Watch Trailer

Inside Out (2015) with Sinhala Subtitle|ලස්සන මතකයක් නිර්මාණය වෙන්නේ එහි සතුටයි දුකයි දෙකම ගැබ්ව තියෙන විටයි.[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!. හැමෝම කැමතියි නේ වෙනස් ආරක ලිපි වලට. කලිං Effie Gray චිත්‍රපටයේ ලිපියට ගොඩාක් අය කැමැත්ත පල කරලා තිබුණා. මොකද මම ඒක ලිපියක් ආකාරයෙනුවි ඉදිරිපත් කලේ. ඔන්න ඒ නිසාම මම අදත් වෙනස්ම විදිහකට ලිපිය සකස් කරා. මේ ලිපියේ කොටස් පහකට අනුවයි මම කරුණු ඉදිරිපත් කරන්නේ. මොකද ලිපිය කියවන කෙනාට මේ චිත්‍රප…

Inside out 2015

ආයුබෝවන්!. හැමෝම කැමතියි නේ වෙනස් ආරක ලිපි වලට. කලිං Effie Gray චිත්‍රපටයේ ලිපියට ගොඩාක් අය කැමැත්ත පල කරලා තිබුණා. මොකද මම ඒක ලිපියක් ආකාරයෙනුවි ඉදිරිපත් කලේ. ඔන්න ඒ නිසාම මම අදත් වෙනස්ම විදිහකට ලිපිය සකස් කරා. මේ ලිපියේ කොටස් පහකට අනුවයි මම කරුණු ඉදිරිපත් කරන්නේ. මොකද ලිපිය කියවන කෙනාට මේ චිත්‍රපටය ඇත්තටම කොයි වගේද කියලා බලන අයට පෙන්වල දෙන්න. හොදයි මම දැන් කොටස් ටික මෙහෙම පෙල ගස්වන්නම්.

1. හැදින්වීම
2. දිවෙන කථාව
3. හඩ දක්ෂතාවය
4. ඇත්ත ව්‍යංගයෙන්
5. අවසන් වචනය

ඔන්න මම දැන් පිළවෙළින් පිලිවලට පහලට යන්නයි හදන්නේ. මේක සරල වගේම ගොඩාක් තොරතුරු ලබාගන්න පුළුවන් ලිපි ලියන ක්‍රමවේදයක් කියල මම හිතනවා.

1. හැදින්වීම

මෙම චිත්‍රපටය නිමැවෙන්නේ Pixar ආයතනෙය් සහ Disney ආයතනයේ එකතුවෙනි. Pete Docter විසින් රචනා කල කථාවකට අනුව ඔහුගේම අධ්‍යක්ෂණයෙන් හා Jonas Rivera ගේ නිෂ්පාදන සහයෙන් නිර්මාණය වන Animation/Comedy ගණයට අයත් මෙම චිත්‍රපටයේ මුල් පදනම වැටෙන්නේ 2011 වසරේ. නමුත් මෙම චිත්‍රපටය නිකුත් වන බව මුලින්ම දැනුම් දුන්නේ 2013 වසරේ අගෝස්තු මාසයේ. ඒ සමගම හඩකැවීම් සහ. පූර්ව ප්‍රචාරක පටය 2014 දීම එළි දැක්වීම් සිදුඋණා මේ නිර්මාණය සිදු කල Disney ආයතනය මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 175ක මුදලක් වැය කලා.  මෙය මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කලේ Cannes වල 2015 මැයි 18 වැනිදා.  ඉන් පසු United States වලදි ජුනි 19 වෙනි දින ප්‍රදර්ශනය ආරම්භ කළා. මෙම චිත්‍රපටය Box office වාර්තා බිද දමමින් ඇමරිකානු ඩොලර් මිලියන 383.8 ක මුදලක් උපයා ගැනීමට සමත් උණා.  මේ කථාව පරණාමයකට ලක් වෙච්ච චිත්‍රපටයක්. මොකද මුලින් රචනා කරපු කථාව ගොඩාක් වෙනස්කම් වලට ලක් කරලයි Inside Out නමින් නිෂ්පාදනය වෙලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් මුලින්ම මේ චිත්‍රපටයේ පලමු සංස්කරණයේ සතුට සහ බිය ( Joy සහ Fear) යන හැගීම් දෙක අහම්බයෙන් මනසේ මූලස්ථානය කියන ස්ථානයෙන් පිටව යාමක් තමා සිදුවන්නේ. ඒත් මේ අළුත්ම සංස්කරණයේ ඒක සතුට සහ දුක (Joy සහ Sadness) ලෙස වෙනස් වෙලා තියෙනවා.  මේ එක කරුණක් උණත් තව බොහෝ කාරණා එක්ක පරිණාමය උන නිසා තමයි ප්‍රෙක්ෂකයන් විසින් IMDB අගය 8.7ක් වැනි ඉහල අගයක් ලබා දී තියෙන්නේ.

