පරණ හොඳ ෆිල්ම් හොය හොය බලන අතරෙ සෙට් උන සුපිරිම ෆිල්ම් එකකට තමයි අද සබ් ගෙනාවෙ. සයිට් එකේ ෆිල්ම් එක ගැන ලිපියක් තිබුනට උපසිරසි තිබුනෙ නෑ, ඉතින් සුපිරිම ෆිල්ම් එකක් නිසා මට හිතුතා සබ් දාන්න ඕන කියලා කොහොමහරි In To The Badland ටීවි සීරීස් එකට සබ් දාන අතරෙ මේකත් ඉවර කලා. IMDB ටොප් රේටඩ් මූවිස් […]
පරණ හොඳ ෆිල්ම් හොය හොය බලන අතරෙ සෙට් උන සුපිරිම ෆිල්ම් එකකට තමයි අද සබ් ගෙනාවෙ. සයිට් එකේ ෆිල්ම් එක ගැන ලිපියක් තිබුනට උපසිරසි තිබුනෙ නෑ, ඉතින් සුපිරිම ෆිල්ම් එකක් නිසා මට හිතුතා සබ් දාන්න ඕන කියලා කොහොමහරි In To The Badland ටීවි සීරීස් එකට සබ් දාන අතරෙ මේකත් ඉවර කලා.
IMDB ටොප් රේටඩ් මූවිස් අතරෙ 83 වැනි ස්ථානය හිමි කරගෙන ඉන්න මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා තමයි ඔස්කාර් සම්මානලාභී Robert De Niro. නීරෝගෙ රගපෑම් අතිවිශිෂ්ට තත්වයක තියෙනවා කියලා කියන්න පුලුවන්, මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන 4කට නිර්දේශ වෙලා තියෙනවා වගේම වෙනත් සම්මාන 21කිනුත් පිදුම් ලබලා තියෙනවා.මම වගේ පරණ හොඳ ෆිල්ම් හොය හොය බලන තවත් අය ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා. 1976 උනාට හොඳ වීඩියෝ පිටපතක් තියෙන නිසා කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන්. අනිත් එක තමයි මේක වර්ණ චිත්‍රපටියක්.
කතාව ගැන නම් මම වචනයක්වත් කියන්න ඕන නැහැ, මොකද මීට අවුරුදු 7කට කලින් මනීෂ් ගමගේ සහෝ ෆිල්ම් එක ගැන නියම ලිපියක් පළ කරලා තියෙනවා, මේ ලිපිය කියෙව්වම තමයි මටත් ෆිල්ම් එක බලන්න ආසාවක් ඇති උනේ, ඔයාලත් ලිපිය කියවලා බලන්න. ෆිල්ම් එක රසවිදිනවා වගේම කමේන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා..
ටීවී සීරීස් එකට සබ් දාන අතරේ තවත් මේ වගේ හොඳ ෆිල්ම් වලට උපසිරසි අරගෙන හිතාගෙන ඉන්නවා, එහෙනම් මම ගියා කාටත් ජය !!
මනිෂ් ගමගේ සොහොයුරා කලින් පලකරන ලද ලිපිය
IMDb Rating 8.6/10 ලබාගෙන ලොව ජනප්‍රියම චිත්‍රපටි 250 අතුරින් 39 වැනි ස්ථානයේ රැදී තියන 1976 දී තිරගත වුන මේ අපූර්ව නිර්මාණය ඕනම හොලිවුඩ් නළුවෙක් ගේ සිහින අධ්‍යක්ෂවරයෙක් වන. Cinema Veteran කෙනෙක් වන Martin Scorsese ගේ TAXI DRIVER චිත්‍රපටියයි අද මම ඔයගොල්ලොන්ට දෙන්නේ.මෙය විශිශ්ට තිරරචකයකු වන Paul Schrader ගේ තිරරචනයකි. Robert De Niro , Jodie Foster , Cybill Shepherd මෙහි ප්‍රධාන රOගනයෙන් දායකවන මේ චිත්‍රපටියේ කතාව මෙහෙමයි..
