මුළින්ම බයිස්කෝප් වාසී හැමෝටම ලැබුවා වූ නව වසර සිනමාපට වලින් පිරී ඉතිරී යන, තව තවත් ඩේටා ලැබෙන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!!! ඔන්න එහෙනම් අදත් බාරනොගත්ත ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ වසරෙ ආව පට්ටම ලස්සන, නැටවෙන සිංදු පිරිච්ච ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන. ඇනිමේශන් කිවුවම මතක්වෙන කෙනාව දන්නවා…

මුළින්ම බයිස්කෝප් වාසී හැමෝටම ලැබුවා වූ නව වසර සිනමාපට වලින් පිරී ඉතිරී යන, තව තවත් ඩේටා ලැබෙන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!!!
ඔන්න එහෙනම් අදත් බාරනොගත්ත ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ වසරෙ ආව පට්ටම ලස්සන, නැටවෙන සිංදු පිරිච්ච ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන. ඇනිමේශන් කිවුවම මතක්වෙන කෙනාව දන්නවා ඇතිනෙ. ඔව් ඔව් මේකත් නිර්මාණි අක්කා බාරගත්ත එකක් තමා. සුපුරුදු පරිදි වැඩ වැඩි නිසා වෙන කෙනෙක්ට කරන්න වුණා. මට තමා ඉතින් බාර වුණේ. මොනා වුනත් හසා අයියත් ඇහැ ගහගෙන තමා හිටියෙ මේකට. :3 හැබැයි ඉතින් ඒ දෙන්නම තරම් හොඳට මගේ සබ් එක තියෙයිද කියලා නම් කියන්න මං දන්නෙ නෑ. කොහොම හරි ඔන්න අන්තිමට මං තමා ෆිල්ම් එක බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට ගෙනාවෙ. මුළින්ම කරන්න ගත්තම හිතුනෙ අපෝ මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් වගේ කියලා. ඊට පස්සෙ බලාගෙන යනකොට තමා පට්ටම පට්ට ඇනියක් කියලා තේරුණේ.
මං මුළින්ම කිවුවනෙ මේක සිංදු පිරිච්ච ෆිලුමක් කියලා. මෙච්චර සිංදු තියෙන ෆිලුමක් කරපු පළවෙනි වතාව තමා මේ. අම්මෝ කතා කරලා වැඩක් නෑ. සිංදු තියෙන ෆිල්ම් නම් ආයෙ කරන්නෙ නෑ කියලා හිතා ගත්තා. තියෙන සිංදු ටිකේ තේරුම් හොයන්න ලෝඩ් නොකරපු සයිට් එකක් නැති තරම්. සිංදු හිතට වදින විදිහට වැටිලා නොතිබ්බොත් සමාවෙයි කියලා හිතනවා. සිංදු පැහැදිළි කරන්න තරම් ඉංග්‍රීසි දැනුම නැති නිසා අනිවා ඇති අඩුපාඩු නම්. හැබැයි සිංදු ටික නම් පට්ට. ආයෙ එක පාරක් ඇහුවොත් නම් ආයෙ ආයෙම අහනවා. මං ගොඩක්ම