2. දිවෙන කථාව

කථාව ගැන මම පොඩි අදහසක් දෙන්නම්. මේ කියවෙන්නේ අපේ මනස ඇතුලේ ජීවත්වෙනවයි කියන හැගීම් උත්පාදකයෝ පස් දෙනකේ ගැන. ඒ පස් දෙනා පිළිවෙලින් Joy,Sadness,Fear,Disgust සහ Anger කියන අය. ඒත් මම කියන්නම ඕන මම මේ කථාව උපසිරැසි ගන්වද්දී ගොඩාක් පැටලෙන ඉංග්‍රීසි නම් සිංහලෙන්ම යොදන්න තීරණය කළා. හරියට මේ පස්දෙනා වගේ. මෙයාලට මම දුන්න නම් තමයි පිලිවෙලින් ප්‍රමෝදි,දුක්ඛි,සන්ත්‍රාස,රුචිරාණි සහ කුපිත.ගොඩාක් නම් හැදුවේ අර්ථය පැහැදිලි වෙන විදිහට.මේ පස්දෙනා තමයි රයිලිගේ කියන 11 හැවිරිදි දැරියගේ හැගීම් අවස්ථානුකූලව හසුරවන්නේ. ඒත් දුක්ඛී හිතන්නේ අනික් අය අතරේ එයාට තැනක් නෑ කියලා. මොකද ප්‍රමෝදි හැම තිස්සෙම අනික් අයත් එක්ක රයිලිව සතුටින් තියන්න මහන්සි වෙනවා. ඒක හොද දෙයක් නමුත් දුක්ඛී මේ ගැන කළකිරෙනවා.
කොහොමහරි රයිලිගෙ පාසලේ පලවෙනි දවසෙදි දුක්ඛී කරන වැඩක් නිසා දුක්ඛීයි ප්‍රමෝදියි දෙන්නම අහඹුලෙස මූලස්ථානයෙන් පිටවෙලා යනවා. දුක්ඛි ගැන තව දෙයක් කියන්න ඕන. එයා වාතයක් වගේ මුලින් ඔයාලට හිතෙයි. ඒත් එයා අනික් අයට වඩා බුද්ධිමත්. ඔන්න එහෙදි ගොඩාක් අය එයාලට හම්බ වෙනවා. ඒ අතර මගේ ප්‍රියතමයා බින්ග් බොං. එයා රයිලිගෙ හිතින් මවාගත් යාළුවා. රයිලි දැන් ලොකු ලමයෙන් නිසා මේ දෙන්න අතර කලින් තිබුණු මිතුරු කම අඩුවෙලා. ඒකට එයා දුකින් ඉන්නේ.ඒත් අන්තිමේදි බින්ග් බොං තමාගේ ජීවිතේ පරදුවට තියලා කෙනෙක්ව බේරගන්නවා.බින්ග් බොංග්ට උණ දේ දකිද්දි ඕනම කෙනෙක්ගේ ඇහැට කදුළු බින්දුවක් එන්න පුළුවන්. ආපහු මූලස්ථානය වෙත යනකං රසවත් සිදුවීම් ගොඩක් එක්ක කථාව ඉදිරයට ගලාගෙන යනවා.

3. හඩ දක්ෂතාවය

මේ චිත්‍රපටයේ මම ආසම දක්ෂ නිළියක් හඩකැවීම් වල නිරත වෙනවා. ඒක ඇත්තටම විශේෂ දෙයක්. එයා තමා Amy Poehler.

