Watch Trailer

Intruders (2016) with Sinhala Subtitles| කඩාවදින්නෝ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම බයිස්කෝප් පවුලට අලුතින්ම එකතු වෙන කෙනා. නමින් චාමිකර විදානගේ. මට යාළුවො නම් කියන්නේ “චාමි” කියලා 🙂 හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ඩවුන්ලෝඩ් කරනකොට මට හිතුන මමත් පුළුවන් විදිහට චිත්‍රපට වලට සිංහල උපසිරස දෙන්න ඕන කියලා. ඉතින් මම 2016 අවුරුද්දේ හා හා පුරා කියලා ඔන්…

කොහොමද යාළුවනේ. ඔන්න මම බයිස්කෝප් පවුලට අලුතින්ම එකතු වෙන කෙනා. නමින් චාමිකර විදානගේ. මට යාළුවො නම් කියන්නේ “චාමි” කියලා 🙂 හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ඩවුන්ලෝඩ් කරනකොට මට හිතුන මමත් පුළුවන් විදිහට චිත්‍රපට වලට සිංහල උපසිරස දෙන්න ඕන කියලා. ඉතින් මම 2016 අවුරුද්දේ හා හා පුරා කියලා ඔන්න වැඩේට බැස්සා.

චිත්‍රපටය ගැන කියන්න කලින් මම පොඩ්ඩක් මං ගැන කියලා ඉන්නම්කෝ. දැන් ඉතින් ඔයාල මගේ නම දන්නවනේ. මම ඉන්නේ නම් කොළඹ. දැනට විදේශීය පෞද්ගලික සමාගමක සහය කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම මම කථිකාචාර්යවරයෙක් විදිහටත් පෞද්ගික අධ්‍යාපනය ආයතන වල part time වැඩ කරනවා. ඒ අතින් බලනකොට මම ගොඩක් busy වගේ නේද? කොච්චර වැඩ තිබ්බත් මම වෙලාවක් තිබ්බම චිත්‍රපටයක් දෙකක් අනිවාර්යෙන් බලනවා. මම ගොඩක්ම කැමති horror, thriller, action and animated කියන ෆිල්ම් වර්ග වලටයි. Horror ඒවාට තමා මම වැඩියෙන්ම කැමති. ඇත්තටම මම horror (හොර) කොල්ලෙක්. හ හා. 🙂

හරි.. පම්පෝරි ගැහිල්ල පැත්තකින් තියල දැන් ෆිල්ම් එකට යමුකෝ. ෆිල්ම් එකේ නම තමයි Intruders. මේ නමින් මම ෆිල්ම් දෙකක් ගැන අහල තියනවා. එකක් release කලේ 2011. අනිත් ඒක 2015. 2015 ෆිල්ම් එක නම් The Intruders කියන නමින් තමා release උනේ.

දැන් මම කියන්න යන්නේ ඔය ෆිල්ම් දෙක ගැන නම් නෙමෙයි. මම පරිවර්තනය කලේ 2016, ඒ කියන්නේ මේ අවුරුද්දේ උණු උණුවේ release කරපු ෆිල්ම් එකයි. මේක IMDb අගය 5.6/10 ක් ගත්ත ෆිල්ම් එකක්. Drama, thriller සහ horror වර්ග තුනටම වටෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Adam Schindler. විධායක නිෂ්පාදනය කලේ Paranormal activity, Insidious වගේ දැවැන්ත චිත්‍රපට වලට දායකත්වය දක්වපු Tommy Vlahopoulos ඇතුළු පිරිසක්. කතාව ලොකුවට කිව්වොත් ඒකෙ රහ යනවා. ඇත්තටම මම නම් හරි ආසාවෙන් බලපු ෆිල්ම් එකක් මේක. ඉතින් මම කතාවෙන් පොඩ්ඩක් කියන්නම්.

ඇනා කියන්නේ එයාගේ අයියත් එක්ක (කොන්රාඩ්) පාඩුවේ ජීවත් වෙන්න උත්සහ කරපු කෙනෙක්. අයියට පිළිකාවක් තියන නිසා ඇනා අයියට සාත්තු කරමින් තමා කාලයක් තිස්සේ හිටියේ. ඇනාටත් Agoraphobia කියන ලෙඩේ තියනව. ඒ ලෙඩේ තියන අය මිනිස්සු එක්ක වැඩි ආශ්‍රයක් ගෙනියන්න බයයි. ඇනා තාත්ත මැරුණට පස්සේ (අයියා තමා තාත්තව මැරුවේ) කවදාවත් ගෙයින් එළියට ගිහින් නෑ. ගෙදරට ඕන හැමදේම පිටින් ගෙන්න ගන්නවා. ඉතින් ගෙදරට කෑම ගේන කොල්ලෙක් ඉන්නව ඩේනී කියලා. ඩේනී අහිංසක කොල්ලෙක්. ඉතින් ඇනා ඩේනී ට කැමතීයි. ඩේනීත් ඇනාට හිතින් ආදරය කලා.