කැමැති වුනේ Justin Timberlake එක්ක Gwen Stefani කියන What you working with කියන ට්‍රැක් එකට. පට්ට. එන්ඩ් ක්‍රෙඩිට්ස් වලදි ඔයාලට ඒක අහන්න පුළුවන්. අනිත් සිංදුව තමා The Sound of Silence කියන සිංදුව. මේ සිංදුව 1964 අවුරුද්දෙ Simon And Garfunkel කියන ගායකයො දෙන්නා කියපු සිංදුවක්. ඒකෙ ඉතින් අළුතෙන් හැදිච්ච වර්ශන් කීපයක්ම තිබ්බා මං නෙට් එකේ හොයද්දි. හැබැයි ඒ හැම වර්ෂන් එකටම වඩා (මට නම් පෞද්ගලිකව මුල්ම ට්‍රැක් එකටත් වඩා) මේ ෆිල්ම් එකේ ඒක කියන විදිහ පට්ටේටම හිතට වැදුනා. කොච්චර වැදුනද කියල කියනවා නම් ඒ සිංදුව යන්නෙ තත්ත්පර 40ක් වගේ. ඒ හතලිහ මං හිතන්නෙ සබ් එක කරන අතරතුරේ ගණන් කරන්න බැරි තරමටම ඇහුවද කොහෙද. ඒ තරමටම හදවතට දැනෙන්න කියනවා. අනික දන්නවා ඇතිනේ ඇනිමේෂන් බලන කට්ටිය ඇනිමේෂන් වලින් පපුව කඩාගෙන යන්න හැගීම් පෙන්නන්න පුළුවන් කියලා. ඒ ඔක්කොම එකතු වුණාම පට්ට විදිහට ඒ සිංදුව හිතට වැදුනා (මගේ නම්). අනා කෙන්ඩ්‍රික් නියමෙටම ඒ සිංදුව කියනවා. හිතෙනවා ඒ සිංදුව සම්පූර්ණයෙන්ම ෆිල්ම් එකට දාලා තිබ්බා නම් කොච්චර හොඳද කියලා. ඒ වගේම අපි හැමෝම දන්න Lionel Richie කියන Hello සිංදුවත් ඔන්න මේකේ තියෙනවා. එහෙනම් සිංදු ගැන කිවුවා ඇතිනෙ. ෆිල්ම් එක ගැන බලමුකො.
IMDb අගය 6.6ක්. ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් හිටිය Doctor Strange, Hacksaw Ridge කියන සිනමාපට නිකුත් වුන ඔක්තෝම්බර් මාසෙම තමා Trolls ෆිල්ම් එකත් නිකුත් වුණේ. ඉතින් ඒ ෆිල්ම් එක්කම සිනමා ශාලා වල සාර්ථකව ප්‍රදර්ශනය වුනා කියන එක කියන්න පුළුවන්. ප්‍රධාන චරිත අතරින් පොපී විදිහට තම හඬ දායකත්වය ලබා දෙන්නෙ අපි හොඳින් දන්න අනා කෙන්ඩ්‍රික්. අනෙක් ප්‍රධාන චරිතය වෙන බ්‍රෑන්ච් විදිහට සුප්‍රසිද්ධ ගායක ජස්ටින් ටිම්බර්ලේක් තම හඬ දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව සෝයි ඩේශ්නෙල්, ක්‍රිස්ටෝපර් මින්ට්ස්-ප්ලැසේ, ක්‍රිස්ටීන් බරන්ස්කි, රසල් බ්‍රෑන්ඩ් වැනි හුඟ දෙනෙක් තම හඬ දායකත්වය ලබා දෙනවා. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.
