මේ ඔබගේ ජීවිත ගමනේ ආරම්භයයි. මව් කුසේ පිළිසිඳ ගැනීමේ පටන් මෙලොව එලිය දැකීම දක්වා ඔබ රැදී සිටි, පළමු හුස්ම පොදින් තම ශරීරය තමුන්ම ජීවත්කර ගැනිමට සූදානම් වන තෙක් ඔබව පෝෂණය කොට රැක බලාගත් ගර්භාෂය තුල ඔබ ගතකල අභිරහස් ජීවිතය නවීන තාක්ෂණයේ උපකාරයෙන් ඔබ දෑස් ඉදිරියට මෙම චිත්‍රපටය තුලින් ගෙන ඒවි. ඔබගේ මව ඔ…

මේ ඔබගේ ජීවිත ගමනේ ආරම්භයයි. මව් කුසේ පිළිසිඳ ගැනීමේ පටන් මෙලොව එලිය දැකීම දක්වා ඔබ රැදී සිටි, පළමු හුස්ම පොදින් තම ශරීරය තමුන්ම ජීවත්කර ගැනිමට සූදානම් වන තෙක් ඔබව පෝෂණය කොට රැක බලාගත් ගර්භාෂය තුල ඔබ ගතකල අභිරහස් ජීවිතය නවීන තාක්ෂණයේ උපකාරයෙන් ඔබ දෑස් ඉදිරියට මෙම චිත්‍රපටය තුලින් ගෙන ඒවි.
ඔබගේ මව ඔබව බිහිකරන විට විඳි ප්‍රසව වේදනා අමතක කොට ඔබට බොහෝ ලෙස ආදරය කිරීම ඇතැම් විටක ඔබට මෙතෙක් නොදැනුනා විය හැක. මාස නවයකට කිට්ටු වන එම කාලපරිච්ඡේදය පියවරෙන් පියවර විස්තර කරන අතරතුර ඔබත් එම හැඟීම් වලට සංවේදී වේ නම් ඔබටද මවකගේ ආදරය කොතරම් උසස් දැයි යන්න හා ඇගේ ලේ කිරි වීමේ හේතුව අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නොවනු ඇත.
ශුක්‍රාණුවක් ඩිම්බයක් හා සංසේචනය වීමේ සිට උපත ලැබීම දක්වා සියළුම සිදුවීම පියවරෙන් පියවර විස්තර කරන මෙය National Geographic නාලිකාව විසින් නිපදවන ලද බෙහෙවින් වටිනා වාර්තාමය වැඩසටහන් අතරින් මා දුටු අපූර්වම වාර්තාමය චිත්‍රපටයකි. මව් කුසේ ඔබ ගෙවූ කාලයේදී ඔබේ වර්ධනය හා ඔබ හැසිරුනු අකාරය කොයිවගේද යන්න ගැන හා එම කාලයේදී මව අත්විඳින හැඟීම් හා අපහසුතා ගැන මෙමඟින් මනාව විස්තර කරනු ලබයි. 131
මේක බලපු උදා සහෝට මෙන්න මෙහෙම කවි සිතුවිල්ලක් පහල වුනාලු…..
කෝටියක් ගුණ අරං
ඒ ගුණය ගත දරං
වල්ගයෙන් වැර අරං
පීනගෙන යන තරං
බිත්තරය දුටු ගමං
ඒ තුළට හිස ඔබං
පරණ වෙස් දුරු කරං
ලොවට පණ දෙන තරං

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
90 comments
Sha
Bunny
මේකෙ නරක එව්වා හේම නැනේද? :D
Sha
Ah ada mamai 1 :D
uda
රොයිලි සහෝ එළ වැඩක්!
මේක අතිශය දුර්ලභ ගණයේ වාර්තා චිත්‍රපටයක්!
මේ වගේ එකකට සිංහල සකස් කරලා මේ විදිහට ලබා දීපු එකමත් ලොකූ පිනක් සහෝ!
අපේ රටේ කොච්චරවත් ඉන්නවා ඉංග්‍රීසි දැනුම අඩු උදවිය.
කොච්චර සාක්ෂරතාව ඉහළයි කියලා කිව්වත් සාමාන්‍ය උදවිය බහුතරයකට ඉංග්‍රීසි බැහැ.(මටත්නම් බෑ තමා...:D)ඒ හේතුව නිසාම ඔවුන්ගෙන් වසං වී යා හැකිව තිබූ දැනුමක්, අවබෝධයක් සහ නිර්මාණයක් මේ විදිහට සිංහල සමගින් ඔවුනට සමීප කරවන්නට ඔබ දැරූ උත්සාහයට මාගේ ප්‍රණාමය පුදකරනවා සහෝ. කිසිදු භේදයකින් තොරව කොයි රටක වුණත් වෙසෙන තරුණ ප්‍රජාව විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සලරුවක් ලෙස මෙය නම් කිරීමට මා කැමතියි.