වියට්නාම් යුද්ධයෙදි මැරීන් සෙබලෙකු වු ට්‍රැවිස් බිකල් නම් පුද්ගලායට යුධ සේවයේ නිරතවිමේ අනිටු ප්‍රතිඵලයක් ලෙස රාත්‍රි කාලයේදි නින්ද නොයයි.. මේ නිසා ඔහු රාත්‍රි ටැක්සි සේවයකට බැදෙයි..යුධ පසුබිමක සිටි ඔහුට සාමානය සමාජයට හුරු වීම තරමක් අපහසු වෙයි.. මෙහිදී ඇමෙරිකාවේ රාත්‍රි සමාජයහී දූශිත බව මැනවින් දැකගත හැකිය. ඔහු මෙය පිලිකුල් කරයි.. මේ අතරතුර ඔහු යම් කාන්තාවකට ප්‍රේම කරන්නට පෙලබෙයි. ඇය එකල ජනාධිපතිවනය සදහා පිහිටවා තිබු මැතිවරණ කාර්යාලයක සේවය කරයි.. දිනක් ඔහු කිසිදු පැකිලිමකින් තොරව එම කාර්යාලයට ගොස් කතා කර ප්‍රේමයට මුල පුරයි.සමහරවිට ඔහු එතරම්ම forward වන්නේ ඔහු එතරම්ම සමාජයට අනුගත නොවන නිසා වන්නට පුලුවනි. කෙසේ හෝ ඇය ඔහුට කැමති වෙයි. පසුව ඇය සමග චිත්‍රපටියක් බලන්නට යන්න ආරාධනා කරන ඔහු ඇයව අසභය චිත්‍රපටියක් නැරඹිමට රැගෙන යයි.. මෙහෙදී ඇය ඔහුව පිලිකුල් කර එතනින් ඉවත්ව යයි. නමුත් මෙහිදි ඇත්තටම සිදුවන්නේ ඔහු නිසි ආකාරව සමාජ ගතවී නැති නිසා ප්‍රේමනීය අවස්ථාවට සුදුසු දේ තෝරා ගැනීමට ඔහුට නොහැකි වීමයි. පසුව ඇය ඔහු දිගින් දිගටම ප්‍රතික්ශේප කරයි.
මේ අතරතුර එකල රාත්‍රි සමාජය කෙතරම් දූශිතද යන්නට මනා උදාහරණ මේ සිනමාකරුවා අප වෙත ගෙන එයි.. මෙහිදි ට්‍රැවිස් හට ඔහු මෙතෙක් කල් දැකපු දර්ශන අතරේ අමුතු දෙයක් දකියි. ඒ වයස අවුරුදු 12 ක ගණිකාවකි… එසේම ඔහු තවත් අපුරු සිද්දියකට මුහුණ දෙයි… ඒ තම පෙම්වතිය සේවය කරන ජනාධිපති අපේක්ශකයා ඔහුගේ ටැක්සියට ගොඩ වීමයි.. මේ අතර ඔහු ආයුධ කිහිපයක්ද මිලදි ගන්නවා.එවා විවිධ අයුරින් හසුරවන හැටි ඔහු පුරුදුවනවා. මේ දර්ශන සියල්ල ප්‍රේක්ශකයා අන්දමන්ද කරන අතර කුතුහලය වැඩිකරයි.
මේ අතර ඔහු අර වයස අවුරුදු 12 ක ගණිකාව නිතර දකිනවා. ඔහු ඇය සොයා යනවා.. ඇයට ඉන් මිදෙන්න තමන්ට උපකාර කල හැකි බව පවසනවා…. එමෙන්ම ඔහුගේ ටැක්සියේ ගිය ජනාධිපති අපේක්ශකයා ඝාතනය කිරීමට මොහු සැලසුම් කරනවා…
ට්‍රැවිස් බිකල් නම් වු ව්ශ්‍රමික මැරීන් සෙබලා…. අවුරුදු 12 ක ගණිකාව මින් බේරාගනීවිද ? ජනාධිපති අපේක්ශකයා ඝාතනය කරාවිද? එයට හේතුව කුමක්ද..? ඔහුගේ ප්‍රේමය නැවත ඔහුට ලැබෙවිද ? ඔහු ඇයට දිගටම ප්‍රේම කරාවිද ? මේ සියල්ලටම විසදුම් තියෙන්නේ ඔයගොල්ලො අතේ… බාගෙනම බලන්න… ඔබට ජීවිතයට යමක් ගත හැකි, සිතීමට යමක් ඉතිරි කරන සුවිශේශි නිර්මාණයකි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
627 downloadsDownload Taxi-Driver-1976.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
72 comments
පොතේ ගුරා
Nishacharaya
මේ දවස්වල බාන්න නම් විදියක් නෑ මචන්, හැබැයි ප්‍රචාරයක් නම් දුන්නා..
පිටස්තරයා
පට්ටම පට්ටම ෆිල්ම් එකක්. Robert De Nero ගේ තවත් විශිෂ්ඨ රංගනයක්.
Tharindudoo
හද්ද පරන
Raven
මගේ ප්‍රියතම චිත්‍රපටයක්.
"you talking to me?"
හහහා..
Manula Nayanatharu
Film eka nam ela..... But banna widiyak na.... Eth ikmanatama try karanawa.... Thanks.
