හොඳයි එහෙනම් අදත් ආවා උණු උණුවෙම ආපු ෆිල්ම් එකකුත් අරගෙන. ගෙනාවෙ Jack Reacher 2. මුළින්ම කියන්න ඕනා මේ සබ් එක කරන්න මාර කට්ටක් කෑවා. මේකෙ සබ් එක කරන්න ගත්තට දැනට මං මේ පෝස්ට් එක දාන මොහොත වෙනකොටත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන ඉංග්‍රීසි උපසිරසි සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. හැම උපසිරසියකම අඩුපාඩු තියෙන…
හොඳයි එහෙනම් අදත් ආවා උණු උණුවෙම ආපු ෆිල්ම් එකකුත් අරගෙන. ගෙනාවෙ Jack Reacher 2. මුළින්ම කියන්න ඕනා මේ සබ් එක කරන්න මාර කට්ටක් කෑවා. මේකෙ සබ් එක කරන්න ගත්තට දැනට මං මේ පෝස්ට් එක දාන මොහොත වෙනකොටත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන ඉංග්‍රීසි උපසිරසි සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. හැම උපසිරසියකම අඩුපාඩු තියෙනවා. සමහර තැන් වල ලයින් නෑ, සමහර තැන් වල කියන දේ නෙවෙයි තියෙන්නෙ. ඉතිං ඒ නිසා සමහර ලයින් මට පැය ගණන් අහන්න වුණා හරිම තේරුම් හොයාගන්න. ඒත් ලයින් කීපෙක හරිම තේරුම හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ තැන් වල මං ලයින් අයින් කරලා ඇති. මොකද උපසිරසිය සම්පූර්ණ කරන්න ඕන කියලා මට බොරු දාන්න බැරි නිසා. බය වෙන්න එපා, මේ HD HC කොපියක්, Web එක, Br එක ආපු ගමන් ඒ ඔක්කොම අඩුපාඩු ටික හදලා ආයෙම අප් කරනවා. දුක ඉතින් හුඟක් අය ඒ දෙක එනකම් ඉන්නෙ නැතුව මේ කොපියෙන්ම බලන එකයි. ඉතින් සමහර තැන් වල අඩුපාඩු ඇති. කවුරු හරි පුළුවන් කෙනෙක් එහෙම තැනක හරිම තේරුම එහෙම තේරුණොත් මට කියන්න මං ඒක හදලා දාන්නම්. ආයෙත් කියන්නෙ හොඳ උපසිරසියක් ආපු ගමන්ම ආයෙම ඒ ඔක්කොම අඩුපාඩු හදලා දාන්නම්. දැනට ඉතින් මේක දෙන්නෙ මේක බලන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ගැනත් අපිට හිතන්න වෙන නිසා. හරි එහෙනම් ෆිල්ම් එක ගැන බලමුකො.
නම Jack Reacher: Never Go Back. මේකේ මුල් කතාව දැනටම කට්ටිය බලලා නැති වෙන්න විදිහක් නෑනෙ. 2012 Jack Reacher ෆිල්ම් එක ඔයාලට අරගෙන ආවෙ දිදුල අයියා කියලා මතක ඇතිනෙ. මේ ෆිල්ම් දෙකට පාදක වෙන්නෙ ලී චයිල්ඩ් කියන නවකතා කරුවා විසින් ලියන පොත් දෙකක්. 2012 වසරේ සිනමා පටයට පාදක වෙන්නෙ ඔහු විසින් 2005 වසරේ එලි දක්වපු One Shot කියන නවකතාවයි. මේ සිනමාපටයට පාදක වෙන්නෙ ඔහු විසින් 2013 වසරේ එළිදක්වපු Never Go Back කියන නවකතාවයි. හැබැයි කළින් එක වගේ මේ සිනමාපටය ටිකක් සාර්ථක මදි කියලයි කට්ටියගෙ අදහස් බැලුවම පේන්නෙ. අර කළින් එකේ වගේ නියම කතාවක් නෑ කියන එකයි කට්ටියගෙ අදහස. හැබැයි තියෙන ඇක්ෂන් කොටස් නම් හොඳයි කියලා කියන්න පුළුවන්. IMDb අගය 6.3යි. කලින් වගේම ප්‍රධාන චරිතය වෙන ජැක් රීචර් නම් හිටපු හමුදා මේජර් වරයාගෙ චරිතයට පන පොවන්නෙ සුප්‍රසිද්ධ නළු ටොම් කෲස්. ලබන අවුරුද්දෙ, වැරදුනා මේ අවුරුද්දෙ The Mummy සිනමාපටයෙනුත් ටොම්ව අපිට මුණගැහෙනවා කියලා දන්නවා ඇතිනෙ. හොලිවුඩයේ වයසට නොයන නළුවා. 😀 අනෙක් ප්‍රධාන චරිතය වෙන මේජර් සූසන් ටර්නර් විදිහට අපි How I Met Your Mother, SHIELD වැනි කතා මාලා හරහායි Avengers වැනි සිනමාපට හරහායි දැක්ක කෝබි ස්මල්ඩර්ස් තමා රංගන දායකත්වය ලබා දෙන්නෙ. ජැක්ගෙ දුව කියලා කියන සමන්තා ඩට්න් කියන ගෑණු ළමයා විදිහට සිනමාපටයෙදි අපට හමුවන්නෙ ඩොනිකා යරොෂ්වයි. එහෙනම් කතාව බලමුකො.
