ඉතින් යාළුවනේ කොහොමද?? ඔන්න මම මගේ දෙවෙනි ෆිලුමත් කරේ තියාගෙන ආවා.. නමෙන්ම තේරෙනවා ඇතිනේ මේක මුහුදත් ඒක බැදුණු කථාවක් කියලා…අම්මෝ මේකේ තියෙන සමහර වචන වල තේරුම් හොයන්න මහන්සි වුණු තරමක්…අපේ කමත් භාෂාව වගේ මුහුදෙදිත් කථා කරන වචන මාලාවක් තියෙනවනේ..මං ඉතින් කොහෙද ඒවා දන්නේ..ඉතින් මට සමහර වචන වල තෙරුම්…
ඉතින් යාළුවනේ කොහොමද?? ඔන්න මම මගේ දෙවෙනි ෆිලුමත් කරේ තියාගෙන ආවා.. නමෙන්ම තේරෙනවා ඇතිනේ මේක මුහුදත් ඒක බැදුණු කථාවක් කියලා…අම්මෝ මේකේ තියෙන සමහර වචන වල තේරුම් හොයන්න මහන්සි වුණු තරමක්…අපේ කමත් භාෂාව වගේ මුහුදෙදිත් කථා කරන වචන මාලාවක් තියෙනවනේ..මං ඉතින් කොහෙද ඒවා දන්නේ..ඉතින් මට සමහර වචන වල තෙරුම් හොයන්න සමීර කරුණාරත්න සහෝ වගේම රොයිලි සහොත් උදවු වුණා.. මුලින්ම ඒ දෙන්නට මගේ ස්තූතිය පුද කරන්න ඕනි. ආහ් ඒ වගේම මට මේ අග්‍රගණ්‍ය ෆිල්ම් එක භාර දුන්නු සමීර කරුණාරත්න අයියට ආයෙමත් ස්තූතිවන්ත වෙනවා..මොකද මේක ඔහු භාරගත්තු ෆිලුමක්…නමුත් ඔහුගේ අධ්‍යාපනික කටයුතු වගයක් නිසා මේක මට භාර දුන්නා.කොටින්ම මේකෙ ලිපියත් ඔහු ලියලයි තිබුණේ… ඇත්තම කියනවනම්, මේකේ සමහර තැන් වල කථාවල නොගැලපීම් තියෙයි අර මං මුලින් කිවුව හේතු නිසා…හරි එහෙනම් කථා ඇති…දැන් ෆිලුම පැත්තට හැරෙමුකො…මටනම් පහල තියෙනවා වගේ ලිපියක් ලියගන්න නම් සෑහෙන්න අමාරුවෙයි….එහෙනම් මං මයික්‍රෝෆෝනය සමීර අයියට භාර දෙන්නම්කෝ…
නිකම් තෙරෙක් නොපෙනන මහා සයුරේ 1820 ගණන් වගේ ඈත කාලයේ තල්සමසුන් දඩයම් කිරීම සඳහා හිය එසෙක්ස් නම් බ්‍රිතාන්‍ය නෞකාවක් ගැන තමයි අද මේ ගෙනෙන කතාන්දරය දිග හැරෙන්නේ. මුලින්ම කියන්න ඕනේ Herman Melville උත්තමයා 1951 ප්‍රකාශයට පත්කළ අපි හැමෝම දාන්නා අහලා තියන Moby Dick (බොබී ඩික් සත්‍ය කතාවක් පාදක කරගෙන කල නිර්මාණයකි) ගැන සෘජුවම කතා කරන්න නෙමෙයි මේ අපි සුදානම් වෙන්නේ. මේ සලරුවට පාදක වෙන්නේ Nathaniel Philbrick විසින් 2000 වසරේ මේ නමින්ම පලකල කෘතිය. පාදක වෙන කෘතිය ගැන එහෙම කිව්ව එකේ තිරයේ පිටුපස චරිත ගැන කියලා අවසන් වෙලාම තිරය ඉදිරියට එමු එහෙනම්, Ron Howard තමයි අධ්‍යක්ෂකවරයා වෙන්නේ, ඔහුව නොදන්නා වෙන්න බැහැ නෙව Apollo 13, A Beautiful Mind, Rush වගේ බොහොම ප්‍රසිද්ධ චිත්‍රපට ගන්නකම ඔහුගේ අතින් නිමවෙලා තියනවා නෙව.