ෆිල්ම් එකේ මුලදීම කොන්රාඩ් පිළිකාවෙන් මැරෙනවා. ඉතින් දේපොළ ඔක්කොම කොන්රාඩ් ගෙන් ඇනා ට අයිති වෙනවා. ඇනා සල්ලි වලට පෙරේත නෑ. ඉතින් එයා සල්ලි වලින් කොටසක් ඩේනී ට දෙන්න යනවා. ඩේනීත් සල්ලි ගන්න කැමති වෙන්නෙ නෑ. හැබැයි එයා හැමදේම එයාගේ යාළුවා වේන්ස්ට කියනවා. වේන්ස් ඒවා එයාගේ අයියට (JP) කියනවා. අයියා පෙරී කියලා යාළුවෙක් එක්ක එනවා ඇනාගේ ගෙදර මංකොල්ල කන්න. එගොල්ලෝ හිතන් ඉන්නේ ඇනා එදා අයියගේ සොහොනට ගිහින් කියලයි. හැබැයි ඇනා එළියට යන්න බය නිසා එදත් වෙනාදා වගේම ගෙදරට වෙලා ඉන්නවා.

අන්තිමට වේන්ස් වගේම ඩේනීත් ඇනාගේ ගෙදරට එනවා. ඊට පස්සේ තමා ඔක්කොම පටන් ගන්නේ. අහිංසකයි වගේ හිටිය ඇනා (ගෑණු කවුද අහිංසක නේද?) කට්ටියගෙන්ම පළි ගන්නවා. තනියම ඉඳන් පුදුම ගේමක් පිරිමින්ට දෙන්නේ.මුළු ගෙදරම මාරක උගුලක්! ඉතින් කතාව ඔයාලත් බලන්නකෝ.

මේක මගේ පළවෙනි උපසිරස ගැන්වීම නිසා මම ඔයාලගේ comments ගන්න ගොඩක් කැමතියි. මම මේ ෆිල්ම් එක උපසිරස ගන්වන්න ගොඩක් මහන්සි උනා. හැබැයි මම හරිම සතුටින් ඒක කලේ ඔයාල වෙනුවෙන්මයි. එහෙනම් අපහු ඉක්මනටම හම්බවෙමු.

ජය වේවා!

The Intruders (2016) on IMDb

 

 

691 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

AD5DF9943303AED22F1CFC50D9BE34F334727E43

705 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

2827330571C16367CD685C066EABD8385D0F2F2C

1.36 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න

8b50f8a2f7104f181f5e045c78ca33797245d8a5

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,711 downloadsDownload Intruders.2016.baiscopelk.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

4,711 downloadsDownload Subtitles81 KB

54 comments

  1. දේශාන්

    thank you very much

    1. lakmal

      welcome you to baiscope thanks sabata

  2. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Kalum Gunasekara

    පලවෙනි උපසිරැසිය වුනාට ලිපිය නම් හොදට ලියලා තියනවා. පුරුදු කාරයෙක් වගේ. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.

  4. දිල්ශාන් සචින්ත(සචී)

    මුලින්ම පලමු වැඩේට සුබ පතනවා....ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරෙන් පිලිගන්නවා....තවත් මේ වගේ වටින උපසිරසි නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය හා කලය ලැබේවා.

  5. Darshana

    Palaweni sub ekta subapatum saho.. Digtama me wge sub demu.. Good luck..

  6. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පතුම්!
    බොහෝම ස්තුති සබ් එකට,
    ජය වේවා...!!!

  7. Malinda

    Thank You Very much Bro:
    නියම වැඩක්

  8. Eranga Sandaruwan

    අඩේ.... මම සාමාන්‍යෙන් horror ෆිල්ම් වැඩිය බලන්නේ නෑ. ඒත් උබේ ලිපිය කියෙවුවම බලන්න හිතුනා. ලිපිය සුපිරි ආ.

    උපසිරසියට බෝම ස්තූතියි. දිගටම සබ් දීපන්. ජය වේවා..............

  9. Shanaka Chathuranga

    එල්කිරි මචං...පලවෙනි සබ් එකට මගෙනුත් සුභ පැතුම්...

  10. lahiru

    adow.......patta a......balagena hitiye denakan mekata sub eka

  11. pRASANNA

    THANK U VERY MUCH

  12. pRASANNA

    ELA

  13. manoj

    macan plez pluwanam ma movi eka sinhala sub dala depan

    https://www.youtube.com/watch?v=_TB2gXuotx4

    maka youtub wala teyana parts 12 kata pluwanan karala deyan loku penak

    magnet:?xt=urn:btih:34da2265686e0277e41add32ced22185a3ca6cfc&dn=divx+ita+bernadette+tntvillage+scambioetico+org&tr=http%3A%2F%2Ftracker.torrent.to%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce

    1. චාමිකර විදානගේ (චාමි)

      මම උත්සහ කරන්නම් සහෝ. මට මේකේ ඉංග්‍රීසි සබ් ෆයිල් එක හොයා ගන්න ඕන උපසිරස හදන්න.

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. SSSh

    ඔන්න බය නැති චන්ඩියෙක් ඇවිත්. “මේ මගේ එක මට සමා වෙන්න” වගේ කතා නැතිව වැඩට බැස්ස ඔබ ගැන මම ආඩම්බර වෙනවා. දෙන්න හොඳම ඒවා. ඔබට ජය.