ජැක් රීචර් කියන්නෙ මොන වගේ සුපිරි මොළකාර චරිතයක්ද කියන එක කළින් ෆිල්ම් එක බලපු අය දන්නවා ඇතිනෙ. ඉතින් කතාව පටන් ගන්නෙ ජැක්, නීතිවිරෝධී වැඩක් කරන ෂෙරිෆ් කෙනෙක්ව අල්ලලා දෙන එකක් එක්ක. ඉතින් මේ වැඩෙන් පස්සෙ ජැක් එයාගෙ වැඩ වලට උදව් කරපු, එයාගෙ කාර්යාලයේ ඉන්න මේජර් සූසන් ටර්නර්ට කතා කරනවා රෑ කෑමකට හම්බෙන්න එන්න අහන්න. ඊට පස්සෙ මෙයා දවස් දෙකතුනකට පස්සෙ හම්බවෙන්න එද්දි මෙයාට ලැබෙන ආරංචිය තමයි මේජර් සූසන් ටර්නර්ව හිරබාරයට අරගෙන කියලා. සූසන්ගෙ නීතීඥයා වෙන කර්නල් මූක්‍රොෆ්ට් මාර්ගයෙන් ජැක්ට දැනගන්න ලැබෙනවා සූසන් ඇෆ්ගනිස්තානෙදි සිදුවෙච්ච එයාගෙ සොල්දාදුවෝ දෙන්නෙක්ගෙ මිනීමැරුමට සම්බන්ධයි කියලා. ඒ වගේම එතනදි ජැක්ට දැනගන්න ලැබෙනවා එයාට අවුරුදු 15ක දුවෙකුත් ඉන්නවා කියලා. ඉතින් දැන් මොකක් වෙයිද? ඇත්තටම සූසන් ඒකට සම්බන්ධයිද? ජැක් දැන් මොකක් කරයිද? ජැක්ට දුවෙක් ඉන්නවද? මේ හැමදෙයක්ම ෆිල්ම් එක නරඹලා ඔයාලටම හොයාගන්න මං ඉතුරු කරන්නම්. ඒ වගේම පොඩි විශේෂ දේකුත් කියන්න තියෙනවා.
මේ තමා බොහෝ දුරට මං කරන අවසාන සබ් එක. දැන් හිතයි යකෝ මූ මේ 16 වෙනිදා ඉඳන් ආයෙම පටන් ගන්න ගෝතම් එකට පොල්ල තියනවද කියලා. හෙ හේ නෑ නෑ පොල්ල තියන්නෙ නෑ ඒකට. අපේ Frequency කතා මාලාව කරන නුවන්ත දුලාන් සහෝ ඔයාලට 17 වෙනිදා ඉඳන් මං වගේ දවස් ගණන් පරක්කු කරන්නෙ නැතුව නියම වෙලාවට උපසිරසිය අරගෙන එයි. මං දන්නවා නුවන්ත කියන්නෙ මටත් වඩා දක්ෂ උපසිරසි කරුවෙක් කියලා ඒකයි මිනිහට මං බය නැතුව වැඩේ බාර දුන්නෙ. සබ් කරන එක නැවැත්තුවට සයිට් එකෙන් යන්නෙ නෑ, ෆ්‍රී ටයිම් එක ඉවර වෙනකම් සයිට් එකට ඇඩ්මින් වැඩෙන් උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ගියා. බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Jack.Reacher.Never.Go.Back.2016.720p.BRRip.x264.AAC-ETRG
Jack.Reacher.Never.Go.Back.2016.720p.BluRay.x264.ShAaNiG
Jack.Reacher.Never.Go.Back.2016.720p.BRRip.x264-MkvCage
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
28,870 downloadsDownload Jack.Reacher.Never_.Go_.Back_.2016.Br_.Baiscopelk.com_.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
89 comments
cnw
Yasintha
superp bro
dangal hindi movie eke sub eka ganna puluwandapasindu
gon ponnayek wenna epa bn
නවින් නිසල්
★★★තැන්ක්ස් මචන් සබ් එකට !!! ★★★
widuranga
yanna epooooooooooooooooooo. sub onaaaaaaaaaaaaaaaa thawath....
