WWE එහෙම නැත්තන් රෙස්ලින් බලන කෙනෙක්ගෙන් ඇහුවොත් මෙච්චර කාලෙකට උන දේවල් වලින් දුක හිතෙනම දේ මොකක්ද කියලා ගොඩක් දෙනෙක් කියයි Edge WWE 1කෙන් අයින් උන එක කියලා. ඒත් දැන් මේ ෆිල්ම් එක හරහා අපිට ආයෙත් Edgeව බලාගන්න පුලුවන් වෙලා තියනවා. මමත් රෙස්ලින් බලන කෙනෙක් හැටියට මේ ෆිල්ම් එක එනකන් හුගක් කල් බලන් හි…

WWE එහෙම නැත්තන් රෙස්ලින් බලන කෙනෙක්ගෙන් ඇහුවොත් මෙච්චර කාලෙකට උන දේවල් වලින් දුක හිතෙනම දේ මොකක්ද කියලා ගොඩක් දෙනෙක් කියයි Edge WWE 1කෙන් අයින් උන එක කියලා. ඒත් දැන් මේ ෆිල්ම් එක හරහා අපිට ආයෙත් Edgeව බලාගන්න පුලුවන් වෙලා තියනවා. මමත් රෙස්ලින් බලන කෙනෙක් හැටියට මේ ෆිල්ම් එක එනකන් හුගක් කල් බලන් හිටියා.
රෙස්ලින් බලන අයට නම් මේ ෆිල්ම් එක හුගක් වැදගත් වගේම රෙස්ලින් බලන් නැති අයට උනත් බලන්න සුපිරි ෆිල්ම් එකක් පටන් ගත්ත වෙලාවේ ඉදන් අවසානය වෙනකන්ම ඉතාම කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. අවසාන විනාඩි 5හ වෙනකන් මුකුත් හිතා ගන්න බැ මේ මොනාද වෙන්නේ කියලා. අවසානයේ නිකමටවත් හිතපු නැති විදිහට තමා ෆිල්ම් එක ඉවර වෙන්නේ.
ෆිල්ම් එක ගැන ටිකක් කිව්වොත් Action | Thriller කියන ගණයට අයත්වෙන මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ සැප්තැම්බර් 20 වෙනිදා තමා නිකුත් කරලා තියන්නේ. WWE Studios එකෙන් නිර්මානය කරලා තියන මේ ෆිල්ම් එකේ Adam Copeland එහෙමත් නැත්තන් අපි දන්න විදිහට Edge මෙහි Lucas Nolan කියන රහස් පරීක්ශයයෙක් විදියට ප්‍රධාන චරිතයටත් C.J. Perry එහෙමත් නැත්තන් අපි හැමොම දන්න ලානා මෙහි Becky කියන හැකර්වරියකගේ චරිතයටත් රගපානවා.
ෆිල්ම් එක මුලින් බලන් යද්දි Lucas Nolan නිකන් ශර්ලොක් හෝම්ස් වගේ කියලත් හිතෙනවා තව වෙලාවකට ජේම්ස් බොන්ඩ් වගේ කියලාත් හිතෙනවා. ශර්ලොක්ගේ චිත්ත මන්දිරය වගේ එකක් මේ Nolanටත් තියනවා ඒක නිසා තමා හුගක්ම ශර්ලෝක් වගේ කියලා හිතෙන්නේ. ඒත් අන්තිමට හිතෙන දේට නම් තාමත් හිනා යනවා. ඔයාලත් බලන්නකො මොනාද හිතෙන්නේ කියලා. ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන කිව්වෝත් මුලින්ම Edge ගේ පොඩි ශෝ එකක් බලාගන්න පුලුවන් ඊට පස්සේ එක පාරටම පොරක් ඇවිත් කියනවා දැන් බෝම්බයක් පුපුරන්න යන්නේ කියලා. ඊට පස්සේ ඔහුව FBI එකෙන් අල්ලන් ගිහින් පරීක්ශන කරන් යද්දි මොහු තව බෝම්බ තියන තැන් ගැන අමුතු හොඩුවාවල් දෙනවා ඒ හොඩුවා පස්සේ යන සීන් එකක් තමා තියන්නේ.