ට්‍රොල්ස්ලා කියන්නෙ හරිම සතුටෙන් ඉන්න පුංචිම පුංචි සත්තු ජාතියක්. එයාලා මුළු දවසෙම කරන්නෙ සිංදු කියන එකයි, නටන එකයි, බදා ගන්න එකයි. ඔහොම ඉන්නකොට එයාලව බර්ගන්ලා කියන ලොකු සත්තු ජාතිය හොයාගන්නවා. මෙයාලා සතුට කියන එක අඳුනන්නෙවත් නෑ. හැබැයි මෙයාලා දැනගන්නවා ට්‍රොල් කෙනෙක්ව කෑවහම එයාලට ටික වෙලාවට සතුටු වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙයාලා අවුරුද්දකට සැරයක් තියනවා ට්‍රොල්ස්ටිස් කියලා උත්සවයක්. එදාට හැමෝටම ට්‍රොල් කෙනෙක් ගානේ කන්න හම්බෙනවා. නමුත් එක ට්‍රොල්ස්ටිස් දවසකදි මේ ට්‍රොල්ස්ලා ටික එයාලව හිරකරලා තිබුණ ගහෙන් පැනගන්නවා. ඒ නිසා මුල්ම වතාවට ට්‍රොල් කෙනෙක්ව කන්න බලාපොරොත්තුවෙන් හිටපු ඒ බර්ගන් රජතුමාගෙ පුතාට ඒ අවස්තාව මගෑරෙනවා. දැන් ඉතින් කට්ටිය කියන්නෙ ඒ ග්‍රිස්ට්ල් කියන රාජ කුමාරයට කවදාවත් සතුටෙන් ඉන්න පුළුවන් වෙන එකක් නෑ කියලා. ඉතින් මේ නිසා රජතුමා ට්‍රොල්ස්ලව බලාගන්න දීලා හිටිය ප්‍රධාන කෝකිවරියව ඒ බර්ගන් නගරයෙන් පිටුවහල් කරනවා. දැන් ඉතින් අවුරුදු 20ක් ගත වෙනවා. පොපී කුමාරිත් දැන් ලොකුයි. ඉතින් මෙයාලා දවසක් ලොකුම ලොකු සාදයක් පවත්වනවා, මීට අවුරුදු 20 කට කළින් එයාගෙ තාත්තා වෙන පෙපී රජතුමා බර්ගන්ලගෙන් එයාලව බේරගත්ත එක සමරන්න. ඉතින් අද සාදය් දවසෙ මොකක් වේවිද? ඇත්තටම බර්ගන්ලට සතුටු වෙන්න ට්‍රොල් කෙනෙක්ව කන්නම ඕනද? අර පිටුවහල් කරපු කෝකිවරිය දැන් මොනවා කරනවා ඇත්ද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ඔයාලා මේ ෆිල්ම් එක බලනකොට හම්බවෙයි. යන ගමන් තව දෙයක් කියාගෙන යන්නත් තියෙනවා.
මේ ගැන නම් හසා අයියත් ඊයෙ මුළින්ම පැහැදිළිව කියලා තිබුණා දකින්න ඇතිනෙ. ගිය දවස් ටිකේ දකින්න ඇතිනෙ සයිට් එක වැඩ කලේ නෑ කියන එක. එකම හේතුව වුණේ සර්වර් අවුල. තැන් තැන් වල ඩෙඩිකේටඩ් සර්වර් කියලා දීලා තිබුණට අපිට හරි හමන් සර්වර් එකක් තිබුනෙ නෑ. අන්තිමට අසංක අයියට පිං සිද්ධ වෙන්න තමා අපිට අපේම කියලා සර්වර් එකක් හම්බුණේ. මේ වැඩේට හසා අයියත් මාරම කට්ටක් කෑවා කියන එක මං හොඳටම දන්නවා. අපි සබ් දෙන එක නැවතිලා උපසිරසි අපේ මේල් වල එකතු වෙනකොට අපි තීරණය කළා අළුතෙන්ම එන ඉල්ලුම වැඩිම ෆිල්ම් ටිකයි, සතියට එන සීරියස් එපි ටිකයි විතරක්වත් දෙනවා කියලා. ඊට පස්සෙ අපි එහෙම දාපු කීපෙකම අපි රතු පාටින්ම කියලා තිබුණා සබ් එක ඩවුන් කරගන්න බැරිම නම් විතරක් අපිට මේල් එකක් දාලා ඉල්ලන්න කියලා. නමුත් අපි හිතුවේ නැති විදිහට අපිට සබ් ඉල්ලලා මේල් එන්න පටන් ගත්තා. කොච්චරද කියනවා