත්‍රාවේ කතාවයි “

ආයුබෝවන් බයිස්කෝප් මිතුරු මිතුරියනී මේ මගේ පලවෙනි සබ් එක Biscopelk වෙත ඉදිරිපත් කරන , පලවෙනි එක කියුවට මීට කලින් සබ් දෙකක්ම බාරගත්තත් කරන්න. තියෙන වැඩ රාජකාරී එක්ක අතපසුවෙලා අවසානයක් දකින්න බැරි උනා , කොහොම හරි 3 වෙනියට බාරගත්ත මේ සුපිරි Monsoon Mangoes මලයාලම් චිත්‍රපටයටත් සබ් එකත් කොහොමහරි කරලා අවසානයක් දකිනවා කියලා හිතපු නිසා කරලා ඉවර කරගත්තා , මේ ලියන මොහොතේ මේක වෙන කෙනෙක් බාරගෙන තියෙන්නත් පුළුවන් ඒ උනත් කමක් නෑ කියලා හිතාගෙන මේ ලිපිය ලියන්නෙ , මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ” ඩී.පී. පල්ලිකාර් ” චරිතයත් අසාර්ථකවීම් ගොඩක් මැද්දේ තමන් සිහින දැකපු දේ ඉටු කරගන්න වෙහෙසෙන කැපවෙන චරිතයක් සමහරවිට ඒක ලැබුනා හෝ නැති uන්ත නිසාම තමයි මේක කොහොම හරි අවසන් කරන්න ඕනේ කියලා හිතාගත්තෙ.

කොහොම කොහොම හරි මේක 2016 ජනවාරි 1 වනදා Malayalam comedy genere එක යටතේ තමයි මේක නිකුත් උනේ , මෙහි අධ්‍යක්ෂණය Abi Varghese ගෙනී , මෙහි ප්‍රධාන චරිතයට දායක වෙන්නෙ අපි හැමෝම දන්න ප්‍රවීන මගේ කැමතිම මලයාලම් තරුව Fahadh Faasil සහ Vijay Raaz, හින්දි රසිකයෝ නම් මොහු ගැන හොඳට දන්නවා ඇති ඊට අමතරව Vinay Forrt, Iswarya Menon… මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා , මේකේ 7.1 අගයක් ලබාගෙන තියෙනවා. ( මම නම් පෞද්ගලිකව IMDB රේටින්ග් වලින්නම් ෆිල්ම් මනින්නේ නෑ )

එහෙනම් කතාවට බහිමු , 90 දශකයේ ඇමරිකාවේ මලයාලී ජනපදයක වෙසෙන ඩීපී ගේ සිහිනය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වීමයි , නමුත් පිට පිට ඔහු නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටවල අසාර්ථක වීම් වලින් පසුව Monsoon Mangoes (මොන්සූන් මැන්ගෝස් ) නමින් චිත්‍රපටයක් නිර්මානය කරන්න සූදානම් වනවා.

එහි කථානායකයා ලෙස ඩීපී පැරණි හින්දි චිත්‍රපට නළුවෙකු වන ප්‍රේම් කුමාර් තෝරාගන්නවා, ප්‍රේම් කුමාර් සිනමාව හා ජීවිතය ගැන කලකිරීමකින් තනිවම මද්‍යසාර වලට ඇබ්බැහිව ජීවිතය ගෙවනා අයෙක්, මොහු මෙම චිත්‍රපටය බාර ගනීවිද, ඩී . පී තම චිත්‍රපට සිහිනය ජයගෙන ජීවිතයත් ජය ගනීද කියලා දැනගන්න මේ පට්ට කලාත්මක නිර්මාණය බලන්නම වෙනවා,.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

1,650 downloadsDownload Monsoon-Mangoes-2015.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජිව දිසානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,650 downloadsDownload Subtitles40 KB

17 comments

  1. push0012

    fahadh inna nisa aniwa balanna oni. thank you sub eka karala dammata......

  2. Lalani Maduwanthi

    Godaak thanks,,,,God bless you

  3. Kulanjana Maduranga

    g'luck 1st attempt bro...subata thanks..keep it up....

  4. snak

    thanks sub ekata supiri wadak

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Nethini123

    දිගටම මලයාලම් films වලට සබ් දෙන්න. Gud luck :-)

  7. Mandiq

    Thank u sub ekat.. geetha govindam film ektath sub ek dennko.

  8. rangika Kariyawasam

    ජය වේවා,, දිගටම සබ දෙන්න...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. බොබී

    ඔන්න මාත් බෑවා සහෝ. ස්තූතියි උපසිරැසියට. බයිස්කෝප් අඩවියේ දිගු ගමනක් යෑමට හැකිවේවා.

  11. D.Chamara

    bohoma sthuthi sahooo

  12. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  13. rangika Kariyawasam

    ජයවේවා. දිගටම සබ් ඕනා මචං. බෝම තුති

  14. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  15. තරිඳු රසාංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සංජීව.ඉස්සරහටත් මලයාලම් ෆිලුම්වලටම සබ් දෙමු ✌

  16. MadhuBandara

    Thank You yaluwa...

  17. Tharu

    ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.