ඔන්න මේ පාර වැඩියේ කවුරුත් බලලා නැතුව ඇතියි හිතන ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ ගලායන,ඒත් ගොඩක් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දාන්න හිතුවා..මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.7/10ක් ලබාගෙන ඇති අතර සම්මාන 5ක් දිනාගෙන තිබෙනව..එමෙන්ම මේ චිත්‍රපටයේ දෙවනි කොටසත් ලබන අවුරුද්දේ තිරගත වීමට නියමිතයි..ඒ නිසා දැන්ම මේ…

ඔන්න මේ පාර වැඩියේ කවුරුත් බලලා නැතුව ඇතියි හිතන ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ ගලායන,ඒත් ගොඩක් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි දාන්න හිතුවා..මේ ෆිල්ම් එක IMDB රේටින්ග්ස් වල 7.7/10ක් ලබාගෙන ඇති අතර සම්මාන 5ක් දිනාගෙන තිබෙනව..එමෙන්ම මේ චිත්‍රපටයේ දෙවනි කොටසත් ලබන අවුරුද්දේ තිරගත වීමට නියමිතයි..ඒ නිසා දැන්ම මේක බලල ලෑස්ති වෙලා ඉන්න දෙවනි එක බලන්න.. 🙂
ඇත්තටම මම මේක මුලින් බලන්න ගත්තේ මේකේ ඉතා දක්ෂ නලුවන් දෙදෙනෙක් වන ඩෙන්සිස් වොෂින්ටන් හා ක්ලීව් ඕවෙන්ගේ ගේ රංගනයෙන් හැඩ වී ඇති නිසා..ඒත් මේ කතාව මුල ඉදන්ම අපව පුදුමයට පත් කරමින් පටන් ගෙන අවසානයේ අප නොසිතූ ආකාරයට වෙනසක් කරමින් නිම වෙනවා..මේ ෆිල්ම් එක පටන් ගන්නා විට එහි පසුබිම් සංගීතය අහලා පුරුදු ගීතයක් බව ඔබට පෙනෙයි.
මේ ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන්ම හැදින්වීමක් කලොත් එය ගලාගෙන යන්නේ ඉතා අමුතුම බැංකු මංකොල්ලයක් කරන කෙනෙක් හා ඔහුගෙන් ප්‍රාණ ඇපකරුවන් මුදවා ගෙන ඔහුව කොටු කිරීමට දඟලන දක්ෂ පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාදාමයන්ගෙන්. ඒත් මේ හොරා බැංකුවෙන් එක ශතයක් වත් හොරකම් වෙලා නෑ කියල බැංකුවත් කියනවනම්, උමං මාර්ග තියා කිසිම හානියක්වත් බැංකුවට නොවී තිබෙද්දිත් මංකොල්ලකරුවන් අතුරුදන් වෙලා තිබුනම ඇත්තෙන්ම පිස්සු හැදෙනෙව නේද.? මේ ෆිල්ම් එකේ කතාව මුල ඉඳන් අගට පිලිවෙලට ගලා ගෙන යන්නේ නැහැ..සමහර විට බලද්දි ටික වෙලාවකට හරිම අපැහැදිලියි වගේ හිතෙයි හිතයි,නමුත් අවධානයෙන් බලන්න,ඒ තමයි මේ කතාවෙ විශේෂත්වය..ඒත් අවසාන භාගයට කිට්ටු වෙද්දි ඉතා හොඳින්ම කතාව තේරෙනවා. ඒ වගේම අපි හිතාගෙන හිටපු ආකාරය කොතරම් වැරදිද කියලා තේරෙනවා. ඕගොල්ලොත් බාලම බලන්න.
පොඩි අවවාදයක් දෙන්නම්..අපි දකින දේ ගැන අපි හිතන දේ නිවැරදිම දේ නොවෙන්න පුලුවන්..

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
17,851 downloadsDownload Inside-Man-2006.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
107 comments
පොතේ ගුරා
ravinsp
මේකනම් නියම ෆිල්ම් එකක්. ෆිල්ම් බලන හැමෝම එක හුස්මට බලයි!
