Io Capitano (2023) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම, ඔන්න මම මෙදා පාර අරගෙන ආවේනම් තරමක් විශේෂිත සිනමා නිර්මාණයක්.ඒකට හේතු සාධක වන කරුණු කාරනානම් ගණනාවක්ම තියෙනවා.එකක් තමයි මෙය ලාංකීය අපේ ජනතාවටත් යම් ආකාරයකින් බොහොම කිට්ටු කථා පුවතක් රැගත් සිනමා නිර්මාණයක් වීම.අනෙක් අතින් මේක ඉංග්‍රීසි නොවන විදේශ…
Io Capitano (2023) Sinhala Subtitles
ආයුබෝවන් හැමෝටම, ඔන්න මම මෙදා පාර අරගෙන ආවේනම් තරමක් විශේෂිත සිනමා නිර්මාණයක්.ඒකට හේතු සාධක වන කරුණු කාරනානම් ගණනාවක්ම තියෙනවා.එකක් තමයි මෙය ලාංකීය අපේ ජනතාවටත් යම් ආකාරයකින් බොහොම කිට්ටු කථා පුවතක් රැගත් සිනමා නිර්මාණයක් වීම.අනෙක් අතින් මේක ඉංග්‍රීසි නොවන විදේශ භාෂිත සිනමාපටයක් වීම.ඒවගේමයි බොහෝ දෙනෙක්ගේ සිත සංවේගයෙන් පුරවන බොහොම මානුෂීය කථා පුවතක් මේ සිනමාපටයට අන්තර්ගතවීම.
Io Capitano (2023) Sinhala Subtitlesහරි, තවත් වටින් ගොඩින් නොකියා කෙලින්ම සිනමාපටය පැත්තට හැරුනොත් මෙවර මම අරගෙන ආවේ ඉතාලියානු සිනමාකරු Matteo Garrone විසින් අධ්‍යක්ෂණය කල ” Lo Capitano ” සිනමාපටයයි.මමනම් කියන්නෙ මේ සළරුව ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතුම බොහොම විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් කියලා.සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 7.6/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ 96% කුත් ලබාගෙන තිබෙනා මේ සිනමාපටය සම්මාන උළෙලවල් කීපයකම නාම යෝජනා අතරට එක්වන්නත්, සම්මාන දිනා ගන්නත් සමත්වුනු හරිම අපූරු සිනමාපටයක්.
Io Capitano (2023) Sinhala Subtitlesමෙවර පැවති 96 වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී හොදම අන්තර්ජාතික සිනමාපටයට හිමි නාමයෝජනා අතරට එක්වන්නටත්, වැනිස් සිනමා සම්මාන උළෙලේදී හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නටත් මේ සිනමාපටයට හැකියාව ලැබුනා.ඒවගේමයි මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Matteo Garrone තමයි ” Dogman ( 2018 ), Gomorrah ( 2008 ) ” වැනි විශිෂ්ඨ ගනයේ නිර්මාණත් කලේ.
Io Capitano (2023) Sinhala Subtitlesඅප්‍රිකානු ජනයාගේ යුරෝපීය සිහිනය පිළිබද ඉතා සානුකම්පිත ඇසකින් බැලූ මේ අපූරු සිනමා නිර්මාණය විටෙක ඔවුන් ගෙවන ජීවිතයේ ඇති කර්කෂ බවත්, තව විටෙක ඔවුන් ඒ කර්කෂ බවින් මිදී තම ජීවිත වලට බලාපොරොත්තුවක් සොයමින් යන ගමනේ ඇති අභියෝගාත්මක බවත් ඉතාමත් මානුෂීය විලසින් සිනමා කෝණයට හසුකර ගන්නට Matteo Garrone සමත්වී තිබෙනවා.
Io Capitano (2023) Sinhala Subtitlesඑමෙන්ම මේ සිනමාපටයේ ප්‍රධාන භූමිකාවන්ට පණ පොවනා Seydou Sarr හා Moustapha Fall ප්‍රථම රංගනය සේම ප්‍රථම සිනමාපටයද මෙය වීමත් තවත් විශේෂත්වයක්.