Sisila Prasad
මොකක්ද බං ඒ කියපු කතාව...
පිස්සු නම් කරන්න ලෑස්තිවෙන්න එපා.මොකද මේ හදිස්සියේම....
ඉඳල හිටලාවත් සබ් එකක් දෙකක් කරලා දාන්න.
බයිස්කෝප් එකට ඔයා වගේ කෙනෙක් නැතිවෙනවා කියන්නෙ, කවුරු ආවා වුණත් ඒ අඩුව මකන්න බැහැ.
මට විතරක් නෙමෙයි.ගොඩක් දෙනෙක්ට ඒ අඩුව හොඳටම දැනේවි....
ඒ නිසා ටීවී සීරියස් නැතිව, පුළුවන්නම් ෆිල්ම් වලින් විතරක් හරි කරන්න බලන්න.උපසිරසියට බොහොමත්ම ස්තුතියි.හොඳ කොපියක් ආවම තමයි අනිවාර්යයෙන්ම බලන්නෙ.
එහෙනම් ඉතිං, ජයවේවා!!!sachintha
Plz sahoo ehema karanna epaa....
Puluwan hatiyata sub karamu....
#jaya wewa...Dulanga
Thanks
Lahiru
Thanks...
Puluwannam all star superman sub eka denna,puluwan welawaka.mithun
මම නම් අතවත් තියන් නැ wepdelකොපි hari බ්ලුරෙ හරි අනකල්.. උපසිරැසි ගැන්නුවට තුති ඔබට දන්නව ඔය ශෙනික නුල්ඩස් වගෙ කියල...... එකෙන්ම අප්ඩෙට් එකක් දෙන්න ඔබට ජය
D
thnq bro
Kulanjana Maduranga
niayamai…br 1ka enakm innawa...thanks SAMAN saho..sub ekata..SAMAN saho sub dena 1ka nawathwanna epa...pulu puluwan widiyata hari sub denn.idiriyatath sahogen sub ona...e nisa sub nodeana adahasa atharinna...jaya wewa……
mithun
අඩො සබ් කරන එක නවත්වන්න එප මරනව උම්බව හොයම් ඇවිත්.. සයිඩ් එකෙ පැය දෙකෙන් තුනෙන් උනුවෙන් අපූ චිත්‍රපට වලට සබ් ගහන,එකම පොර ... නිකම් නෙවෙ කියන්නෙ පිස්සු නම් කරන්න හදන්න එපා තව 2017 පටන්ගත්ත,විතරයි දිගටම පුලුවන් විදියට නෙවෙ හොදටම සබ් දෙන්න..
kalindu
පිං සිද්දවෙච්චාවෙ !
kalindu liyanage
පිං සිද්දවෙච්චාවෙ !
chamalkalum
මම නම් br එනකල් ඉන්නවා.ඒත් ඇයි සබ් නොකරන්නෙ?අපාරාදයක්නෙ කරන්න හදන්නෙ.
Ishan
Umbe sub godak qualitiy bn. Sub karana eka nawattana eka hena aparadayak. Indala hitala hari sub deepan
Chamith Mihiranga
අනේ, පිස්සුනම් කියවන්න එපා සහෝදරයා..
පොඩි නිවාඩුවක් ගන්න, ඒත් වැඩේ අතාරින්න එපා.. ඔයාලා නැතුව කොහොමද..
ඇරත් ඔයා තමයි බයිස්කෝප් එකේ මට ඉන්න ලගම හිතවතා..
ඒ නිසා ඉදලා හිටලා හරි උපසිරැසියක් කරගෙන දිගටම ඇඩ්මින් විදියට අපිට උදව් කරන්න.
අනේ.. යන්න නම් එපෝ...
උපසිරැසියට ගොඩක් ස්තූතියි.. බ්ලුරේ ආවම අරන් බලනවා අනිවම..Bobby
Thank you my friend
Jack
පට්ටයි මචෝ.
මේව්වා ඉතින් අනිවා බාන ඒවානේ.
මචන් පුලුවන් විදිහට ඉස්සරත් සබ් එකක් කරමු.
වැඩේ නවත්වන්න නම් එපා.