DragonD
මම නම් මේක බලල තියෙනව... මුල මියුසික් එක හින්දි වගේ නේද ? එල කතාව. මම දැන් ආයෙ සින්හල සබ්ස් දාල බලනවා. රොය්ලි අය්යට පින් සිද්ද වෙතවා....
මෙහ් ගුරා අය්යෙ ,
se7en එකෙ මිනීමරුව ඇය් මිනිස්සු මරන්නෙ ? හේතුව මොකක්ද ? අර බුවා පොලිස් කාරයගෙ වය්ෆ් වට් මැරුව නෙද ? ඒ කියන්නෙ මෙයා ඔක්කොම ප්ලැන් කරගෙන හිටියද ?chamila
කාලාන්තරයකට පස්සේ සිංහල සබ් එකක් දාලා..... :) රොයිලියා නම් කියලා ගියේ ගුරා සිංහල සබ් දෙයි කියලා... ඒත් මේකා ????? අනේ මගේ කට :(
ameera
thanks machan..
sinhala sub dana eka nam ela !!!!පොතේ ගුරා
@ravinsp! අනිවා අනිවා මචන්.. :)
@DragonD! එළ එළ..ආයෙ බලපන්.. :) ඔව් බන්..ඌ කියනවනෙ මිණීමැරුම් 7ක් වෙනව කියල..7 වෙනි එක තමයි ඌ.. පොර මිනිස්සු මරන්නෙ ආගමික පසුබිමකුත් එක්ක එන නරක මිනිස්සු සමාජයෙන් තුරන් කිරීමේ චේතනාවක් නිසා මචන්..ඒ ගමන්ම ඌ බුද්ධිමත් නිසා පොලිස්සිය එක්ක සෙල්ලමකුත් කරනව.. :) ලොකුම දේ තමයි ඌ පිස්සෙක්! :P
@chamila! :D :D රොයිලිට ජයවේවා!
@ameera! එළ එළ මචන්..රොයිලි සහෝගෙ වැඩ තමයි.. :)
Akila DJ
@DragonD
මුල,අග මියුසික් හින්දි තමයි!.... Dil Se.. (1998) එකේ Chayya Chayya සිංදුව නෙ! A.R Rahman ගෙ...se7en එකේ ඌ pSycho කාරයෙක් නෙ! ප්ලෑන් කරල මිනිස්සු මරන්නෙ ලෝකෙ අවධානය 7 deadly sins වෙත යොමු කරවන්න. ෆිල්ම් බලල නැති බවක් පෙනී යනවා :p
පොඩි එකෙක් වගේ නෙ ප්‍රශ්න කරන්නෙ! David Fincher ගෙන්ම අහපන් හරියටම දැනගන්න ඕනෙ නම් :DAL1717
2 balanna kalin 1 balanna Epy
Eka Nisa onna Banna Demma Mamath
Thanks Machochinthaka
ela
dload karamuko!Anonymous
ස්තූතියි. සිංහල උප සිරැසි සමග චිත්‍රපට ලබා දීම විශිෂ්ටයි.
පොතේ ගුරා
@AL1717! අනිවා..දෙවනි එකත් එළ ඇති.. :)
@chinthaka ! එළ එළ සහෝ.. :)
@නිර්නාමික !ස්තූතියි මචන්..මේකෙ සම්පූර්ණ ගෞරවය අපේ රොයිලි බුවාට තමයි.. :)
ChuttaFX
thanx machanla :D sinhala upasirasa thiyana eka nam godak hodai.
Uraj Deemantha
රොයිලියත් එහෙනම් ගුරා එක්ක එකතු වෙලා, අපේ රවුටර් වලට කෙලවන, අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයට හවුල් වෙනවා වගේ....... :P
පොතේ ගුරා
@ChuttaFX ! එළ එළ මචෝ..:)
@Uraj Deemantha! පිස්සුද බන්..මම අහිංසකයි! මේ ලිපිය වගේම උපසිරැසත් රොයිලි බුවාගෙ තමයි.. :D
kolla
එළ එළ..පොතේ ගුරා හ රොයිලි ගුරාට ස්තූතියි ..banawoooooooo
kathu
කාලෙකින් ලියන්න බැරිවුනා...!! films ටික නම් නියමයි... Thank u වෙවා..
kolla
machan පොතේ ගුරා mekath sub wada karanne jet audio player 1kata witharada?