දරුවෙකු මව් කුසේ ගෙවන අවධිය ගැන අපේ රටේ අය අතරේ තිබෙන්නේ බොහොම අල්ප දැනුමක්. ඒ දැනුම ප්‍රායෝගිකව අපේ ඈයින්ට බෙදා දෙන්න ඔබ ගත් උත්සාහය ගැන ස්තුතියි.
මාගේ නිර්දේශයට අනුව:
" විවාහ ගිවිසගෙන සිටින / යම්දාක විවාහවීමේ අපේක්ෂාවෙන් සිටින / මව් පදවිය පිය පදවිය ලැබීමේ සිහිනයක් හිත යට මුළුගන්නාගෙන සිටින / දරුවෙකු බලාපොරොත්තුව සිටින හෝ දරුවෙකු බිහිකිරීමේ අවධියක පසුවන සියළූම තරුණ-තරුණියන් සහ අඹු-සැමියන් විසින් මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි ".
ඒ වගේම මෙහි අඩංගු කාරණා තේරුම් ගැනීමට සමත් වන නිසි වයසට (16න් ඉහළ) එළැඹී සිටින ගැහැණු/පිරිමි දෙපාර්ශ්වයේම දරුවන් හට මෙය නැරඹීමට ඉඩ සලස්වන ලෙස වගකිවයුතු වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කිරීමටත් කැමතියි. ඒ ඔවුනගේ අනාගතයේ මතු සැබෑ වන සිහිනයක්, සම්පතක් පිළිබඳව ඔවුනට නිවැරදි සහ විද්‍යානුකූල අවබෝධයක් ලබා දී තිබීම ඉතාමත් ප්‍රයෝජනවත් වේ යැයි මා හිතන නිසා.
ජය!
D_DASH
mama 1st
D_DASH
huta a tikata watila thiyanawane comment ela ela thanks machan
විකියා
කියන්නන් වචන නෑ...ඇත්තටම හුගාක්ම වැදගත් වෙන දෙයක් අපි කාහටත්ම..මෙවැනි නිර්මාණ උපසිරසත් එක්ක දීම අමිල සේවයක්...
බොහොමත්ම ඉස්තූතී රොයිලි සහෝ.....
අයෙත් මේ වගේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන නිර්මාණ අරන් එන්න කියා ඉල්ලා සිටිනවා...ජයෙන් ජය~!
kasun
hodai thanks
Budditha Fernando
බොහොම ස්තුතියි රොයිලි අයියේ මේ වටිනා කතාවට.. මේ වගේ ඒවා ඉතින් බයිස්කෝප් එකෙන්ම පමණයි..
shani
thanx sub walata.mama kamathie waartha wadasatahan walata.
M.D.A Pradeep (අමිල මනනදේව)
බොහොම ස්තුතියි රොයිලි සහෝ.මමත් මේක බාන්නයි යන්නේ.
ජය!!!chamila
එළ වැඩක්!
කේ. යූ. ජී. උදාර
උපරිමයි.......
මේ වගේ දුර්ලභ වටිනා දේවල් ඉස්සරහටත් අරගෙන එන්න සහෝ.......notisamanalaya
maru... niyamai...
Ishan Gihantha
Maxxxa Movie eka ..... Sub Walata Bohoma stuti ...me wage tawat movies walata sub karanna ...Good luck
vernie
ස්තුතියි රොයිලි saho......
[DiN3sH]
කියන්න වචන නෑ... ඉතා වැදගත් මේ වගේ වාර්තා වැඩසටහන් සිංහල උපසිරැසි සමග ලබා දීම.. සෑම දෙනාගේම දැනුම වර්ධනය කරලීමට සමත් මෙවන් වාර්තාමය වැඩසටහන් ඉදිරියටත් සිංහල උපසිරැසි සමග ලබා දීමට කටයුතු කරන්න කියලා රොයිලි අයියගෙන් ඉල්ලා සිටිනවා.. සුබ පතනවා!!! ජය!
Dina
thankz
AL1717
thnks Machan me Sinhala sub ekata
රොයිලි
@ Sha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට.@ Bunny,
නෑ නෑ එහෙම ඒවා නෑ.... :)රොයිලි
@uda,
බොහොමත්ම ස්තූතියි සහෝ විස්තරාත්මක කමෙන්ට් එකට :)@D_DASH,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකටරොයිලි
@විකියා,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)@kasun,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකටmudiya
නියම වැඩක් රොයිලි සහෝ.වින්දනය විතරක් නෙවයි අධ්‍යාපනික පැත්තෙනුත් වටිනා මේවගේ දේවල් දෙන්නෙ බුද්ධිත සහෝ කිවුව වගේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකෙන් විතරයි.අන්න ඒ නිසා තමයි අපි ඉන්ටර්නෙට් ලොග් වුන ගමන් මුලින්ම මේ සයිට් එකට එන්නෙ.ඔන්න මං ෆිල්ම් එක බාන්ඩ දැම්ම.තව හොඳ හොඳ, ලස්සන, වටිනා, ෆිල්ම් දවසින් දවස අපිට දෙන්න රොයිලි අයියට පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව.ජයවේවා.බොහෝ............ම ස්තූතියි...!