ස්තුතියි සබ් එකට.
ජය...Mahesh
sub ekata thanx bro
akila
tnq macho...jaya wewa..!!!
thisal
බොහොම ස්තූතියි
thisal
wait for web or BR
Web-බුවා
ඇයි බං උඹලා අපේ හිත රිද්දන්නේ ඔහොම. :( දැන් සමීර බුවත් නෑ. ඒ ගමන බොලත් යන්න ද යන්නේ. අනේ බං උඹ නම් යන්න එපා. උඹ ලෙසට බුවා බං. මං බොගේ සබ් එකක් නම් අත අරින් නෑ. උඹ දෙන සබ් ඒ තරම්ම පට්ට පහරක් bro. අඩු තරමේ උඹට සබ් කරන වැඩේ නවත්වන්නම ඕන නම්, 2017 නොවැම්බර් 16 වෙනි දා ගෙන් පස්සේ නවත්තහං සහෝ. ;) අනික අර සිසිල සහෝ කිව්වා වගේ ඔය tv සීරීස් නැතුව film වලටවත් ඉඳලා හිටලා සබ් දෙන්න බලන්න. කොච්චර අලුත් සර්වර් එකක් තිබ්බට වැඩක් ද සුපිරිම උපසිරැසි කරුවෙක් සබ් කරන එක නවත්තනවා නම්. ඔබට,
ජය..! :)
Udara Damith B/K
එකෙන්ම
හොදට උපසිරස කරන
පරණ අය අයින් වෙනවනේ
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Chamara Priyadarshana Premasinghe
thanx bro
pasinduhaslanka
Adoo teen wolf season 6 epi 6 sinhala sub dipnko
Sanindu Lakkitha
Thnx saho sub ekata.. haiyo machan sub dena ekanam.nawattanna epa. Site eka kochchara hoda unat wedak ne hodama set eka sub karanne netuwa. Film walatawat idala hitala hari sub eka diyan machan.. jaya wewa
එල්.සී. දමැල්
බොහොමත්ම ස්තුතියි සමනෝ...
විකාර නොකර, සිසිල සහෝ කිව්වත් වගෙ ෆිල්ම්වත් ඉඳ හිටල දෙමු...කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ... නවත්තන්න නම් එපා සබ් දෙන එක ඉඳලා හිටලා වත් දෙමු.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!SagA
Thank You saho
ලහිරු ප්‍රසාද්
තාම ෆිලුම බැලුවෙ නම් නෑ නෙව. ඒත් ආයි අහන්න දෙයක් නැ එලටම තියෙනවා ඇති.
ඒත් සබ් කිරිල්ල අතාරින්න එපා සහෝ. ඉදලා හිටං හරි සබක් කරන්න. හාද.SUN VIDEO
thanks
mithun
ඔය tv සිරියස් නම් නවතල හරි ෆිල්ම් දිගටම දෙන්න මගුල tvසිරියස් වැඩක් නෑ චිත්‍රපටයක් බලන තරම්
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ravindu Rukshan
thx saho upasirayata
අසිත
අපේ කොල්ලෝ ටික වගේ හරියට උපසිරසක් වත් හදාගන්න බෑනේ ෆිල්ම් හැදුවට
හි හි...
ස්මාර්ට් බෝයි TOM කොල්ලා ඉන්න ඒවා නොබලා කොහොමෙයි ඈ...
ජය වේවා!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nahar senanayaka
Thanks broo... Macho sub karana eka nawaththanna epa.... films walata witharak wath karapan.... api hamoma ubata adarei ban... ape adare uba gawa thiyanawa.. ubata ee madida ban... api adaren kiyanne.. digatama sub karapan...
praneeth madu
බොහෝම ස්තුතියි සහෝ,
SriMkv
බොහෝම ස්තුතියි සහෝ
Download Link හොයාගන්න අමාරු අයට Direct link SriMkvඩොට්Com එකේ දාල තියෙන්නේImesh
sub ekta thankz saho
Udara Damith B/K
මන් තරහයි
Udara Damith B/K
තරහම තරහයි
Tharidu Sagara
3345 weniyata mama thamai gaththe kohomada weda?
sherlock galle
Thanks
widuranga
thanx sub ekata... km player බලන අය -2.500 sec ගත්තොත් WEB-DL එක අවුලක් නැතුව බලන්න පුලුවන් (2017.01.18)
Nirodha uthpala
Obata jaya puuusa saho subata thx ade sub deela na tharaha ahanna apa buzz plzzzzz
lakshan
thanks machn...
Advertisement

Thnx bro. Im frst