පොතේ ගුරා
@kolla! එළ එළ මචෝ..වින්ඩෝස් මීඩියා ප්ලේරය් එකෙනුත් වැඩ මචෝ..
@kathu !ඒකනෙ..එළ එළ මචන්.. :)
kolla
එළ එළ මචන් godak thanks :)
chathurarcrc
පට්ට පට්ට ජය වේවා :D
Sheran
මාත් වැඩෙට අහු උනා මාත් දැන් බානවා..එල වැඩක් පුලුවන්නම් 3D ෆිල්ම් ටිකක් වැඩියෙන් දාන්ඩෝ........
Udith Danz
machan...aluth hindi tikak upload karannako..aathal eke balanna puluwan.....
:DLahiru Randika
"Udith Danz Says:machan…aluth hindi tikak upload karannako..aathal eke balanna puluwan…..:D"
නීයම අදහස.. මමත් ගූරාට කියන් නේ හොල්‍මන් film 1ක් 2ක් "හෝ/හා" හින්‍දී film 1k 2k සතියකට දාන්‍න කියලා..
රොයිල් ඔන්‍න මගේන් සැලූයුට් 1ක්...
ගුරා & රොයිල්‍ට මේන්‍න මගේන් 5ක්....පොතේ ගුරා
@kolla ! වෙල්කම් වේවා මචන්
@chathurarcrc! අනිවා අනිවා මචෝ..:)
@Sheran! හික් හික්..එළ එළ..බාපන් එහෙනම්.. :)
@Udith Danz! හින්දි හොද ටොරන්ට් එනව අඩුයි බන්..බලමු ඉක්මනට දාන්න.. :)
@Lahiru Randika! එළ එළ මචෝ..උඹටත් 5ක් ඕං! :D
amila
mata me film eka download karanna bane eka karanna kohomada
amila
meka download karanne kohomada
සරදියල්
මාත් බානවෝ... කලෙකින් කමෙන්ට් 1 දාන්නත් බැරි උනා. පොතේ ගුරාටයි රොයිලියටයි බොහෝ පින්
සරදියල්
ඔව් බන් මේ දවස්වල පොඩ්ඩක් රාජකාරි බහුල කේස් 1 තියෙන්වා. ඉක්මනට මොනවාහරි ලියන්න ඔනේ......
:( :(Vishwa
Thanx machan
marvelTracker
max film ekak wage densila innawanam ela wenna one banna oneeee... koheda ekata welawak.. gurata thx wewa.....
පොතේ ගුරා
@සරදියල් !ඒකනෙ..ඉක්මනට පෝස්ට් එකක් දාපන් මචෝ..:)
@Vishwa! වෙල්කම් මචෝ..
@marvelTracker!ඔව් මචන් ෆිල්ම් එක නම් මැක්සා..උඹ ආස වෙයි..බලපන්කො ෆ‍්රී වෙලාවක..
සහන්
කොල්ලෝ මේ film එකට ඉන්දියාවේ කෙනෙක් Dil se film එකේ Chayya Chayya සින්දුව add කරලා torrent එකක් හදලා දැම්මද කියන්න බැරිද. මොකද ඉංග්‍රීසි film එකක හින්දි සිංදුවකට මේච්චර තැනක් දෙයි කියල හිතන්න පුලුවන්ද, අනිත් කාරනේ තමයි මේ movie එකයි සිංදුවයි අතර මොකක්ද තියන සම්බන්ධය.....?????
සහන්
කොල්ලෝ මේ film එකට ඉන්දියාවේ කෙනෙක් Dil se film එකේ සින්දුව add කරලා torrent එකක් හදලා දැම්මද කියන්න බැරිද. මොකද ඉංග්‍රීසි film එකක හින්දි සිංදුවකට මේච්චර තැනක් දෙයි කියල හිතන්න පුලුවන්ද, අනිත් කාරනේ තමයි මේ movie එකයි සිංදුවයි අතර මොකක්ද තියන සම්බන්ධය
පොතේ ගුරා
@සහන් ! එහෙම වෙන්න විදියක් නෑ මචෝ..වෙන කෙනෙක්ගෙ ටොරන්ට් එකක් නම් එහෙම හිතන්න තිබුන..ඒත් මේක aXXo ගෙ ටොරන්ට් එකක්..පොර තමයි (ඇක්සෝ කියන්නෙ දෙන්නෙක්) ටොරන්ට් king.. :) (අවුරුදු ගානක ඉදන් පොර තමයි ලෝකෙ හොදම ටොරන්ට් දෙන්නෙ)
prabath
Machag,
maname / singhabahu drama eka wage ekak nadda bagann. kohomahari hoyala deepagko macho........