රජිත ලියනගේ
යාලුවා, ඔයා දාන ටොරන්ට් වල video/audio quality එක එක ගැන එහෙමත් කිව්වොත් හොඳයි නේද?
රජිත ලියනගේ
ටොරන්ට් එකේ,
A-10
V-10ලෙස TPB එකේ කමෙන්ට්ස් වල සටහන් වී තිබුනා.
kolla
meka mama wage podi lamayek ta hondada manda :D :D matath awrudu 12i:P :P
සුභාෂ් ගුණවර්ධන
හරි ඔන්න බාන්න දැමමා . . . විස්තරේට අනුව නම් බලන්නම ඕන ෆිල්ම් එකක් වගේ . .
Prakash
අය්යෝ මටත් දෑම්ම බාන්න නම් විදියක් නෑ.දැනටමත් 6GB විතර බාමින් ඉන්නෙ. හැබැය් මම පුලුවන් තරම් ඉක්මනටම බානව.බොහොම Thanks මේවගේ පරන හොද Film දානවට.
තිසර
මගේ චිත්‍රපට එකතුවේ තවත් අපූරැ චිත්‍රපටයක්. ජොඩී පොස්ටර් නැමැති දක්ෂ නිළිය හොලිවුඩ් චිත්‍රපටි ලෝකයට දායාද කරන්නේ මෙම චිත්‍රපටය. බයිස්කෝප් ලෝකයෙන් පියවරක් ඉදිරියට තැබීම ගැන ප්‍රණාමය.
කොටින්ම කිව්වොත් පරණ වුනත් එළ...
සමන් කලුබෝවිල
අනේ මන්දා........ මේක බලලා මටත් ටැක්සි ඩ්‍රිවර් කෙනෙක් වෙන්න හිතේද දන්නේ නෑ...... කෝකටත් බානවා..... මේ දවස්වල නිවාඩු නිසා කරන්න දෙයකුත් තියෙන්න ඔනනේ....... ගුරාට තෑන්ක්ස් .....
Kosala
thanks for give good old like this.,
hope give atleast once a week 'Old is Gold'මනිෂ කසුන්
පරණ එකක් නිසා ප්‍රතිචාර හොද වෙන එකක් නෑ කියලා හිටුවේ... ඒ උනාට හොදයිනේ....
@ රජිත ලියනගේ : 1976 උනාට ටොරෙන්ට් එක එල.... බාල බඩු දෙන්නේ නෑ කියාල ඔයා දන්නවනේ.... මේක ඉතින් HD තාක්ශණයෙන් ගහපු ෆිල්ම් එකක් නෙව්යි... ඒ කාලේ හැටියට best ම copy එකක්...
comment කරලා මාව දිරිමත් කරපු හැමට තුති...
බාන්න කල් දැම්මාට කමක් නෑ..අනිවා බලන්න..මනිෂ කසුන්
@ සමන් කලුබෝවිල : මේකේ ඉන්න කෙනා වෙන්න අමාරුයි... මෙයා ටිකක් වෙනස් දෙවල් කරන්නේ.. :P බාගෙනම බලන්නකො........
මහේෂ් රාජසූරිය
හොඳයි වගේ. ඕනෑම සමාජයක ඇතුල් පැත්ත කියන කතා වලට මං කැමතියි. Little Miss Sunshine, One Flew Over the Cuckoo's Nest, Crash වාගේ ඇමරිකන් චිත්‍රපටවලට හා දෙලොවක් අතර වැනි සිංහළ චිත්‍රපටවලට ද සමාන වනු ඇතැයි සිතමි.
susantha
THNX.MAMA ASAMA FILLM AKAK.
sammpath
ma admin ayya maga nama gawata avatar kotuwata photo ekak danne kohomada?
මැරයා
අනේ මන්ද මටත් හරියට බාන්න බෑ.Airtel එකට හෙනම ගහපන්... (30Kpbs)මට යකා නගිනව දෑන්...
Anju
thanx..!
nilanthaherath
එළ එළ, පරණ ඒවත් දෙන එක නියමයි. මචන්ලා තව හොඳ පරණ ඒවත් දාපල්ලා. ගුරාට සහ මනිෂ් සොයුරන්ට තෑන්ක්ස් වේවා. මේ ටිකේම බාන එකම තමයි වැඩේ. කෝ උඹලා ඉවර කර ගන්න දෙන්නෙත් නැහැනේ. අලූත් ඒවා දානවා. එහෙම තමයි තියෙන්න ඕනේ. ජයෙ
මනිෂ කසුන්
අනිවා තව එල බඩුවක් exam ඉවරවුන ගමන් දෙනවා...