හරි, ” Lo Capitano ” සිනමාපටයේ කථාව පැත්තට ටිකක් හැරුනොත් මෙහි කථාව දිවයන්නෙ යොවුන් වියේ පසුවන තරුණයින් දෙදෙනෙක් වටා.ඔවුන් දෙදෙනා දිවි ගෙවන්නෙ සෙනගාලයේ බොහොම දුප්පත් ගම්මානයක.ඉතිං මේ තරුණයින් දෙදෙනාට හොදින් ගීත ගැයීමේ හැකියාව තියෙනවා.ඔවුන් දෙන්නටම ඕකෙ කවදාහරි ප්‍රසිද්ධ ගායකයෝ දෙන්නෙක් වෙන එක.ඉතිං ඒ නිසාම ඔවුන් අදහස් කර ගන්නවා සෙනගාලය අතහැරලා තමන්ගේ හීන යථාර්තයක් කර ගන්න යුරෝපයට යන්න.නමුත් මේක හිතන තරම් ලේසි පහසු ගමනක් නෙමෙයි.බොහොම දුෂ්කර ගමනක්.නමුත් මේ ගමනට ඔවුන්ගේ දෙමාපිය අවසරයනම් ලැබෙන්නෙ නෑ.ඒ හේතුව නිසාම මේ දෙදෙනා තමන්ගෙ පවුලෙ අයටත් හොරා රටින් පිටව යෑමේ අදහසින් නිවසින් පලා යනවා.ඉතිං ඔවුන්ට ඔවුන් මේ යන ගමන සාර්ථක ගර ගන්නට ලැබේවිද? ඉතිං ඒ ගැන දැනගන්නනම් ඔයාලට මේ සිනමාපටය නරඹන්නම වෙනවා.
Io Capitano (2023) Sinhala Subtitlesවිටෙක හිත සංවේදී කරනා තව විටෙක ඔවුන්ගේ නොපසුබස්නා උත්සහයේ අපූරත්වය මවනා ” Lo Capitano ” ඔබට නරඹන්නට ඇරයුම් කරමින් මම මෙසේ ඔබෙන් සමුගන්නම්.
ඔයාලා හැමෝටම ජයෙන් ජය……
Io Capitano (2023) Sinhala Subtitles
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත් සඳහා ලබා දී ඇත
1,886 downloadsDownload Io-Capitano-2023-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Io Capitano (2023) Sinhala SubtitlesSubtitles by
ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
Subtitles
- #2023
- #Affif Ben Badra
- #Bamar Kane
- #Beatrice Gnonko
- #Doodou Sagna
- #Editor's Pick
- #Flaure B.B. Kabore
- #Hichem Yacoubi
- #Io Capitano
- #Io Capitano (2023)
- #Io Capitano (2023) Sinhala Sub
- #Io Capitano (2023) Sinhala Subtitles
- #Issaka Sawadogo
- #Jackie Zappa
- #Joe Lassana
- #Lo Capitano
- #Mamadou Sani
- #Matteo Garrone
- #MaxxA
- #Moustapha Fall
- #Must Watch
- #Ndeye Khady Sy
- #Observateur Ebène
- #Oumar Diaw
- #Seydou Sarr
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Venus Gueye
- #ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
හසිත මධුෂාන්
හසිත මධුෂාන්
දැනුයි බලලා ඉවර උනේ. සබ් එක කිසිම අඩුවක් නැතුව ලස්සනටම කරල තියෙනවා. ඔස්කාර් නොමිනේට් උන දවසෙ ඉදලාම බලන්න හිතං හිටියෙ. ඔස්කාර් බෙස්ට් ෆොරින් ලැන්වේජ් ෆිල්ම් 1ට නොමිනේට් උන තවම සබ් කරල නැති ෆිල්ම් හුගක් තියේ. පුලුවන්නම් වෙලාවක් ලැබෙන විදියකට ඒ ගැනත් සලකල බලන්න. ආයිමත් බොහොම ස්තූතියි....!
Anonymous
පුළුවන් උපරිමයෙන් කරන්න උත්සහ කරන්නම් හසිත සහෝ
Buddhika Lakmal
බොහෝම ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට
කසුන් ප්‍රනාන්දු
බොහොම ස්තූතියි වෙනදා වගේම සබ් එක වෙනුවෙන් කමෙන්ට් කරන යාළුවො හැමෝටම.
wasantha
baiscopedownload eken video download karaganna behe.page secured wenawa page block karanawa ei a.kisim film ekak download karaganna behe
Akila Dilhara
Thanks for Sub...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Io Capitano (2023) Sinhala Subtitles | පරාදීසය බලා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/07/Lo-Capitano-2023-Cover-01.jpg)

සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
සබ් එක එනකල් බලන් හිටියෙ.