  16. Mithun Sriyantha

    මෙක නම් එකෙන්ම බානව අයෙ දෙකක් නැ.
    උපසිරැසියට තුති බ්‍රො .
    ඔබට ජය.

  17. Mithun Sriyantha

    පලවෙනි ෆිලුම මෙවගෙ සුපිරි මුවී එකකින් ආරම්භ කරපු එක සතුටුයි' එ වගෙම ඔබට තුති. බලන්න අසම විදියෙ මුවි එකක්.

  18. Mithun Sriyantha

    ලිපිය කියවපු ගමන් එකෙන්ම සෙව් කරා
    මෙවගෙ සුපිරි මුවී දිගටම දෙයි කිය විස්වාස කරනව ඔබට ජය

  19. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMIKARA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  20. Jack

    නියමයි මචෝ..
    පලමු වැඩේට සුබ පැතුම්..
    දිගටම වැඩේ කරගෙන යමු....
    කියවන්න ආස හිතෙන විදිහට ලිපිය තියනවා...
    දිගු ගමනක් යමු...
    ජයෙන් ජය....

  21. Sanath Perera

    welcome for baiscope teem. thanks for sub bro....

  22. Sanath Perera

    welcome for baiscope team. thanks for sub bro....

  23. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. අමිල මනනදේව

    පට්ට ෆිල්ම් එක සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට.මේ වගේ ෆිල්ම් තවත් දෙන්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරනවා.

  25. Chanaka Hasitha Naveendra

    patta

  26. chamara

    මගෙන් සුභ පැතුම යාළුවා 1වෙනි උපසිරියට... දිගින් දිගට සබ් දෙන්න ශක්තිය කාලය ලැබේවා.. ඔයාගේ type එකේම තමා මමත්
    horror, thriller, action and animated ෆට්ට ආසයි... එහෙනම් නැවතත් මගෙන් සුභ පැතුම ජය වේවා

  27. චාමිකර විදානගේ (චාමි)

    මගේ පළවෙනි නිර්මාණයට සුබ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි. දිගටම ෆිල්ම් දෙන්නම් :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි චාමිකර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. ras

    බොහොම ස්තූතියි!

  30. nalinda

    thank you

  31. ajith

    ela ela

  32. thilina

    දිගින් දිගට සබ් දෙන්න ශක්තිය කාලය ලැබේවා. thank u machan

  33. ඉසුරු

    Thks a lot for the sub, good job. Thaman gana kiyala pampori gahana eka adu kala nam thawath hondai.. Good luck

    1. චාමිකර විදානගේ (චාමි)

      ඒක මගේ ගැන පුංචි හඳුන්වාදීමක් විතරයි යාළු..

    2. Ayal sanju

      dont worry bro. all the best your courage !

    3. චාමිකර විදානගේ (චාමි)

      Thanks :)

  34. Mithun Sriyantha

    ඔයා කවද්ද ඉලග මුවී එක දෙන්නෙ සහෝ
    සුපිරි ෆිල්ම් එකක් තම දුන්නෙ.. උපසිරැසි වල කිසිම අඩුපාඩුවක් නැ එච්චරටම රස වින්ද කොටින්ම qwatෆට්ට ෆිල්ම් එක.
    ඉලග මුවී එකත් මෙවගෙම එකක් දෙන්න...

    1. චාමිකර විදානගේ (චාමි)

      ස්තූතියි සහෝ. මම ඒකෙ වැඩ පටන් අරන් තියෙන්නෙ. ටිකක් විතර පරණ (2011) ඒත් සුපිරි ෆිල්ම් එකක්. මම ඒක ලබන සතියේ අග වගේ දෙන්න ඉන්නේ. :)

  35. P.K

    Thank you for the sub saho...

  36. Zucker Bug

    ela macho tanq macho :D

  37. lahiru dilshan

    good luck

  38. ශානක

    එල එල කියපු එකෙක්වත් ෆිල්ම් එක බලලා නෑ වගේ මේකේ සබ් එකේ ටයිම් ලයින් අවුල්......

    1. චාමිකර විදානගේ (චාමි)

      එහෙම නම් ඔයාට තියෙන්නේ ෆිල්ම් එකේ කොපිය වෙනස් කරගන්නයි. මොකද මම මගේ කොපියත් එක්ක ටයිම් චෙක් කරලයි සබ් එක හැදුවේ. මම එහෙම හොයන්නේ බලන්නේ නැතුව වැඩක් කරන්නේ නෑ ශානක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අලුතින් සබ් එකක් හදල දාන්න.

    2. Harsha Madushan

      Thanks bro, but update to BRrip then no doubt ;)

    3. Harsha Madushan

      This film released on 2015 not 2016 :o

  39. madusha

    Elama...jayawewa

  40. keshan

    thanks bro

  41. Raveesha Sandamin

    Sub ekata thanx ahhh...

  42. Juanluis

    Thnq saho

  43. Hashan M. Priyadarshana

    Thank you

  44. nilanka1212

    thanks....