ඔන්න යාළුවනේ හැනිබල් කරන අතරතුරේ අපේ විමාගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට 2015 වසරේ නිකුත් උන සුපිරි හොල්මන් සලරුවකටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේකට උපසිරැසි ගැන්වීම විමා ආරම්භ කරලා තිබුනත් ඊට වඩා හොඳ එකක් හම්බුන නිසාද කොහෙදෝ මට මේක බලෙන්ම ඇඟේ ගැහුවා. මේ අවුරුද්දෙ නිකුත් උන එකම එක චිත්‍රපටිකටවත්…

ඔන්න යාළුවනේ හැනිබල් කරන අතරතුරේ අපේ විමාගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට 2015 වසරේ නිකුත් උන සුපිරි හොල්මන් සලරුවකටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේකට උපසිරැසි ගැන්වීම විමා ආරම්භ කරලා තිබුනත් ඊට වඩා හොඳ එකක් හම්බුන නිසාද කොහෙදෝ මට මේක බලෙන්ම ඇඟේ ගැහුවා. මේ අවුරුද්දෙ නිකුත් උන එකම එක චිත්‍රපටිකටවත් උපසිරැසි ගන්වන්න බැරි උන නිසා ඔන්න එක දවසින් මේකට උපසිරැසි ගන්වලා ඔයාලා අතට පත් කරන්නයි මේ සූදානම.
IMDb වෙබ් අඩවියේ 6.4/10ක ඇගයුම් අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය සම්මානලාභි චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය වන ක්වීන් බ්‍රෙනර්ගෙ චරිතය රඟ දක්වන්නේ Stefanie Scott විසිනුයි. මෙම වසරේ ජූනි 5 වෙනිදා, එනම් මීට දවස් 22කට කලින් ඇමරිකාවේ තිරගත වීම ඇරඹුනු මේ චිත්‍රපටිය ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 22කට අධික බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ක්වීන් බ්‍රෙනර් කියන්නේ පාසල් යන වයසේ ගැහැනු ලමයෙක්. ඇය තම පියා සහ මල්ලී සමග පැරණි මහල් නිවාසයක ජීවත් වෙනවා. ඇගේ මව මිය ගිහින්. මිය ගිය අය හා සම්බන්ධ වෙන්න හැකියාව තියෙන බව දැනගන්න ක්වීන් කරන්නේ තමන්ගෙ මවගේ ආත්මය එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරන එකයි. ඒකට ඇය එලිස් නැමති භූතාත්මයන් හා සම්බන්ධ වෙන වයසක කාන්තාවකගේ සහය ලබා ගන්නවා. ඒත් ඇයට වෙන්නේ නොසිතූ විරූ දෙයක්. ඒ ඇගෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇගේ අම්මාගේ ආත්මය නෙවෙයි. වෙනත් පුද්ගලයෙක්ගේ ආත්මයක්.
ඉතින් යාළුවනේ.. ඇගේ අම්මා වෙනුවට ඇය හා සම්බන්ධ වෙන මේ වෙනත් පුද්ගලයා කවුද? ඔහු ඇයි ඇය සමග සම්බන්ධ වෙන්නේ? ඇයට අනතුරක් කරන්නද? නැත්නම් ඇයට ඇති සෙනෙහස නිසාද? ඇයට ඇගේ මවගේ ආත්මය හා සම්බන්ධ වෙන්න පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැනිබල් සමගින් නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා!
16,179 downloadsDownload Insidious-Chapter-3-2015-BR-UPDATE.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
76 comments
ශාන් විමුක්ති [විමා]
kasusn
ane saho
true detective season 2ta sub denne nadda??Dhanuka
Thanks machan....
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
අනේ හම්මේ, දිනිදු අයියාව දැක්ක කල් ෆිලුමකින්.
මේක අනිවා බලන්න ඕන ෆිලුමක්.
බට් කවදා බලන්න වෙයිද කියලා නොදනිමි.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි අයියේ!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!Rasidu
Maru. Sub ekata Thanx.
ධනු
එල මේකට සබ් දෙනකන් තමා උන්නෙ...