ඒත් මේ බෝම්බ පුපුරවන්නේ ඇයි?මොහු හොඩුවාවල් දෙන්නේ ඇයි බෝම්බ පුපුරන තැන් ගැන? මොහු මොන හේතුවක් නිසාද මේ බෝම්බ පුපුරවන්නේ වගේ FBI එකට ලැබිලා තියන කේස් එක ගැන තියන ප්‍රශ්න වලට උත්තරFBI එකට වත් හොයා ගන්න හම්බෙන්නැ. හැබැයි ෆිල්ම් එක බලපුවාම අපිට හොයා ගන්න පුලුවන්. ඒක නිසා තමා ගැටලුවේ අභිරහස කියලා මේකට නම දැම්මේ මොකද මේ FBI එකට ලැබෙන ගැටලුව ඇතුලේ ලොකු අභිරහසක් ගැබ් වෙලා තියන නිසා.
ඒ වගේම රෙස්ලින් ෆෑන්ලා වෙනුවෙන් තව පොඩි දේවල් වගයක් කියන්නම්. රෙස්ලින් බලන්නේ නැති අය නම් මේක කියවලා මට බයින්න එපා මොන මගුලක්ද මේ කිව්වේ කියලා. මේ ෆිල්ම් එකේ රින්ග් එක ඇතුලේ නැති උනත්Edgeගේ හාඩ්කෝර් ෆයිට් එකක් සබ්මිශන් මූව්ස් ටිකක් ශබ්මිශන් මූව්ස් වලින් බේරෙන අවස්තා වගයක් වගේ සුපිරි ෆයිට් ටිකක් බලාගන්න පුලුවන්. Promo එකක් බලා ගන්න බැරි උනත් WWE එකේ වගේ සුපිරි පන්ඩිත කතා ටිකක් බලා ගන්න පුලුවන්. ඒ වගේම අපි ගොඩක් වෙලාවට Edgeව දැකලා තියන්නේ Heel Player කෙනෙක් විදියට ගොඩක්ම මතක තියෙන්නෙත් Heel Player කෙනෙක් විදියට ඉන්න අවස්තා මොකද ඒ Edge සුපිරියටමHeel Player කෙනෙක් විදියට ඉන්න නිසා ඒත් මේ ෆිල්ම් එකේ ඉන්නේ රහස් පරීක්ශයයෙක් විදියට Face වෙලා. සුපිරිHeel Player කෙනෙක් Face වෙලා ඉද්දි හොදයිද නැත්තම් ඇත්තටම Face කෙනෙක් නෙමෙයිද නැත්තන් කොයිම වෙලාවක හරි Heel වෙයිද කියලා බලාගන්න පුලුවන්. මාව විශ්වාස කරන්න Edge වගේ WWE එකේ Heel Playerකෙනෙක් Face කරලා චොර වෙන්න දෙන්නැ. උබලාට නම් ෆිල්ම් එක ගැන ටිකක් තේරුනාද මන්දා. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා WWE එකේ පෙන්නනවාට වඩා මේකේ ලානා පට්ට ලස්සනයි හලෝ <3.
මේක නම් ටිකක් දිග වැඩි උනාවගේ එහෙනම් සබ්ටයිටල් ඉල්ලීම් වලටයි ෆිල්ම් ගැන තොරතුරු කියන්නයි හදපු මගේ පේජ් එකටත් ඔය ලින්ක් එකෙන් ලයික් එකක් දාගෙන යන්නකො.
Villain Movies SQUAD – www.facebook.com/Villain.Movies.SQUAD
Due to copyright issues, we do not provide any torrent links.
Interrogation.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,362 downloadsDownload Interrogation.2016.Baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භානුක සෙනවිරත්න
Subtitles
23 comments
Sanindu Lakkitha
අසිත
elama saho thanks
Iresh Laksahan
elama
Sachintha Dilshan Perera
bapu 1kek hash 1ka ewanwado?plz....
banuka senavirathna
Oya page eka link eka tynawa
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks BHANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sherlock
sherlock season 4 eke sub eka denaa
sherlock
sherlock season 4 eke sub eka kawda denee?????
banuka senavirathna
Sub deela tynna
Mahesh
sub ekata thanx bro
akila
tnx bro..keep it up..
Dhanushka
Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ashan lankanath
thanks
Ajith Priyantha
sub akata thanks wawa
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sanath Indika
thx u brooo
Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Imesh
sub ekta thankz saho
Chamara Priyadarshana Premasinghe
thanks bro
Dulitha_Chiran
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
nimal dissanayake
භානුක,
ඔයාගේ නික් නේම් එක විලන් වුණාට
ඔයා සයිට් එකට නම් ෆ්‍රෙන්ඩ් කෙනෙක්;
හුඟාක් වටින.
ෆිල්ම් එක මරු!
සබ්ස් ටික ඊටත් වඩා මරු!!
ස්තුතියි ගොඩාරියක්.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..