ප්‍රමෝදි/සතුට/Joy Amy Poehler
දුක්ඛී/දුක/Sadness Phyllis Smith
බිංග් බොං/කල්පිත මිතුරා/Bing Bong Richard Kind
සන්ත්‍රාස/බිය/Fear Bill Hader
කුපිත/තරහ?Anger Lewis Black
රුචිරාණී/ප්‍රියත්වය/Disgust Mindy Kaling
රයිලි/Riely Kaitlyn Dias
රයිලිගේ අම්මා/Riely’s Mom Diane Lane
රයිලිගේ තාත්තා/Riely’s Dad Kyle MacLachlan

4. ඇත්ත ව්‍යංගයෙන්

ඇත්තටම කෙනෙක් මේක බලන්නේ රසවින්දනට වෙන්න පුළුවන්.ඒත් මේ චිත්‍රපටයේ හැංගිච්ච ගොඩාක් දේ තියෙනවා. සතුට ජීවිතයට අවශ්‍යයි. ඒත් සතුටම තිබුණා කියලා ජීවිතය සුන්දර වෙන්නෙ නෑ. ඒක දුක හෝ බය හෝ තරහව හෝ ප්‍රියත්වය සමග මුසු වෙන්න ඕන. එතකොට සතුටම තිබිල ඇතිවන සුන්දරත්වයට ලැබෙන වටිනාකමට වඩා ලොකු වටිනාකමක් ලැබෙනවා. උදාහරණයක් ගත්තොත් අන්තිම මොහෙතෙදි රයිලිව පාලනය කරන්න කිසිම හැගීමකට බැරි වෙනවා. අඩුම තරමේ බියටවත්. තමන්ගේ දෙමාපියෝ අතහැරලා ආපහු ගමට රයිලි යද්දී තමන්ට පණ වගේ ආදරය කරන දෙමාපියන් ගැන දුක කියන හැගීම ඇතිවෙලා ඒ වැඩේ නතර කරනවා. දුකට විතරයි එවෙලේ රයිලිව පාලනය කරන්න පුවවන් උණේ. අපි හැමොටම එහෙමයි. විටෙක අපි කරන දෙයකින් අපිට ආදරය කරන අයට පීඩාවක් වෙනව කියල දැනෙද්දි දුක කියන හැගීම ඇතිවෙලා ඒ වැඩේ නොකර ඉන්නවා.  තවත් කාරණාවක් තමා හොද මිත්‍රත්වයක් තියෙන එක. බින්ග් බොං රයිලිගෙ හිතින් මවාගත්ත යාළුවා. රයිලි එයාව අමතක කලා කියල එයා රයිලි එක්ක අමනාප උණෙ නෑ. ඒත් එයා තමංගෙ ජීවිතේ අහිමිකරගෙන තමාව නිර්මාණය කරපු රයිලිව සතුටින් තියන්න මහන්සි ගත්තා. මේ වගේ තව බොහෝ අවස්ථා තියෙනවා. චිත්‍රපටිය බලද්දිම ඔයාලට ඒ ගැන තේරෙයි.

5. අවසන් වචනය

අන්තිමට මට කියන්න තියෙන්නේ මට මේ නිර්මාණයට උපසිරැසි ලබා දෙන්න ඉඩ දුන්න බයිස්කෝප් සිංහලෙන් සහෝදරවරු කණ්ඩායමට ගොඩාක් ස්තූතියි කියලයි. මොකද මට මීට කලින් මේවගේ ලොකූ ජනප්‍රියත්වයක් උසුලපු ඇනිමේෂන් නිර්මාණයතට උපසිරැසි නිර්මාණයට අවස්ථාවක් ලැබිල නැති නිසා. මේ සබ ඉක්මණට නිර්මාණය කරත් තරමක් හොද කොපියක් එනකල් බලං ඉන්න උනා මට මේක දෙන්න. ඒ ගැන සමාව අයදිනවා. තවත් නිර්මාණයකින් හමුවෙනතාක් හැමෝටම ආයුබෝවන්!

Inside Out (I) (2015) on IMDb

 

 

 

15,259 downloadsDownload Inside.Out_.2015.BRRip_.baiscopelk.com_.zip315 B

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

15,259 downloadsDownload Subtitles315 B

112 comments

  1. sameera

    Thanks machan. denakan thamai hitiye. ela ela.

  2. “චූටී මල්ලි”

    good post bro,
    Br enakm inna kiyala baluwe
    BAJARANGI BHAIJAAN 2015
    salmange alut eka denna
    tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    1. දීප්ත තුෂාර

      අහෝ සහෝදරයා. මම ඉන්දියානු ඒවා, යුධමය ඒවා සහ 18+ බාරගන්නේ නැහැ.

    2. දීප්ත තුෂාර

      කමෙන්ටුව ස්තූතියි.

  3. tiron

    thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  4. නලින්

    ස්තුතියි දිප්ත ස‍හෝ!

    අනිමෙෂන් නම් බලනවා ලොවෙත් අතහරින්නේ නැහැ..

