Watch Trailer

P Se PM Tak (2015) with Sinhala Subtitles | ගණිකාවක සිට මහා ඇමති දක්වා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ මම ගෙනාවා මගේ පළමු හින්දි උපසිරැසිය මෙන්ම මගේ අටවන උපසිරැසිය. මේක කොමඩි ෆිල්ම් එකක්. මේ දවස්වලට බොහොම හොඳින් ගැලපෙනවා. දේශපාලන කරළියේ සිදුවන පිල් මාරුවීම, එකිනෙකාට මඩ ගසාගැනීම්, සුදුසු හෝ නුසුදුසු ඕනෑම එකෙක්ව ලිස්ට් එකට දාගන්න දඟලන හැටි, මේ ෆිල්ම් එකෙන් හොඳටම සිනා වේවි ම…

P Se PM Tak 2015

ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ මම ගෙනාවා මගේ පළමු හින්දි උපසිරැසිය මෙන්ම මගේ අටවන උපසිරැසිය. මේක කොමඩි ෆිල්ම් එකක්. මේ දවස්වලට බොහොම හොඳින් ගැලපෙනවා. දේශපාලන කරළියේ සිදුවන පිල් මාරුවීම, එකිනෙකාට මඩ ගසාගැනීම්, සුදුසු හෝ නුසුදුසු ඕනෑම එකෙක්ව ලිස්ට් එකට දාගන්න දඟලන හැටි, මේ ෆිල්ම් එකෙන් හොඳටම සිනා වේවි මනාවට බල ගන්න පුළුවන් වේවි.

Comedy,Drama ගණයට අයත් වෙන මේ ෆිල්ම් එකට IMDb රේටින් 4.0 තමයි ලැබිල තියෙන්නේ.ඉතා අඩු අගයක් වුණාට තරමක් සාර්ථක ෆිල්ම් එකක් කියන්න පුළුවන් කම තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ කුධාන් ෂා විසින්. රංගනයෙන් දායක වෙන්නේ,

මිනාක්ෂි ඩික්සිත්  – කස්තුරි.
ඉන්ද්‍රජිත් සෝනි   –  රාජන්.
භාරත් ජධාව්   –  වාමන් මහතා.
යෂ්පාල් ශර්මා   –  ජාඩේජා.
චින්මේ ජධව්රාවෝ   –  රාසික්.
දිපාක් ශිර්කේ   –  ෂාම්රාඕ.
අකිලේන්ද්‍ර මිශ්රා   –  ලෝක්බන්ධු.
මුස්තාක් ඛාන්  –  චක්රාධාර්.
වෙදේශ්   –  ප්‍රධාන ඇමති.
ප්රෙර්ණා වන්වරී   –  රශ්මි.

කතාව ගැන කියනවානම්,
ප්‍රධාන කතා නායිකාව කස්තුරි ඉතා අඩු මිලට ගණිකා සේවයේ යෙදෙන සුරූපී තරුණියක්. ඇගේ පොට් ඒක පොලිස් වැටලීමකින් පසුව ඇයව අත් අඩංගුවට ගන්නවා රාජන් කියල ඉන්ස්පෙක්ටර් වරයා විසින්. මේ රාජන් ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් සමඟ එකතු වෙලා ඉන්න කෙනෙක්. මෙතන ඉන්නවා ප්‍රධාන ඇමතිගේ ලේලි රශ්මි. ඇය මේ රාජන්ව කසාද බදින්න ඉන්නේ. දේශපාලන වේදිකාවක වාද විවාද අතරේ මේ දෙන්නගේ කසාදයට යන වියදම ගැන එලියට එනවා. මහා ඇමති ඒක වහ ගන්න මේ දෙන්නව සමුහ විවාහ උත්සවයක දී කසාද බන්දන්න තීරණය කරනවා. මෙයට රශ්මි විරුද්ධ වෙලා පැනලා යනවා. මහා ඇමති විපක්ෂයේ මඩ වලින් බේරෙන්න කස්තුරිව රශ්මි වශයෙන් ජනතාවට පෙන්වලා රාජන්ව කසාද බන්දනවා. කස්තුරි මේ වැඩේට කැමති වෙන්නේ සල්ලි වලට. නමුත් කස්තුරිට කසාදය අතරතුර රාජන් කෙරෙහි ආදරයක් ඇති වෙනවා. නමුත් ගණුදෙණු ප්‍රශ්නවලට ගිහින් කස්තුරිව මහා ඇමති එලවා දමනවා. මේ අතර මහා ඇමතිට හිතවත් ව සිටි ෂාම්රාඕ ටෙන්ඩර් එකක ප්‍රශ්නයකට ඔහුත් සමග විරසක වෙනවා. මේ මහා ඇමතියට හැම රෑකටම ගෑනියෙක්ව ඕනා. සප්ලයි ඒක දෙන්නේ මේ ෂාම්රාඕ තමයි.