නම් සමහර උපසිරසි වෙන් කරගන්න එවලා තිබ්බ මේල් පවා අපට මගහැරිලා තිබුණා. ඉතින් කොහොම හරි මායි, හසා අයියයි, ආසිරි අයියයි, විමා එහෙම පුළුවන් පුළුවන් වෙලාවට ඒ එන මේල් වලට අපි රිප්ලයි කරලා සබ් යැව්වා. සමහර ය අපෙන් පරණ සීසන් වල සබ් පවා ඉල්ලලා තිබුණා. ඉතින් අපිට ඒවට නම් යවන්න ක්‍රමයක් තිබුණේ නෑ මොකද ඒ සමහර සබ් අපිට මේල් වලවත්, මැෂින් වලවත් හොයාගන්න බැරි වුන නිසා. අනිත් අළුතෙන් දාපු ෆිල්ම් වල සබ් ඉල්ලපු යට අපි අනිවා යවලා ඇති. සමහර වෙලාවට මං අපේ FB පේජ් එක හරහාත් සබ් යවලා ඇති. නමුත් එක දිගට එහෙම ෆයිල් යවන්න ගත්තට පස්සෙ සිකියුරිටි මැසේජ් එන්න ගත්තා. ඉතින් එතකොට පේජ් එක හරහා සබ් යවන එක අමාරු වුන නිසා පේජ් එක හරහා සබ් ඉල්ලපු සමහර යට නම් සබ් ලැබෙන්න නැතුව ඇති. අපි ඒ වගේ වෙලාවට පේජ් එකට ඊමේල් එක එවලා තිබ්බ යට නම් අපි තකහනියක්ම සබ් මේල් කරලා යවලා ඇති. සමහර ඒවට නම් හැබැයි එහෙමත් යවන්න බැරි වෙන්න ඇති. වගේම අපේ උපසිරසි කරුවනුත් පෞද්ගලිකව fb එක හරහා පවා උපසිරසි ඉල්ලන අයට පුළුවන් විදිහට උදව් කරා කියලා අපි හොඳාකාරවම දැක්කා. හුඟක් අය හිතුවෙ අපි වැටුණා කියලා. නමුත් ඔන්න අපි ආයෙම ආවා. එහෙනම් සයිට් එක ආයෙම මේ තත්ත්වෙට ගෙන්න උදව් කරපු අපේ ඇඩ්මින්ලා සෙට් එකටයි, අසංක රණතුංග අයියාටයි, අපේ අනිත් සියළුම උපසිරසි කරුවන්ටයි අපිත් එක්ක දිගටම මේ වෙනකම් හිටියට මං බොහොමත්ම ස්තූතියි කියලා කියන්න ඕනා මේ වෙලාවෙ. එහෙනම් දැන් ඉතින් කලින් වගේම සුපුරුදු විදිහට ඔයාලට අපේ අඩවිය හරහා සිංහල උපසිරසි ලබා ගන්න පුළුවන්. මොනා වුණත් අපේ අපේ උපසිරසි කරුවෙක් වෙන කේ.යූ.ජී. උදාර අයියා කෝඩි එකේ කමෙන්ට් දැකලා කියපු කතාවක් මතක් වෙනවා. “මිනිස්සුන්ට අපිව මතක් වෙන්නෙ උදව් ඕනවුනාමයි”.
එහෙනම් ජැක් රීචර් 2 එකෙන් හම්බෙමු. ජය වේවා…!!!
Blu-Ray පිටපතට යාවත්කාළීන කරන ලදී.
Due to copyright issues, we do not provide any torrent links.
Trolls.2016.720p.WEB-DL.x264-MkvCage
Trolls.2016.720p.WEB-DL.x264-ShAaNiG
Trolls.2016.HDRip.XviD.AC3-EVO
Trolls.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,872 downloadsDownload Trolls.2016.Br_.Baiscopelk.com_.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
49 comments
Saketha Pulasthi
Ashan
Ane plzzzz spider man home coming eke sinhala sub one mata
Plzzzz
Plzz
Ranga Prasanna
සුපිරි ෆිල්ම් එකක්. එනකන් බලන් හිටියේ සබ් එක
එල්.සී. දමැල්
මේකනම් අනිවාරෙන්ම බලන්න ඕනෙ එකක්...