    ලිපියටත් සැහෙන්න මහාන්සිවෙලා තියෙනවා. ඇත්තටම මේ ක්‍රමේ නම් හොදයි. ෆිලුම ගැන හොද අව‍බෝධයක් ගන්න පුළුවන් හොදටම.

    ජය වේවා

    1. දීප්ත තුෂාර

      ස්තූතියි සහෝ. මම ලිපි ලියන ක්‍රමේ ඉස්සරහට දිගටම වෙනස් කරන්නයි ඉන්නේ. එකම විදිහට ලිපි ලිව්වම එපා වෙනවනේ. ඉදිරියට අළුත් අළුත් විදිහේ ලිපි දකින්න ලැබෙයි.

  5. Global

    Great Work Bro..
    Thanks..!

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  7. Darshana

    Thanks bro..

  8. sachi

    නියමයි සහෝ... පට්ට... ලිපිය බැලුවට පස්සෙ නොබලා ඉන්නෙ කොහොමද.
    ලිපියටයි, සබ් එකටයි, දෙකටම ස්තූතියි...

    1. දීප්ත තුෂාර

      :-)

    2. Sadeesh Mendis

      me film ekata hoda copy ekak dannako .sub ekata thanks

  9. Mayura

    Maxxxx lipiya. Enakan hitapu pilumak
    Br enakan innwa

  10. Sanjaya

    patta saho............

  11. achi

    සුපිරිම ලිපියක් එක්ක සුපිරිම ෆිල්ම් එකක් දීල. නියමයි සහෝ!!!
    ජය!!!

  12. Sajith Anthony

    නියමයි සහෝ…
    ගොඩාක් ස්තූතියි සබ් එකට.
    ජය වේවා !!

  13. Madusanaka Jayasooriya

    නියමයි සහෝ, ලිපියත් සුපිරි, ෆිලුමත් සුපිරී. තෑන්ක්ස්

  14. nalinda

    thank you bro

  15. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි සහෝ ජය වේවා!!!!

  16. nipun sanjula

    thanx bro br copy awama update karanna

  17. Kulanjana Maduranga

    supirima post 1k....aye 2k na pattai hode...e wgema filumath hodai bagena balamu.thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  18. සසිනිකා

    මේක දෙනකන්
    ගොඩක් කල් ඉදන්
    බලන් හිටියෙ .
    ගොඩක් ස්තූතියි

    1. දීප්ත තුෂාර

      සති දෙකකට විතර කලින් මේකෙ වැඩ ඉවර කලේ. තරමක් හොද කොපියක් එනකනුයි හිටියෙ දෙන්න. :-)

    2. සසිනිකා

      තව Pixies කියලා අළුත්
      ඇනිමේෂන් එකක් ඇවිත් තියෙනවා.
      පුළුවන් නම් ඒකත් දෙන්න.
      ඒකට හොඳ පිටපතක් ඇවිත් තිබුනා.

    3. දීප්ත තුෂාර

      මම ඒක බැලුවා. අනේ මන්ද මට විතරමද මෙහෙම දැනෙන්නෙ කියලා. ඒත් ඒක එච්චර ලස්සන කථාවක් නෙවෙයි කියලා මට නං හිතෙන්නේ.

    4. සසිනිකා

      ආහ්,මම ෆිල්ම් එක බැලුවෙ නෑනෙ
      කවුරුහරි සබ් දෙනකන් බාගෙන
      බලන් හිටියෙ...ස්තූතියි

  19. janith dulanjana

    Thankz sub ekata..balanna asawwn idapu film ekak..

  20. thisal

    සුපිරිම ලිපියක් එක්ක සුපිරිම ෆිල්ම් එකක් දීල ගොඩක් ස්තූතියි wait for BR

  21. asitha

    Thanks and good luck bro...

  22. pasindu

    appata hudu denakan idiye.thanks.keep it up....ANT MAN ekath demu.....

  23. Anush

    බොහොම ස්තුතිය් සහෝ!
    ඔබගේ නව ලිපි ක්‍රමය ඉතා හොඳයි, ඉදිරියට තව තවත් හොඳ නිර්මාණ කරන්න ලබෙවායි ප්‍රර්තනා කරනව...
    ඔබට ජය...

  24. Asitha

    ela bro,,,,thanks

  25. sanka

    ela sahoooo
    minions eka apu gaman ekat danna
    aniwa balan innawa
    .................................................

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබටයි ලිපියටයි !