මේ දෙන්න තරහා නිසා ෂාම්රාඕ මුළු පළාතේම ඉන්න ගණිකාවෝ සියලුම දෙනා එදා රෑ තමාගේ නිවසට ගෙන්න ගන්නවා. සප්ලයි ඒක දී ගන්න බරුව රාජන් තමා කසාද බැන්ද ගණිකාව කස්තුරිව මහා ඇමතියා ළඟට එවනවා. මේ එන අතර මගදී කස්තුරිව ෂාම්රාඕගේ හිතවත් පොලිස් නිලධාරියෙක් ඔහු ළඟට ඇයව ගෙන යනවා. ෂාම්රාඕ ඇය සමඟ එකතු වෙලා මහා ඇමතිට විරුද්ධව මඩ ගැසීමේ සැලසුමක් කරනවා. මේ ආකාරයට කස්තුරි මහා ඇමතියා ගාවට යනවා. පසුව සිදුවන දේවල් නිසා මහා ඇමතියා මිය යනවා මෙයාට මේ මහා ඇමතිගේ ලේලි වන රශ්මි ලෙසට පෙනී සිටීමට සිදු වෙනවා වගේම ඇයට මහා ඇමති කමත් ලැබෙනවා. ඉතිං අඩු මිලට සේවයේ යෙදෙන ගණිකාවක් කොහොමද මහා ඇමති වෙන්නේ කියලා දැනගන්න මේ මුළු ෆිල්ම් එකම බලන්න. විශේෂ කාරණයක් කියන්න තිබෙනවා මේ ෆිල්ම් එකට අදාළ ටොරන්ට් වල සමහර ඒවාගේ ඕඩියෝ නෑ. මම ඩවුන්ලෝඩ් කළ කොපි තුනකටම මේ දේ වුණා. ඒ නිසා බලලා බා ගන්න. මට මේ ෆිල්ම් ඒක කරන්න බාර දුන්න සමීර සහෝටත් බොහොම ස්තුතියි.

එහෙනම් තවත් සබ් එකකින් හමු වෙමු. ඔබට ජය…..

P Se PM Tak (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

P Se PM Tak 2015 Hindi HDRip 480p 300MB

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,761 downloadsDownload 201507242129baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

DHSS අනුරාධ

Subtitles

2,761 downloadsDownload Subtitles51 KB

24 comments

  1. නලින්

    ස්තුතියි අනුරාධ සහෝ!

    ජය වේවා!

  2. Mayura

    Ado asa hithenawa bn kathawa kiyewwama

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  4. Kulanjana Maduranga

    niayamai…thanks ANURHADA saho..sub ekata..digatama sub demu.jaya wewa......

    1. tharindu

      Thanks saho

      meke file 4 ekathukaranna software eka mokkada kiyannawada?

  5. Nuwan Maduranga

    thans bro.

  6. achi

    ස්තුති සහෝ!!!

  7. Chamara Sampath

    නියමයි..!!
    උපසිරැසියට ගොඩක් ස්තුතියි..
    තවත් නිර්මාණයකින් හමුවෙමු..
    ජයෙන් ජය...!!!!

  8. kanchana

    sub walata sthuthiy,

    hodata weda karana link ekak hoyala dunnoth pin......

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. “චූටී මල්ලි”

    tnx

  11. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    ලස්සන කොමඩියක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා !!

  12. mahela

    thanks bro..
    heartless (2014) මේ film එකට සබ් දෙන්නකො..plzzzz

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. shanperera

    thanks machan

  15. Asitha Arp

    thank bro.....hindi film ekakuth denna balanna...............

    1. Mayura

      Meka Hindi thama. :P

    1. kanchana

      thank u RUWAN MALLI....

  16. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  17. Isuru Pathum

    Thanx macho. Very nice movie

  18. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  19. tharindu

    thanks saho
    meke 4 ekathu karanna sofware eka mokkada?

  20. රොයිලි

    බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P