බොහෝම ස්තුතියි සබ් එකට.sankha sandaruwan
thx wewa sub ekata
Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
INduma
mcnla insidious chapter 2 1k sub 1a yify ge 720br 1a ta update krapnko bng..
supun dilshan
ammo mechchara ikmanata
“චූටී මල්ලි”
tnx dinidu
රවිඳු තේනබදු
මේක chinese සබ් තියෙන කොපිය නෙවෙයි නේද සහෝ? සබ් නැත්නම් බෑමක් තමයි... ස්තූතියි!
රවිඳු තේනබදු
අයියෝ... මේක චයිනීස් සබ තියෙන එක නේද... අවුලක් නෑ... හොඳ කොපිය එයිනෙ ටික දවසකින්... එදාටම බානවා...
sandun
Thanx machan
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු..............
අදිත ප්‍රවීන්
දෙනකම් බලාගෙන හිටියේ .
නියමයි අයියා !
බොහොම ස්තුතියි සබට .kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!me
Thanks
greatlahiru
sub ekata thnx
Ruchira
thank u bro
lakshan
සිංහල සබට බොහොම ස්තූතියි
පැතුම් අරෝෂණ වනිගසේකර
බොහොම ස්තූතියි මචන් උපසිරැයට ... මම කැමතිම හොල්මන් ෆිල්ම් දෙක තමයි මේකෙ 1,2යි :D
Chandimal
Thanks man....
madusanka jayasooriya
මේ තීන්නෙ සුපිරි ෆිලුම් සීරීස් එකක 3. ජය වේවා
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මේකාව කන්න එපැයි...
මට කිව්වේ හෙල්ප් කරනවා කියලා..
බැලින්නම් ඔක්කොම කරලා...
අරකට තමයි වෙලාව නැත්තේ...
හිටුකෝ...
කොහොම වුනත් සතුටුයි ආයෙත් කරලියට බැහැපු එක ගනම්..
දිගටම මේ වගේ සුපිරි ෆිල්ම් ටිකක් ගෙම්මු..
ජය වේවා!!kavi
sub daana vena mahansiyata goodak sthuthi....god bless !!!!!!!!!
thisal
බොහෝම ස්තුතියි සබ් එකට. br enkm inw
Elderman
Thankz
දහරා මුතු අමා
niyamay denakam balan hitiye. thanx sub ekata
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
Ravindu Sasanka
ammatasiri me thiyenne.thaankzzzz lokkaaaaAaaaaAaaAa
achi
ස්තුති සහෝ...
kasusn
saho..subata thankx
true detective season 2 ta suba denna
Hirushan
Thanks
ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
ඔන්න සහෝ බෑවා.
මග බලාගෙන හිටපු කතාවක් මේක.
තවත් උපසිරැසියකින් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
nalinda
thank you
Asela
thanks machoo sub ekata.......
Dimuthu
Thanks bro...
Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට...
Jack
pattai machan.
Thank you sub ekataDDSameera
aga kili pola yanawa...ban..!!! thanks !!! movie ekata !!
fernando
hoda copy yak nadda macho
indika
බොහොම ස්තුතියි
Sampath
ඔබගේ සේවයට අපගේ ප්‍රණාමය !
ස්තූතියි දිනිදු....Amalka
සබට තුති සහෝ මන් බලපු හොඳම හොරර් මුවී එකක්
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dwije
මේක 720p ද??
Krish
Dinidu sampath nama dekka gaman mathak wenawa supiri film godakata sub dunna hitha hoda sahodarayek kiyala,
ithin me film ekanam mama seehena kalayak thisse balann unna ekak thamai,onna iwasala ada thamai balanna ganne..godak sthuthi ayemath me kana kepawiimata..balalama tava comment 1k dennamkoneranjan
Thank you saho
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයasoka
thanks brooo...
Paz
Sub Walata Godak Thankssssssssssss
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ආයේ මක්කයි ඔය තියෙන්නේ ගින්දර වගේ
මම කොරානම් තවම කොරනවා
පවට කර ගැහැව්වට බොහොම ස්තුතියි ඈ :P
අලුත් ඒවා නොකර ඉන්න වෙන්නේ නෑ අපි ඉන්නකම් ;)