  28. osmen gallantin

    Thanks you so much bro.

  29. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ හොද කොපියක් එනකං ඉන්නවා මේකේ :D ජය වේවා !! ලිපියත් එල :)

  30. Nalin

    ගොඩක් ස්තුති ෆිල්ම් එකට ඒ වගේම ෆිල්ම් එක ගැන ගොඩක් හොද අපි නොදන්නා කාරන ගොඩක් ලිපියෙන් කියල තියෙනවා. Animation තම මම ආසම කරන ෆිල්ම් වර්ගය. Thanks again Bro....

  31. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  32. එල්.සී. දමැල්

    Tkx DEEPTHA Saho...
    JAYA!

  33. yeshu

    සටහන නියමයි. ඒක අලුත් අත්දැකීමක්. හොඳ පිටපතක් ආවහම අප් ඩේට් දෙන්න. සබට බොහොම ස්තූතියි

  34. amila

    patta saho... film ekata wada lipiya niyamai.. film ekat hodai itin ehema kuwe lipiya nam maarai.. digatama mehema liyanna... good luck..

  35. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  36. DDSameera

    nice article...!!!! go ahead !!!

  37. Asela

    thanks machan.hoda aniamation set unoth danna.

    1. දීප්ත තුෂාර

      අනිවා සහෝදරයා! :-)

  38. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට Bluray ආවම බලනව

  39. ඉසු ඩිපි (Isu DP)

    Br ආවාම තමයි ගන්නේ. මේ ලිපි ලියන ක්‍රමේ නම් මරු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  40. Damith

    Ube wade nam ela. but meka camara copy ekakne ban. camara copy danna epa ban. camara copy balala wadak na. ewaye sounds ehemath quality na...

    1. දීප්ත තුෂාර

      මේ කොපියනං ගොඩාක් ඩැමේජ් වෙලා නෑ. බ්ලූරේ ආවහම එහෙනං බලන්න. මේ ෆිලුම ආව ගමන්ම සබ හැදුවෙ ඉක්මනට හොද කොලිටි කොපියක් එයි කියලා. මම සබ හැදුවෙ මීටත් අන්ත කොපියකට. සාපේක්ෂව මේක හොදයි. ඉදල ඉදල බැරිම තැන තමයි දුන්නේ. ඉක්මණට දෙන්නතැ එපායැ. :-)

  41. gayan

    සබ් එකට ස්තූතියි සහෝදරයා!
    හැබැයි disgust කියන එකට විරුද්ධාර්ථය නේද සිංහලෙන් දීල තියෙන්නේ....
    disgusts කියන්නේ පිළිකුල නේද?

    1. දීප්ත තුෂාර

      ඔව්. මම නම් කීපයක්ම මුලින් හිතුවා. ජුගුප්සා, අරුචී.... වගේ ගොඩාක් නම්. ඒත් ඒකෙන් මෙයාගෙ නියම අදහස එන්නෙ නෑ. මෙයා ඇත්තටම කැමති අකමැති දෙකම පාලනය කරනවානේ. ඒ නිසයි ඒ නම දැම්මේ.

  42. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. හොඳකොපියක් ආවහමම බාගන්නම්. ජය෴෴ :P :P

    1. දීප්ත තුෂාර

      :-D

  43. sahan

    thank you machooo..

  44. Jack

    නියමයි සහෝ.
    හොද කොපියක් එනකම් ඉන්නවා.
    ලිපියත් එලටම තියනවා.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය.

  45. asoka

    thnx very much sahooo......

  46. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  47. sadeesh

    නියමි ෆිල්ම් එක හොද copy එකක් දාන්නා 720 wage

  48. kasun

    copya chater

  49. දීප්ත තුෂාර

    මෙම උපසිරැසිය ලබා දී ඇති අළුත් කොපිය හා නොගැලපෙන බැවින් කරුණාකර උපසිරැසිය යාවත්කාලීන කරන තුරු බාගත කරගැනීමෙන් වලකින්න. යාවත්කාලීන කිරීමෙන් පසුව ඔබව දැනුවත් කරන්නම්. ස්තූතියි.
    Please don't Download My Subtitle Because it should be update. Thanks!

    1. දීප්ත තුෂාර

      උපසිරැසිය යාවත්කාලීන කරන ලදී.
      Subtitle Updated!

  50. Arjuna Vidanagama

    Meke 720p WebRip eka thiyenawa ane ekata Sub Update karala dennakooooooooooooooo
    Pleassssssssssssssssssss

Load more comments