ප්‍රධාන චරිතය වෙන “ඔවෙන් චේස්” හැටියට එකතු වෙන්නේ අපි හැමෝම දන්නා Chris Hemsworth, ඔහු ගැන මම මෙතන කියන්න ඕනේ නම් ඉතින් තේරුමක් වෙන්නේ නැහැ නේ බයිස්කෝප් එකෙන්ම, ඔහුට අමතරව Benjamin Walker හා Cillian Murphy (Peaky Blinders බලන උදවිය නම් ඉතින් අපේ තෝමස් ශේල්බි කොල්ලා ගැන නොදැන ඉන්න හැටියක් නැහැ නෙව) ඒ විතරක් නෙමෙයි Peaky Blinders හි Paul Anderson, Charlotte Riley මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම අපේ අලුත් Spider-Man එහෙම නැත්නම් Tom Holland අගේට ඔහුගේ චරිතය රගපානවා.IMDB 7.2 වගේම රෝටන් ටෝමාටෝ 42% දිනාගත්ත Action, Adventure, Biography, Drama, History, Thriller යන ඒකි නොකී හැම කාණ්ඩයකම නියෝජනය කරන මේ චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමුකො එහෙනම්…
මෝබි ඩික් රචකයා යනවා මහලු නිකර්සන් මහත්තයා හමු වෙන්නේ, ඒ ඔහුගෙන් 1820 ගණන්වල එසෙක්ස් නෞකාවට මොකද්ද වුනේ කියලා දැනගන්න, මුලින් මුලින් අදික ලෙස අකමැත්ත පලකලා වුනත් අවසානයේ තමුන්ගේ බිරිදගේ පෙරෙත්ත කිරීම නිසාම ඔහු කතාව ආරම්භ කරනවා… වයස අවුරුදු 14 කොලුගැටයෙක් හැටියට එසෙක්ස් නව්කාවට ගොඩවෙන ඔහුගේ අරමුණ වෙන්නේ තල්මස් දඩයමෙන් තමුන්ට නමක් හදාගැනීම… නමුත් මේ නව නෞකාවේ කපිතාන් හා ඔහුගේ දෙවනියා අතර අමුතු ගැටුමක් තියනවා බල අරගලයට, ඒ නිසාවෙන් දෙන්නා එකිනෙකාගේ වැඩ පෙන්වන්න අනික් නැවියන්ගේ ජිවිත එක්තරා ආකාරයක බිල්ලට දෙන හැටි… තමුන්ගේ සාමාන්‍ය ගමනාන්තයෙන් නාවික සැතපුම් 1000 ක් 2000 ක් එහා තල්මසුන් දඩයමේ ගිය හැටි, ඒ ගමනේදී හමු වුන ඒ බිහිසුණු, බුද්ධිමත් සත්වයාගෙන් දිවි ගලවා ගැනීමට තමුන් හා අනිකුත් නැවියන්ට කරන්න වුන දේවල්, කැප කරන්න වුන දේවල් වගේ හැම දෙයක්ම මුල ඉදලා අවසාන වෙනකම් අපිට හුස්මක් කටක් ගන්න බැරි වෙන්නේ දිග හැරෙන මේ වික්‍රමාන්විත ක්‍රියාදාම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. කියන්න ඕනේ මෙහි වර්ණ යොදාගැනීම, හා කැමරාකරණය පුදුම ලස්සනයි… බලාගෙන යනකොට තමුන් ඉන්නේ කොහෙද කියලවත් මතක් වෙන්නේ නැහැ. ඒ වගේම රංගනය බොහොම අගෙයි, හාමතේ මුහුදේ පාවෙන නැවියන් ලෙස පෙන්න ඕනේ හින්දාම මේ නළුවන් ඔක්කොම බොහොම කැපකිරීමක් කරලා ඒ වෙනුවෙන් තමුන්ගේ බර අඩු කරගෙන එහෙමත් තියනවා…. එහෙනම් තල්මසුන් හබායන්න, මහා සයුරේ ජීවිතය ගලවා ගන්න, මේ මිනිසුන්ගේ ඉරණම කොහොම වෙයිද කියලා බලාගන්න ඔබට බාරයි. ජය වේවා !!!