රොයිලි
@Budditha Fernando,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :) අනිවා බයිස්කෝප් සිංහලෙන් එකෙන්ම පමණයි. ඔයාගෙනුත් තව සබ් එකක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා..@shani
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)රොයිලි
@M.D.A Pradeep (අමිල මනනදේව)
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. අපිට ලඟදීම ඔයා මොනාද දෙන්නෙ.... :)@chamila,
බොහොමත්ම ස්තූතියි සහෝ :)රොයිලි
@කේ. යූ. ජී. උදාර,
අනිවා වෙලාව තියෙන විදියට ගේන්නම් සහෝ. ඒක නෙවෙයි අමිලගෙන් ඇහුවා වගේම ඔයාගෙන් අපිට ඊලඟට මොකක්ද ලැබෙන්නේ? :)@notisamanalaya,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)රොයිලි
@Ishan Gihantha,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)@vernie,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)සසික නානායක්කාර
බොහොම ස්තුතියි රොයිල් සහෝ මේ වගේ ෆිල්ම් එකක් දුන්නට.මමත් මේ දිනවලදරැ සුරතල් බැලිමට සුදානමින් ඉන්නේග
dedunu
බොහොමත්ම ඉස්තූතී රොයිලි සහෝ…..
ශෂී මදුරංග ප්‍රනාන්දු
නියම වැඩක සහෝ, නියමයි. ගොඩාක් ඉස්තුති....
කේ. යූ. ජී. උදාර
@රොයිලි
දැනට නම් මුකුත් නැහැ. බලමුකො ඉස්සරහට......රොයිලි
@[DiN3sH],
බොහොමත් ම ස්තූති සහෝ කමෙන්ට් එකට@Dina,
බොහොමත් ම ස්තූති සහෝ කමෙන්ට් එකට :)රොයිලි
@AL1717,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)@mudiya,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට. බලමුකො වෙලාව තියෙන හැටියට, :)රොයිලි
@සසික නානායක්කාර,
අහ් එහෙමද. අපෙනුත් උණුසුම් සුබපැතුම්. ස්තූතියි කමෙන්ට් එකට :)@dedunu,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)රොයිලි
@ශෂී මදුරංග ප්‍රනාන්දු,
බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකටරොයිලි
@කේ. යූ. ජී. උදාර,
එල එල අනිවා අපි බලන් ඉන්නවා :Pයසිරු මධුක
thanx.
hewagamage
godaakma watina wedak meaka. aththatama thnx saho me wedetanam, mehema awa balanna denawata sub akkama.. jaya wewa tawath honda nirmanayakata . jaya weawa..
pubba
ඉතාම වටිනා ෆිල්ම් එකක්. අනාගතයේ දී මේ උපදෙස් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා
nilmini
මේ ෆිල්ම් එක ඉතාම වටිනා එකක් බොහොම ස්තූතිය්
namal
නියමය්
rasidu
one word "GENIUS"
Bhanuka
thankxxxxxxx
lahiru oresas
Good job ........
Thanks........
isuru dimantha
ඉස්තුය්හි සුබ් එකට
අබා
නියමයි රොයිලි අයියා...ඔයාගෙ උපසිරසි ගොනුවක් නේ..ආය කියන්න දෙයක් නෑ..ජයවේවා෴෴෴
B.Withanage
බොහොම ස්තූතියි මේක වටින අධ්‍යාපන වැඩක්
Uraj Deemantha
මේ වගේ වැදගත් දේකට, සිංහල සබ් දැම්මාට, රොයිලියාට මගේ ස්තූතිය..... :)
dinnu
මේවගෙ වැදගත් දේයක් නොබලන දැස මක්කටෙයී කිඋවලු. රොයිලි අයියාගේ වැඩක් හින්දා සුපිරියටම ඇති. බොහෝම ස්තුතීයි සහෝ.ජයවේවා!!!
ටිලාන්ත
ඉතා අනර්ඝ වාර්තාමය චිත්‍රපටයක්. බිරිඳ ගැබ්ගත් සමයේ පටන් මමත් මේ වගේ දේවල් නැරඹීමට ආසා කළා. ඉකුත් සතියේ මමත් පියෙක් වුණා. මේ වගේ වීඩියෝවක් නැරඹීමෙන් ඉතා හොඳ දැනුමක් ලැබෙනවා. රොයිලි සහෝදරයාට තවත් මේ වගේ උතුම් කාර්යන් කරගෙනයාමට සුභ පැතුම්!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ela ela sahodaraya Thankzzzzzzz meka dunnata :)
Sinhala sub akatath Thankzzzzzzzz :)
Jayawewaaaaaaaaaaaaa :D