Suvin
man balalath naa ban.... danma daanawa down wenna! Movie ekatai Sinhala Sub walatai Godaaak Thanx!
Saman
mama mulin hituwe meka hindi show ekak kiyala. niyamai. patta...............
Suvin
Ela! kaalekin balapu elama movie ekak! Down kalaata adai baluwe! Sinhala Sub nisaa hodatama therunaa! Thanx!
රොයිලි
@ පොතේ ගුරා,
නිවාඩුවනම් මොනාද මචං. කම්මැලිකමින් කාලය ගත කලේ. බාපු ෆිල්ම් බල බල ඉන්න ගමන් ඉතින් මේ වගේ වැඩකුත් කරන්න එපායෑ...
@ DragonD ,, පිං නම් මොනාද මලයෝ....
වැඩේ එලට කරලා තියෙනවා කිව්වනම් එච්චරයි.
රොයිලි
@ chamila ,
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් තියෙනවනේ මචං
@ ameera
ස්තූතියි මචං
රොයිලි
@ නිර්නාමික,
ස්තූතියි මචං
@ChuttaFX,
එලම තමා අපි දිගටම දෙන්න තමයි බලාපොරොත්තුව.
රොයිලි
@ Uraj Deemantha,
මම හැමදාමත් කියනවනේ මචං මූ පලකරන්නේ නැත්තම් මම දෙන්නේත් නැහැ. ඉතින් කාගෙද වැරද්ද? :-P
@ kolla
රොයිලි ගුරා???? ඒ මොකාද බොල?? :)
රොයිලි
@ Sheran
හොඳයි එහෙනම් උඹ වෙනුවෙන් ඊලඟට මම ඇනිමේශන් එක්ක දෙන්නම් කෝ
@ Lahiru Randika
එල මචං මෙහෙම කට්ටිය ඉන්නවනම් මොනා කරන්න බැරිද?
රොයිලි
@ සරදියෙල්
එල එල බලල ඕවා කරන්න ට්‍රයි කරනව එහෙම නෙවෙයි....;)
@ Suvin, Saman,
ස්තූතියි මචංලා. :D
කணிshක
වැඩේ නම් නියමයි...තව අපරාධ, එළ, ක්‍රියාදාම හා යුද්ධ, රහස් පරීක්ෂක ෆිල්ම්ස් දාන්න...සිංහල උපසිරැසි එක්ක නම් මරු...බලන්න බලන්න ආසයි...
සුබ පැතුම්...ජානක
කොහොමද සිංහල උපසිරැසි සමග බලන්නෙ?පැහැදිලි කරන්න පුලුවන්ද කාට හරි.
ජානක
GOM Player මම පාවිච්චි කරන්නෙ.නමුත් සිංහල උපසිරැසි පේන්නෙ නැහැ.
hemantha samarakoon
දාල ගොඩක් කල් වුණත් මමත් බාන්න දැම්මා..
රොයිලි මලයට පින් සිදු වේවා...........රොයිලි
@ hemantha samarakoon,
අහා ඕකනම් නියමම චිත්‍රපටියක් තමයි. පරක්කු වුනාට මොකෝ :)Buddhika Vajira
රොයිලි bro insideman 2006 sub eka ganna behane, pls eka ganna vidiyak kiyannako, mata magaharunu elama film ekak
Jshan
woow man...........this coollllllllllll
gessy
ela ela machan..thanks..sinhala sub nam lokayak watinnawa
Hiran192
sub nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අන්තර්ජාලය නොමැති පෙදෙසක නිවාඩුවක් ගතකරමින් සිටින අතර තම නිවාඩු කාලයද කැප කරමින් අප වෙත මෙම උපසිරැස ගොනුව නිර්මාණය කර දුන් රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප කාගෙත් ස්තූතිය හිමි විය යුතුය..