සැ.යු : ඉතින් ලිපියේ කීර්තිය හිමිවෙන්න ඕනි සමීර සහෝටයි..
910 MB (BR) කොපිය මෙතනින් බාගන්න
33594F525563C3E885AF1573C5A6ADB1200C4C4D1.77 GB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න
8DFC994F9313425E099D804C9886DBDCA9B9E8DF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,699 downloadsDownload In.The_.Heart_.of_.the_.Sea_.2015.baiscopelk.zip125 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/unnamed-e1451677903477.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් කරුණාතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් කරුණාතිලක
Subtitles
66 comments
wicky
Sajeevi
Thanks
Kalana Wasala
waiting for this film.thank you
Nishan
බොහොම ස්තුතියි..මම කැමතිම වර්ගයේ චිත්‍රපටයක්.බයිස්කෝප් එකට ජය වේවා.......
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!shashika
බොහොම ස්තුතියි..
Sajith Anthony
නියමයි සහෝ මේක එනකල් හිටියෙ බලන්න,
සබ් එකට ගොඩාක් ස්තුති,
ජය වේවා...!!!sanka
potha kiyewwe marama asawakin eth hithuwe naha film ekak balanna wei kiyala thaanks kollo
milinda
elementary season 4 sub plezzzzzzz..
Sanjaya
සබ් එකට ගොඩාක් ස්තුති,
indika
ගොඩාක් ස්තුති,....
Thusitha Wicramasinghe
thanks...
anurA
niyamai sahoo....thanzzz niyamaiiii
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Piumal Chathuranga
thanks, brother......
Harsha Madushanka
මෙන්න මේ film එකට කාට හරි sub දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
sub දාන්නේ නැතිව film එකේ post එකක් බයිස්කොප් එකේ දාලා තියනවාEasy A (2010)
http://goo.gl/MJdvWSKasun Karunathilaka
බලමු මම පුලුවන් වුනොත් කරන්නම්, හැබැයි පොරොන්දු වෙන්නනම් බෑ. මොකද ඒකෙ සීඩ්ස් මදි සහො.
dasun
thnkz machan sub 1kata
tharindu
thnx..waiting for bluray
නිෂූ
එළ ! ජයවේවා !
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
හොඳ පිටපතක් ආව ගමන් අර ගන්නවා.
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට…isuru
ela
නිර්මාණි
බොහොම ස්තූති උපසිරසියට. ජය...
නිරෝෂ්
ස්තුතියි කසුන්.ජයවේවා !
Mithun Sriyantha
Thank dr
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Athula
Thanks...
Chinthaka
Super Dear.Thanks BRO...The Taking of Pelham 1 2 3 (2009) Puluwamnam Sub Denna
Ravin
Thanks for the sub
Udara Rashmika
Thankz for subtitles
Transporter 3 akatath sub dennakohasitha prasad
thank you for subs!
Ara N Madhu
Machan Blu ray diyanko............
Ara
Machan blu ray neddooooooooooooooo
sanka
blue ray ආවො
Trishan
blue ray ආව මචෝ සබ්ටයිටල් දාන්නෝ....
gg
blue ray ආව මචෝ සබ්ටයිටල් දාන්නෝ….
Nadun Dissanayake
thank u for everything
Prasad Kandamulla
බොහොම ස්තුතියි සබ් එකට
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට එනකන් බලන් හිටපු ෆිල්ම් එකක්
LAKSHAN
සබ් එකට ගොඩාක් ස්තුති,
Hemantha
බොහොම ස්තූති උපසිරසියට. ජය…
yasas sri bandara
sub eka baagaththaa bohooma sthuuthiyi hamootama mee wenuwen mahansi una
dik
patta
great workSupun M. Hettigoda
Thanks saho.....Patta.....
Suresh
Thanks Bor,
hasitha
good work brother!!! thanks
lakshan
thanks machan..........
Lakshan
Thankx a lot saho.......
ravindu prabashwara
Suppa
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සුපිරි කතවක් වගේ...