උපසිරසට ස්තුතියි සමන් සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...“මිනිස්සුන්ට අපිව මතක් වෙන්නෙ උදව් ඕනවුනාමයි” අැත්තම කතාව...
Sanindu Lakkitha
Interrogation
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
අසිත
elama saho thanks
thisal
බොහොම ස්තූතියි
cnw
Thanks sohos... uyala me karana deta aththttama පින් මචන්ලා....
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Web-බුවා
සබට ස්තූති වේවා සහෝ. br ආවාම බලමු. :)
poster එකේ මැද ඉන්න හාදය'ගේ කොන්ඩේ නම් පට්ට lol. 33000 v ලයින් එක උඩ ඉඳන් මල් කඩලා වගේ. :D
ඔබතුමා හරි, ඕනම දෙයක් එහෙමනේ, තියෙන කොට කාටවත් අගයක් නෑ. නැති වුණාම තමා තේරෙන්නේ ඒක කොච්චර වටිනවද කියලා. මට නම් site එක වැටිලා තිබ්බ දවස් ටිකේ මතක් වුණේ dark knight rises චිත්‍රපටය. ;)ජය! :)
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!සචින් අකලංක.
ස්තූතියි සබට,අන්තිමට කිව්ව එකනම් සහතික ඇත්ත.......
Sachith Perera
ela bro. thkz
Ravindu Rukshan
thx saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහෝම ස්තුතියි සහෝ,
ravindu
sub ekata tanx. jaya vewa!!!!!!
sach
meka download kranna site ekak kiyannko
Supitha
sub 1 ta thanx
Nuwan viraj
Sab ekata godak thanz
Ravindu Gamge
උපසිරැසියට බොහෝම ස්තුතියි
kavinda
thanq for the sub
pdrox
tanx bn YTS copy eka apu hida dan banawa :D tanx
Ravindu Rukshan
thx sub ekata
KAVINDA GAMAGE
thank you
shan
බොහොම ස්තුතියි සබ් එකට සහෝ. ;)
මේ film එකේ සින්දු ටිකටත් ඔයා හොඳ සාධාරණයක් කරල තියෙනවා කියල බය නැතුව කියන්න පුලුවන්.. (මට නම්) :D
දිගටම සබ් කරන්නට ධෛර්යය, ශක්තිය, වාසනාව හා කාලය ලැබේවා!
ජය වේවා!ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා...
Asanka Gayan RZ
elama
mindika
Thanks !!!!!!!!!!!!
Tharaka
තැන්කු සහෝ සබට...
Vidu
Torrent link aka pennan ne kohomada ganne
අනුෂ්ක දිල්ශාන්
ස්තූතියි සහෝ සබ් එකට.
Dasitha147
bohoma sthuthie saho upasirasiyata. jaya
alex
Thank You Machan
මුදිත මෙත්සර
කිසිම මුදලක්වත් වාසියක්වත් බලාපොරොත්තු නොවී තමන්ගේ කාලේ කැප කරලා මේ කරන වැඩේට බෝම ස්තුති.ඔබටත් අඩවියටත් ජයෙන් ජය..!!!
piyumal sanjeewa
බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා…!!
Dasitha147
balapu lassanama film ekak. sinduwalath subtitle dila thibba. bohoma sthuthie oyalage me sewayata
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුති වේවා පූසෝ..
pramod
thanks sub ekata
Chamith Madusanka
thnx bn sub ekata
yohan
තැන්කු සහෝ සබ් එකට.
nuwan
thanks!!!!!!
Supun shanika
ජයවේවා බ්‍රෝ
yeshu
tnx
rockz2020
බොහොම ස්තූතියි සහෝ!✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤rockz2020
Trolls Holiday (TV Short 2017) එකත් ඕනේ.✌
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)