රොයිලි
අම්මෝ ඔන්න කාලෙකට පස්සෙ බයිස්කෝප් එක පැත්තට ආවා. සෑහෙන තොගයක් තියෙනවා බා ගන්න.
ස්තූතියි පොතේ ගුරා සහ මනීෂ්ට.
ජය වේවා !
San J
මචන් සමාවෙන්න ඕනෙ මේක මම බෑව ඒත් ඒ වෙලාවෙ කමෙන්ට් එකක් දාන්න බැරි වුනා. ටිකක් වැඩ අදික නිසා. ඔන්න දැන් බයිස්කෝප් එක බලලම කමෙන්ට් එක දැම්මා.
නියම ෆිල්ම් එකක්
ජයවේවාAL1717
Mama Me Me Film eka Mita Kalin Bewa Matanam Meka Maha Aul Jalayak Mukuth Therune ne.
Eka Nisa Allala Demma..
Nuwan
Ela machan ela...Patta film ekak...Enga Danawa...Thamath Wathure behela inne...Keep up ur good work guys...!!!
රජිත ලියනගේ
මම මේ dl කරමින් ඉන්න ගමන්.
Anonymous
බලමු මචෝ හොදයිද කියලා
Anonymous
bawa
රජිත ලියනගේ
මම බෑව. ඒත් මේක මට හරි බෝරිං නෙ?
ඔන්න ඒක මගේ පෞද්ගලික අදහස. :D
මං කැමති එකටම අනිත් අය කැමති වෙන්න ඕන නෑනේ...Ramraj
මේක හොද ෆිල්ම් එකක් නේද? මට බලන්න බැරි උනානේ.
gihan
ගොඩක් ස්තුතියි
pradeep
sub eka ganne kohomada
Sandaru Jay
mekata sinhala subs denna
Sandaru Jay
sinhala subs danna.
asitha
meke sub ko
sanjaya thisara
ko machan sinhala subs naane meeke?
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි.සහෝ මේවටත් සබ් දෙන්නකෝ පුලුවන් වෙලාවක
Paranormal Activity (2007),The Devil's Backbone (2001)
The Golden Compass (2007),Watchmen (2009)
මේ ෆිල්ම් ගැන ලිපි පමණයි සයිට් එකේ තියෙන්නෙ
ජය වේවා!Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx bro...
කෞෂාන් පියුමන්ත
පහරක් වගේ.සබට තෑන්ක්ස්
Dulanga
Thanks
Mithun
udae idam meka dakka dam tama onna oha mokakda ki balanna opan karala lipiya kiyauwa
Supiri film ekak ne balit nm thx saho sab dammata aniwa balanawa damma list damma onna man balana ටයිප් eke move ekak bohoma stuthi jaya wawa ma wage ewa tawa set unot danna gannawa aniwaනවින් නිසල්
~~~උපසිරසියට ස්තුතියි~~~~
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
බුදුසරණයි..ජය වේවා..nadun
මේකේ සබ් එනකල් තමා බල බල හටියේ.. සබට ස්තුතියි, බලලම කොමෙන්ටුවක් දාන්නම්කො……
danushka diwarathne
ela mcn. L.A. Confidential (1997)
mekata sub danna puluwan namasitha
මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම…
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!Withanage Priyantha Dayakeerthi
උදාර රාජපක්ෂ සොයුර,
කලාත්මක සිනමාපට සොයමින් යන අපවැනි අයට මෙම උපසිරසියය ඉතාමත් වටිනවා. ඒ මන්ද “IMDb වර්ග කිරීම්” තුළ මෙම සිනමාපටය තිබෙනවා මා මීට පෙර දුටුවා. ඉතිං බයිස්කෝප් එකට මෙවන් උපසිරසියක් වැටෙන්නේ ඉතාමත් කලාතුරකින්. මෙවන් සිනමාපටවල වටිනාකම ඔබත් ඉතා හොඳින්ම දන්නා බව ඔබේ හදුන්වා දෙන ලිපියෙන් විස්තරකර තිබෙනවා. ඒ නිසා මෙවැනි විශිෂ්ට නිර්මාණ නිතරම අපට ලබාදෙන සොයුරෙක් බවට පත්වෙන ලෙස මම, ඔබට යෝජනාකර සිටිනවා. ඔබේ මෙම ඉතාමත් වටිනා උපසිරසියට මාගේ ස්තුතිය!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙම ලිපිය ඔයාලගෙ මූණු පොතෙන් ට්විටර් ගිණුමෙන් හා ඊමේල් මගින් ඔයාලගෙ යාලුවන් අතර බෙදාගෙන අපිට සහයෝගනය දක්වයි කියල හිතනව.. :)